සිංහල මිනිස්සු දෙකට බෙදුන ඇත්ත.. එත් බන් එහෙම බෙදිලා මෛත්රී ට චන්දෙ දුන්න හින්දනේ ඒ මනුස්සය දින්නේ...
එහෙම ඔක්කොම මරා ට දුන්නනම් , දෙමල මිනිස්සු හැම එකම මයිත්රී ට දුන්නත් දිනනවද?
අනිත් එක හිතපන් අයි ඒ මිනිස්සු මයිත්රී ට දුන්නේ.. TNA එක කිව්වා හින්ද තමයි..
හිතපන් අයි TNA එක කිව්වේ දෙන්න කියල? එහෙම කිව්වේ ඒ පැත්තේ මිනිස්සුන්න්ට ඕන කරන දේ මෙම රජයෙන් දුන්නේ නැති හින්ද?
දැන් උඹ කියයි.. ඔව්.. ඊලම දුන්නේ නැති හින්ද තමයි කියල..
යකෝ.. ඒ උතුරේ හැම එකාටම ඊලමක් ඕනේ නෑ . .ඕන කරන්නේ සතුටින් සහ අභිමානයෙන් ජීවත්වේන්න තැනක්..
තමන්ගේ රට ඇතුලෙම පර දෙමල තියල අහගන්න මිනිස්සු කැමතිද?
එහෙ මිනිස්සුන්ට ඕනේ පාරවල් , walking tract , නෙමේ..
සතුට සහ අභිමානය.. එක අපේ ආණ්ඩු නොදෙනකොට තමයි ඒ මිනිස්සුන්ගේ අන්තවාදී කොටස් ඊලමක් ඉල්ලන්න ඒ මිනිස්සුන්ව යොදා ගත්තෙ..
එහෙ දෙමල මිනිස්සුන්ගේ අභිමානයට පහර වැදුනේ බණ්ඩාරනායක මහත්තය ගෙනාපු සිංහල රාජ්ය භාෂාව කරන එකෙන් පස්සේ..
ඊට පස්සේ 1983 දේ ඒ පීඩනය පුපුරලා ගිය.. එකට අපේ උනුයි, පිටරට උනුයි පොහොර දාල යුද්දයක් උන...
ඔන්න ඔහොමයි යුද්දේ එතිඋනේ..
යුද්දෙන් මරුනේ සිංහල කොල්ලෝ විතරද? ත්රස්තවාදීන් වෙන්න මොළ හෙදෙන්න කලින් එහෙ දෙමල අමල තාත්තලාගේ පුත්තු මරුනේ නැද්ද?
හැම පැත්තටම පාඩු දෙන දෙමල- සිංහල අරගලයකට පාර කැපුවේ සිංහල දේශ පාලුවෝ.. අනිත් උන් පෝර දැම්ම..
ඔය කලින් කිව්වා එක හින්ද එහෙ මිනිස්සුන්ට නිදහස් පක්ෂය තිත්ත උනා.. හැබැයි ඒ වෙනුවට UNP එක ඒ මිනිස්සුන්ට ලං උන.. ඇයි ? එකේ හැම ජාතියකම නියෝජනයක් තිබ්බ.. හැම ජාතියකම නියෝජිතයාට .සැලකුව. හබැයි මරා කර වගේ ජාතිය හින්ද මූනිච්චාවට තැන දුන්න නෙමේ.. වැඩ කරන්න පුළුවන් මිනිහට දෙමල උනත්, මුස්ලිම් උනත් සිංහල උනත් තැන දෙන විදිහට..
ඔය අතරේ ප්රභාකරන් ඊලමක් අටවා ගෙන එහෙ පාලනයක් ගෙන ගිය..එහෙ මිනිස්සුන්ට කන්න බොන්න තිබ්බේ නෑ ... ලොකු භීෂණයක් තිබ්බා .. ළමයින්ව කොටි අරන් ගියා.. LTTE එකට බඳවා ගන්න..
හැබැයි ඒ ම්මිනිස්සුන්ට එහෙ අබිමනයක් තිබ්බ... කව්රුවත් පර දෙමල කියල බන්නේ නැ .. අන්න ඒ අභිමානය තම ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ
රාජ්ය..ක් හෝ ඊලමක් නෙමේ ...
ඒ වෙනුවට "මරා" ඒ මිනිස්සුන්ව රැවට්ටුවා ..
ජාතිය කියල වෙනසක් නොකරන්නැයි ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ.. එපිට එහෙම කාලයක් තිබ්බ... සිඉයල ආච්චිලැහැ=ගෙන් අහම බලපන්.. කොහොමර දෙමල සිංහල රාජ්ය සේවකයෝ එකා වගේ වැඩ කරේ කියල..අම්ම තාත්ත ලංකාවේ campus එකකට ගිය කෙනෙක් නම් අහල බලපන් 1983 ට කලින් ළමයි කොමොමද සමාදානයෙන් සහ සතුටෙන් ඉගෙන ගත්තේ කියල ..
එහෙම හැදෙන්නේ නැතුව අපිට පැවැත්මක් නෑ ... අපි දැන්වත් ඉගෙන ගම්මු අනිත් මිනිහට මනුස්සයෙක්ට වගේ සලකන්න.. එතකොට ඒ මිනිහ අපිට සලකයි... එහෙම නැතුව අපි තව කෙනෙක්ව වහලෙක් වගේ සැලකුවොත් අපිට කෙළවෙන දවස අපිවත් දන්නේ නා..
ඉස්සර අපේ රට සිංහල ද්වීපය තමා .. බුද්ධාගමේ මිනිස්සු විතරක් තමා ..අපිට සෑහෙන ලොකු ශිෂ්ටාචාරයක් තිබ්බත් තම..
එත් දැන් එහෙම නැ ...අතීතයේ අපේ රජවරුම තමයි දෙමල මිනිස්සුන්ව ගෙනත් උතුරේ පදිංචි කරේ... අපේ රටට සල්ලි ගෙන්න තමයි තේ , රබර් වතු වල ඉන්දියානු දෙමල මිනිස්සු දාඩිය හෙළුවේ.. ඒ අතීතය දැන් අපහු හරවන්න බැ ..
අපිට පුළුවන් ඒ මිනිස්සු එක්ක එකතු වෙන්න ...මොකද දැන් අපිට ඉස්සරහට යන්න වෙන්නේ "ශ්රී lankan " identity එකක් එක්ක..
.
එහෙම එකතු වෙන එක ලේසි නැ .. ඇයි ? අපේ සංස්කෘතීන් වෙනස් හින්ද.. ඉතින් අපි මොකද කරන්න ඕන.. ඒ වෙනස් කම් වෙනස් කම් විදිහට දකින්න පුරුදු වෙන්න ඕන... එතකොට එක ලේසියි.. එක පව්ලක් ඇතුලේ අපි හිතන පතන විදි කොයි තරම් වෙනස් ද ? එත් අපි සහෝදර කම් ඇත අර ගන්නේ නෑනේ .. අන්න ඒ වගේ...
ඒ එක්කම.. එකිනෙකාගේ වෙනස් කම් හින්ද තවත් කෙනෙක්ට හානියක් නොවෙන්න නිතී හදල.. නිවැරදිව ක්රියාත්මක කරන්න ඕන ... එතකොට ප්රශ්න ඇති වෙනවා අඩුයි..
අපි එකිනෙකා ට ගවුරව කරමු .. වෙනස් කම් තේරුම් ගම්මු.. තැන් තැන් වල කුටු කුටු ගන්නේ නැතුව වැරදි දේට වැරදි කියමු .. හරි දේ මොකා කරත් අගය කරමු ..එහෙම ලුනොත් බටහිරයන්ට අපිට කෙලවන්න බෑ ...
හැබැයි මෙහෙම ගියොත් අපිට කෙල වෙනවා .. හරියට මහින්දට කෙල උන වගේ... මහින්ද හැදුවෙත් බටහිරයෝ වගේ අපිවත් බෙදල පාලනය කරන්න.. "devide and rule "
මහින්ද මහත්තය යුද්දේ දිනන තමා. ඒක කරේ එතුමා තනියම නෙවෙයි. දර්ගා ටවන් එකේ ජාතිවදේ අවිස්සුවේ කවුද. රටේ ඒක ඒක පර ඇමතිලා හොරකන් කරනවා. අපේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් උන් සැප විදිනවා උබලට පේන්නෙ නැද්ද. මිනී මරපු ඒකාල එළියේ ඉන්නවා. අපිට නිදහසේ බය නැතුව අදහසක් ප්රකාශ කරන්න පුලුවන්ද.
එකට එරෙහිව අද සිංහල මුස්ලිම් දෙමල හැමෝම එකතු වෙලා මරාව පැන්නුව ... හැබැයි හෙටත් එහෙම එකෙක් අලුතෙන් එන එකක් නා කියල කාටවත් කියන්න බැ.
මහින්ද මහත්තයට හැමදාම බලයේ ඉන්න පුලුවන්ද. කද්වාහරි ගෙදර යන්න වෙනව.
අපි එකතු වෙන්න ඕන ඒ දේවල් නොවෙන්න...එක තම උගත් බුද්දිමත් අපේ වගකීම..