මහින්ද යුගය සහ කොටකෙතන ඝාතනය....

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මහින්ද යුගය සහ කොටකෙතන ඝාතනය....

කොටකෙතන මව් මැරූ කුෂාන් හා මහින්ද
-----------------------------------------------------------
මේ මාතෘකාව කියවූ සැණින් මහින්දවාදීන්ට කේන්ති යන බව දනිමි.
එහෙත්, මහින්ද පමණක් නොව, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රීපාල සහ තවත් බොහෝ අයගේ නම් මේ හා ඈඳේ. ඔබේ නමත් ඒ සමග සඳහන් විය යුතු ය. ඒ කෙසේ ද?
කොටකෙතනේ 18 හැවිරිදි තරුණයා සිය වැදූ මව කපා කොටා මරා දමා මිනිය සඟවා නිවසට පැමිණ සිය පෙම්වතියට කාලා නිදාගන්නැයි සුබ රාත්‍රියක් පතා නින්දට යන්නේ ය. ඔහුට නින්ද ගියාදැයි මම නො දනිමි. කෙසේ වෙතත්, එය පසුපස තදබල අසංවේදීකමක් නම් පෙනේ.
ඝාතනයට පෙර මෙම තරුණයා පොළේ වෙළඳාම් කර දිවි රැක ගන්නා සිය තිස් නව හැවිරිදි මව සමග කලහ කරන්නේ සිය පෙම්වතියට උපන් දින තෑග්ගක් මිළ දී ගැනීම සඳහා රු. 1500ක් ඉල්ලා ය. ඔහු කුස්සියට යන්නේ මව මැරූ පිහියෙන් තම ගෙල කපා ගන්නා බව කියා ය. ඔහු පිහියෙන් කොටන්නේ ඔහු ගැන බිය වී දරු සෙනෙහසින් කුස්සියට එන මවගේ ‍හිසටයි.
මෙම ඝාතකයාගේ පෙම්වතිය පසුගිය දිනෙක ඔහුගේ උපන් දිනය වෙනුවෙන් වීදුරු රෝස මලක් තෑගි දී ඇත.
මේ දෙන්නා ම නිවිතිගල යොවුන් සේනාංකයේ පුහුණු වන අයයි.
එදින ඔහු සිය පෙම්වතියට කෙටි පණිවුඩ දෙසීයකට වැඩි සංඛ්‍යාවක් යවා තිබේ.
මෙම තරුණ තරුණියන්ගේ ජීවිත වෙළාගෙන තිබෙන්නේ බහුභාණ්ඩිකත්වය විසිනි. ජංගම දුරකථනය ඒ අතරින් ප්‍රධාන ය; සංකේතාත්මක ය.
පසුගිය කාලයේ මේ රටේ පාලකයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ගුරුවරුන්, ක්‍රීඩකයන්, පාසල්, සරසවි, ජනමාධ්‍ය, ආගම් ආදියෙන් ප්‍රවර්ධනය කරන ලද බල්ලන් මරා හෝ සල්ලි හොයා සැප විඳීම මෙවැනි අපරාධ පසුපස තිබෙන භයානක යථාර්ථයයි.
නිදසුනක් ලෙස පසුගිය කාලයේ ලංකාවේ පරමාදර්ශී චරිත අරගෙන බලන්න. මහින්ද රාජපක්ෂ සිය පුතුන්ට හවුලේ කාම සම්භෝගයේ යෙදෙන්නට මහජන මුදලින් රුපියල් මිලියන ගණන් ගෙවා ගුවන් සේවිකාවක් ගෙදරට ගෙනැවිත් දී ඇති ආකාරය දැන් හෙළිදරව් වී තිබේ.
ලංකාවේ තරුණයන්ට පසුගිය කාලයේ උක්ත බලවේග විසින් පෙන්වන ලද පරමාදර්ශී චරිත තුන නාමල්, යෝෂිත හා රෝහිතයි. ඔවුන් කළේ පියා සොරකම් කළ මුදලින් සංදර්ශනාත්මක ලෙස සැප විඳිමයි. ලංකාවේ සමාජය සිය දරුවන්ට ඉගැන්වූයේ වෙනවා නම් පුතේ දුවේ නාමල්ලා වෙන්න කියා ය. බල්ලන් මරා හෝ සල්ලි සොයා කා, බී, රති කෙළ සැප විඳපල්ලා කියා ය.
සමාජය විසින් තරුණ පරපුර තුළ ගොඩනැගූ මානසිකත්වයේ ප්‍රතිඵල මේවා ය.
එපමණක් නොව, මානුෂීය ගුණ වර්ධනය කරන රසවින්දනයක් වෙනුවට හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට බැලූ, කොම්පියුටර් ගේම් ගහමින් මොනිටරයේ මිනී මැරූ පරපුරක මානසිකත්වය ද මෙම සිද්ධියෙන් නිරූපණය වේ. මේ පරපුර නව යොවුන් විය ගෙව්වේ මහින්ද රාජපක්ෂ පාලනය තුළයි. ඔවුන් දැක්කේ බලය නීතිය වූ රටකි. සල්ලි දෙයියන් වූ රටකි. ප්‍රජාතන්ත්‍රවාදයට, මනුස්සකමට හිනා වූ රටකි. මිනීමරුවන්ට, සොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට රජුන් මෙන් සලකන රටකි. බුද්ධිය වෙනුවට මුග්ධකම ම අගයන රටකි. කොටින් ම කීවොත් රෙදි අඳින මිනිසුන්ට හිනා වෙන, හෙළුවෙන් නටන රටකි.
කෙසේ වෙතත් රිවිර පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ගත් මෙම කතා කරන ඡායාරූපයේ මේ දරුවාගේ මුහුණේ ඇත්තේ අවංක පශ්චාත්තාපයක් නො වේ ද? අපේ මුහුණුපොතේ මිතුරකු පෙන්වා දී තිබුණු කාරණයක් වන්නේ ඔහු ඊට පසු දින උසාවියට ඉදිරිපත් කරන විටත් ඇඳ සිටියේ මේ ඇඳුම ම බවයි.
දැන් කවුරු කවුරුත් මෙම තරුණයා පිට වරද පටවා දෑත් ‍සෝදා ගන්නට උත්සාහ කරති. එහෙත් කොච්චර හේදුවත් වතුර ලේ පාට වෙන එක වළක්වන්නට බැරි ය. මේ පසුතැවිල්ල අපි ද බෙදා ගත යුතු ය. මේ දරුවාට සමාජයක් ලෙස අප දුන් අධ්‍යාපනය, ආගමික ඇසුර, මාධ්‍ය, සමාජානුයෝජනය සම්බන්ධයෙන් අපි වගකිව යුතු ය.
මිනිසා තුළ ස්වභාවයෙන් ම ජීවත් වන ම්ලේච්ඡයෙක්, වනචාරියෙක්, තිරිසනෙක්, මෘගයෙක් සිටියි. එහෙත්, මිනිසා වෙනත් සතුන්ගෙන් වෙනස් වන්නේ ඔහු සතු සංවේදීකම නිසා ය. අනුන් වෙනුවෙන් දුක් වීමට හැකි සහකම්පනය නිසා ය.
මනුස්සකම වෙනුවට ම්ලේච්ඡත්වය ඔසවා තබන මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය.

kotakethana.jpg


http://www.w3lanka.com/2015/04/blog-post_13.html
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
machan apitath kello hitiya
habai unta thegi denna salli nehe kiyala api gewal wala randu kare naha
ammalata atha ussanna giyeth naha
MR n MR ge pawule weradi thiyenawa thamai... ekane january chanden gedara giye.
habai me hema ekatama MR wa gaawa ganna epa
pissu huththek thamange ammawa maruwama ekatath alla ganne MR wa
ane manda bn me wage articles liyana unuth !
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    machan apitath kello hitiya
    habai unta thegi denna salli nehe kiyala api gewal wala randu kare naha
    ammalata atha ussanna giyeth naha
    MR n MR ge pawule weradi thiyenawa thamai... ekane january chanden gedara giye.
    habai me hema ekatama MR wa gaawa ganna epa
    pissu huththek thamange ammawa maruwama ekatath alla ganne MR wa
    ane manda bn me wage articles liyana unuth !
    :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oya wexhxha siddiyata balpapu hethu thamai duppathkama + samaja pariwarthanaya.

    dan lankawe wela thiyenne duppath kamata me sidda wena rapid samaja pariwarthanaya daraganna ba. eka nisa godak welawata oya wage siduweem wenawa.
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    එතකොට අර පොරෝ පාර කාපු වැලි රාජු ගේ සීන් එකත් මහින්ද නිසාද?