මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර

Sadurathri

Member
Feb 6, 2008
47
8
0
Issara miyagiya kenage hisa depaththe ho hista ihalin polthel pahanak paththu kale visabeeja nathiwenna. eeth dannam dakinna thiyenne Lights

Thank you bro. godak dewal danagaththa.:yes:
 

Geezer

Junior member
  • වයඹ පළාතේ සමහර ගම්වල මිනිය පුච්චන්නේ දර වලින් සෑය හදල. ගිනි තියන්න කලින් මරුන කෙනාගේ ඥාති පිරිමි දෙන්නෙක් විරුද්ද දිසාවට පොරොවක් කරේ තියාගෙන සෑය වටේ වට 7ක් යනවා. හැම වටයකදීම දෙන්න මුණ ගැහෙනකොට අහනවා ' කොහෙද යන්නේ' කියල. අනිත් කෙනා උත්තර දෙනවා ' අපේ අහවල ( නෑ කමට කියන නම , උදා ; නැන්ද , මාම ) මරුන මිනියට බෙන කොටන්න යනවා' කියල. තේරුම නම් දන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙමළ කෙනෙක්ගේ මළ ගෙදරකට ගියා.ඒකේ මිනිය පුලුස්සන්න කලින් හෙන ලස්සන සාරි අන්දනවා... පුතාගේ කොන්ඩේ බූ ගානවා.
    අන්තිමට මිනිය පුච්චන්න කලින් කළයකට වතුර පුරවලා ඒකෙ හිලක් විදලා වතුර වැටෙන් විදියට කලෙ උරහිසේතියාගෙන මිනිය වටේ කැරකෙනවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    උපන්දා ඉඳලම පානදුරේ තමයි ඉන්නේ.මෙහෙම චාරිත්‍රයක් නම් ජීවිතේට දැකලා නෑ

    එහෙනම් මෙච්චර කාලෙටම මැරිල ඇත්තෙ ගොවිගම එවුන් නෙවෙයි බන්.

    මමත් කවදාවත් දැකලා නැහැ, අපේ නැයෝ ගොඩක් ඉන්නවා පානදුරේ, එත් කවදාවත් ඔය කුඩ සීන් එක නම් මම දැකලා නැහැ, එයාල ඔය කියන කුලේ කට්ටිය තමයි.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපෙ පැත්තෙ නම් ඔය ගොන් වැඩ මොකුත් නෑ,:rolleyes:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    *අම්බලන්තොට පැත්තේ ඉස්සර මිනියක් වළලනකොට පස් දාන වෙලාවට කවුරු හරි අඩ්ඩ්ක් ගහගත්තු ළඟම ඥාති පිරිමියෙක් ඇවිල්ලා කුණු හබ්බ දෙකක්තුනක් රහසෙ මතුරනවලු.
    එතකොට වැළලෙන කෙනාට සිය ඥාති වර්ගයා කෙරෙහි දැඩි කළකිරීමක් ඇතිවෙලා, ආපහු එන්නෙ නෑල්ලු.
    mama ambalanthota.meka mama ahuwamai.
    *පානදුරේ පැත්තේ මැරුණු කෙනා ගොවිගම නම් කලු කුඩයක් ඉහලනවා මිනිය ගෙයින් එලියට ගත් මොහොතේ සිට කනත්තට යනකල්.
    mama danna tharamata nam gogak pathiwala muthu kuda wenna one aran yanne.thawa deayak muthukuda,alawattan,kodi,sesath wage dewal ape paththenam denne marunu kenage nadayanta....
    *මිනිය එළියට ගේනකොට රතිඤ්ඤා පත්තු කරන එක සබරගමුවේ චාරිත්රයක්
    ඉස්සර කාලෙ මළගමට එන්න මග ඉන්න කෙනෙක්ට හරි දැන් මිනිය උස්සනව කියල දැනගන්න කරපු දැනුම්දීමක් කියලයි කියන්නෙ.
    mekanam ape paththe thamath karanawa.colombo paththe nam na.anika ape paththe miniya eliyata gaththama kohomath dehi 3,4k dala goma dala miniya tibuna thana hodanawa.wishabija yanna.
    *රජරට සමහර පළාත් වල මිනිය ඉස්සුවාට පස්සේ ඒක තැන්පත් කරල තිබ්බ තැන ලිපක් හදලා"මළ බත" කියලා වට්ටක්කා වගෙ එළවලුත් දාලා බතක් උයනවා.
    ලඟම කෙනෙක් මැරුන කියන්නෙ ලොකු දුකක් ගෙදර උයන්නෙ පිහින්නෙ නෑ. වටා පිටාවේ කට්ටිය හා නෑදැයො මිනිය කැලේට දාල ආපහු ආවාම ඒ මිනිස්සුන්ට සංග්රහයක් කරන්න ඉස්සර අතට අහු වුන දේ දාල බතක් උයල කට්ටියට සංග්රහයක් කරල කෘත ගුණ දක්වල තියෙනව. ඒක තමයි මේ මල බත කියන්නේ.
    ape paththe meka na.colombo tama mama me kramaya dakala tiyenne.anika ambalnthota paththe aya mewa dakkama hina wenawa.
    *කනත්තට යනකොට පෙට්ටියෙ ඔලුව පැත්ත පිටිපස්සට හිටින්න උස්සන් යන චාරිත්‍රය කරන්නේ මිනියට ගෙදරට යන පාර පේන්නැති වෙන්නලු. සමහර පැතිවල ගෙදරින් එලියට ගන්නෙත් ඔලුව පැත්තෙන්.සමහර අය පෙට්ටිය කනත්තට ගෙනියන්නේ දුර පාරකින්.
    ape pathiwala marane tiyannat dishawak tiye.batahirata oluwa paththa hitinnada koheda....
    pare walidana ekanam ape paththe karanawa.
    thawa deyak colaba paththe maranayak unama reta pikarayak badan kiyanawa.ape pathiwala ehema na.
    colamaba paththe kama ahala pahala gewal walin,samithi samagamwalin dunnata ape paththe eliye lip hadala tama uyala denna.kussiye lipa paththu karanne na.pandara 3ta,4ta awath kama tiye.mewai ehema na godak thanwala 12 weddi buffet ain karanawane.ambalanthota idan mathara wenakam beach side eke maranayak unoth malu ehema jathi 3,4kta hadala tiyenawa,deundara paththe wisheshai.magul gewal wage mala gedara kama.
    api dawasak malagedaraka innakota ape paththe kollo wagayk bila awa.unta kama kanna malu tibune nadda koheda.un bila hitiye.thawa malagedaraka gihin enagamnda koheda.un kiyanawa kanna bonna denna barinam malagewal nokara innalu.namak kiyala kiuwa anna malagewal kiuwa.kanna bonna palenna.mama hithanne gedara kollata joke ekata wenna one kiuwe.
    thawa deyak meeta masa 5kta withara kalin ape paththe achchi kenek maruna.marenna kalin kiuwalu marunata passe malagedarata ena hamotama kiri-pani denna kiyala.ithin malagedara kiri-pani tibba.....kohomada eeeeeka.....
    nodanna dewal godak danagaththa.....
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මමත් කවදාවත් දැකලා නැහැ, අපේ නැයෝ ගොඩක් ඉන්නවා පානදුරේ, එත් කවදාවත් ඔය කුඩ සීන් එක නම් මම දැකලා නැහැ, එයාල ඔය කියන කුලේ කට්ටිය තමයි.

    අඩු කුලේද?:P:P:P