මළවුන් සතුටින් තැබීමට මළ ගැහැනුන් විවාහ &#348

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මළවුන් සතුටින් තැබීමට මළ ගැහැනුන් විවාහ &#348

    4due.jpg


    ජීවත්වීම සඳහා අපට කෑම බීම මෙන්ම මුදල්ද අවශ්‍ය වේ. අප කුමන හෝ රැකියාවක යෙදෙන්නේ මුදලක්‌ සොයා ගැනීම සඳහාය. සමහරු මිනීමරන්නේද අපරාධ කරන්නේද මංකොල්ල කන්නේද හොර මැරකම්වලට යොමුවෙන්නේද ඉක්‌මණින්ම මුදල් සෙවීමේ බලාපොරොත්තු වෙනි.

    චීනයේ මැර කල්ලියක්‌ පසුගියදා මුදල් සෙවීම සඳහා අලුත්ම ජාවාරමක්‌ පටන් ගත්තේය. ඉතා සරුවට කෙරීගෙන ගිය මෙම ජාවාරමට අද්භූතය පිළිබඳව විශ්වාසයක්‌ තබාගෙන සිටින බොහෝ දෙනකු අසුවූ බවද වාර්තා විය.

    චීනයෙන් ඇසුණ එම කතාව ලන්ඩනයේ ද ටයිම්ස්‌ පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය. අවිවාහක තරුණයකු මිය ගිය විට ඔහුට මනමාලියක සොයාදීමෙන් මිය ගිය තරුණයාගේ ආත්මය සතුටු කිරීමට හැකියාවක්‌ ලැබෙන බව චීනයේ යන්ඩුවාන් ප්‍රදේශයේ වෙසෙන මැරකල්ලියක්‌ ප්‍රචාරයක්‌ ගෙන ගියේය. මිත්‍යා විශ්වාසවලට තදින්ම ඇබ්බැහිවී සිටිය නූගත් පිරිසක්‌ මෙම කතාවට හොඳටම රැවටුණෝය. තමන්ගේ පවුලේ අවිවාහක තරුණයකු විවාහ වීමට ප්‍රථම මිය ගිය හොත්, ඔහුට මනාලියක විවාහ කර දීමෙන් මියගිය තරුණයාගේ ආත්මය සතුටු කළ හැකි යයිද ඔහු එයින් ඉමහත් තෘප්තියක්‌ හා වින්දනයක්‌ ලබන්නේ යෑයිද මේ මැරකල්ලිය වැඩිදුරටත් ප්‍රකාශයක්‌ ගෙන ගියහ.
    :no::no::no::no:

    මැරකල්ලියේ කතාව තදින්ම විශ්වාස කළ මේ නූගත් ගැමි පිරිස එතැන් පටන් තම පවුලේ අවිවාහක තරුණයකු මිය ගිය විට මිය ගිය තැනැත්තාට මනාලියක විවාහ කරදීමට කැමති යෑයි දන්වා සිටියහ.

    ගැමියන් ඊළඟට මුහුණ දුන්නේ මියගිය තරුණයාට මනමාලියක්‌ සොයා ගන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නයටය. අවශ්‍ය මනමාලිය තමන්ට සොයාදීමට පුළුවන් බවත් ඒ සඳහා තමන් මුදලක්‌ අය කරන බවත් විවාහයට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසත් මෙම මැර කල්ලිය වැඩිදුරටත් ගැමියන්ට දන්වා සිටියහ. එතැන් සිට මැර කල්ලිය ඔවුන්ගේ ජාවාරම පටන් ගත්තේය. මුලින්ම ඔවුන් කළේ තරුණියන් පැහැර ගෙන ගොස්‌ සඟවා තැබීමය. පැහැර ගැනීම සඳහා මෙම මැර කල්ලිය වැඩියෙන්ම යොදාගෙන ඇත්තේ අංගවිකල තරුණියන්ය.:shocked::shocked::shocked:

    අවිවාහක තරුණයකු මිය ගිය විගස ඒ බව මැරකල්ලියට දැන්වීමට ද වැඩපිළිවෙළක්‌ යොදා තිබිණි. ආරංචිය ලැබුණු විගස ක්‍රියාත්මක වන මැරකල්ලිය ඉන්පසු ඔවුන් සඟවා ගෙන සිටින තරුණියක මරා මිය ගොස්‌ සිටින තරුණයාගේ නිවසට ගෙන යයි.:angry::angry:

    මියගිය අවිවාහක තරුණයාගේත් තරුණියගේත් විවාහ මංගල්‍ය ජයට සිදු කෙරෙන්නේ ඉන්පසුවය. මියගොස්‌ සිටින දෙන්නාටම මනාල ඇඳුම් අන්දවා ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අනුව විවාහ මංගල්‍යය සිදු කෙරෙයි. මැර කල්ලිය ඉන්පසු ඔවුන් ගෙනා මනාලියගේ මිනියට ගාණක්‌ නියම කරයි. එය අඩු වැඩි වන්නේ මනාලියගේ රූපය අනුවය. කෙසේ වෙතත් මැරකල්ලිය මරණ ලද මනමාලියගේ මිනිය සඳහා යුවාන් (yuan) 12000 ක්‌ නොහොත් පවුම් අටසියයක (මෙකල අපේ මුදලින් රුපියල් 170400 පමණ) මුදලක්‌ ලබාගනී.

    මළවුන්ගේ මෙම විවාහය ගැන තොරතුරු දසත පැතිරී යද්දී මැරකල්ලියේ විවාහය සඳහා ගැහැනුන් ඝාතනය කරන ජාවාරමද සරුවීමට පටන් ගත්තේය. මසකට අවිවාහක තරුණ මරණ හත අටක්‌ ඔවුන්ට ලැබීමට පටන් ගත්තේය.:growl::growl::growl:

    මැරකල්ලියේ මෙම මිනීමරු ජාවාරම සරුවී ගෙන යද්දී යන්ඩුවාන් ප්‍රදේශයේ පොලිස්‌ ලොක්‌කා වන ෂාහන් සංජුන්ට මේ ගැන දැන ගන්නට ලැබිණි. වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ ලොක්‌කා. පොලිස්‌ කණ්‌ඩායමක්‌ සමග ගොස්‌ මැරකල්ලියේ නායකයකු වන යං ඩොන්ග්යන් අත්අඩංගුවට ගත්තේය. පොලිස්‌ අත්අඩංගුවට පත් යංඩොන්ග්යන් පොලිසියට ප්‍රකාශයක්‌ කරමින් මෙසේ කියා සිටියේය. ''මට කොහොම හරි මුදල් සොයා ගැනීමට අවශ්‍ය වුණා. ඉක්‌මනින්ම මුදල් සොයා ගැනීමට පුළුවන් නිසයි මං මේ ජාවාරම පටන් ගත්තේ. මේ ජාවාරම දිගටම කරගෙන යැමටයි මං සැලසුම් කරල තිබුණේ. නමුත් දැන් මට මොකුත් කරන්න පුළුවන් කමක්‌ නෑ.'' මේ අතර පොලිස්‌ ලොක්‌කා මෙම මිනීමරු ජාවාරමට හවුල්වී සිටි ලියු ෂෙන්ග්බාවෝ සහ හියූ හයිබාවෝ නමැති මැරයන් දෙදෙනාද අත්අඩංගුවට ගත්තේය. මෙම මැරකල්ලිය අත්අඩංගුවට ගන්නා විට ගැහැනුන් කොපමණ දෙනෙක්‌ ඝාතනය කර තිබුණා දැයි කීමට තමන්ට නොහැකි බව පොලිස්‌ ලොක්‌කා කියා සිටියේය.:angry:

    චීනයේ ඈත පිටිසර ගම්මානවල ජීවත්වෙන ගැමියන් බොහෝ දෙනකු අවිචාර ලබ්ධිකයෝය. මිත්‍යාව තදින්ම විශ්වාස කරන ඔව්හු තවමත් ආදිමයන් (Ancestor) වන්දනාමාන කිරීම සම්ප්‍රදායයක්‌ හැටියට කරගෙන එන බව කියති.

    මළවුන්ට ගෞරව කිරීමටත් ඔවුන් සිහිපත් කිරීමටත් චීන ජාතිකයන් පුරුදු වී සිටින්නේ අනාදිමත් කාලයක සිටය. මළවුන් සිහිපත් කිරීම සඳහාද ඔවුන් දිනයක්‌ යොදාගෙන තිබේ. මෙම දිනය හඳුන්වනු ලබන්නේ ''සොහොන්කොත් පිරිසිදු කිරීමේ දිනය නොහොත් ටෝම්බ් ස්‌විපිං ඩේ (Tomb Sweeping Day) යනුවෙනි. මෙදිනට ඔවුන් කනත්තට ගොස්‌ මළවුන් සිහිකරමින්ද මල් පූජා කරමින්ද සුවඳ විලවුන් දල්වමින්ද මළවුන්ගේ සොහොන් කොත් පිරිසිදු කිරීමට අමතක නොකරති.

    මළගිය ප්‍රාණකාරයාගේ ආත්මය ඔහු හෝ ඇය වැළලූ සොහොන් කොත අසල ගැවසෙන බව තදින්ම විශ්වාස කරන චීන ජාතිකයෝ මෙම ආත්මය සතුටු කිරීම සඳහා කිසියම් දීමනාවක්‌ දීමටද අමතක නොකරති. මුදල් කොළ, නිවාස ආකෘති සහ මෝටර් රථවාහන ආකෘති ආදිය පිළිස්‌සීමෙන් මළ ආත්මය සතුටු කිරීමට පුළුවන් බවද ඔවුහු තදින්ම විශ්වාස කරති. මළවුන් සතුටු කිරීම සඳහා උන් කැමැති හැම දෙයක්‌ම සොහොන් කොත් අසළට ගෙනවිත් පරිත්‍යාග කිරීමට ද චීන ජාතිකයෝ පුරුදුවී සිටින බව කියති. චීනයේ ඈත ගම්මානවල තවමත් ''ගැහැනු වෙළ¹ම'' පෙර පරිදිම කරගෙන යන බව ලන්ඩනයේ ද ටයිම්ස්‌ පුවත්පත කියා සිටියි. එකම ගැහැනිය කීප දෙනකුට අලෙවි කරන ජාවාරම තවමත් එසේම පවතින බව කියන ''ටයිම්ස්‌'' පුවත්පත එක ගැහැනියක්‌ එක්‌ අවස්‌ථාවකදී පවුම් අටසියයකට පමණ අලෙවි වෙන බවද සඳහන් කරයි.

    මියගිය අවිවාහකයන්ගේ ආත්මයන් සතුටු කිරීම සඳහා ගැහැනුන් ඝාතනය කොට පත්වාගෙන යනු ලබන විවාහ මංගල්‍යයන් දැනට චීන රජය විසින් තහනම් කර ඇත. එහෙත් මෙම තහනමට හොරා චීනයේ ඈත ගම්මානවලදී තවමත් මළවුන්ගේ මෙම විවාහ සිදුවන බව දැනගන්නට ලැබෙයි.

    මෙයින් පෙනී යන්නේ තාක්‌ෂණය කොයිතරම් දියුණුවී ඇතත් සමහර රටවල නූගතුන් මිත්‍යාවටත්, අවිචාර ලබ්ධියටත් තවමත් තදින්ම ගැතිවී සිටින බවක්‌ නොවේද?


    Thanks For Watching! :rolleyes:
     
    • Like
    Reactions: kasun69