මහින්ද ලංකාඊනිව්ස් ගිනි තියයි

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    මිනිස්සුන්ට හොරෙන් ජනාධිපත් කෙනෙක් රට ගියාම කට කතා යනවා. ඒකට මේක ගිනි තියලා හරි යනවද? පුදුම මෝඩ මිනිහෙක්. මිනිස්සුන්ට කොලේ වහලා රට යන්නේ මොකද? මේ රටේ මාධ්‍ය නිදහසක් නැති නිසා කට කතා හෝ ගාලා යනවා.
    මේක තමයි ජනප්‍රියම නිව්ස් වෙබ්සයිට් එක.

    :lol::lol::lol:

    මමනන් දෑක්ක ට්ව් එකෙ ඔක කියනවා,ජනාධ්පති පුද්ගලික සංචාරයකට ඈමරිකාවෙ ගියා කියලා
    :no::no::no:
     
    Last edited:

    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21
    0
    මහින්දම කරා කියල sure ද?
    :oo::oo::oo::oo::oo:

    මහින්ද ආපු දවසේ ඉඳන් කරන්නේ මේ වගේ විකල්ප පත්තර කාරයන්ට, වෙබ්සයිට් වලට ගිනි තියන එක තමයි.මහින්ද කාව හරි දාලා කරපු වැඩක් තමයි. නැතිව වෙන මොකාද මේ රටේ නීති විරෝධි දේවල් කරන්නේ.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹ දැක්කද???

    දැක්කනම් ඇයි බලන් හිටියේ????

    මේක මහ ගොං කතාවක්නෙ බන්:lol::eek::eek:
    ඒක හරියට "උඹ කොහොමද දන්නෙ උ‍‍‍‍ඹේ දෙමාපියෝ උඹේමයි කියලා..ඒගොල්ලෝ සංසර්ගයේ යෙදෙනවා උඹ දැක්කද" කියලා අහනවා වගේ ගොං කතාවක්:lol::P:P
     
    • Like
    Reactions: Jolly_Roger

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ආණ්ඩු විරෝධි ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් NGO සහ පෞද්ගලික මිත‍්‍රයන්ගේ උපකාර ඇතිව පවත්වාගෙන යන විකල්ප වෙබ් අඩවි මූලික පොදු එකඟතා මගහැර පරස්පර විරෝධිව කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩු විරෝධි ඒකීය මතයක් රට තුළ ගොඩ නැඟිමට නොහැකි බවට මංගල සමරවීර මන්ති‍්‍රවරයා විකල්ප වෙබ් අඩවිවලට චෝදනා එල්ල කර ඇති බව Lanka eLink වෙත වාර්තා වෙයි.
    විශේෂයෙන්ම මංගලගේ ගෝල බාලයෙකු වූ රුවන් ෆර්ඩිනෑන්ඩස් මෙහෙයවන අන්තර්ජාල ප‍්‍රවෘත්ති අඩවියත්, එවැනි තවත් මාධ්‍ය සහචරයෙකු වන බෙනට් රූපසිංහගේ Lanka e News අඩවියත්, සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක වන web news ප‍්‍රවෘත්ති අඩවියත් ආණ්ඩු විරෝධි මත සමාජගත කිරීමේදී පොදු තේමාවන් හා එකඟතාවන් යටතේ කටයුතු කිරීමට මුලින් එකඟවී තිබුණද මේ වන විට එකම කරුණු සම්බන්ධයෙන් පවා පරස්පර විරෝධි ප‍්‍රකාශ නිකුත් කිරීම පාඨකයින්ගේ විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇති බවද එය විපක්ෂයේ පොදු කි‍්‍රයාකාරකම්වලට අහිතකර බලපෑම් එල්ල කරන බව මංගලගේ අදහස වී තිබේ.
    විශේෂයෙන් මංගල සමරවීර මන්ති‍්‍රවරයාගේ උවමනාව මත සති කිහිපයකට ඉහතදී මෙම වෙඞ් අඩවිවල පළ කළ අගවිනිසුරුවරයා සම්බන්ධ අතේ රෝල ඇල් මැරුණු ස්වභාවයෙන් වාර්ථා කිරීම හා ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය එක් වෙබි අඩවියක ඇමරිකානු රජයේ කැඳවීමක් ලෙස වාර්ථා කරද්දි, අනෙකුත් විකල්ප ප‍්‍රවෘත්තිවල එම චාරිකාව යම් කිසි අසනීපයකට බෙහෙත් ගැනීමට යාමක් ලෙස පළ කර තිබීම හේතුවෙන් විපක්ෂයට ඇති කර ගැනීමට හැකිව තිබු දේශපාලන වාසිය හෑල්ලූ වී ගිය බවට මංගල සමරවීර මන්ති‍්‍රවරයා චෝදනා කර තිබේ.
    විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පසුගිය එංගලන්ත සංචාරයේදී ඔක්ස්ෆර්ඞ් දේශනය අවලංගු වන බවට මුල සිටම අදහස් දැක්වූ වෙබ් අඩවි කිහිපයක් සැබෑ ලෙසම LTTE සම්බන්ධතා සහිතව කටයුතු කරන බවට අනෙකුත් ප‍්‍රවෘත්ති අඩවිවල හිමිකරුවන්ට සැක පහලවීම හේතුවෙන් මෙම පොදු එකඟතාව බිඳී ගොස් ඇති බවට Lanka eLink වෙත වාර්තා වෙයි.
    දේශපාලන වශයෙන් රජයට එරෙහිව මත පළ කළත් LTTE හිතවාදී ලෙස කටයුතු කිරීමට මංගල සමරවීර තමන්ව අතකොළු බවට පත්කර ගැනීම හරහා තමන් විරෝධයට පාත‍්‍ර විය හැකි බැව් මෙම වෙබි අඩවිවල හිමිකරුවන් මේවන විට සැක පළකරීම මෙම විරෝධයට හේතුව බව Lanka eLink වෙත වැඩිදුරටත් වාර්තා වෙයි
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    නිරුවත හෙළිදරව් කළ නිර්භය පුවත් වෙබ් අඩවියක් වූ ලංකාඊනිව්ස් වෙබ් අඩවි කාර්යාලයට ගිනි තැබීම දැඩිව හෙළා දකිමු. - ජවිපෙ

    2011 ජනවාරි 31 වෙනි සදුදා, 12:44 Sri Lanka Mirror Editor



    jvp.gif

    ‘ලංකා ඊ නිවුස්’ වෙබ් අඩවියේ කාර්යාලය අද (31) උදෑසන ‘නාඳුනන පිරිසක්’ විසින් ගිනි තබා විශාල හානියක් සිදු කිරීම සම්බන්ධ ක‍්‍රියාව දැඩිව හෙළා දැක ඇති අතර, ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනිතැබීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් නොපමාව නීතිය හමුවට පමුණුවන්නැයි ආණ්ඩුවට බල කර සිටින බවත්, එසේම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන මාධ්‍යයන්ට නිදහසේ කටයුතු කර ගෙන
    යාහැකි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහාත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුත් පක්ෂ භේදයෙන් තොරව වහ වහා පෙරට එන ලෙස සියලූ ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    ‘‘ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් කළ නිර්භය පුවත් වෙබ් අඩවියක් වූ ලංකා ඊ නිවුස් කාර්යාලයට කරන ලද විනාශය ජනතා විමුක්ති පෙරමුණ ලෙස දැඩිව හෙළා දකිමු.

    මෙම ගිනි තැබීම ‘නාඳුනන පිරිසක්’ විසින් සිදු කර ඇතැයි පළ වුවද මෙම ‘නාඳුනන පිරිස’ කවුරුන්දැයි රටේ මුළුමහත් ජනතාවට සැකයක් නැත. මන්ද ‘ඊ නිවුස්’ පුවත් මගින් දැඩිව විවේචනයට ලක්වූ වත්මන් පාලනය එහි කටයුතු නතර කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණය අවදියේ සිටම ගන්නා ලද බලවත් වෙහෙස මේ රටේ ජනතාවට රහසක් නොවන නිසාය.

    වරක් කාර්යාල ගොඩනැගිල්ලේ හිමිකරු ලවා එහි කටයුතු නතර කරවීමට බලවත් වෙහෙසක් ගෙන තිබිණි. එපමණක් නොව අද අලූයම මෙම ප‍්‍රහාරය එල්ල වන්නේ, ඊ නිවුස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර වසරක් ගත වන මොහොතේදීය. මේ අනුව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ආණ්ඩුවේ ඉලක්කයක් බවට පත්ව තිබූ බව සහ එහි ක‍්‍රියාකාරීත්වය අඩපණ කර දැමීමේ බලවත් අවශ්‍යතාවයක ආණ්ඩුව සිටි බව පැහැදිලිය.

    අනෙක් අතට නිදහස් මත දක්වන හා ආණ්ඩුවේ වරප‍්‍රසාද හා වරදාන මත හීලෑ නොවන ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් දඩයම් කිරීමේ ‘පාතාල කැරැුට්ටුවක්’ ආණ්ඩුව සතු වන්නේ, අද, ඊයේක සිට නොවේ. මීට පෙර සිරස, සියත යන රූපවාහිනී ආයතන දෙක මෙන්ම සන්ඬේලීඩර් පුවත්පත් කාර්යාලයටද ගිනි තබනු ලැබ තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක‍්‍රියාත්මක වී නැත. එමෙන්ම, උතුරේ සිට දකුණ දක්වාම පුවත්පත් කාර්යාල ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් විශාල ප‍්‍රමාණයක් රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය තුළ සිදු විය. එහෙත් ඒ එකඳු ක‍්‍රියාවකට සම්බන්ධව කිසිදු වගඋත්තරකරුවකු හඳුනා ගැනීමට හෝ නීතිය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මෙතෙක් සමත් වී නොමැතිවීමෙන් ඒවායේ වගකීම ආණ්ඩුවටම පැවරෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්ත්වය තුළ රටම මෙම ගිනිතැබීමද පිටුපස වන අදිසි හස්තයන් කාගේ දැයි හඳුනා ගන්නා අතරතුර එහි වගකීම ‘නාඳුනන පිරිස්’ වෙත පැවරෙමින් සියල්ල අවසන් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවට සාධාරණ සැකයක් තිබේ. එසේම මැතිවරණයක් කැඳවනු ලැබ, මාධ්‍ය නිදහස වඩාත් තහවුරු විය යුතු මොහොතක මාධ්‍ය නිදහසට කණ කොකා හඬවන මෙවැනි නින්දිත ප‍්‍රහාරයන් රටේ අනාගතය පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමකි.

    ඉසිලිය නොහැකි අධික ජීවන බර හේතුවෙන් ජනතාව අතිශය පීඩාවට පත්ව සිටියදී අතළොස්සක් අතට මහජන ධනය කොල්ලකා ගැනීමේ දූෂිත වංචාකාරී පාලනය හෙළිදරව් කිරීමේ ශුද්ධ වූ වගකීමක් සැබෑ මාධ්‍යවේදීන්ගේ උරමත පැටවී තිබේ. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ තමන්ගේ සැබෑ තත්වය රට හමුවේ අනාවරණය කරන මාධ්‍ය ආයතන ගිනි තබමින්, මාධ්‍යවේදීන්ට පහර දෙමින් බිය වද්දා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නිහඬ කරවීමය. ඊට යට නොවීම සියලූ මාධ්‍යවේදීන්ගේ වගකීමකි. ’’ බවත් මෙහි සදහන් වේ.



     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලංකා ඊ නිව්ස්’ කාර්යාලය ගිනි තැබීම හෙළා දකිමු! - ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය
    2011 ජනවාරි 31 වෙනි සදුදා, 12:12 Sri Lanka Mirror Editor



    anura-11-01-31.gif

    ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවි කාර්යාලයට අද අලූයම කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබ බරපතළ හානි සිදුවීම පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය මෙම නින්දා සහගත ක‍්‍රියාව දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, වරදකරුවන්ට විරුද්ධව වහා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය ලෙස අපි ආණ්ඩුවට බල කර සිටින බවත් පවසා එහි මාධ්‍ය කැඳවුම්කරු අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කොට ඇත.
    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    මෙම සිදුවීමට ආණ්ඩුවේ සම්බන්ධයක් නැතිනම් සිය නිර්දෝෂීභාවය පෙන්වීමට ආණ්ඩුවට ඇති එකම මගද එයයි. පරීක්ෂණ සිදු නොවුණු, නීතිය ක‍්‍රියාත්මක නොවුණු සෑම සිදුවීමක් පිටුපසම ආණ්ඩුවේ සම්බන්ධයක් ඇතැයි සනාථ වී ඇති තත්වයක් තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ නම් එහි වගකීමෙන් මිදීමට ආණ්ඩුවට නොහැක.

    කෙසේ වෙතත්, ‘ලංකා ඊ නිවුස්’ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කළ ක‍්‍රියාපටිපාටිය නිසා මෙම පිළිකුල් සහගත ක‍්‍රියාව ආණ්ඩුවේ වුවමනාව හා මෙහෙයවීම මත සිදුවූවක් බවට මතු වී ඇති සැකය බැහැර කළ හැකි නොවේ.

    මෙතෙක් බලයට පත් වූ සෑම ආණ්ඩුවක් සේම, වත්මන් ආණ්ඩුවද තමන්ට අවනත නොවන මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළේ මර්දනකාරී පිළිවෙතකි. වත්මන් පාලනය තූළ එම තත්ත්වය ඉතා දරුණු හා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාර්ශ්වයෙන් ගත් කළ බිය උපදවන සුළු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. 2005 වසරෙන් පසුව මාධ්‍යවේදීන් දස දෙනකුට වඩා ඝාතනය කර ඇති අතර තවත් මාධ්‍යවේදීන් රැුසක් අතුරුදහන් කර ඇත. පහරදීම්වලට ලක් වූ මාධ්‍යවේදීන් ගණන 30කට ආසන්න වන අතර අවස්ථා හයකදී ඍජුවම මාධ්‍ය ආයතන වෙත ප‍්‍රහාර එල්ල වී ඇත. විශේෂත්වය වන්නේ මේ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ සිදු නොවීමයි. එපමණක් නොව, මෙම සිදුවීම් ගැන ප‍්‍රශ්න කිරීමේදී ආණ්ඩුවේ ඇමතිවරුන් ‘ගලේ පැහැරූ බළලූන්ගේ’ තත්ත්වයට පත්වීම මගින්ද ඒ පිටුපස ඇති සත්‍යය අනාවරණය වේ.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කළ රට ගමන් කරන්නේ ම්ලේච්ඡුත්වය කරා බව පැහැදිලිය. ඒ නිසා වත්මන් ආණ්ඩුව රට ඇද ගෙන යන්නේ, ම්ලේච්ඡුත්වය කරාය. මේ ගමන වහා නතර නොකරන්නේ නම් අද මාධ්‍යවේදීන් වෙත එල්ල වී ඇති රාජ්‍ය ත‍්‍රස්තවාදයේ අවි හෙට එල්ලවන්නේ ජනතාව වෙතය. ඒ නිසා මීට විරෝධය පළ කිරීම මාධ්‍යවේදින්ගේ පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සමස්ත රට වැසියන්ගේම වගකීමක් බව අපි අවධාරණය කරමු.



     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    වෙබ් අඩවියට ගිනි තැබීම කැෆේ හෙළා දකී

    2011 ජනවාරි 31 වෙනි සදුදා, 11:37 Sri Lanka Mirror Editor



    11-01-06--caff.gif

    ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය (කැෆේ) සහ මානව හිමිකම් කේන්ද්‍රය දැඩි ලෙස හෙළා දකී.
    ගාලූ සාහිත්‍ය උළෙල අවසන් වී, මුළු ලෝකයේම අවධානය ශී‍්‍ර ලංකාවට යොමුව ඇති මෙම අවස්ථාවේ එල්ල වූ මෙම සිද්ධිය මාධ්‍ය නිදහසට දැඩි ප‍්‍රහාරයක් බවත්, ජාත්‍යන්තරව රටේ ගෞරවයට හානියක් බවත් එම සංවිධාන දෙක නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    නොයෙකුත් හේතූන් නිසා අනෙක් මාධ්‍ය පළ නොකළ පුවත් පළ කිරීමට ලංකාඊනිව්ස් එඩිතර වූ බවත්, එම හේතුව නිසාම එම ආයතනය 2006 සිට නිරතුරුවම ප‍්‍රහාරයන්ට ලක්වූ බවත් එහි සඳහන් වේ.

    එහි කාටූන් ශිල්පී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්ව වසරක් ගතවී ඇති අතර, ප‍්‍රධාන සංස්කාරක හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවිත තර්ජන නිසා විදේශගතව ඇති බව ද එම සංවිධාන පෙන්වා දෙයි.

    එමෙන්ම, තර්ජන නිසා රාජගිරියේ පිහිටි එහි කාර්යාලය මාලබේ වෙත ගෙනයෑමට සිදුවූ බවද එම නිවේදනයෙහි දැක්වේ.

    මීට ප‍්‍රථමයෙන් සිදුවූ පරිදි ලංකාඊනිව්ස් මෙම ප‍්‍රහාරයෙන් පසුවද යලිත් නැගී සිටිනු ඇති බවට විශ්වාසය පළ කරන මෙ සංවිධාන දෙක, මෙවැනි මාධ්‍ය ආයතන රැුකගැනීමට පෙරට එන්නැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී හරයන් අගයන ජනතාවගෙන් ඉල්ලා සිටී.

    !
     
    • Like
    Reactions: Rifqa

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    පැටියා;9336316 said:
    අන්න ගොං කතාවක් :lol::lol::lol:
    ඔලුව අතගාලා බලන්න අං එහෙම තියනවද කියලා :rofl::P
    :lol::lol::lol: මැක්ෂා ටෝ එක
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,368
    4,690
    113
    නොපෙනෙන මානයේ
    ආණ්ඩුවට හැර මේ වගේ වැඩක් කරන්න පුළුවන් හෝ උවමනාවක් ඇති කෙනෙක් ඉන්නවද ... ගරු ම(ර්)වින් සිල්වා මේ වෙලාවෙ කොහෙද දන්නෑ හිටියෙ ... කැළණි පන්සලේ වෙන්නැති :dull:

    ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම
    :oo:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ආණ්ඩුව දන්නෙ ගිනි තියන්නයි ඍණ රෙප් දෙන්නයි විතරයි...:frown::frown:ෆකින් ඉඩියට්ස්...:angry:
     
    • Like
    Reactions: aragon