මළ ගෙවල් මඟුල් ගෙවල් බවට පෙරළාගන්න වෙහෙසෙ
ශ්‍රී ලංකාවේ මළ ගෙවල් මඟුල් ගෙවල් බවට පෙරළාගන්න වෙහෙසෙන්නේ ඇයි?
මෙයට මාස දෙක තුනකට පෙර ශ්‍රී ලංකාවෙන් ලැබුණු ඡායාරූපයකට මගේ ඇස ඇදී ගියේ තරමක් පුදුමයෙකිනි. එම පින්තූරයෙන් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාවේ මා දන්නා දෙතුන් දෙනකු කරට අත දා ගන්නා තරමේ කුළුපගකමින් ඉතාමත් විනෝදයෙන් හා සිනාමුසු මුහුණින් සතුටු සාමිචියේ යෙදෙන අවස්ථාවයි.
කලකට පසු හමු වූ යාළුවන් පිරිසක් කොතැනකදී හෝ එකතු වී මෙහෙම ජොලියක් දැමීමේ වැරැද්ද මොකක්දැයි සමහරකු මගෙන් ප්‍රශ්න කරන්නට බැරි නැත. නමුත් මේ “හලෝ මචං” කියාගන්නා තරමේ සුහදතාවක් බේරෙමින් තිබුණු මේ අවස්ථාව ඡායාරූප ගත කර තිබුණේ මළ ගෙදරකදී වීම එහි මට දැනුණ අමුත්තයි.
මෙයට අවුරුදු හතළිහකට හෝ පනහකට පෙර ශ්‍රී ලංකාවේ මළ ගෙදරකදී කිසිවකු සිනාවෙනවා තියා උස් හඬින් කථා කළේවත් නැත. එකල අවමංගල ගෙවල් තුළ තිබුණේ පුදුමාකාර නිහඬතාවකි. ශෝකාත්මක පරිසරයකි.
එදා ගේ මැද සාලේ තබා තිබෙන මියගිය නෑයාට නැතිනම් මිත්‍රයාගේ දේහයට හිස නමා ගෞරව කොට, ඔහුගේ දුකින් තැවෙන බිරිය හෝ දරුවන් සමග වචන දෙක තුනක් කථාකොට ඉස්සරහ කාමරේ නැතිනම් මිදුලේ ඇති මඩුවේ වාඩිවෙන අමුත්තා තමන්ගේ යාබද අසුනේ සිටින පුද්ගලයා සමඟ කථා කළේ ඇහෙන නොඇහෙන තරමට හෙමිනි.
එදා මළ ගෙදරට එන මිතුරන් නෑයින් ඔක්කොම මළ ගෙදර හා පාර සැරසිලි කිරීමට, ගොක් අතු කැපීමට, නැතිනම් සුසාන වළ හැරීමට, දර සෑය බැඳීමට හෝ ඉවුම් පිහුම් කටයුතුවලට පුළු පුළුවන් අන්දමට තම ශ්‍රමය කැප කළෝය. ඔවුන් සැම දෙනාම පවුලේ ශෝකය සම සේ බෙදා ගත්හ. එදා අවමංගල ගෙවල් කාගේවත් දේශපාලන රැස්වීමක් හෝ මිතුරු හමුවක් හෝ විනෝද වටයක් නොවීය.
එහෙත් අවුරුදු හතළිහකට පනහකට පසු මළ ගෙදරත්, අවමංගල කටයුතු හා චාරිත්‍රත් පරිණාමය මෙන්ම විශාල වෙනසකට පත් වී ඇත. තනිකරම ආගමික කටයුත්තක් වූ සාංඝික දානය ද විනෝද සාගරයක් බවට පෙරළුණේ මෙයට දශක දෙක තුනකට පෙරය. දැන් මළ ගෙදරත් කලකට පසුව නෑ හිත මිතුරන් හමු වී කා බී ජොලි කරන ඉල ඇදෙන විහිළු කථා කියමින් සම්පප්රලාපයේ යෙදෙන පුංචි පහේ වෙඩිං පාටි එකක් බවට හැරී නැතැයි ඔබට කිව හැකි ද?
අපි පුංචි කාලයේ මියගිය තැනැත්තාට අවසන් ගෞරවය දැක්වීමට පමණක් කැප වී තිබු මළ ගෙවල් මේ කලියුග කාලේ මියගිය තැනැත්තාගේ දූ දරුවන් බෑනලා ලේලිලා තමන්ගේ මහන්තත්ත්වය රටට ලොකුවට පෙන්වන අශෝභන තරගයක් බවට පත් ව තිබේ.
මේ සමාජ විපර්යාසය හොඳ දෙයක් ද පිරිහීමක්දැයි ලංකාවෙන් පිට සිටින මට නිගමනය කළ නොහැක. එහෙත් මා මුලින් සඳහන් කළ පිරිස ද එදා මළ ගෙදරකදී විනෝදකාමී ලෙස හැසිරුණේ ඔවුන් ද මේ විපර්යාසයේ කොටස්කරුවන් වී ඇති නිසාය.
එසේ ජොලි කිරීම අද සමාජය හැඩ ගැසී ඇති අන්දම අනුව වරදක් යයි කිසිවකුට නොපෙනෙන නිසාය. අද ශ්‍රී ලංකාවේ මළ ගෙදරකට යන බොහෝ අය මියගිය තැනැත්තාගේ නෑයෝ නොවෙති. ඔවුන් මියගිය තැනැත්තාගේ දූ පුතුන් හෝ බෑනලාගේ මිතුරන් විය හැකිය.
එසේ නැතිනම් ඔවුන්ට අයිති සමාගම්වල සේවක පිරිස් විය හැකිය. මෙවැනි මළ ගෙදරකට එන ආගන්තුකයන්ට මේ මියගිය පුද්ගලයාගේ මරණය ගැන කිසිම දුකක් ඇති නොවීම ස්වාභාවිකය. මෙයින් බොහෝ දෙනා මළ ගෙදරකට යන්නේ “අපිත් ආවා” කියා ලකුණු දමාගන්නත් තමාගේ මිතුරා හෝ හාම්පුතාගේ හිත දිනාගන්නට විනා වෙන කිසිවකට නොවේ.
නමුත් මේ හැමදෙනාම දේහය ළඟට යන්නේ හදිසියේ මුහුණට ආරූඪ කරගන්නා බලවත් දුකකිනි. පවුලේ ඥාතීන්ට ආචාර කොට තමන්ගේ මිතුරා නැතිනම් “කොම්පැණියේ” ලොක්කාගේ අත අල්ලාගෙන තමන්ගේ හදවතේ කොතනකවත් නැති හෘදයාංගම ශෝකයක් ඔහුට පිරිනමන්නේ අඬන්න ඔන්න මෙන්න කියා සිටින ගානටය.
දැන් වැඩේ හරිය. මරණයට තමන් ආ බව මිතුරා හෝ තමන්ගේ ලොක්කා දනී. ඉන්පසු ඔහු සාලයෙන් පිට වී ඉස්තෝප්පුවෙන් බැස යන්නේ අමුත්තන් වෙනුවෙන් ගොඩනඟා ඇති කුඩාරම යටටය. මෙපමණ වේලාවක් ආයාසයෙන් මුහුණේ ආරූඪ කරගෙන තිබූ ශෝකභරිත භාවය එක පාරටම නැති වෙයි. ඈත කොනක වාඩි වී බර කයිවාරුවක යෙදෙන තම පරණ මිතුරන් පිරිස “හලෝ මචං වරෙං වරෙං උඹ දැක්ක කාලයක්” කියමින් ඔහුව ළඟ පුටුවකට ඇද ගනිති. ඉන්පසු ඉතින් පැය ගාණක් තිස්සේ සිසිල් බීම බොමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් පරණ විනෝද කථා කියමින් කොක් හඬ තළමින් මළ ගෙදර මඟුල් පාටියක් කරමින් ඔවුහු ජොලි කරති.
මේ අස්සේ තවත් අමුත්තන් පිරිසක් ඉතාමත් දුක්මුසු මුහුණුවලින් යුතුව ඉස්තෝප්පුවෙන් පෝලිමේ ගේ ඇතුළට යති. මේ අමුත්තෝ ද දේහයට ඔළුව නමා විනාඩි දෙක තුනකින් කුඩාරමට එන්නේ දේහය ඔසවන තුරු බයිලා ගහමින් විනෝද වීමටය. මොහොතකට කලින් සාලයේදී ඔවුන්ගේ මුහුණේ තිබු දැඩි ශෝකය දැන් කොහෙන් ගියා ද කියා නැත.
ශ්‍රී ලංකාවේ බොහෝ මළ ගෙවල්වල අද සිදුවන්නේ මෙය නොවේයයි කිසිවකුට කිව හැකි ද? ලංකාවේ කෙනෙක් මියගිය විට පවුලේ දූ දරුවන් හා ළඟ නෑයින් තම ලොකුකම් රටට පෙන්වීම ආරම්භ කරන්නේ පත්තරේ පළ කරන අවමංගල දැන්වීමෙන්ය. මෙයට කලකට පෙර ලංකාවේ පුවත්පතක පළ වූ මරණ දැන්වීම අවසන් කොට තිබුණේ මෙසේ ය.
“කොළඹ අහවල් සමූහ ව්‍යාපාරයේ අධිපති, අහවල් සමාජ සුබසාධක සංගමයේ ක්‍රියාකාරී කළමනාකාර, අහවල් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති, ප්‍රසිද්ධ සමාජ සේවක දේශබන්ධු අහවල් මැතිතුමාගේ ආදරණීය මෑණියන් වූ අහවල් උපාසිකාව අභාවප්‍රාප්ත විය” පුතාගේ පට්ටම් ඔක්කොම පළවී තිබූ මරණ දැන්වීමේ ඉඩ තිබුණේ අම්මාගේ නම සඳහන් කිරීමට පමණි.
පවුලේ දූ දරුවන් බෑනලා තමන්ගේ ලොකු නෑකම් පුහු අටෝප රටට පෙන්වන්නට යොදා ගන්නේ අම්මාගේ නැතිනම් තාත්තාගේ මළ ගෙදරයි. කලකට පෙර නුවර පැත්තේ මළ ගෙදරක් විය. මේ නිවෙසේ බාල දියණිය විවාහ වී සිටියේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් සමඟය. ඊළඟ දියණියගේ ස්වාමිපුරුෂයා රජයේ ස්ථිර ලේකම්වරයෙකි. තාත්තාගේ අවමඟුල දා මේ අක්කා - නගෝ දෙන්නා අතර තම තමන්ගේ සැමියන්ගේ ලොකුකම් පෙන්වීමට සීතල යුද්ධයක් තිබුණි.
අවමගුල් ගෙදරට එන පුංචි දුවගේ සැමියා නිසා පළාතේ වෛද්‍යවරුන් දෙතුන් දෙනකු පැමිණි විට අනෙක් දුව තම ස්ථිර ලේකම් සැමියාගේ යහළු රජයේ නිලධාරීන් පිරිසකට ටෙලිෆෝන් මඟින් මරණය දන්වා ඔවුන්ටත් එන්ට කීවාය.
එවිට දොස්තරගේ නෝනා කළේ කොළඹ සිටින ශල්‍ය වෛද්‍යවරුන්ට ද මරණය දැන්වීමයි. එවිට අක්කා තම සැමියාට බල කරමින් කියා සිටියේ මළ ගෙදරට නුවර දිසාපති තුමා (දිස්ත්‍රික් ලේකම්) පමණක් නොව අවට පළාත්වල දිසාපතිවරු ද කෙසේ හෝ ගෙන්විය යුතු බවය. මොවුන් දෙදෙනාට අවශ්‍ය වූයේ අම්මාට හරි ලෙස බුහුමන් දැක්වීම නොව තම සැමියන් දෙන්නාගේ ලොකු කම් රටට පෙන්වීමය.
දකුණු පළාතේ ප්රභුවරියකගේ මළ ගෙදරක සිදු වූ අපූරු කථාන්තරයක් මිතුරකු මට ළඟදී ලියා එව්වේය. මේ ප්රභුවරියගේ අවමංගලයට ඕස්ට්‍රේලියාවේ සිට ආ බාල දියණිය ගෙදරට ගොඩ වැදුණේ පඩි පෙළේ සිටම මරළතෝනි දෙමින්ය. බලා සිටියවුන් කම්පා කරමින් දේහය ළඟ විනාඩි පහක් විතර විලාප දුන් ඇය ඉන් පසුව ඇතුළු කාමරයකට ඇතුළු වුණේ කඳුළු පිහ දමමිනි.
ඉන්පසු මේ අපූරු රඟපෑම අතහැර දැමු ඇය තම පැරැණි මිතුරු මිතුරියන් සමඟ ආගිය කථා ආවර්ජනය කරමින් කොක් හඬ තළමින් විනෝද වන්නට වූවාය. නැවතත් පළාතේ මහ ඇමැතිවරයා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අම්මාට අවසන් බුහුමන් දැක්වීමට පැමිණි විට ඇය නැවතත් විලාප නඟමින් කාමරයෙන් එළියට පැමිණ ඔවුන් සමඟ කථා කළේ පුදුමාකාර දුකකිනි.
නමුත් ප්‍රභුන් ආපසු ගිය සැණෙන් නැවතත් කාමරයට වැදුණ ඇය තම මිතුරියන් සමඟ ඕස්ට්‍රේලියාවේ අසිරිය හා තමන්ගේ ලොකුකම් කථා කරමින් ඇති තරම් ප්‍රීති වූවාය. තවත් ඇමැතිවරයකු මළ ගෙදරට ආ බව සැලවූ වහාම ඇය නැවතත් හඬමින් එළියට ආවාය. ලෝකෙට පෙනෙන්ට පමණක් හඬන මෙවැනි අය අද ලංකාවේ ඕනෑම මළ ගෙදරකදී දැකගත හැකියයි මගේ මිතුරා ලිපියෙන් මට කියා සිටියේ මේ කලියුග කාලේ මළ ගෙවල් ගැන ඇති වූ සංවේගයෙනි.
පසුගිය දා ගාල්ල පැත්තේ මළ ගෙදරක සියලුම කටයුතු සිදුවූයේ දියණියගේ සැමියාගේ ලොකුකම රටට පෙන්වන්නටලු. රජයේ ඉහළම දෙපාර්තමේන්තුවක ප්‍රධානියකු වූ තම සැමියාගේ මහන්තත්ත්වය පෙන්නුම් කිරීමට ඇය තාත්තාගේ මළ ගෙදර යොදා ගත්තාය.
කොළඹ දෙපාර්තමේන්තුවේ පුංචි සේවකයාගේ සිට ලොකුම නිලධාරියා මළ ගෙදරට ගෙන්වා ගත් ඇය ඔවුනට කුකුළු මස්, මාළු, කිරි පැණි සහිත මඟුල් ගෙදරක මෙන් ආහාරපාන පිළියෙල කොට තිබු වෙනමම කෑම මේසයකින් සත්කාර කළාය.
ඔෆිස් එකේ හැමෝම බඩ කට පිරෙන තෙක් කා බී ලොක්කාට පින් දෙමින් යන්නට ගියහ. මියගිය තැනැත්තාගේ නමවත් ඔවුන් දැන සිටියාදැයි සැකය. තාත්තාගේ ගමේ සිට ඔහුට අන්තිම ගෞරවය දක්වන්නට පැමිණි සිටි දුප්පත් නෑයින්ට මේ මඟුල් මේසය පැත්තට යාමටවත් දුවගෙන් අවසර නොවීය.
දුප්පත් නෑයින් පිළිකන්නේ මඩුවක බතුයි පරිප්පුයි කද්දී මේ දියණිය සැමියාගේ ලොකු ලොක්කන් සමඟ කාමරයේ කා බී ජොලි කළාය. මේ අපූරු මළ ගෙදර අඩුවකට තිබුණේ සිංදු කීම හා බයිලා නැටීම පමණක් යයි මිතුරා ලියා තිබුණේ කනගාටුවෙනි. අනේ අපේ රටේ අවමංගල සංස්කෘතියට ගිය කල!
එංගලන්තයේ මළ ගෙදරකදී ආදාහනාගාරයේ වැඩ කටයුතු ඉවර වූ පසු සියලුම නෑ හිත මිතුරන් ළඟම ඇති පබ්ලික් හවුස් (Public House) නමැති බොජුන් හලට එක්වී මියගිය අයගේ ජීවිතය ගැන කථා කරමින් ප්‍රීති වෙති. ආහාරපාන ගනිමින් වයින් බොමින් විනෝද වෙති. එය නිතැතින්ම පවුලේ හිත මිතුරන් කලකට පසු හමු වී ජොලියක් දමන ප්‍රීති සම්භාෂණයක් බවට පත් වෙයි. මේ රටේ සංස්කෘතිය අනුව එය සාමාන්‍ය දෙයකි.
සමහර විට මා කලින් සඳහන් කළ දියණිය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ මවගේ මළ ගෙදරදී විනෝද වූයේත්, තවත් දියණියක් තමන්ගේ පියාගේ මළ ගෙදරදී ලොකු ලොක්කන්ට මහා මඟුල් මේසයක් ඇරියේත් ශ්‍රී ලංකාවේ අවමගුල් නිවාසත් දැන් බටහිර මළ ගෙවල් මෙන්ම ජොලි කරන තැන් බවට පත් වී ඇති නිසා නොවේ ද?
එදා සිංහල අවමගුල් ගෙදරක දකින්ට ලැබුණු නිහඬතාව ශෝකී භාවය අද ශ්‍රී ලංකාවේ මළ ගෙවල්වල දකින්නට නැත. හේවිසි මළබෙර දැන් මළ ගෙදරකින් ඇසෙන්නේ ඉතා කලාතුරකිනි. ගමේ වැඩිහිටියකු දෙන්නකු මළ සිරුර ළඟ තනි රකිද්දී නෑ හිත මිතුරන් සියලු දෙනා රස ආහාර ගනිමින් මත්පැන් බොමින් ජොලි දමන තරමට ශ්‍රී ලංකාවේ සදාචාරය අද වෙනස් වී ඇත.
කෙමෙන් කෙමෙන් වැනසී යන අපේ සංස්කෘතිය දෙස බලන කල මියගිය තැනැත්තා ගැන කඳුළු සලනවා වෙනුවට නෑ හිත මිතුරන් සියල්ලෝම සාලයට වී දේහය ඉදිරිපිට ඩිස්කෝ ඩාන්ස් නටන දිනය වැඩි ඈතක නොවේයැයි මට සිතේ.
ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන
ලන්ඩන් නුවර සිට විමසයි