මාකන්දාව රක්ෂිතයේ ගෙවුණු දවසක්...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth



    කවුද අර හැරමිටියක් අරගෙන ඉන්න වයසක ඩයල් එක....
    දැක්කම සමෘධිය දෙන්න හිතෙන තරම් අහිංසක පොර...


    දැනට ටික කලකට කලින් අපිත් සෙට් එකක් ගියා උඹ කියන ඔය පැත්තට.. තානායම ලඟින් ඇතුලට ගිහින් අපි නෑව.. ඔය කියන තැන් ගැන දැනුවත්වෙලා තිබ්බෙ නෑ...පාලම් පාරුව තියන තැන... නාල ගොඩට එද්දි අපිත් එක්ක ගිය එකෙක්ගෙ කකුල කැපුනා... ගමේ කෙනෙක් එක්ක බලද්දි, නාන්න එන එවුන් එතන තියාගෙන බීල හිස් බෝතලෙන් ගල්වලට ගහනවලු කුඩුවෙන්න... පතුල ගොඩාක් කැපිල තිබ්බා... ආතල් කැලේ...


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.​

    අඩෝ සිරාවට...පොර තමා අපේ කට්ටියගෙන් අහිංසකම ඩයල් එක. උඹ හරියටම කිව්වා.

    අපෝ බන් මම නම් කිතුල්ගල රෙස්ට් හවුස් එක ගාවින් නාන්න කැමතිම නැහැ. සෙනග සූ ගාලා.....එහෙම උනාම ටිකක් අවුල් මට නම්.
    එදා අපි ඉද්දිත් ඔය බීපු ඩයල් එකක් මහා පජාත වැඩක් කළා බන්.
    ඔතන පාරුවේ යන්න එක්කෙනෙක්ගෙන් රු 40 ගන්නවා.අපි 10 හිටියට අපි ගමේ මිනිස්සුන්ට මුලින් යන්න චාන්ස් එක දුන්නා.අපි කට්ටිය එගොඩ වුනේ 3 සැරයකට.
    ඔතන බීපු මනුස්සයෙක් පොරගේ පුතාව එක්කගෙන පාරුවේ මනුස්සයට රුපියල් 100 දීලා එතන හිටපු ගමේ ගෑනු කෙනෙකුටයි එයාගේ දුවටයි කිව්වා ඔයාලා පස්සේ එන්න, අපි පොඩි රවුමක් ගිහින් එන්නම් කියල.
    අඩෝ අර තොටියයි, ගෑනු කෙනයි පට්ටම අසරණ වීමක් උනේ....පස්සේ අපේ දෙන්නෙක් බැහැල අර ගෑනු දෙන්නට යන්න දුන්නා.
    මහා සක්කිලි බන්...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kuudalu pottaniya hadanna dannawada

    කුඩලු පොට්ටනි එක එක පැති වල එක එක විදිහට හදනවා....

    රෙදි කෑල්ලකට ලුණු කැටයි, දුන්කොල ටිකක් හොඳට පොඩියට කඩල දාලා පොට්ටනිය වගේ ගැට ගහල වතුරෙන් පොඩ්ඩක් පොඟවල ගත්තම සෑහෙන සාර්ථකයි.



    තව විදිහක් තියෙනවා මම ඒක මෙතන දාන්නම්....


    සටහන සහ ඡායාරුප කීර්ති හේවාගොඩ

    .."..කුඩලු පොට්ටනිය..."--

    අදට මාස දෙකකට පමන පෙර මවිසින් ලියන ලද අලගල්ල පර්වත කුටයේ කල සංචරාය පිළිබඳ සටහනක කුඩැල්ලන්ගෙන් බේරිීමට භාවිතා කරන ලද කුඩළු පොට්ටනිය නම් පිළියම ගැන සඳහනක් කලෙමි... එය සදා ගන්නා ආකාරය ගැන මා හිත මිතුරන් බොහෝ දෙනෙකු අසා එවා තිබුණද විස්තරයක් කිරීමට තරම් කාලයක් එවකට මට නොතිබුනි,,,...

    මේ කුඩලු පොට්ටනිය ද‍්‍රව්‍යමය ලෙස තනා ගන්නා ආකාරය සටහන් කිරිමට පෙර අපි වනාන්තරයක් සංචාරයේදී අනුගමනය කල යුතු පිලිවෙත් සහ ප‍්‍රතිපත්තිමය කරුණු ගැන සුළු සටහනක් තැබිය යුතුමය... සම්ප‍්‍රදායික සිංහළුන් වශයෙන් අප යම් වනාන්තරයක් තුලට ඇතුලුවිමක් කරන්නේ "වන අරණ" යන සංකල්පය පෙරදැරි කරගෙනය... සරලව කිවොත් එනම් ඒම වනාන්තරයේ ගහ කොල සතා සිවුපාවා ගැන සහ ඒ වනය හා බැඳි ඇති සංස්කෘතික ඇදහිලි සහ විශ්වාස වලට ගරු සරුවක් තබා ගෙනය.. වනය අවට වෙසෙන මුල් වැසියන් පවා කිතුලක් මැදීමට වේවැලක් කපා ගැනීමට හෝ දඩයමක් කිරිමට කැලයට යන විට ඒම ආකල්පය ඇතුවයි යන්නේ ඒක ඔවුන්ගේ වැඩිහිටියන් විසින් කුඩා කල ඉඳලා ඔවුනට පුරුදු කරපු දෙයක්... කොහොම වුනත් මම මේ වත් පිළිවෙත් ගැන පසුව ලියන්නම්

    කුඩලු පොට්ටනිය හදන්න අවශ්‍ය කලමනා නම් දෙහි ගෙඩි, අමු දුම්කොලයක්, දිය හණුු සහ පරණ වුවත් පරිසිදු රෙදි කැබැල්ලක්... මේ ද‍්‍රව්‍ය ඉඳුල් නොවෙන සේ ගෙන යා යුතුයි....ඒ කිව්වේ මෙිවා මස් මාංස හෝ මත් පැන් වල ගෑවීය යුතු නැහැ... ඒක නිකං මිත්‍යාදෘෂ්ඨික වගේ පෙනුනට එයට හේතු සාධක වන රාසායන විද්‍යා කරණු කීපයක් තියෙනවා...

    මේ කලමනා ටික තැලෙන්නේ නැතිව සහ තෙත් කරන්නේ හෝ රස්නයට හසු නොවන පරිදි තමා සංචාරයට යන වන අඩවියේ මායිම දක්වා ගෙන යා යුතුයි- මායිමට කලින් වාඩියක වුනත් කමක් නැහැ නමුත් වැදගත් මේක හදන්න ඔ්න නැවුම්ව සංචාරය කරන්න පටන් ගන්න කොට තමයි... මොකද කලින් හදලා තියා ගත්තොත් ලැබෙන ප‍්‍රතිඵල සාර්ණක නැහැ.

    දැන් හොඳ පිරිසිදු ගලක් ගාවට මේ ටික ගෙනැල්ලා දෙහි ගෙඩිය වෙන් නොවෙන සේ පළු හතරට කපන්න. ඊට පසුව හුණු සහ දුම්කොලේ අවශ්‍ය ප‍්‍රමාණයට ගෙන ගල උඩ තියලා තව ගලකින් උරච්චි කරන්න. දැන් කලින් ඉරාගෙක සිටි පරණ රෙදි කෑල්ලේ මැදට දෙහි ගෙඩිය තයලා වටේට අර හුණු දුමකොල පාප්පය දවටන්න මිරිකන්නේ නැතුව.. තමාගේ අල්ල පමණ ප‍්‍රමානයට පොට්ටනිය සකසා ගන්න...පොට්නිය ලිහෙන්නේ නැතිවෙන්න හොඳට ගැට ගහ ගන්න පට්ටාවක් අරගෙන...

    දැන් කෑලේට ඇතලු වෙන්න කලියෙන් ඒ අඩවි බාර දෙවිවරුන්ට පිළිවෙත් කරලා පඩුරු අවශ්‍ය නම් දාලා පොඩි අතු කැබැල්ලක් කඩලා ඒල්ලලා කැලයට සන්සුන් සිතින් ඇතුළු වන්න.. සිංහරාඡු, සමනල, දුම්බර හෝ කතරගම වගේ අඩවි වලට යනවා නම් පඩුරු ගැට ගැසිම අවශ්‍යයි.... ඌරු මස් "අඩවි" තුලට කුමන ආකාරයකින් වත් ගෙනි යන්න එපා...

    කැලයට ඇතුලු වෙන කොට පොට්ටනිය ගෙන ටිකක් මිරිකා කකුල් වල ගා ගන්න.... පොට්ටනිය මිරිකුවාම සුදු කහට ස‍්‍රෘවයක් ඒවි... ඒක කුඩැල්ලන්ට නයි විසයි...මොකද ද‍්‍රව විසරණය සහ පටක හානාය මගින් කුඩැල්ලාව වියලා මරා දමන බැවින්... අපි හැමොම දන්නවා කුඩැල්ලා ඒල්ලිලා කෑවට පස්සේ ගලවන්න අමාරුයි ගැලවුවත් ගලවපු තෑනින් ටික වේලාවක් යනකන් රුධිරය වහනය වෙනවා- මේක කරදර කාරි දෙයක්... ඒ වගේ වේලාවෙ ඒල්ලි ඉන්න කුඩැල්ලගේ ඇගට පොට්ටනිය තද කරන්න එතකොට ඌ මැරිලා වැටෙනවා පටක විඡුලනය නිසා සහ විසට....*තුවාලය මතත් පොට්ටනිය තියාගෙන විනාඩියක් වගේ ඉන්න- ලේ නවතිනවා...**

    ගොඩක් ගැඹුරට වනය තුල ගවේශණය කරනවා නම් මේ වගේ පොට්ටනි කීපයක් ගෙනි යන්න... මේ පොට්නි කැම බීම මල මුත‍්‍ර වලින් කිලිටි නොවෙන සේ තබා ගන්න... පුවක් කොලපු මල්ලක දා ගෙන යාම සුදුසුයි... දිය පාරවල් වැස්සට එහෙම තෙමෙන්නේ නැති වෙන්න

    මේවා ඔය සමහර අළුත් පරපුරේ නාගරික පොයියන්ට දිරවන්නේ නැති වෙන්න පුළුවන්.... හැබැයි ඉතිං ඔය ඒ අය කැලේ යනවා කියලා කරන්නේ හදේ යනවා වගේ මළු එල්ලන් කැලේ අඩි පාර වල ඇවිදලා ඒන එක නේ... ඒත් සති ගනන් කැලේ බැහැලා කන්න නැති වෙලාවට ගස් පොතු අස්සේ ඉන්න පණුවොත් කාලා, ගිරි දුර්ග වගුරු දිගේ බඩ ගලා මලපෙරේතයෙක් වත් නොයන තැන් වල ගිය අත්දැකිමෙනුයි මේක ලීවේ.. මෙයින් ඉගෙන ගන්න අවශ්‍ය දෙයක් තියේ නම් ඉගෙන ගනිල්ලා... සංවාද අපිට අදාල නැහැ සංවාද කරලා අපිට පුරුදුත් නැහැ... වැඩ පමනය..

    සතුටෙන් සැහැල්ලුවෙන් සහ සැලකීමෙන් අඩවි වල සැරි සරන්න... බොලාලා සොබා සහමට හරියට සැලකුවොත් සොබා දහමත් බොලාට හරියට සලකාවි... තෙරුවන් සරණයි.....



    xGrmSmY.jpg



    https://www.facebook.com/photo.php?fbid=10153797099762162&set=a.10152931727082162&type=3&theater
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    අඩෝ සිරාවට...පොර තමා අපේ කට්ටියගෙන් අහිංසකම ඩයල් එක. උඹ හරියටම කිව්වා.

    අපෝ බන් මම නම් කිතුල්ගල රෙස්ට් හවුස් එක ගාවින් නාන්න කැමතිම නැහැ. සෙනග සූ ගාලා.....එහෙම උනාම ටිකක් අවුල් මට නම්.
    එදා අපි ඉද්දිත් ඔය බීපු ඩයල් එකක් මහා පජාත වැඩක් කළා බන්.
    ඔතන පාරුවේ යන්න එක්කෙනෙක්ගෙන් රු 40 ගන්නවා.අපි 10 හිටියට අපි ගමේ මිනිස්සුන්ට මුලින් යන්න චාන්ස් එක දුන්නා.අපි කට්ටිය එගොඩ වුනේ 3 සැරයකට.
    ඔතන බීපු මනුස්සයෙක් පොරගේ පුතාව එක්කගෙන පාරුවේ මනුස්සයට රුපියල් 100 දීලා එතන හිටපු ගමේ ගෑනු කෙනෙකුටයි එයාගේ දුවටයි කිව්වා ඔයාලා පස්සේ එන්න, අපි පොඩි රවුමක් ගිහින් එන්නම් කියල.
    අඩෝ අර තොටියයි, ගෑනු කෙනයි පට්ටම අසරණ වීමක් උනේ....පස්සේ අපේ දෙන්නෙක් බැහැල අර ගෑනු දෙන්නට යන්න දුන්නා.
    මහා සක්කිලි බන්...

    අපෝ ඒ වගෙ එවුන් ඕනතරම් ඉන්නව.. උන්ට කිසිම ගානක් නෑ ඒවගේ දේවල් වලින් අනිත් අය අපහසුතාවට පත්වෙනව නේද කියලා...බස් එකකට නගිද්දි වුනත් බඩ දරු අම්මල වයසක අය පෙරලගෙන පොරකන අය කොච්චර ඉන්නවද... පාරුවේ මනුස්සයටත් කියන්න තිබ්බෙ මෙයාල දාල ඇවිත් යමු කියලා. ලොකු බෑග් හදාගෙන එන කොම්පියුටර්, ටීවී වගේ ඒවත් ගෙනියනව නේද... ඒකෙ..

    අපිත් එතන නෑවෙ බයටමයි ලොකු අවබෝධයක් තිබ්බෙ නෑ කිතුල්ගල ගැන, අනික පොඩි එකෙකුත් ගියා අපි එක්ක අවු 06ක විතර, ඒකට ඕන ගොඩ නාන්න.. කොහොමහරි කරමල් හැදෙනකම්ම වතුරෙ හිටියා. ඒ දවස්වල ගොඩාක්ම සෙනග නෑ.. කොල්ලො සෙට් එක ශේප් එකේ ඈතට ගියා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth



    පට්ට ට්‍රිප් එක....


    :cool::cool: එල ඩෝඩෝ

    patta

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.


    Denata BUMP machan...

    Patta hode mcn TKS




    Thanks All.....:love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    apit next week yanna hdanne machan.. kochchara awidinna tiyanawada? contact no 1k nedda?

    ඇතුලේ එක එක ඩෙස්ටිනේෂන් වලට ට්‍රේල් තියෙනවා...කොහොමත් කිලෝමීටර් 3,4 සම්පුර්ණ දුරක් තියෙනවා. කැමති එව්වා ස්කිප් කරන්න පුළුවන්....

    contact එකක් නම් නැහැ බන්.....එහෙම ලෝකේ සීන් එකක් නැහැ. ටිකට් අරගෙන ඇතුලට යන්න තියෙන්නේ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපෝ ඒ වගෙ එවුන් ඕනතරම් ඉන්නව.. උන්ට කිසිම ගානක් නෑ ඒවගේ දේවල් වලින් අනිත් අය අපහසුතාවට පත්වෙනව නේද කියලා...බස් එකකට නගිද්දි වුනත් බඩ දරු අම්මල වයසක අය පෙරලගෙන පොරකන අය කොච්චර ඉන්නවද... පාරුවේ මනුස්සයටත් කියන්න තිබ්බෙ මෙයාල දාල ඇවිත් යමු කියලා. ලොකු බෑග් හදාගෙන එන කොම්පියුටර්, ටීවී වගේ ඒවත් ගෙනියනව නේද... ඒකෙ..

    අපිත් එතන නෑවෙ බයටමයි ලොකු අවබෝධයක් තිබ්බෙ නෑ කිතුල්ගල ගැන, අනික පොඩි එකෙකුත් ගියා අපි එක්ක අවු 06ක විතර, ඒකට ඕන ගොඩ නාන්න.. කොහොමහරි කරමල් හැදෙනකම්ම වතුරෙ හිටියා. ඒ දවස්වල ගොඩාක්ම සෙනග නෑ.. කොල්ලො සෙට් එක ශේප් එකේ ඈතට ගියා...

    පාලම හදල තියෙන්නේ ටවුන් එකෙන් කිලෝමීටර් 3 විතර උඩින්.ඒක හෙන වටයක්. ගමේ මිනිස්සුන්ට ලේසිම පාරුවෙන් ගඟෙන් එගොඩ වෙන එක...

    ඔව් බන් මිනිස්සු ඔක්කොම බඩුමුට්ටු කරගහගෙන යන්නේ....