මහින්ද_හොරා

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වර්තමන ආන්ඩුව හිගන බයියන්ට ලබාදුන් සහනාදාර

    1.එම් බී 10 ක mbps 0.2 ක වේගයෙන් ෆ්‍රී වයි ෆයි ලබා දීම...
    2.බයික් එකේ ගිය බයියො කපොති කරමින් පුස් බයිසිකලයට නග්ගවා පරිසර දූසනයෙන් රට ආරක්සා කිරීම
    3.මහා මාර්ග ඉදි කිරීම වෙනුවට වාහන ප්‍රමානය අඩු කරමින් නව ටැක්ස් ක්‍රමයක් හදුන්වා දෙමින්
    රටේ පාරවල් නඩත්තු කිරීමෙ දනය ඉතුරු කිරීම
    4.මහ බැංකුවේ මුදල් ඇමරිකාවේ බැංකුවල තැන්පත් කරමින් වැඩි පොලියක් ලබා ගැනීම ශ්‍රීමත් අර්ජුන් මහෙන්ද්‍රන් මැතිදුන්ගේ සහ අගමැති රනිල් මැතිදුන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි..
    5.මැරිච්ච මිනිස්සුන්ට පන දෙමින් නව පර්යේක්ෂන කිරීම
    6.විල්පත්තුවේ ස්වාභාවික වනාන්තරයක් නිර්මානය කිරීම
    7.මහින්ද මුර්ගයා නිමා කල වියාපෘති විවුර්ත කිරීම
    8.ලෝකයේ වැඩිම කාලයක් හොරු අල්ලා ගිනිස් පොතට යැම
    9.හොදම තිර පිටපත් රචනා කිරීම
    10.දෙමල ජනයාට,මුස්ලිම් සහොදරයන්ට රට බාර දෙමින් සමය සහජීවනය සංහිදියාව ඇති කිරීම
    11.තරුණ හදවත් තෙරුම් ගනිමින් සමලිංගික ක්‍රියාවලට අවසර ලබා දීම
    12.යුරොපයෙන් නය ගෙන චිනයට ණය ලබා දිමට් තරම් චීන්නුන්ට ගේම ඇදිම
    13.යුරොපාජාතීන්ට සහ චින්නුන්ට රටේ ඉඩම් විකිනිම සහ කුලියට දීම
    14.ජප්න් වාහන,වෙනුවට ඉන්දීය සුපිරි වාහන් ගෙන්විම
    15.වැසිකිලි 10 යේ වියාපෘතියට මුල් ගල තැබිම
    16.ඉන්දියාවේ කම්කරුවන් 10 ලක්සයකට රැකියා ලබා දිම
    17.අත්‍යවස්ස භාන්ඩ 10 කින් බදු අඩු කර ජනතාව දරුනු සාගතයකින් මුදවා ගැනීම
    18.50 ට් තිබුනු හාල් කිලෝව 100 ක් කරමින් ගොවියන්ට නියමිත සහල් මිලක් ලබා දීම
    19.දින සීයේ වියාපෘතිය අකුරටම ස්ට කිරීම
    20.හුජ්ජ කිරීමේ සිට කෑම දක්වා ටැක්ස් ගැසීම

    මහින්ද මුර්ගයා පරාදයි.....අපේ යූ ඇන්පී ආණ්ඩුවේ කරල තියෙන දේවල් වල හැටියට මහින්ද මොන කම්බෙක්ද...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol:

    hqdefault.jpg
    :P
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Mahindage palana kramaya hoda nati nisa tamai yahapalane path kare.eth mun maha benkuwe salli tikata keliya. Dan hora kannaalu eth koheda me pakku me aurudu 2kata karapu sanvardane.mahindaya hora kala hari ratata wadak kara.thamath innawane ponilatai pabayatai puka dena hu☆☆ puthala.
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    අවුරුදු 2 ක් තිස්සේ ඕකා තප්පුලනවා.. තාජුදීන්, ලසන්ත ගාවලා මිනීමැරුම් චෝදනා සෙට් කරන්න මුන් ට්‍රයි කළා.. ඒක හරි ගියේ නෑ.. තාම හොරා කියන එක මාකට් කරන්න පුළුවන් කියල මූ හිතනවා.. නෙදකින් මේ වගේ උපන් ගෙයි මෝඩ paක්කු...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    මම මේ කතාව කියෙවුවහම තමයි තේරුම් ගියේ ඇත්තටම මහින්ද ආවත් රනිල් ආවත් මොක ආවත් කරන්නේ එකම විදිහට ගාසා කන එක කියල . එත් අපි තම එක එකාගේ පැති පිල් බෙදිලා ගහමරා ගන්නවා . ඒ ගැන දුකයි .

    උපුටාගැනීම - http://chandimagomes.blogspot.com/

    Chinese+Loan.jpg

    මේක උගන්ඩාවේ කතාවක් උනාට, පොත පතේ, ඉන්ටර්නෙට් එකේ තිබිල කියවපු දෙයක් වත්, තුන්වෙනි හතරවෙනි පාර්ශවවලින් දැනගත්ත එකක්වත් නෙවෙයි. කෙලින්ම අදාළ උගන්ඩා පාර්ශවයෙන් ටිකක් වැඩිපුර කාල බීල සතුටින් ඉන්න වෙලාවක අහගත්ත කතාවක්.

    උගන්ඩාවට ව්‍යාපෘති යෝජනා (project proposal) කිහිපයක් සකස් කරන්න මට මේ අවුරුද්දේ මුල හරියේ ඒ රටේ කරක් ගහන්න සිද්ධ වුණා. පොඩි දුරක් එහෙම නෙවෙයි, සතියක් විතර තිස්සේ කිලෝ මීටර් දාහක් විතර ඇවිද්දා (ඇවිද්ද කිව්වට ඉතින් වාහනෙකින් හොඳේ).

    රාජ්‍ය ව්‍යාපෘතියක් කිව්වම ඉතින් කට්ටිය වටවෙන්නේ කාක්කෝ වගේ, දන්නවනේ. ඕක ඉතින් කොහෙත් එහෙමයි. පළාත් සභා මන්ත්‍රීලගේ ඉඳල ඇමතිවරුන් දක්වා, එතකොට කොන්ත්‍රාත්කාරයෝ, පරිසරවේදියෝ, සමාජ සේවකයෝ, මිනිස් අයිතිවාසිකම් ගැන කතාකරන රණශුරයෝ ..... ඔය මොන නම් වලින් ආවත් එන්නේ එකම වැඩේට....

    ගොඩක් අය මුලින්ම හිතන්නේ මම ණය දෙන්න ආපු කෙනෙක් කියල. මොකද පෙනුම ඉන්දියන්, නමට යටින් තියෙන්නේ රට මැලේසියාව කියල, ආවේ ගියේ රජයේ වාහනයකින්, අර විශාල ජීප් තියෙන්නේ, දිසාපතිලා එහෙම යන එන. අන්න ඒකකින්. හැබැයි ටිකක් වෙලා කතා කරනකොට තේරෙනවා මේ කිසිම වැඩකට නැති, ව්‍යපෘති යෝජනා තනන්නෙක් කියල. ඒක තේරෙන්න කලින් අහගන්න දෙයක් අහගන්න ඕනේ. ඔන්න ඔහොමයි සෙල්ලම.

    ඉස්සර අපට පිටරට ණයක් කිව්ව ගමන් ඔලුවට එන්නේ එක්කෝ ලෝක බැංකුව එහෙම නැත්නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (සිංහලෙන් කියනවනම් IMF එක). කවදත්, විපක්ෂයේ ඉන්න අයට (අර කොමාව හරි වැදගත් හොඳේ) ඔය දෙක තරම් රටට ද්‍රෝහී, සමාජ විරෝධී ආයතන ලෝකේ වෙන නැහැ. සමහරු ප්ලග් ගලවන්නත් කතා කලේ විපක්ෂෙ ඉන්නකොට නේ.

    කථාව ඔන්න වෙන පැත්තකට ගියා. මම අර උගන්ඩාවේ ඇමති තුමාලගෙන් ඔය ආයතන දෙකෙන් දෙන ලෝන් ගැන ඇහුවම ඒගොල්ලන්ගේ මුණු ටිකක් හපුටු වුනා. ව්‍යපෘති යෝජනා, ප්‍රගති වාර්තා, ගිණුම් වාර්තා, වැඩ බැරි වුනාට හේතු සාධක, අරව මේව කෝටියක් ලියකියවිලි හදන්න ඕනෙලු. මාස තුනෙන් තුනට කට්ටිය ඇවිල්ල බලනවලු ප්‍රගතිය කොහොමද කියල. ඒ මදිවට රටේ මානුෂික අයිතිවාසිකම්, රට පාලනය කරන හැටි, ඒවා මේවා හැම එකටම ඇගිල්ල ගහන්න එනවලු. මේ නිසා දැන් පස්සෙන් ඇවිත් දුන්නත් IMF, WB ලෝන් ගන්න එක ගැන දෙතුන් පාරක් හිතනවලු.

    පල්ලෙහා මට්ටමේ නිලධාරීන් නම් කිව්වේ ටිකක් වෙනස් කථාවක්. අර ආයතන දෙකේම නොලියවුණු ප්‍රතිපත්තියලු රටේ කට්ටියගේ ගතමනාවට වැඩිම වුනොත් ව්‍යපෘති මුදලෙන් 10% ට වඩා නොයන විදියට වැඩේ කෙරෙන්න ඇහැ ගහගෙන ඉන්න එක. ඉස්සර මහා ජලාශ ව්‍යපෘති එහෙම කෙරෙද්දී රටේ කට්ටිය මේ ගණනෙන් සැහීමකට පත් වුනාලු. මොකද, අපේ, ඔයගොල්ලන්ගේ මාසේ අදායම බැලුවොත් ඔය 10% කියන්නෙත් ඒවගේ ලක්ෂ ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක්.

    ඔන්න දැන් තමයි පින්තුරේට චීනගේ මුණ වැටෙන්නේ. චීන බැංකුවකින් (ආණ්ඩුවෙන් කියල ණය දෙන්නේ බැංකුවකින්) ආධාර ඉල්ලුවහම ඔය කිසිම කරදරයක් නැහැල්ලු (ආධාර කිව්වට පොලියට ණය හොඳේ).

    පොඩි ව්‍යපෘති යෝජනාවක් හදල ආධාර ඉල්ලුම්පත එක්ක දැම්මහම මාස තුනකින් විතර කට්ටියක් එනවලු වැඩේ ගැන හොයල බලන්න. ඔන්න ඔතනදි තමයි රසවත්ම හරිය එන්නේ.

    ඔය එන කට්ටිය (චීන්නු හොඳේ) අරහේ මෙහෙ ඇවිදලා හොඳට සැප ගන්න අතරේ කියනවලු, මේ වැඩේට යන්නේ ඩොලර් මිලියන 100 යි කියල (අපි එහෙම ගානක් හිතමුකෝ). චීනා කියන්නේ අර වැඩේට යන හරිම ගානලු (ඕනනම් 10% විතර අඩු වැඩි වෙන්න). එතකොට උගන්ඩාවේ මේ වැඩේට පත් කරපු ලොක්ක කියනවලු "බොස් ඕකට ඩොලර් මිලියන 200 ක් පාස් කරන්න, අපිත් ඉතින් කන බොන මිනිස්සුනේ" කියල.

    එතකොට චීන කියනවලු "ඔව් ලොකු බොස්, ඔයගොල්ලෝ විතරක් යෑ අපිත් කන බොන මිනිස්සුනේ. අපි එහෙනම් ඕකට ඩොලර් මිලියන 400 ක්ම දාමු කියල".

    මිලියන 100 ක් වැඩේට, 100 ක් ලොකු බොස්ලට (ඕක ඉතින් ටිකක් බෙදිලා යනවා හොඳේ), 200 ක් චීන සෙට් එකට.

    රටේ මිනිස්සුන්ට හරි සන්තෝසයි... හයිවේ හදල රූං ගාලා වාහනෙන් යනවා....ආයිෂ් අම්ම ගුණ්ඩු

    ලොකු බොස්ටයි වටේම ඉන්න කට්ටියටයි හරිම සන්තෝසයි..... නිකං යෑ ඩොලර් මිලියන සීයක් කිව්වම....

    චීන සෙට් එකට පුදුම ආතල් එකක්... උගන්ඩාවට ආව, සැප ගත්ත, ඩොලර් මිලියන දෙසීයක් සාක්කුවේ

    චීන බැංකුවට සතුටු සාගරයයි... ඩොලර් හාරසීයකට පොලියත් එක්ක වාරිකය ..... 6.8% පොලියට නොවැ. අර IMF එකේ වගේ 0.5% හිඟන පොලියට යෑ .

    උගන්ඩාවේ කට්ටිය මට ඔය කථාව කිව්වේ බොහොම උජාරුවෙන්. එයාලට හරිම ආඩම්බරයි එයාලගේ නුවණක්කාර කම ගැන.

    ඒගොල්ලෝ චීන්නුන්ව රවට්ටන්නේ ඔන්න ඔහොමලු.........!!!!!!!

    ***********************************
    පසු කාලීනව මම උගන්ඩාවට අමතරව සැම්බියාව, නැමීබියාව, බොට්ස්වානා ආදී අප්‍රිකානු රටවල් කිහිපයකටම මගේ සේවය ලබා දුනිමි. මෙහිදී මා දුටු චීන ණය ගනුදෙනුවල විශේෂත්වය නම් සෑම රටකම, සෑම ව්‍යාපෘතියකම එකම ක්‍රියා රටාවක් පැවතීමය. මෙය එසේම දකුණු ඇමරිකාවේද සිදුවන බව කොලොම්බියාවෙදී මම දුටුවෙමි.

    එම ක්‍රියාන්විතය සැකැවින් මෙසේය.

    සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාදීමට සමීක්ෂණයක් කරන මුවාවෙන් ඔවුන් තෝරා ගන්නා රටවල, චීනයට අනාගතයේ අවශ්‍යවන සම්පත් හෝ භූගෝලීය පිහිටීම් පිළිබඳව තීව්‍ර ගවේෂණයක් කරයි. මේ සඳහා අදාළ රටවල පර්යේෂණ තලයන්හි සිටින උගතුන්වද සහභාගී කරවා ගනියි. මෙම උගතුන් වැඩි පිරිසක් නොදැනුවත්වම මෙම ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබා දෙති.

    ඉන් පසු ඔවුන් දූෂිත දේශපාලකයන් හරහා තෝරා ගන්නා ව්‍යාපෘති වලට එම ව්‍යාපෘතියට වැය වන ප්‍රමාණය මෙන් කිහිප ගුණයක මුදලක් ණය වශයෙන් ලබා දෙයි. මෙහිදී අතරමැදියන් ගණනාවක් අතර කොමිස් මුදල් බෙදී යයි. චීනය මෙහිදී තදින්ම අනුගමනය කරන පිළිවෙත නම් ගනුදෙනුවේ කොටස් කරුවන් අතරට අදාළ රටේ සියළුම පක්ෂවල ක්‍රියාකාරීන් ඇතුළත් කරගැනීමයි.

    ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ණය මුදලින් වැඩි ප්‍රමාණයක් යථා හෝ අයථා ආකාරයෙන් නැවතත් චීනයටම ඇදී එන ලෙස වැඩ කටයුතු සැලසීම මෙහි තවත් සුක්‍ෂම ක්‍රමවේදයකි.

    පොළියට ණය දෙනවා පමණක් නොව පොළිය සමග ණය වාරික ගෙවීමට පොළියට ණය දීමද චීනයේ සිරිතයි.

    ඕනෑම ව්‍යාපෘතියක එක් අවස්ථාවකදී අදාළ රටට ණය වාරික ගෙවා ගත නොහැකි තත්වයක් පැන නගින බව ඔවුන්ගේ විශ්ලේෂකයන් පැහැදිලිවම හඳුනා ගනියි. එම අවස්ථාව පැමිණෙන වකවානුව පිළිබඳව ආසන්න මාසයටම නිවැරදිව අනාවැකි ඵල කල හැකි බව වරක් මගේ සැම්බියානු මිතුරකු පැවසීය. ඔහු චීන-සැම්බියා ව්‍යාපෘතියක ඉහල නිලයක් දරයි.

    අදාළ තත්වය පැමිණි වහාම රටේ දුෂණයට සම්බන්ධ සියළුම පාර්ශව වල එකගත්වයෙන් ව්‍යාපෘතිය චීනයට පවරා ගැනෙයි. මෙහිදී ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට සෑම පක්ෂයකම නායකයන් එකතු වී තිර නාටකයක් රචනය කර රඟ දක්වයි. එය උගන්ඩාවේ මෙන්ම සැම්බියාවේද සිදු වනු මම දැක ඇත්තෙමි.

    මට සුනිල් පෙරේරාගේ සිංදුවක කොටසක් මතකයට නැගෙයි......

    "ඒ රටවල එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... අපේ ලොක්කෝ පගා ගහන් නෑ........"

    holy shit!!!:shocked::shocked::shocked::shocked:
    is that what's happening in Hambantota right now?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...