මහින්ද SF ට මෙච්චර බය ඇයි?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද SF ට මෙච්චර බය ඇයි?

10645012_10152389826686960_587537606548968981_n.jpg

සරත් ෆොන්සේකාගේ චන්ද අයිතිය උදුරගන්න තරම් සරත්ට මේ ආණ්ඩුව බයවෙලා.සරත් ෆොන්සේකා ඉන්නේ තුන්වෙනි හෝ හතරවෙනි බලවේගය විදිහට.ඉතින් මේ වගේ චන්ද ලක්ෂ පහක් විතර තියෙන සරත් ෆොන්සේකාගේ චන්ද අයිතිය උදුරාගැනීම විමතියක්
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
'ජනරාල්ට ඔච්චර බය ඇයි?' යනුවෙන් සඳහන් පෝස්ටර් අලවන පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙසටත්, එම පෝස්ටර් දුටුතැන ඉරාදමන ලෙසටත් ඉහළින් නියෝගයක් ලැබී ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අරුණ දීපාල් මහතා පැවසීය.

එම නියෝගය අනුව කටයුතු කරමින් කළුතර, හොරණ සහ මතුගම යන ප්‍රදේශවලදී තමන් ඇතුළු පිරිසකට පොලීසිය තර්ජනය කර පෝස්ටර් ඉරා දැමූ බව මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර පෙරේදා දිනයේදී මතුගම පොලීසිය විසින් මෙම පෝස්ටර් ඇලවීමට සම්බන්ධ බව කියමින් තමා අත්අඩංගුවට ගත් බවද අරුණ දීපාල් මහතා ප්‍රකාශ කළේය.

පෝස්ටර් ඇලවීම නීතිවිරෝධී යැයි අදාළ පොලිස් නිලධාරීන්ගෙන් විමසීමේදී ඉහළින් පැමිණි නියෝගයක් මත අත්අඩංගුවට ගැනීම් හා පෝස්ටර් ඉරාදැමීම් සිදුවන බවට පැවසූ බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මේ සිදුවීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇතැයිද අරුණ දීපාල් මහතා සඳහන් කළේය.

- See more at: http://ada.lk/article/35939/සරත්-ෆොන්සේකාගේ-පෝස්ටර්-අලවන-පිරිස්-අත්අඩංගුවට?#sthash.6LE2bA8u.dpuf