ඇත්තටම මචං හරිම දුකයි දැක්කම. කවදාවත් කිසිම කෙනෙකුට මෙහෙම වෙන්න එපා කියලයි ප්රාර්ථනා කරන්නේ.
දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ මේවට. යකඩ පොලු, බයිසිකල් චේන් වලින් ගහල අපේ කැම්පස් එකේ කොල්ලෝ කී දෙනෙකුගේ ඔලු පලන්න ඇත්ත මේක. ඕකගේ යකඩ පොලු පාරක කාල පිස්සු හැදුනු අය්ය කෙනෙක් දැනටත් හිටපු ගමන් කැම්පස් එනව. කැම්පස් එකේ අක්ක කෙනෙක් දූෂණය කරල එළියකන්ද බීච් එකේ මරල දැම්ම. ඉතින් මේව මෙහෙම නොවුනනම් අපි අදහන ආගම බොරු වෙන්න ඕනේ නේද.
කොහොම උනත් කරගත්ත පවු මේ ආත්මෙදිම ගෙවල ඉවර කරල, ඊලඟ ආත්මෙදි වත් යහපත් පුද්ගලයෙක් වෙලා හොඳින් ජීවත් වෙන්න, මේ ගෞතම බුද්ධ රාජ්යයේදීම උතුම් වූ නිවන් සැප අවබෝධ කරගන්න හැකි වේවා කියල ප්රාර්ථනා කරනවා. තෙරුවන් සරණ ලැබේවා...