Ubane anunge seeni kiruwe..eeta pase battak ussan awa..pissek.lol



රාහුලගෙන් පසු බුදු රජාණන් වහන්සේ විසින් තහනම් කළ කුඩා දරුවන් මහණ කිරීමේ ම්ලේච්ඡ සම්ප්රදාය ඉදිරියට ගෙන යන ශ්‍රී ලංකාවේ ඛේදනීය වීඩියෝ සාක්කිය..! හෙටම මේ කිරි දරු සාමනේර පැටියාට සාධාරණය ඉටු කරනු..!! (Video)
![]()
සිද්ධාර්ථයානන් බුද්ධත්වය ලබා ගැනීමෙන් පසු තම පියාගේ රාජ්‍යයට ගිය පසු සිද්ධාර්ථයාණන්ගේ දරුවා වූ රාහුල දායාද ඉල්ලමින් අතැඟිල්ලේ එල්ලී පසු පස ගමන් කිරීමෙන් අනතුරුව සිද්ධාර්ථයාණන් තම දරුවා වූ රාහුලට දායාදය මේ යැයි කියා රාහුලගේ භාරකාරත්වයෙන් නොවිමසා මහණ කර ගත් බවත් ඉන්පසුව රාහුලගේ සීයා වූ සුද්ධෝදන රජු එය වැරදි බව පෙන්වා දීමෙන් පසුව සිද්ධාර්ථයාණන් විසින් කුඩා ලමුන් වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තොරව තම ශාසනයේ මහණ කර ගැනීම තහනම් කළ බවත් අප දන්නා ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. නමුත් එය අද වන විට දුගී වැඩිහිටියන් ආත්ම ලාභය තකා තම දරුවන් බලහත්කාරයෙන් මහණ කරවමින් දරුවන් කෙරෙහි විකෘති ආකාරයෙන් ඵල දෙවන්නාවූ නීච ක්‍රියාවක් බවට පරිවර්තනය වී තිබේ. සංඝ සාසනයද එම විකෘතිය ඔවුන්ගේ ආත්ම ලාභය තකා පවත්වාගෙන යයි.
බුද්ධාගමේ නිර්මාතෘ සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ විනය අනුව කුඩා දරුවන්, රාජ්‍ය සේවය හැර පියා ඉන් පලා යන වුන්, අංග විකලයන්, මනෝ විකෘතියෙන් පෙළෙන්නන්, රාජ ද්‍රෝහීන්, ආදීන් සංඝ සාසනයේ මහණ කර ගත නොහැකිය.
ඒ සියල්ල තිබියදී දරුවන්ගේ අයිතිවාසිකම් නම් ජගත් ප්‍රඥප්තීන්ටත් අත්සන් කරමින් නමුත් දරුවන්ගේ අයිතිවාසිකම් නොසලකමින් සිරි ලංකාවේ කුඩා දරුවන් මහණ කර ගැනීම රාජ්‍ය උත්සවාකාරයෙන් සිදු කරයි. මෙය සිද්ධාර්ථයාණන් හෙවත් බුදු රජාණන්ගේ ද, වත්මන් ජගත් මානව හිමිකම් ප්රඥප්ති අනුවද සහමුලින්ම නීති විරෝධී වේ. වයස 16 ට අඩු සියලු දරුවන්ට දාරක අයිතිය මේ ශිෂ්ඨාචාර ලෝකය තහවුරු කර තිබේ.
මෙහි දැක්වෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ එකී මානව හිමිකම් උල්ලංඝණයේ උච්ඡතම ඛේදනීය අවස්ථාවකි. බලහත්කාරයෙන් මහන කර ගත් කුඩා දරුවෙකුට තම අම්මා සමග ගෙදර යාමට ඉඩ නොදී බලහත්කාරයෙන් මහණ කමේ තබා ගැනීමට දරන කෘෘර උත්සාහයක් මෙහි දැක්වේ.
යහපාලන බලධාරීන් විසින් ඉටුකළ යුතු කාර්යයන් පසෙක තබා හෙටම මේ ම්ලේච්ඡ ක්‍රියාව නතර කළ යුතුය. මේ දරුවාට සාධාරණය ඉටු කළ යුතුය. සාධාරණය යනු අනෙකක් නොව නිවී සැනසිල්ලේ තම මව සමග ජීවත් වීමට මේ අසරණ දරුවාට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම ය. ආගම දෙවැනිය. දරුවන් උපදින්නේ ආගමක් අනුව නොවේ.
කවුරුන් හෝ වේවා මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර සත්‍ය ලෝකයාට ප්‍රකාශ කළ පුද්ගලයාට සියළු සත්ත්වයන්ගේ පින් ලැබේවා..! මන්ද යත් සියළු සත්ත්වයන්ට දරුවෝ වෙති.. දරුවෝ වනාහී සත්වයාගේ අනාගතය ය. දාරක ස්නේහය මාතෘ පීතෘ ස්නේහයන්ට වඩා මූලිකය ය. නිර්මලය. අකලංකය. මෛත්‍රිය නම් චිත්තයේ ආරම්භය දාරක ප්‍රේමය ය. සියළු සත්ත්වයන්ට මෛත්‍රී කිරීම බුද්ධාගම ය
AntiBBS හම්බයා මොනවා හරි කියල ත්රෙඅඩ් එකක් දානවා.කට්ටිය ඒකෙ හරි වැරැද්ද තෝරාබේරා ගන්න බැරුව මරා ගන්නවා.
මේ විදියට ලංකාවේ කොහෙවත් බලෙන් මහන කරන්නේ නෑ.දෙමව්පියන්ගෙන් අවසරය තියෙන්න ඕන.
නැත්නම් ළමයාගේ කැමැත්ත තියෙන්න ඕනේ.
ළමා නිවාස වල ඉන්න ළමයි වත් එහෙම මහන කරන්නේ නැහැනේ.
එක්කෝ මේ පොඩි සාමණේර නමගේ දෙමව්පියෝ අධික දිළිදු බව හින්දා සාසනේට පූජා කර වෙන්න පුළුවන්.
දෙමව්පියෝ මතක්වෙලා මේ සාමණේර නම අඬනවා.
හතර කේන්දරේ පලු වුනත් ළමය ලොකු මහත් වෙලා තමයි මහන කරන්නේ.
අඩුම වයස 12-15 ත් අතර.
ළමය කැමතිනම් ඊට අඩු වයසෙන්.
මහන කරන කොට කරන වත්පිළිවෙත් දන්නා මිනිහෙක් කවදාවත් සිවුර බලෙන් අගේ පොරවල කියල ගොන් කතා කියන්නේ නෑ.
එහෙම කියලා පව් සිද්ද කරගන්න එපා.
මේකට රෙප්ලයි දාපු මේ දේට විරුද්ද මිනිස්සු ලංකාවේ එහෙම බලෙන් මහන කරන තැනක් පෙන්නන්න.
මේකෙ ඉන්න සමහර එවුන්ට වීඩියෝ එක බලල දිවැස් පහළ වෙලා. මහණ කරලා තියෙන්නේ බලෙන්ලු. පන්සලේ තියාගෙන ඉන්නෙත් බලෙන්ලු. එහෙම නැතිනම් අඩන්න හේතුවක් නැතිලු. ඇයි යකෝ උඹල මීට කලින් පොඩි ළමයි අඩනවා දැකල නැද්ද? අඩන්න තියෙන එකම හේතුව බලෙන් හිරකරගෙන ඉන්න එකද? ඉස්කෝලෙ යන්න බෑ කියල හැමදාම අඩන ළමයි මේ ලංකාවේ කොච්ච්චර ඉන්නවද? දැන් මේ හාමුදුරුවන්ට ඉන්නම බැරිනම් සිවුරු ඇරලා ගෙදර යන්න පුළුවන්. එත් අර ළමයින්ට කොච්චර ඇඩුවත් ඉස්කෝලෙ නොයා ඉන්න හරි වෙන දෙයක් ඉගෙනගන්න හරි අවසර තියෙනවද? උන්ව නීති වලින්ම බලහත්කාරයෙන් ඉස්කෝලෙට දාල 90%ක් දෙනාට අනාගතයේ කිසිම වැඩක් නොවෙන විෂයවල් ටිකක් බලෙන් උගන්නනවා. එතකොට ඒක ඔය මහ ලොකු "ළමා අයිතිවාසිකම්" කඩ කිරීමක් නෙවෙයිද?
තව එවුන් ටිකක් කියනවා බුදු හාමුදුරුවෝ කොහොම කිව්වත් පන්සල් වල බලෙන් මහණ කරනවලු. එහෙම කියන අය මහණ කරන පින්කමක් ජීවිතේට දැකල නැති ය. උන් හිතාගෙන එකත් ඉන්නේ ඉස්කෝලෙට බලෙන් ගෙනිහිල්ල පොතේ ලියල බාර දෙනවා වගේ වැඩක් කියල.
මම කියල තියන එකට උත්තරේ දීලා හිටපන් ඉස්කෝලේ උගන්නන දේවල් ගැන ඔහොම කියන්න කලින්
බිලවල් ඕනේ නෑ scientist වෙන එකෙක්ට .. උට ඒ උනාට ත්‍රිකෝණමිතිය ඕනේ නැද්ද ....

ත්‍රිකෝණමිතිය හරි බිලාවල් රාගය හරි කුකුල්ලු ඇති කරන රටවල ලැයිස්තුව හරි පාවිච්චි කරලා රස්සා කරන අය මේ ලෝකේ 1%ක් වත් ඉන්නවද? උන් ටික නිසා ඕවට කැමති, අකමැති, පුළුවන්, බැරි හැම ලමයටම ඕව බලහත්කාරයෙන් උගන්නන එක ඒ ළමයින්ට මානසික වදයක් නෙවෙයිද?
මහණ වෙනවද නැද්ද කියන එක ලොකු උනාම තෝරාගන්න කියල උඹ කියනවනම් ඔය එක එක මගුල් ඉගෙනගන්න ඉස්කෝලේ යනවද කියලත් ලොකු උනාම තෝරාගන්න පුළුවන්නේ. කොහොමද ඉස්කෝලෙට විතරක් හැම එකාම පොඩි කාලේ බලෙන් යවන එක හොඳ වෙලා කැමති ළමයි මහණ වෙන එක වැරදි වෙන්නේ?

මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.
දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.


ඔව් ඉන්නවා උබ කරන රස්සාව මොකක්ද කියල මම දන්නේ නෑ .. music කරන උන් ඕනේ තරම් ඉන්නව .. scientist ල engineers la , IT field එකේ අයත් ඉන්නව ඕනේ තරම් maths use කරන අනික උබට මොලයක් තියෙනවනේ තේරුම් ගන්න ඒ field දෙක ගැන විතරක් නෙමේ කරන ඕනෙම රස්සාවක් ඉස්කෝලේ උගන්නන විෂයකට අදාළ වෙන්ව කියල .. උබ රස්සාවක් කියපන් මම අදාළ වෙන්නේ මොන විශයෙන්ද උදව්වක් ලැබෙන්නේ මොන විශයෙන්ද කියල කියන්නම් ..
හැම එකක්ම උගන්නන ඕනේ තමන් දක්ෂ තමන් ආස මොකේටද කියල දැනගන්න නැත්තන් කොහොමද දැනගන්නේ තමන් දක්ෂ මොකේටද කියල .. කැමති අකැමති බැරි පුළුවන් මොනවද කියල දන්ගන්න් තමා මුලින් උගන්නනේ එක තමා මම කියන්නේ උබට එක තේරෙන් නැද්ද .. තමන්ට maths බෑ කියල තේරෙන්න maths කරන්න එපායේ නැතුව කොහොමද maths බෑ කියල දැනගන්නේ .. තමන්ට music බෑ කියල තේරෙන්න music කරන්න ඕනේ .. තමන්ට list anylise කරන්න ඒවා ගැන විස්තර හොයන්න බෑ කියල තේරෙන්න ඒවා කරන්න ඕනේ
එක තමා මම ඇහුවේ උබ 1 වසරට යනකොට උබට පුළුවන් මොනවද බැරි මොනවද කැමති මොනවද අකමැති මොනවද කියල උබ දැනගෙනද ගියේ කියල ..
එක දැනගන්න තමා යම් තාක් දුරට හැම විෂයක්ම උගනන්නේ ..
උබ කියන විදිහට පුළුවන් නං ලේසි තමා .. එතකොට පොඩි කාලේ ඉදලම අවශ්‍ය දේ විතරක් ඉගෙන ගන්න පුළුවන් .. එහම කොහොමද හොයාගන්නේ ? උබ ඉපදෙනකොට board එකක් ගහන ආවද මේ රස්සාව උබ කරන්න ඉන්නේ මට එකට අදාළ එක විතරක් උගන්නපන් කියල ..
මහන වෙනවද නැද්ද මොකක්ද කරන්නේ කියල ඉගෙන ගන්න තමා ඉස්කෝලේ යන්න ඕනේ .. ඉස්කෝලේ බුද්දාගම හෝ ආගම උගන්නනේ එකට තමා
මහන වෙන්නේ හෝ වෙනත් ආගමික දෙකට සම්බන්ද වෙන්නේ එකට ගැන තියන අවබෝදයෙන් නං ඒ ගැන ඉස්කෝලෙදි ඉගෙන ගන්න පුළුවන් .. ඊට පස්සේ මහන වෙන්න පුළුවන් අවශ්‍ය නං ..
තමන්ට පොඩි කාලෙම තේරිලා ඒ ගැන අවබෝදයෙන් මහන වෙන්වනං ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියල මම කියල තියනව .. එහෙම අය ගැන නෙමේ, කේන්දරේ පාලුයි හරි .. ගෙදර කන්න දෙන්න විදිහක් නැ හරි නිසා මහන කරන හෝ වෙනත් ආගමික ස්ථානයකට දෙන අය ගැනයි මම කියනේ
අනික මහන වෙන එකයි ඉස්කෝලේ යන එකයි සමාන කරන්න බෑ කියන්නේ ඇයි කියලත් මම කියල තියනව .. ඉස්කෝලේ ගියාට ළමයෙක් වශයෙන් අනිත් අය කරන දේවල් අතපසු වෙන්නේ නෑ
මහන වෙනවා කියන්නේ ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක් ..
ඇයි එහ්නන් මහන උන අය ඉගෙන ගන්නේ ? campus යන්නේ ? රස්සාවක් කරන්නද ඒවගෙන් ?
ඔය කියන රස්සා කරන අය ලෝකේ සෑහෙන ප්‍රතිශතයක් ඉන්නවා කියල හිතනවානම් උඹ ඉන්නේ හීන ලෝකෙක. ඔය විද්‍යාඥයෝ කියන අයනම් එක්කෙනෙක්වත් ලංකාවේ නෑ. අර කැම්පස් වල එක එකාගේ පොත් වල තියෙන දේවල් උගන්නන අයයි ගෙඩි ජාති වල රසායනික සංඝටක හොයන අයයි විද්‍යාඥයෝ කියල හිතාගෙන ඉන්නවනම් උඹට වැරදිලා. විද්‍යාඥයෝ කියන්නේ තමන්ගේම සංකල්ප හදන අයට. උඹ අහල තියෙනවද "ජයතිලක නියමය" හරි "සෝමපාල සමීකරණය" හරි වගේ නම් තියෙන එකක්වත්?
දැන් අවුරුදු 100ක් විතර තිස්සේ ලංකාවේ විද්‍යාව උගන්නලත් අපේ රටේ එක විද්යාඥක්වත් හැදිලා නෑ. ඕලෙවෙල් ලියන ළමයින්ගෙන් 43%ක් ම ගණන් පේල්. එහෙම වෙන්නේ ළමයින්ගේ අති බහුතරයක් ළඟ මේ විශයවල් වලට කැමත්තක්වත් ඇත්ත හැකියාවක්වත් නැති නිසා. එහෙම තියෙද්දිත් ඒවා අවුරුදු 11ක් ම ළමයින්ට බලෙන් උගන්නනවා. ළමයෙකුට ඕව පුළුවන් ද බැරි ද කැමති ද අකමැති ද කියල දැනගන්න අවුරුදු 11ක් උගන්නන්න ඕනෙද?
දැන් "ඉස්කෝලේ උගන්නන විෂයවල් තමයි මේ ලෝකේ ළමයින්ට ඉගෙනගන්න සුදුසු එකම දැනුම, ඒකෙන් පිට කිසිම වැදගත් දෙයක් නෑ" කියල තීරණය කරේ කවුද? ඉස්කෝලේ උගන්නනේ නැති දේවල් ළමයකුට ඉගෙනගන්න ඕනේ උනොත් ඒක කරන්න ඕනේ හවස හරි නිවාඩු දවස් වල හරි විතරයි කියල කියන්නේ මොන බලයක් පිටද? ඉස්කෝලේ උගන්නන දැනුම එච්චරටම "දේව භාෂිතයක්ද?"
ඉස්කෝලේ උගන්නන බුද්ධාගමට වඩා වෙලාව යොදල ඒක ඉගෙනගන්නයි එකට අදාළ පිළිවෙත් පුරන්නයි කැමති ළමයින්ට මහණ වෙන්න ඉඩ දෙන එක තමයි ළමා අයිතිවාසිකම් වලට ගරු කරනවානම් කරන්න තියෙන්නේ. එහෙම නැතුව "ඉස්කෝලේ උගන්නන විශයවල් සහ ඒවාට යොදන කාලය සර්ව සම්පූර්ණයි" කියල හැම ලමයටම ඉස්කෝලේ යන්න බල කරන එක නෙවෙයි.
කට්ටියකට මේක දැකල පොඩි හාමුදුරුවෝ ගැන හරියට අනුකම්පා හිතිලා. යකෝ බලාත්කාරයෙන් ඇදගෙන ගිහිල්ල මහණ කරන්නේ නෑ, කොහෙවත්. එකට ළමය කැමති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. උඹ දැකල තියෙනවද කොහේ හරි අඩ අඩ ඉන්න ළමයෙක්ව බලෙන් සිවුරක් පොරෝල මහන කරවනවා?
හැබැයි ළමයි ඕනේ තරම් අඩව අඩව බලහත්කාරයෙන් වේවැල් පාරවල් දිදී ඉස්කෝල වලට එක්ක යනවා. ඒවා උඹට පෙන්නේ නැද්ද? ඒවා ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් නෙවෙයිද? ඔය ඉස්කෝලේ උගන්නන දේවල් වලින් 5%ක්වත් ළමයින්ට ඇත්තට ප්‍රයෝජනයක් වෙන දේවල් නෙවෙයි. එත් බලෙන් අරන් ගිහින් වද දිදී උගන්නනවා. උඹ ළමයින්ට ආදරේනම් ඒවා ගැන කතා කරපන්.
මහණ වෙන එක කැමතිනම් කරන්න පුළුවන්, අකමැතිනම් නිකන් ඉන්න පුළුවන්. එත් ඉස්කෝලේ යන එක තමන්ගේ කැමැත්ත සහ හැකියාව අනුව තෝරාගන්න නිදහසක් තියෙනවද?
ඉස්කෝලේ ඇතුලට ගිහින් කොල්ලෝ එක්ක කයිවාරු ගහන්න තියෙන කැමැත්ත ගැන නෙවෙයි මේ කියන්නේ, ඉස්කෝලේ බලෙන් උගන්නන විෂයවල් වලට තියෙන කැමැත්ත ගැන. ඒවාට ඇත්තටම කැමැත්ත තියෙන්නේ ළමයි ඉතාම දෙනෙකුට විතරයි.
දැන් අවුරුදු 13ක් ඉස්කෝලේ යන්නේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්ද? බලෙන් උගන්නන ත්‍රිකෝණමිතිය, බිලාවල් රාගය, බාර්ලි වගා කරන රටවල් වල ලැයිස්තුව එහෙම මිනිස්සු 10%කගෙවත් අනාගතයට වැදගත් වෙනවද?


