මට කියන්න තියෙන්නෙ මේකයි.එක්සත් ජාතික පක්ෂයේ මමත් කැපී පේන චරිතයක්.පක්ෂයට යම් බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක්.
ඒක අමතක කරමුකො.
යූන්පි එකේ අපිට ඕන වුනේ මේ රටට වින කරන පවුලක් පරාදය කරන්න.ඒක මේ වෙනකොට අපි ඉෂ්ඨ කරලා තියෙනවා.දෙවැනි එක යහ පාලනය.ඒ කියන්නේ මේ දින සියයේ වැඩ පිලිවෙල එක්සත් ජාතික පක්ෂයේ සංකල්පයක්.එමගින් විධායක ජනාධිපතිධූරය නිෂ්ක්රීය කර ඉන් පසු නීතිය සාධාරනත්වය සහිත යහ පාලනයක් ඇති කිරීමයි.මේක දැන් අපිට වඩාත්ම පහසුයීඉ මෛත්රිපාල මැතිතුමා ශ්රිලනිප නායක්ත්වය ලබා ගැනීමයි.ඒ වගේම දේශපාලනයෙන් ඉවත් කල යුතු චරිත ගැන අපේ එකඟතාවයක් තියෙනවා.සොරුන්ට ජඩයන්ට එරෙහිව නීතිමය පියවර ගැන එකඟතාවයක් තියෙනවා.මේ සේරම දින සීයක් ඇතුලත සම්පූර්ණ කල යුතුයි.දින සීයකින් ජීවන මිල අඩු කර වැටුප් වැඩි කිරීම කල යුතුයි.මේවා සම්පූර්න කල පසු මීලඟ මැතිවරණය ජය ගැනීම අභියෝගයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින්නේ නෑ.මොකද කවුරු දිනුවත් ඉදිරි පස් වසරට ජනපති මෛත්රී.අගැමති රනිල්.මේක ජාතික තලයේ ආන්ඩුවක්.මෙමගින් රට දිනවීම තමයි අපේ පැතුම.





