මහේල_අපි_ඔබ_සමගයි

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මහේල_අපි_ඔබ_සමගයි

පසු ගිය දිනක ITN නාලිකාවේ විකාශය වූ "විමසුම" වැඩ සටහනේ දී මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර පකිස්තානය සමග පැවති තරගය පාවා දුන්නේ යැයි ව්‍යංගාර්ථයෙන් පැවසීම අප තරයේ හෙලා දකිමු.එමෙන් ම ශ්‍රී ලංකාවේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය,අප සියලු දෙනා ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙලෙස සාක්ශි නොමැතිව ව්‍යංගාර්ථයෙන් පහර ගැසීම ද අප තරයේ හෙලා දකිමු.

මෙවැනි දේ යලි නොවීමට රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ද වග බලා ගත යුතු අතර මෙවැනි අදූර දර්ශී ක්‍රියා වලින් අපේ මව් බිමට සිදුවන්නේ අවැඩක් මිස සෙතක් නොවේ.ක්‍රිකට් යනු ශීග්‍රයෙන් ජනප්‍රිය වන ක්‍රීඩාවකි,මා දන්නා පරිදි ක්‍රිකට් ලෝක කුසලානය යනු මිහිමත තෙවන විශාලතම ක්‍රීඩා සැනකෙලිය වන අතර එයට ලොව පුරා රටවල් රාශියක අවධානය යොමු වේ("විමසුම" පිටපත් සකසන්නා එය දන්නවාද නැද්ද යන්න මා නොදනී),ඉතින් මෙවැනි අවදියක මෙවැනි අදූර දර්ශී ක්‍රියාවක් කිරීමෙන් "විමසුම" පිටපත සකසන්නාට හෝ අපගේ මාතෘ භූමියට කිසිඳු වාසියක් අත් නොවේ.

ලෝකයේ අන්තර්ජාල භාවිත කරන්නෝ ද,EK වැනි අන්තර්ජාල සමාජ ද අද ඕනෑ තරම් ඇත,මෙවැනි සමාජ තුල මෙම වීඩියෝ පට සීග්‍රයෙන් පැතිර යන අතර මෙවැනි ප්‍රවෘත්ති ඕනෑම භාෂාවකට පරිවර්ථනය කිරීමට ද ඕනෑ තරම් අය සිටිති.ඉතින් මෙවැනි ප්‍රවෘත්ති ඉන්දියාව,පකිස්තානය වැනි රටවල් තව තවත් උලුප්පා දක්වමින්(කෙන්ඳ කන්ද කර) ලොව පුරා ප්‍රචාරය කිරීමටද ඉඩ ඇත.

මේ ලිපියේ අභිප්‍රාය "විමසුම" පිටපත් සකසන්නාට අපහස කිරීමටවත් අගෞරව කිරීමවත් නොවේ.නමුත් මේ රටේ වගකිය යුතු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන් ලෙස යමක් කිරීමට පෙර වරක් දෙවරක් නොව දහස් වරක් ඒ ගැන සිතිය යුතුය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ස්ථාවරයක් ලබා තිබෙන ක්‍රීඩා අතලොස්ස අතුරින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රමුඛ තැන ගනී,ඉතින් මේ පුංචි ශ්‍රී ලංකාවේ නම ලෝකයේ රන්ඳන ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියටත් රැක ගැනී ම අපේ වගකීම නොවේ ද?


"විමසුම" පිටපත් සකසන්නාට අවසාන වශයෙන් මට පැවසිය යුතු කාරනා දෙකක් ඇත,මාගේ දැනුමට අනුව නම් මේ වසරේ ශ්‍රී ලංකාවේ ධනවත් ම ක්‍රීඩකයා මහේලය,ඔහුගේ මේ වසරේ දල අදායම රු.කෝටි 23ක්(හෝ ඊට වැඩි) පමණ වේ.මසකට රු.කෝටි 2ක් පමණ උපයන පුද්ගල්යෙක් රු.ලක්ෂ 20කට වඩා අඩු මුදලකට තම මාතෘ භූමියත් තමාගේ වෘත්තියත් පාවා දෙයිද?,දෙවන කාරනය නම් ක්‍රිකට් යනු ලෝකයේ දෙවෙනියට ජනප්‍රිය ම ක්‍රීඩාවයි.


අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරග ජය ගත්තද පරාජය වුවද අප ඔවුන් සමග සැමදා සිටින්නෙමු.ඔවුන් තරග පරදින විට ඔවුන්ට අප බැන්න ද එය එතැනින් අවසන්ය.මන්ද සැමදා ඔවුන් අපේ හිත් වල ක්‍රීඩා වීරයෝ වෙති!

මහේල,තිලාන් අප ඔබ සමගයි!


IC2011AFP7S5501.jpg




ඔබේ අදහස් මෙතන ලියන්න
:)
 
Last edited:
  • Like
Reactions: charith05
Feb 16, 2010
265
34
0
නරියෙක් හූ කිව්වට සිංහයෝ සැලෙන්නේ නෑ.....
 
Last edited:

uhucsam

Member
Dec 11, 2006
271
4
0
eka eka dasapalakayange eta mirikala apu awun dan na machan onama dayaka thiyana amaruwa une hithan innath cricket teem ekath inna unwage nika P----- kiyala muta madya weediyo kiyanna hodana munthamay kela paththara karayo mun Abilinla

Monawa unath api Mahela ekka
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේ ගොනා කියන විදිහට මහේල පගා අරගෙනත් reverse swing එකක් දානකම් හිටියා අවුට් වෙන්න... ලේසියෙන්ම catch එකක් දෙන්න තිබ්බානේ...:confused:

    තිලාන් පගා අරගෙන අවුට් වුනේ හරියටම කකුල crease එකේම තියාගෙන.... කකුල ආපසු ගන්න උත්සහායක් වත් නොකර හිටියනම් ඉවරයිනේ...:confused:

    අනේ මෙහෙමත් ගොන්නු...

    මේවා අහනකොට මේ වාක්‍යය මතක් වුනා..

    නුඹ වහන්සේ මොවුන් කොයින් අත පත ගා සොයා ගත් සේක්ද?..

    (උම්මග්ග ජාතකයේ මහෞෂධ පඩිතුමා වේදේහ රජතුමාට..
    )
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මහේල නඩු මගට බැසීමට තීරණය කරයි -බීබීසී
    Mar 01,2011​
    තමන් විසින් තරග පාවාදී ඇති බවට අදහස් කරමින් සිදුකරන ලද විස්තර විචාරය සම්බන්ධව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක මහේල ජයවර්ධන තීරණය කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    පසුගිය 26 වන දින පකිස්ථානය සමග පැවති තරගයේදී මහේල ජයවර්ධන මූල්‍යමය වාසි වෙනුවෙන් සිතාමතාම අදක්ෂ අයුරින් ක්‍රීඩා කළ බවට රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයක් සිදුකළ විස්තර විචාරයකදී කිසියම් අදහසක් ඉදිරිපත් කර තිබිණි.

    කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථාන කණ්ඩායමට ලකුණු 11 න් පරාජයට පත්විය.

    මෙම චෝදනාව සම්බන්ධව සියලුම පියවර ගැනීම සඳහා සිය නීතිඥයා විසින් අවශ්‍ය ලේඛනයක් සැලසුම් කරමින් සිටින බව මහේල ජයවර්ධන පවසයි.

    අදාළ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු වන තිලාන් සමරවීරට ද එල්ල වී ඇත.

    පකිස්ථානය සමග පැවති මෙම තරගයේදී මහේල ජයවර්ධනට ලබාගත හැකිවූයේ ලකුණු 02 ක් පමණක් වන අතර, තිලාන් සමරවීර ලබාගත්තේ එක් ලකුණක් පමණි.

    පසුදින රජයේ පුවත්පතක කර්තෘවරයෙකු වන මහින්ද අබේසුන්දර විසින් ලියන ලද, රජයේ රූපවාහීනි නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති විස්තර විචාරයකදී ව්‍යාපාරිකයකු විසින් පකිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව ඩොලර් 18, 000 ක් ඔට්ටු තබා ඇති බව සඳහන් කර ඇති බව සඳහන්ය.

    මහේල හා තිලාන් විසින් තරගයේ කිසියම් වෙනසක් සිදුකරන්නට ඇති බව සිතිය හැකි බව එහිදී අදාළ විස්තර විචාරකයා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

    එමෙන්ම අදාළ විස්තර විචාරය සඳහා තරගයෙන් උපුටාගන්නා ලද සෙමින් චලනය වන දර්ශන, දුක්බර සංගීතය සහ අඳුරු කරන ලද දර්ශන ආදිය ද යොදාගෙන ඇත.

    මෙම විස්තර විචාරය විකාශය වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ෆේස්බුක් වැනි විවිධ වෙබ් අඩවි ඔස්සේ ක්‍රීඩාලෝලීන් ඔවුන්ගේ බලවත් අප්‍රසාදය පළකර තිබෙන බව ද බීබීසී පුවත් සේවය වාර්තා කර
    යි.