මහ බැංකුව කියයිලු

kickmeo

Member
Nov 30, 2010
529
25
0
මහ බැංකුව කියයිලු

උද්ධමනයට හේතුව ආහාර මිල නෙවෙයිලු

මාර්තු මාසයේදී පැවති සියයට 8.6 ක්වූ උද්ධමනය ගෙවුණු අප්‍රේල් මාසයේදී සියයට 9.8 ක් දක්වා ඉහළ නැගීමට හේතු වූයේ ප්‍රධාන වශයෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මේ අනුව, මහ බැංකුව පවසා තිබෙන්නේ 2011 අප්‍රේල් උද්ධමනය ඉහළ නැගීමට හේතුවූයේ ඉන්ධන හා ගෑස් මිල ගණන් වැඩිකිරීම හේතුවෙන් ආහාර නොවන ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නැගීම නිසා බවයි.
ගෑස් හා භූමිතෙල් මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් නිවාස, ජලය, විදුලිය,ගෑස් හා අනිකුත් ඉන්ධන උප කාණ්ඩයේ මිල ගණන් සියයට 3.1 කින් ඉහළ ගොස් තිබෙන අතර ඩීසල් හා පෙට්රල් මිල ඉහළ දැමීම නිසා ප්‍රවාහන අංශයේ මිල ගණන් සියයට 2.8 කින් වැඩිවී තිබේ.
මීට අමතරව, අප්‍රේල් මාසයේදී රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ, දෛනික ගෘහ නඩත්තු, විනෝදාත්මක හා සංස්කෘතික, විවිධ භාණ්ඩ හා සේවා, යන අංශවලද මිල ගණන් ඉහළ ගියබව මහ බැංකුව සඳහන් කරයි.
බැංකුව පවසන්නේ අප්‍රේල් මාසයේදී ආහාර අංශයේ මිල ගණන් සියයට 1.7 කින් පහළ වැටුණු බවයි.
මේ අනුව, සහල්, එළවලු, අමු මිරිස්, බොහෝ මත්ස්‍ය වර්ග, ලොකු ළූණු, රතු ළූණු, බිත්තර, පොල්, පොල් තෙල්වල මිල ගණන් සැපයුම වැඩිවූ නිසා අඩුවූ බව සඳහන්ය.

කෙසේවෙතත්, කුකුළු මස්, පළතුරු හා අර්තාපල් මිල ගණන් ඉහළ ගියබව බැංකුව කියයි.


උපුටනය:http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2457&Itemid=56

:confused:මචන් මම දන්නැති හින්දා අහන්නේ මෙ කතාව ඇත්තද? නැත්නම් බොරු ගොන් පාට් එකද්ද?, ආර්ථික විද්‍යාව කරපු එළකිරි සහොදරයෙක් හරි මෙ ගැන දන්න සහොදරයෙක් හරි අදහසක් පල කරන්න එළකිරි වගේ:confused:



 
Last edited: