මහියද රනිලද වැඩිය හොඳ?-සිරි අයියා
"සිරි අයියා"
බයියෝ:
සුරතල් ටොයියනි අපෙ මහියා
වරාය හයිවේ දිග ඇරියා
යුද්ධෙත් නවතාලා දුන් හන්දා
මහියට මම වැන්දා
ටොයියෝ:
බයියා කීවා මට හරි නෑ
රනිලා මහියට වැඩිය හොඳයි
හැමදේවල් විකුණන් කන හින්ඳා
රනිල්ට මම වැන්ඳා
බයියෝ:
ටොයියෝ එය හිතුවොත් වැරදී
එතකොට ටොයියට පව් සිදුවෙයි
පවුල් පාලනේ අරගෙන යන්නට
මහින්ද දුක් වින්දා
ටොයියෝ:
රනිල් ෆ්රී වයිෆයි දෙන්නේය
දුන්නම බයියොත් ගන්නේය
ඩේටා මදිවී ඉල්ලන්නෙත් බයියොයි
බැන්නෙත් අද බයියොයි
බයියෝ:
වයිෆයි තියා මොනවා දුන්නත්
ටොයියෝ කොපමණ උඩ පැන්නත්
මහින්ද රනිල්ට වැඩිය හොඳයි මට
ටොයියනි ඔබ බැන්නත්
ටොයියෝ:
මහ බැංකුව බිඳ එදා ගොසින්
මිනිස්සු වටවී බනින නිසා
අර්ජුන් පිටරට යැව්වේ බයියනි
රනිල් නොවෙද අපේ
බයියෝ:
ටොයියගෙ රනිලා පෙඳ පාටයි
අපේ මහින්දගෙ පිං පාටයි
එබැවින් මහින්ද රනිල්ට වැඩියෙන්
පිං පාටින් ඉහලයි
ටොයියෝ:
බයියෝ පින නම් ඉහලයිද
කනා චාන්සුත් පින නේද
එහෙනම් බයියට සැමටම වැඩියෙන්
වටින්නෙ කනා තමයි
බයියෝ:
ටොයියා හොඳ නෑ සමනලයා
කොයිදේටත් හරියට දඟයා
මතකද මහින්ද පපුවට ගහ ගහ
පොලවත් සිඹ ඇඬුවා
ටොයියෝ:
ඔය වචනය බයියෝ හරියෑ
අඬන්න නම් කාටත් බැරියෑ
දවසක් රනිලුත් අගමැතිකම දෙනු
බෑ කිය කිය ඇඬුවා
බයියෝ:
අපි මෙය දැන් බේරාගනිමු
සිරි අයියාගෙන් ගොස් අසමු
මහියද රනිල්ද හොඳ කියලා
එතකොට සිරි අයියා කියයි
ටොයියෝ:
ඔව් ඔව් මම ඒකට කැමතී
සිරි අයියා මේවා දනිතී
යමු යමු බයියෝ යමු යමු බයියෝ
සිරි අයියා ළඟටා
දෙගොල්ලොම:
සිරි අයියේ කරුණක් අසමි
මහියද රනිල්ද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අයියා අපහට
බේරා දෙනවාද?
සිරි අයියා:
මහින්ද හොඳයි කීවත් වැරදී(හූ)
රනිල් හොඳයි කීවත් වැරදී(හී)
එබැවින් පවසමි ටොයියනි බයියනි
විස්සෙත් මමම තමා
#යූඩී
#මනෝවිකාර
"සිරි අයියා"
බයියෝ:
සුරතල් ටොයියනි අපෙ මහියා
වරාය හයිවේ දිග ඇරියා
යුද්ධෙත් නවතාලා දුන් හන්දා
මහියට මම වැන්දා
ටොයියෝ:
බයියා කීවා මට හරි නෑ
රනිලා මහියට වැඩිය හොඳයි
හැමදේවල් විකුණන් කන හින්ඳා
රනිල්ට මම වැන්ඳා
බයියෝ:
ටොයියෝ එය හිතුවොත් වැරදී
එතකොට ටොයියට පව් සිදුවෙයි
පවුල් පාලනේ අරගෙන යන්නට
මහින්ද දුක් වින්දා
ටොයියෝ:
රනිල් ෆ්රී වයිෆයි දෙන්නේය
දුන්නම බයියොත් ගන්නේය
ඩේටා මදිවී ඉල්ලන්නෙත් බයියොයි
බැන්නෙත් අද බයියොයි
බයියෝ:
වයිෆයි තියා මොනවා දුන්නත්
ටොයියෝ කොපමණ උඩ පැන්නත්
මහින්ද රනිල්ට වැඩිය හොඳයි මට
ටොයියනි ඔබ බැන්නත්
ටොයියෝ:
මහ බැංකුව බිඳ එදා ගොසින්
මිනිස්සු වටවී බනින නිසා
අර්ජුන් පිටරට යැව්වේ බයියනි
රනිල් නොවෙද අපේ
බයියෝ:
ටොයියගෙ රනිලා පෙඳ පාටයි
අපේ මහින්දගෙ පිං පාටයි
එබැවින් මහින්ද රනිල්ට වැඩියෙන්
පිං පාටින් ඉහලයි
ටොයියෝ:
බයියෝ පින නම් ඉහලයිද
කනා චාන්සුත් පින නේද
එහෙනම් බයියට සැමටම වැඩියෙන්
වටින්නෙ කනා තමයි
බයියෝ:
ටොයියා හොඳ නෑ සමනලයා
කොයිදේටත් හරියට දඟයා
මතකද මහින්ද පපුවට ගහ ගහ
පොලවත් සිඹ ඇඬුවා
ටොයියෝ:
ඔය වචනය බයියෝ හරියෑ
අඬන්න නම් කාටත් බැරියෑ
දවසක් රනිලුත් අගමැතිකම දෙනු
බෑ කිය කිය ඇඬුවා
බයියෝ:
අපි මෙය දැන් බේරාගනිමු
සිරි අයියාගෙන් ගොස් අසමු
මහියද රනිල්ද හොඳ කියලා
එතකොට සිරි අයියා කියයි
ටොයියෝ:
ඔව් ඔව් මම ඒකට කැමතී
සිරි අයියා මේවා දනිතී
යමු යමු බයියෝ යමු යමු බයියෝ
සිරි අයියා ළඟටා
දෙගොල්ලොම:
සිරි අයියේ කරුණක් අසමි
මහියද රනිල්ද වැඩිය අගේ
කරුණාවෙන් සිරි අයියා අපහට
බේරා දෙනවාද?
සිරි අයියා:
මහින්ද හොඳයි කීවත් වැරදී(හූ)
රනිල් හොඳයි කීවත් වැරදී(හී)
එබැවින් පවසමි ටොයියනි බයියනි
විස්සෙත් මමම තමා
#යූඩී
#මනෝවිකාර

