මහේල_අපි_ඔබ_සමගයි
පසු ගිය දිනක ITN නාලිකාවේ විකාශය වූ "විමසුම" වැඩ සටහනේ දී මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර පකිස්තානය සමග පැවති තරගය පාවා දුන්නේ යැයි ව්‍යංගාර්ථයෙන් පැවසීම අප තරයේ හෙලා දකිමු.එමෙන් ම ශ්‍රී ලංකාවේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය,අප සියලු දෙනා ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙලෙස සාක්ශි නොමැතිව ව්‍යංගාර්ථයෙන් පහර ගැසීම ද අප තරයේ හෙලා දකිමු.
මෙවැනි දේ යලි නොවීමට රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ද වග බලා ගත යුතු අතර මෙවැනි අදූර දර්ශී ක්‍රියා වලින් අපේ මව් බිමට සිදුවන්නේ අවැඩක් මිස සෙතක් නොවේ.ක්‍රිකට් යනු ශීග්‍රයෙන් ජනප්‍රිය වන ක්‍රීඩාවකි,මා දන්නා පරිදි ක්‍රිකට් ලෝක කුසලානය යනු මිහිමත තෙවන විශාලතම ක්‍රීඩා සැනකෙලිය වන අතර එයට ලොව පුරා රටවල් රාශියක අවධානය යොමු වේ("විමසුම" පිටපත් සකසන්නා එය දන්නවාද නැද්ද යන්න මා නොදනී),ඉතින් මෙවැනි අවදියක මෙවැනි අදූර දර්ශී ක්‍රියාවක් කිරීමෙන් "විමසුම" පිටපත සකසන්නාට හෝ අපගේ මාතෘ භූමියට කිසිඳු වාසියක් අත් නොවේ.
ලෝකයේ අන්තර්ජාල භාවිත කරන්නෝ ද,EK වැනි අන්තර්ජාල සමාජ ද අද ඕනෑ තරම් ඇත,මෙවැනි සමාජ තුල මෙම වීඩියෝ පට සීග්‍රයෙන් පැතිර යන අතර මෙවැනි ප්රවෘත්ති ඕනෑම භාෂාවකට පරිවර්ථනය කිරීමට ද ඕනෑ තරම් අය සිටිති.ඉතින් මෙවැනි ප්රවෘත්ති ඉන්දියාව,පකිස්තානය වැනි රටවල් තව තවත් උලුප්පා දක්වමින්(කෙන්ඳ කන්ද කර) ලොව පුරා ප්‍රචාරය කිරීමටද ඉඩ ඇත.
මේ ලිපියේ අභිප්‍රාය "විමසුම" පිටපත් සකසන්නාට අපහස කිරීමටවත් අගෞරව කිරීමවත් නොවේ.නමුත් මේ රටේ වගකිය යුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන් ලෙස යමක් කිරීමට පෙර වරක් දෙවරක් නොව දහස් වරක් ඒ ගැන සිතිය යුතුය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ස්ථාවරයක් ලබා තිබෙන ක්‍රීඩා අතලොස්ස අතුරින් ක්‍රිකට් ක්‍රීඩාව ප්රමුඛ තැන ගනී,ඉතින් මේ පුංචි ශ්‍රී ලංකාවේ නම ලෝකයේ රන්ඳන ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියටත් රැක ගැනී ම අපේ වගකීම නොවේ ද?
"විමසුම" පිටපත් සකසන්නාට අවසාන වශයෙන් මට පැවසිය යුතු කාරනා දෙකක් ඇත,මාගේ දැනුමට අනුව නම් මේ වසරේ ශ්‍රී ලංකාවේ ධනවත් ම ක්‍රීඩකයා මහේලය,ඔහුගේ මේ වසරේ දල අදායම රු.කෝටි 23ක්(හෝ ඊට වැඩි) පමණ වේ.මසකට රු.කෝටි 2ක් පමණ උපයන පුද්ගල්යෙක් රු.ලක්ෂ 20කට වඩා අඩු මුදලකට තම මාතෘ භූමියත් තමාගේ වෘත්තියත් පාවා දෙයිද?,දෙවන කාරනය නම් ක්‍රිකට් යනු ලෝකයේ දෙවෙනියට ජනප්‍රිය ම ක්‍රීඩාවයි.
අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරග ජය ගත්තද පරාජය වුවද අප ඔවුන් සමග සැමදා සිටින්නෙමු.ඔවුන් තරග පරදින විට ඔවුන්ට අප බැන්න ද එය එතැනින් අවසන්ය.මන්ද සැමදා ඔවුන් අපේ හිත් වල ක්‍රීඩා වීරයෝ වෙති!
මහේල,තිලාන් අප ඔබ සමගයි!
ඔබේ අදහස් මෙතන ලියන්න

Last edited: