වෙබ් අඩවියට ගිනි තැබීම කැෆේ හෙළා දකී
2011 ජනවාරි 31 වෙනි සදුදා, 11:37 Sri Lanka Mirror Editor
ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය (කැෆේ) සහ මානව හිමිකම් කේන්ද්‍රය දැඩි ලෙස හෙළා දකී.
ගාලූ සාහිත්‍ය උළෙල අවසන් වී, මුළු ලෝකයේම අවධානය ශී‍්‍ර ලංකාවට යොමුව ඇති මෙම අවස්ථාවේ එල්ල වූ මෙම සිද්ධිය මාධ්‍ය නිදහසට දැඩි ප්‍රහාරයක් බවත්, ජාත්‍යන්තරව රටේ ගෞරවයට හානියක් බවත් එම සංවිධාන දෙක නිකුත් කළ නිවේදනයක දැක්වේ.
නොයෙකුත් හේතූන් නිසා අනෙක් මාධ්‍ය පළ නොකළ පුවත් පළ කිරීමට ලංකාඊනිව්ස් එඩිතර වූ බවත්, එම හේතුව නිසාම එම ආයතනය 2006 සිට නිරතුරුවම ප්රහාරයන්ට ලක්වූ බවත් එහි සඳහන් වේ.
එහි කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ව වසරක් ගතවී ඇති අතර, ප්‍රධාන සංස්කාරක හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවිත තර්ජන නිසා විදේශගතව ඇති බව ද එම සංවිධාන පෙන්වා දෙයි.
එමෙන්ම, තර්ජන නිසා රාජගිරියේ පිහිටි එහි කාර්යාලය මාලබේ වෙත ගෙනයෑමට සිදුවූ බවද එම නිවේදනයෙහි දැක්වේ.
මීට ප්‍රථමයෙන් සිදුවූ පරිදි ලංකාඊනිව්ස් මෙම ප්‍රහාරයෙන් පසුවද යලිත් නැගී සිටිනු ඇති බවට විශ්වාසය පළ කරන මෙ සංවිධාන දෙක, මෙවැනි මාධ්‍ය ආයතන රැුකගැනීමට පෙරට එන්නැයි ප්රජාතන්ත්රවාදී හරයන් අගයන ජනතාවගෙන් ඉල්ලා සිටී.
!