මාතර~කෝච්චියෙන්~අතීතයට

May 18, 2010
6,978
210
0
Los Angeles
පොඩි කාලේ ඉස්කෝලේ දිග නිවාඩුවක් එනකං බලන් ඉන්නේ කෝච්චියෙන් මාතර යන්න. ඇත්තටම ඒ ගමන මතක් වෙනකොට තවමත් ආසයි. මගේ අම්මා ගුරුවරියක්. එයාට හම්බවෙන දෙවන පන්තියේ වොරන්ට් එකෙන් මමයි, අම්මයි, තාත්තයි, නංගීයි මාතර යන්නේ. ඒ දවස්වල මරදානෙන් උදේ කෝච්චිය තියෙන්නේ 6:35ට. ඒක කොළඹ කොටුවෙන් 7.05ට පිටත් වෙනවා. අපි කෝච්චියට ගොඩ වෙන්නේ මරදානෙන්. පාසල් නිවාඩු කාලය නිසා සෙනග ගොඩාක් වැඩියි. මරදානෙන් ගොඩ උනාම සීට් එකක් අල්ලගන්න ලේසි වෙනවා. කොහොම හරි මේ කෝච්චිය 10:15 වගේ වෙනකොට ගාල්ලට ලඟාවෙනවා. ගාල්ලෙන් ගොඩක් අය දුම්රියෙන් බහිනවා. මාතරට යන්න ඉතුරු වෙන්නේ බොහෝම සුළු පිරිසක් විතරයි. ඒ දවස් වලත් මම ඉස්සේ වඩේ කන්න හරිම පෙරේතයි. කොහොම හරි තාත්තාට චාටුවක් දාලා ගාල්ලෙන් කෝච්චියට ගොඩ වෙන වඩේකාරයෙකුගෙන් ඉස්සෝ වඩේත් අරගන්නවා. ඒ ලඟ ප්ලෑන් එක තමයි ගාල්ලේ ඉඳලා මාතරට යනකං කෝච්චියේ ෆුට් බෝර්ඩ් එකේ යන එක. ගාල්ලෙන් කෝච්චිය අදිනකන් ඉඳලා ශේප් එකේ ෆුට් බෝර්ඩ් එකට මාරු වෙනවා. ඒ දවස් වල පොඩි නිසා අම්මා දැක්කොත් බැනුම් හොඳ එක. ඒ නිසා මම යන්නේ අම්මලා වාඩි වෙලා ඉන්න පැත්තට විරුද්ධ දිශාවේ ෆුට් බෝර්ඩ් එකට.
ගාල්ලේ ඉඳලා මාතරට යනකං කෝච්චිය මන්දගාමී වෙනවා. හැම ඉස්ටේසමකම නවත්තනවා.
ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා.
:(:(:(

මේ සියළුම මතකයන් හිතේ තියාගෙන පහුගිය දවසක ආයෙත් මම කෝච්චියෙන් මාතර ගියා. ගියේ තනියම. (දැන් අහන්න එපා කෝ වයිෆ් කියලා.;) වෙඩින් එකට හරියටම සතියකට කලින් ගියේ)

මම කෝච්චියට ගොඩඋනේ කොටුවෙන්.
302093_10150343645581418_603146417_9898333_3368163_n.jpg


මාතරට ටිකට් අරගෙන ප්ලැට්ෆෝම් එකට ගියත් කෝච්චිය ඇවිල්ලා තිබුනේ නෑ. වටපිට බලනකොට නුවර ICE එක ඇවිල්ලා. මගේ මල්ල පුටුවක් උඩින් තියලා ගියා ඒ පැත්තට පින්තූර ටිකක් අරන් එන්න.
295929_10150343645081418_603146417_9898323_7215625_n.jpg


M6 පවුලේ හැඩකාරයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි ICE එක නුවර ඇදගෙන යන්න ලෑස්ති වෙන්නේ.
317118_10150343645426418_603146417_9898331_2487281_n.jpg


319398_10150343644941418_603146417_9898319_5004984_n.jpg


සෙනඟ ලහි ලහියේ ලස්සන ගමනකට ලෑස්ති වෙනවා. ඉරිදා දවස නිසා ICE එකට සෙනඟ වැඩියි.
306826_10150343645356418_603146417_9898329_3392632_n.jpg


310075_10150343645011418_603146417_9898321_6544390_n.jpg


ICE එකේ රියදුරු මහතා එක්ක පොඩි කතාවක් දාගෙන ඉන්නකොට මාතර කෝච්චිය ඈතින් එනවා.
303902_10150343644866418_603146417_9898318_5014122_n.jpg



ඒ රියදුරු මහතාට ස්තූති කරපු මම මාතර කෝච්චිය නවත්තලා තිබුන ප්ලැට් ෆෝම් එකට එන්න හදනකොටම S9 - 851 පානදුරේ ය්න්න ලෑස්ති වෙනවා.
314064_10150343644806418_603146417_9898317_4786416_n.jpg


ඒකෙත් පින්තූරයක් අරගෙන මම අපේ ප්ලැට්ෆෝම් එකට ගොඩ උනා.
මේ තියෙන්නේ මාතර කෝච්චිය.
313080_10150343645801418_603146417_9898337_5967937_n.jpg


අපේ කෝච්චියේ ඇංජිම M2 පවුලේ 629 ඇන්ජිම.
311873_10150343652806418_603146417_9898495_7532599_n.jpg


ටොන් 79ක් බර මේ දැවැන්තයාගේ බලය අශ්වබල 1425ක්.
307736_10150343645941418_603146417_9898342_2235478_n.jpg


ගාල්ල ඇංජිමෙන් මාතර යන්නයි මම හදන්නේ.
318602_10150343645876418_603146417_9898340_3759235_n.jpg


ඔන්න අපි පිටත් උනා. 6:55 ට තමයි කෝච්චිය කොටුවෙන් පිටත් වෙන්නේ.
හැමදාම වගේ ඇංජිම ගාවම පෙට්ටියට මම ගොඩ උනා.
299549_10150343646026418_603146417_9898344_2081247_n.jpg


301118_10150343646106418_603146417_9898347_5325850_n.jpg


මොරටුව තමයි මුල්ම නැවතුම්පල.
316603_10150343646171418_603146417_9898348_6843992_n.jpg


මොරටුවෙන් පිටත් වෙන්න අවසරය.
319656_10150343646236418_603146417_9898349_6612601_n.jpg


නැවත ගමනේ.
301920_10150343646311418_603146417_9898351_3708098_n.jpg


ඊලඟ නැවතුම පානදුර.
316070_10150343646451418_603146417_9898354_1982195_n.jpg


ඒ අතරේ ඩයල් එකක් ඇංජිම උස්සන්න ලෑස්ති වෙනවා...
306343_10150343646486418_603146417_9898356_4780432_n.jpg


නැවත ගමනේ.
300181_10150343646641418_603146417_9898358_2792783_n.jpg


උතුරු කළුතර.
316357_10150343646681418_603146417_9898359_363472_n.jpg


300978_10150343646731418_603146417_9898360_4487035_n.jpg


උතුරු කළුතරින් පිටත්වෙන්න සූදානම්.
305809_10150343646806418_603146417_9898362_5378200_n.jpg


ඊලඟ නැවතුම දකුණු කළුතර දුම්රිය ස්ථානය. පොඩිකාලෙත් ඈතින් කළුතර චෛත්‍ය පේනකොට ඒ දිහා බලන් ඉන්න හරිම ආසයි. බෝධිය ගාවින් යනකොට අම්මා මගේ අත් දෙක එකතු කරවලා බෝධියට වන්දවනවා අද වගේ මට මතකයි.
307740_10150343646871418_603146417_9898363_2339903_n.jpg


පාලම මතින්.
292755_10150343646911418_603146417_9898364_3144943_n.jpg


306079_10150343646971418_603146417_9898365_4943081_n.jpg


318641_10150343647046418_603146417_9898367_4648994_n.jpg


306108_10150343647111418_603146417_9898368_1005929_n.jpg


පාලමට ඇතුල් වීම සම්පූර්ණයෙන් තහනම් උනත් පාලම කෙරවල පෙම්වතුන්ගේ පාරාදීසයක්. (පින්තූර කපා දමන ලදී)
293988_10150343647316418_603146417_9898371_5573600_n.jpg


කළුතර බෝධිරාජයානන් වහන්සේ.
299916_10150343647201418_603146417_9898369_2462156_n.jpg


321411_10150343647381418_603146417_9898372_6510995_n.jpg


ඔබ මේ පිවිසෙන්නේ දකුණු කළුතර දුම්රිය ස්ථානය වෙතටයි.
305443_10150343647596418_603146417_9898377_2999772_n.jpg


දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් තමයි උදේ මාතර කෝච්චියට, මාතර ඉඳලා එන රුහුණු කුමාරී හම්බ වෙන්නේ. රුහුණු කුමාරී ගැන කතා කරපු නිසා පොඩි දෙයක් කියන්නම්. ඉස්සර රුහුණු කුමාරි දුම්රියයි අද රුහුණු කුමාරී දුම්රියයි අතර සෑහෙන වෙනස් කම් තියනවා. ඉස්සර රුහුණු කුමාරී කියන්නේ M4 ඇංජිමක් එක්ක කොළඹ ආපූ තේජවන්ත කෝච්චියක්. අද වෙනකොට මේ තේජවන්ත දුම්රිය S11 කුණු ගොඩක් බවට පත්වෙලා තියෙනවා. මේ මාතෘකාව ගැන වෙනම කතා කලයුතුයි.

රුහුණු කුමාරී දකුණු කළුතරට.
297975_10150343647736418_603146417_9898379_6746490_n.jpg


310806_10150343647936418_603146417_9898382_5614619_n.jpg


රුහුණ කොළඹ ආවා. අපි දැන් කළුතරින් පිටත් වෙන්නයි හදන්නේ.
299678_10150343647986418_603146417_9898383_4713749_n.jpg


මීටර කීපයක් ඉදිරියට යනකොට ඔන්න තියනවා M7 එකක්. M7 - 811 ඇන්ජිම.
317611_10150343648056418_603146417_9898385_6453666_n.jpg


කලිනුත් මම කියලා ඇති. දුම්රිය සේවයේ හැඩකාරම ඇංජිම.
295957_10150343648116418_603146417_9898386_2233336_n.jpg


ඊලඟ නැවතුම අළුත්ගම දුම්රිය ස්ථානය. බස්නාහිර පලාතේ අවසන් දුම්රිය ස්ථානය.
300227_10150343648346418_603146417_9898389_7872076_n.jpg


314154_10150343648456418_603146417_9898393_7092955_n.jpg


අපේ දුම්රියේ රියදුරු මහතා ඉතාමත් කාරුණික අයෙක්. කොටුව දුම්රිය ස්ථානයේදීම මා හා සංවාදයකට පැටලුනු එතුමා ඔහුගේ රැකියාවේ රසමුසු තැන් වගේම බරපතලකමත් ගැන අපුරූ කතා කීපයක් පැවසුවා.
310041_10150343648386418_603146417_9898390_4618264_n.jpg


අපි අළුත්ගමින් පිටත් උනා.
298663_10150343648551418_603146417_9898395_4676051_n.jpg


බෙන්තර ගඟ පාලම මතට දුම්රිය. බෙන්තර ගඟ කියන්නේ අපේ ලංකාවේ දකුණු පලාතත්, බස්නාහිර පලාතත් වෙන්කරන පලාත් මායිම.
314718_10150343648616418_603146417_9898396_36907_n.jpg


බෙන්තර ගඟ උඩදී අපූරු ජායාරූපයක් මගේ කැමරාවේ සටහන් උනා.
303502_10150343644556418_603146417_9898312_3208602_n.jpg


ඔන්න අපි දකුණු පලාතේ.
300859_10150343648691418_603146417_9898399_3409128_n.jpg


වේගයෙන් ඉදිරියට.
305408_10150343648906418_603146417_9898406_4160409_n.jpg


සුපුරුදු ආසනය. කෝච්චියේ දොරකොඩ. අඩු කඩියා විතරයි.
309888_10150343648971418_603146417_9898408_6342678_n.jpg


ඉඳුරුව.
314269_10150343649121418_603146417_9898410_20533_n.jpg


311115_10150343649461418_603146417_9898416_8174777_n.jpg


ඉදූරිවේදී තවත් කෝච්චියකට ඉඩ දෙන්න අපිට සිද්ධ උනා. ඔන්න එනවා 591.
306249_10150343649891418_603146417_9898423_3417472_n.jpg


309474_10150343649951418_603146417_9898424_7187026_n.jpg


නැවතත් අපේ පුරුදු ට්‍රැක් එකට.
294348_10150343650246418_603146417_9898432_3739600_n.jpg


අඳාදොල
316562_10150343650476418_603146417_9898439_3605210_n.jpg


308261_10150343650536418_603146417_9898441_4499396_n.jpg


කන්දේගොඩ.
316041_10150343650681418_603146417_9898445_619280_n.jpg


අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට පිවිසෙන දුම්රිය.
294037_10150343650711418_603146417_9898446_3359872_n.jpg


313342_10150343650786418_603146417_9898448_6416879_n.jpg


හැමදාමත් වගේ අදත් අම්බලන්ගොඩට මීකිරි ඇවිල්ලා. මේ මීකිරි දවස ගානේ අම්බලන්ගොඩට උදේ කෝච්චියේ එනවා. සුනාමි ව්‍යවසනය වෙලාවේ සුදුවෙච්ච බිහිසුනු දුම්රිය අනතුරත්, එදා ප්‍රවාහනය කළ මීකිරිත් මට ඒවෙලාවේ මතක් උනා. ඒ අනතුරෙන් මට නැතිවෙච්ච මගේ පොඩි පුංචිව ඒ වෙලේ මතක් උනා.
:sorry::sorry::sorry:

291769_10150343650851418_603146417_9898450_3991828_n.jpg


නැවත ගමනේ.
294388_10150343651076418_603146417_9898455_6206467_n.jpg


කහව.
310816_10150343651166418_603146417_9898456_5896203_n.jpg


සුනාමිය වෙනුවෙන් ඉදි වෙච්ච දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ.
314235_10150343651216418_603146417_9898458_7296826_n.jpg


සීනිගම
297218_10150343651301418_603146417_9898460_190950_n.jpg


හික්කඩුවට අපි ලඟා උනා.
294210_10150343651416418_603146417_9898463_6134881_n.jpg


හික්කඩුවෙන් ආයේ ගමනේ.
308917_10150343651481418_603146417_9898465_2355800_n.jpg


308124_10150343651541418_603146417_9898468_5313960_n.jpg


දොඩන්දූව.
300117_10150343651586418_603146417_9898469_2607945_n.jpg


අලුත්වැඩියා කෙරෙන මුහුදුබඩ මාර්ගය.
312241_10150343651686418_603146417_9898471_6391412_n.jpg


295860_10150343651841418_603146417_9898475_198731_n.jpg


ගිංතොට.
318945_10150343651906418_603146417_9898476_2994597_n.jpg


294675_10150343652071418_603146417_9898478_5061108_n.jpg


317463_10150343652206418_603146417_9898480_4585657_n.jpg


ගාල්ලට කිට්ටුයි.
297126_10150343652296418_603146417_9898481_918951_n.jpg


පියදිගම.
310320_10150343652356418_603146417_9898484_1089770_n.jpg


රිච්මන්ඩ්කන්ද
294144_10150343652506418_603146417_9898487_4217124_n.jpg


294779_10150343652571418_603146417_9898488_3471010_n.jpg


ගාල්ල දුම්රියපොලට පිවිසෙන්නයි සූදානම.
298233_10150343652646418_603146417_9898489_2251492_n.jpg

nice nice
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අතීත සොඳුරු මතකයන් හා වර්ථමාන තත්වයන් අනුව අපූරු සංචාරයක් කරල තියන බවනම් පේනව. අපිටත් ඒ සංචාරයේ රස මිහිර විදගන්න මහන්සිවෙලා ත්‍රේඩ් එක දැම්මට බොහොමත් ම ස්තුතියි. ලස්සන පින්තූර වගයක් දැකගන්න ලැබුණ. ඒ වගේ ම හොඳ විස්තරයක් දැනගත්ත.

    Thanks Bro! සිරාවටම කොච්චර මම මාතර ගිහින් ඇතිද කෝච්චියේ. මේ ගියපු tour එක මට මාර විදියට හිතට ඇල්ලුවා.

    ohh maarai ne :)..mama mathara town eke idan poddak yanna ona ban 4km wage ehata...( Thalpawila )

    ආච්චිලා ඉන්නේ අකුරැස්ස පාරේ. මාලිම්බඩ. ආපු වෙලාවක පුළුවන් උනොත් සෙට් වෙමු. :yes:


    ;)

    14.gif
    මගේ අම්මගෙ ගම මාතර..අප්පච්චි නුවර...අපිත් නුවර ඉඳං මාතර යන්නේ පාන්දර කෝච්චියේ...නියම ත්‍රෙඩ් එක මචන්....:P

    එල එල ;)

    passe balanna oni machan.. thanks a lot... :yes::yes:

    එල එල. බිසි වගේ උඹ.


    අපේ ගෙවල් ලඟ
    :D

    උඹත් එහෙද? සෙට් වෙමු දවසක.

    niyamae machan thank you

    එල එල
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මමත් ආසම ගමනක් තමයි කෝච්චියෙන් මාතර යන එක. ඒත් දැන් අවුරුදු ගානකින් ගියේ නැහැ. දැන් සෑහෙන්න වෙනස් වෙලා වගේ. :(
    ඉස්සර අපේ ඉස්කෝලෙට බක්කි කරත්තෙන් ළමයි එනවා මටත් තාම මතකයි. ඒත් අපි ඉන්න කාලෙමයි බක්කි කරත්ත නැතුව යන්න පටන් ගත්තෙ.කොහොමහරි අපි 9 වසරට වගේ එද්දී එක බක්කි කරත්තයක් වත් නෑ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මට සිරි එල ට්‍රිප් එක
    කලුතරිනුත් ගිහිල්ලතියෙන්නෙ....
    කිව්වනම් මටත් කලුතරින් සෙට් වෙන්න තිබුන
    :D ++

    එක තමයි, වෙලාසනින් දැන්ගත්තනම් මටත් සෙට් වෙන්න තිබ්බා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු 11 ට පස්සේ කෝච්චියෙන් ආයෙමත් මාතරට එක්ක ගියාට ගොඩාක් පින් මචන්.:yes:
    නුවරින් උදේ 5.30 කොචිචියේ තමයි එදා ගියේ.ගාල්ලෙන් බහිනකොට දවල් 12.
    මට ආයේමත් ආසයි එහෙම යන්න.:D
    උඹ මාතරින් බහිනකොට කීයද මචන්.ආපහු නුවර කොච්චියේ එන්න වෙලා තියෙනවද?
    :confused:
    රෙප් දෙන්න බෑලු:(


    චමියා...මම ගියපු ට්‍රේන් එකම තමයි ආයේ මාතර ඉඳලා මහනුවර යන්නේ. ඒක මාතරින් පිටත් වෙන්නේ 1:10ta. 5:30 වගේ වෙනකොට කොටුවට එනවා. කොටුවෙන් ආයේ 5:45ට.
    අපේ සෙට් එක නම් එක පාරක් ගියා ආච්චිලගේ ගෙදර. ඒත් නැවතිලා හිටියේ නෑ. දානයක් වෙලේ ගිහින් කාලා ආවා.:P
    තව දවසක යමු නැවතිලා දවසක් ඉඳලා එන්න.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nice post ..............

    තෑන්ක්ස්

    Mr.Perera ge wadanam itin supiri thama..

    api owage ekak kerenna giyoth itin anagannawa..

    ස්තුතියි යාළුවා. ට්‍රයි එක් දාලා බලන්න. ත්‍රෙඩ් එකක් හොඳින් පෝස්ට් කරගන්න පුළුවන් වෙයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nice nice

    හලෝ මිට්ටියෝ....... ගොඩ දවසකින් දැක්කේ. මම ඔන්ලයිනි හිටියේ නැති නිසාද කොහෙදෝ....:P

    eLA ELA AAA.... Hemadama train eke yana apitawath nethi visthara ubata lebenawa ne...

    හි හි. ඒ මොනාද බං ඒ?:nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක තමයි, වෙලාසනින් දැන්ගත්තනම් මටත් සෙට් වෙන්න තිබ්බා

    උඹ කොහෙද මචං ඉන්නේ?

    මමත් ආසම ගමනක් තමයි කෝච්චියෙන් මාතර යන එක. ඒත් දැන් අවුරුදු ගානකින් ගියේ නැහැ. දැන් සෑහෙන්න වෙනස් වෙලා වගේ. :(
    ඉස්සර අපේ ඉස්කෝලෙට බක්කි කරත්තෙන් ළමයි එනවා මටත් තාම මතකයි. ඒත් අපි ඉන්න කාලෙමයි බක්කි කරත්ත නැතුව යන්න පටන් ගත්තෙ.කොහොමහරි අපි 9 වසරට වගේ එද්දී එක බක්කි කරත්තයක් වත් නෑ

    සෑහෙන්න වෙනස් වෙලා මචං. ඉස්සර ගාල්ලේ ඉඳලා එනකොට බයිසිකල් රෝදේ කොහු වියන එක ගොඩාක් සුලභ දර්ශනයක්. රා මදින්න ගහේ යන එක වගේ දේවල් කිසි දෙයක් දැන් බලා ගන්න නෑ. මතකද ඉස්සර මාතර ඉස්ටේසමෙයි, බස් ස්ටෑන්ඩ් එකෙයි හිටියා රටකජු විකුණනා ආච්චිලා. කජු කජු... පොතු ඇරපු කජු.... කිය කිය කඩදාසි ගොට්ටේ රටකජු විකුණනවා. දැන් ඒ කිසි කෙනෙක් දැම් නෑ.:sorry::sorry:
    සිරාවටම දුකයි. ඒත් ඒක ලෝක ස්වභාවයනේ මචෝ.


    ah matara koheda awe???ayyo kiyanna epai ehenam poddak dana aduraganna thibba..elaz

    උඹ කොහෙද? මාතර මාලිම්බඩ තමයි අපේ ආච්චිලා ඉන්නේ. හරි මචං. ඊගාව පාර අනිවා සැට් වෙමු.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    niyamai Perera.......mama thawama Galle walin ehata train eke gihilla na.........yanna one dawasaka..........

    අරයා එක්ක පලයං.:love::love::love: කෝච්චියේ ගිහින් මාතර පොඩි රවුමක් ගහලා හවස AC එකක් අල්ලගෙන වරෙං.
     
    • Like
    Reactions: shenoxxx

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    උඹ කොහෙද මචං ඉන්නේ?



    සෑහෙන්න වෙනස් වෙලා මචං. ඉස්සර ගාල්ලේ ඉඳලා එනකොට බයිසිකල් රෝදේ කොහු වියන එක ගොඩාක් සුලභ දර්ශනයක්. රා මදින්න ගහේ යන එක වගේ දේවල් කිසි දෙයක් දැන් බලා ගන්න නෑ. මතකද ඉස්සර මාතර ඉස්ටේසමෙයි, බස් ස්ටෑන්ඩ් එකෙයි හිටියා රටකජු විකුණනා ආච්චිලා. කජු කජු... පොතු ඇරපු කජු.... කිය කිය කඩදාසි ගොට්ටේ රටකජු විකුණනවා. දැන් ඒ කිසි කෙනෙක් දැම් නෑ.:sorry::sorry:
    සිරාවටම දුකයි. ඒත් ඒක ලෝක ස්වභාවයනේ මචෝ.




    උඹ කොහෙද? මාතර මාලිම්බඩ තමයි අපේ ආච්චිලා ඉන්නේ. හරි මචං. ඊගාව පාර අනිවා සැට් වෙමු.

    ah ha ehemada? mama Weligama ban but ithin matara thamai alwys..skul yanne Rahule nisa..lol..aniwa agn set wemu dawasaka..