මෙහෙමයි ඉතිං මෙලොරහක් නැතිව නිකන් තියෙන එකෙක් වැඩක් ගන්න දන්න එවුන්ට දීලා බදු වශයෙන් හරි අපිට ලාභයක් එන එක හොඳයි නෙ. ඊට පස්සෙ ඔය වරායෙ නැව් එද්දි මන් කිව්වෙ අර සමාගමෙන් ගත්තායින් පස්සෙ උන් හරියට කළොත් වරායෙ නැව් එද්දි වරාය විකුණාලා ගත්තා වගෙ කීප ගුණයක ලාභයක් එන ව්‍යාපෘති වලට දොර ඇරෙවි. උඹලාට කියන්න ඔනෙ නැහැ නේ කොළඹ අද තියෙන තත්වෙට ෆොර්ම් වීමට බලපාපු ප්‍රධානම සාධකෙ තමා කොළඹ වරාය. ඉස්සර රජකාලෙ කොළඹ ගැන එච්චරම ඇහැන්නෙ නැහැ නේ ?? සිංගප්පූරුව ඔය තත්වෙට එන්න ප්‍රධානම හෙතුව එහි පිහිටීම .එම පිහිටීමට වටිනාකම හම්බ වෙන්නෙ වරායෙන්. ඉතිං කොහාර හරි ප්‍රයොජනයක් ගන්න පුළුවන් එවුන්ට විකුණලා වරාය බිසී වෙද්දි නිකන්ම හම්බන්තොට නැගලා යාවි. ඊට පස්සෙ අර හම්බන්තොට හදලා තිබ්බ ප්‍රයොජනයක් නැති එව්වායෙ ප්‍රයොජනෙ නිකන්ම එවි.



