මාධ්‍යවේදීන්ට සිතාසි

aruna47

Well-known member
  • මාධ්‍යවේදීන්ට සිතාසි

    වැලිවේරිය ඝාතකයන් නිදැල්ලේ- මාධ්‍යවේදීන්ට සිතාසි එවලා...!!!

    1185741_10151831435437429_1469957209_n.png


    රාජපක්ෂ ආණ්ඩුවේ අණින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකරන ලද, වැලිවේරිය ම්ලේච්ඡ ජන සංහාරයට අදට දින 18කි. ජනතාව ඇන්ඳවීම පිණිස සුපුරුදු ව්‍යාජ පරීක්ෂණ පැවැත්වෙන බව පෙන්වන නමුත්, මිනීමරු හමුදා ඛණ්ඩය භාරව පැමිණි බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කිරීමට තරම්වත් අවම සදාචාරයක් මොවුහු නොපෙන්වති. අහිංසක දරුවන් පස් යට නිදද්දී, ධම්මික පෙරේරාගේ ෆැක්ටරිය තවමත් පස් උඩ විරාජමානය! පැහැදිලි ලෙසම කලින් පිටපත ලියා අධ්‍යක්ෂණය කෙරෙන මෙම රියැලිටි නාඩගමේ මීළඟ අංකය ලෙස, හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත මාධ්‍යවේදීන් කැඳවා ඇති බව වාර්තා වෙයි. පහත පළ වන්නේ ඒ පිළිබඳව විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන හතක් විසින් මාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනයයි.

    පසුගිය අගෝ. 01 දා පිරිසිදු ජලය ඉල්ලමින් සිදුකළ වැලිවේරිය ජනතා උද්ඝෝෂනයට සහ එය වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන්ට යුද හමුදාව විසින් අමානුෂික ලෙස වෙඩිතබා ප්‍රහාර එල්ල කොට පාසැල් ශිෂ්‍යයන් දෙදෙනකු ඇතුළු සිවිල් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කොට තිබියදී ආණ්ඩුව සහ හමුදාව එය තෙවැනි පාර්ශවයක් වෙත චෝදනා එල්ල කරමින් ජන සමාජය නොමග යවමින් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටී. ආණ්ඩුව කිසිදු වගකිව යුතු සාධාරණ පරීක‍ෂණයක් සිදු නොකර කල් මරමින් සිටියදී මේ සම්බන්ධයෙන් සාක්කි ලබා දෙන ලෙස හමුදාව අභ්‍යන්තරයේ පැවැත්වෙන යුද හමුදා පරීක‍ෂණ උසාවියක් වෙත ජනමාධ්‍යවේදීන් කැඳවීම ජන සමාජය මිලිටරීකරණය කිරීමේ තවත් බරපතල නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී කටයුත්තක් බව අප සලකමු.

    එන්.ජේ.ඩී. ඩයස් නම් මේජර් ජෙනරාල් වරයෙකුගේ අත්සනින් යුතුව සාක්කි කරුවෙකු වෙත යවන සිතාසිය යනුවෙන් නම් කළ ලිපියක් මගින් සිවිල් පුරවැසියන් වන ජනමාධ්‍යවේදීන් මෙලෙස හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට අපගේ විරෝධතාවය තරයේ පල කරන අතර එලෙස සිවිල් පුද්ගලයන් වන ජනමාධ්‍යවේදීන් හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමේ බලය ඇත්තේ කවර නීතියක් යටතේ දැයි ප්‍රශ්න කරන්නෙමු.

    ආණ්ඩුවට අප බල කර සිටින්නේ මෙලෙස ජන සමාජය නොමග යවමින් බොරු රඟපෑම් නොකර වහාම මේ පිලිබඳව සාධාරණ ජාත්‍යන්තර පරීක‍ෂනයක් සිදුකරන ලෙසයි.

    මෙයට,
    ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය
    මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
    ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය
    ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය
    දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශවය
    නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
    ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය


    දැන් මේක දැක්කා ගමන් කටු කන බැල්ලියෝ ටික මේක සාදරනියකරණය කරන්න එයි..

    එරෝසන් ඉජු ඉජු

    Dog-with-bone.jpg


    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: wijithapradeep

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ‘ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් විටින් විට වැලිවේරිය ප්‍රදේශයට ඇවිත් කටඋත්තර ගැනීමට යැයි කියමින් ජනතාව යුඳ හමුදා කඳවුරු වෙත ගෙන යාමට උත්සහ කර තිබෙනවා. හමුදාව මේ අයුරින් කට උත්තර ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව අපේ විරෝධය පල කරනවා.‘ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුව වෙනුවෙන් නීතිඥ නාමල් රජපක්ෂ මහතා ගම්පහ වැලිවේරියේදී පැවසීය.

    ‘මේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී තියෙනවා. එබැවින් හමුදාව විසින් සාක්කි විනාශ කිරීමට හෝ වෙනස් කරන්න උත්සහ කරන්න එපා.

    හමුදාවට මේ සම්බන්ධයෙන් මැදිහත්වී සාමාන්‍ය ජනතාවගේ කටයුතු වලට ඇගිලි ගැසීමට නීත්‍යානුකූල බලයක් නැහැ. පොලිසියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉඩදෙන්න.

    හමුදාව මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිසියෙන් උදව් උපකාර ඉල්ලා තියෙනවා, ජනතාවගෙන් කට උත්තර ලබා ගැනීම සඳහා.

    හමුදාව සාමාන්‍ය ජනයා සමග ගැටුමක් ඇති වී ඇති අවස්ථාවක, ඔවුන් උත්සහ කර තියෙනවා, ජනතාව ගනේමුල්ල යුද හමුදා කඳවුර වෙත ගෙනයාමට.

    නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය කැමැත්තක් දක්වා නැහැ. ජනතාව කැමැත්තක් දක්වලත් නැහැ.

    අපි ඒ නිසා නැවතත් ඉල්ලා සිටිනවා යුද හමුදාවෙන්, මේ පරීක්ෂන ස්වාධිනව කරන්න පොලිසියට ඉඩ දෙන්න කියලා.

    හමුදව මේ ජනතාව සමග ආරවුල් ඇතිකරගන්නේ නැතිව ස්වාධීන පරීක්ෂණයක් කර ඒ ගොල්ලන්ගේ නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.

    නමුත් සාමාන්‍ය ජනතාවගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවස්ථාවක් හමුදාවට ලැබිය යුතු නැහැ. ඒ අවස්ථාව උදාකරන්න එපා කියලා ඉල්ලීමක් කරනවා.

    හමුදාව ප්‍රකාශ කර තියෙනවා ප්‍රහාර එල්ල කළේ, හමුදාව කුපිත කළේ තුන්වෙනි පාර්ශවයක් විසින් කියලා.

    නමුත් ඒ සම්බන්ධයෙන් කතාකරන ජනතාව ඉන්න, මෙතන. ඔවුන් කිසිදු අවස්ථාවක තුන්වැනි පාර්ශ්වයක් හෝ වෙනත් දේශපාලන පක්ෂයක් සම්බන්ධ වුණේ නැහැ කියලා කියනවා.

    මිනිසුන් සැබෑ ලෙසම වතුර අවශ්‍යතාවය වෙනුවෙන් තමයි, සටන් කරලා අන්තිමට පාරට බැස්සේ.

    දැන් හමුදාවේ උත්සහයක් තියෙනවා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මරණ පරීක්ෂණ අවස්ථාවේදී වෙනත් සාක්කිකාරයන් යොදවා මේක වෙනත් පාර්ශ්වයක් හෝ දේශපාලන කණ්ඩායමක් විසින් කළා කියලා කියන්න.

    මේ සිද්ධිය හරියට දැක්ක ඇසින් දුටු අය කරුණාකර ඒ අවස්ථාවට ඉදිරිපත් වී සාක්කි දෙන්න. මේ සිද්ධිය යටගහන්න ඉඩදෙන්න එපා.

    මෙය හෙළි දරව්කරගන්න ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි නීතිඥ සංගමය වෙනුවෙන් හැමෝටම නිති ආධාර නොමිලේ ලබා දෙනවා.‘

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ නීතිඥ හරිෂ්ක සමරනායක මහතා -

    අද දවසේ අපි පොලිසියට පැමිණියේ මේ ගමේ ජනතාව අපෙන් ඉල්ලීමක් කර තිබූ නිසයි. අද හමුදාවෙන් ඇවිත් කට උත්තර ගැනිමට වැලිවේරිය පොලිසියට එන බව කියා තිබෙනවා.

    ඒ නිසා ඇවිත් මිනිස්සු වෙනුවෙන් කතාකරන්න කියලා කියලා ඉල්ලීමක් කළා.

    වැලිවේරිය නගර මාධ්‍යයේ සිදුවූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් අපෙන් නීති උපදෙස් පැතූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අනුබද්ධ ආයතන වලින් ප්‍රකාශ නිකුත් කළා නොමිලේ නිතිඥ සහාය ලබා දෙනවා කියලා.

    ඒ අනුවයි අපි මෙතනට ආවේ. එතකොට අපිට දැන්ගන්ට ලැබුණා පොලිසියට ඇවිල්ලා හමුදාවෙන් කට උත්තර ලබා ගන්නට යනවා කියලා.

    අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේ සම්පුර්ණ බලතල හිමිවන්නේ අපරාධ නඩු සංග්‍රහයේ 108,109 වගන්ති අනුවයි.

    ඒ වගන්තිවලට අනුව ඒ සදහා බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියට හෝ ඇමතිවරයා විසින් පත්කරන ලද යම් බලධාරියෙකුට. එහෙම බලධාරියෙක් පත් කළා කියලා මෙතන ගැසට් පත්‍රයක් නැහැ.

    ඒ නිසා දැනට කට උත්තර ලබා ගැනීමට පුළුවන් එකම ආයතනය වන්නේ ශ්‍රී ලංකා පොලිසියයි.

    යම් කෙනකුට කියන්න පුළුවන් මම කැමත්තෙන් හමුදාවට කට උත්තර ලබා දෙන්න යනවා කියලා. හමුදාවට විතරක් නොවේ. දේවාලේ කපු මහත්තයා ළගට වුවත් කටඋත්තර දෙන්න යන්න පුළුවන්, කැමැත්තෙන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ.

    නමුත් අපි ජීවිතෙන් බැඳිලා ඉන්නවා කට උත්තරයක් දෙන්න ශ්‍රී ලංකා පොලිසියට පමණයි කියන දෙයට.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය බාර පොලිස් කණ්ඩායම. ඒ නිසා ඒ අයට කට උත්තර ගන්න පුළුවන්. ඒ ඇරුනම වෙනත් ආයතනයකට කට උත්තර ගන්න නීතියෙන් කිසිම බලයක් නැහැ.

    ඒ වගේම අපි දන්නවා දැනට ගම්පහ උසාවියේ නඩුවක් තියෙනවා මේ මරණ සම්බන්ධයෙන්. මේ නඩුව තිඛෙන්නේ මේ මරණ සම්බන්ධයෙනුයි. ඒ නිසා වෙනත් ආයතනයක් ඇවිල්ලා මරණ සම්බන්ධයෙන් කට උත්තර ලබා ගන්න යනවා නම් ඒ නඩුවේ තියෙන සාක්කි වලට අයථා බලපෑමක් කළා කියන කාරණාවට යටත් වෙනවා.

    ඒ නිසා යම් කෙනෙක් ඉන්නවා නම් මේ අයට දැනුම් දීලා ඇවිල්ලා සාක්කි දෙන්න කියලා ඒ අය ඒ සාක්කි විනාශ කිරීමක් යන කාරණා මත අත්අඩංගුවට ගන්න පුළුවන් බව නීතියේ තියෙනවා.

    ශ්‍රී ලංකා පොලීසිය සම්පුර්ණ සහයෝගය දෙනවා කියලා තියෙනවා, පරික්ෂණ ස්වාධිනව කරන්නට. ඉතින් අපි අද දවසේ ඉල්ලා සිටිනවා, යම් කෙනෙක් උත්සහ කරනවා නම් මේ සාක්ෂි වෙනස් කරන්න හෝ නිතියට පරිබාහරිව සාක්කි විනාශ කරන්න කටයුතු කරන්න නීතියේ ප්‍රතිපාදවලට පිටස්තරව වෙන වෙන ආයතවන වලින් කට උත්තර ගන්න ඒක සම්පුර්ණ නීති විරෝධීයි.

    අපි එය හෙළා දකිනවා.

    නීතියේ බිද වැටිමක්, යහ පාලනයේ බිද වැටීමක් ලෙස අපි එය දකිනවා.

    ඒ වගේම වැලිවේරියේ පොලිස් ස්ථානාධිපති දැන් කිව්වා යම් කෙනෙක් කට උත්තර ලබා දෙන්න කියලා බලපෑම් කරනවා නම් හෝ බල කරනවා නම් ඇවිත් පොලිසියට පැමිණිලි කරන්න අපි එය විභාග කරනවා කියා.

    ඒ නිසා එවැනි දේවල් තව දුරටත් ඇති වෙනවා නම් කරුණාකර පොලිසියට ඇවිත් පැමිණි කරන්න.




    ලංකාදීප
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    හොද වැඩේ බන් ඕකුන්ට ,,,,
    අර ඕකුන්ට ලැප් ටොප් දුන්න දවස් ටිකේ එකෙක් මහින්දයට මුකුත් කිව්වේ නැහැ.
    පුක දීගෙනම හිටියා ...දැන් උසාවි පලකෝ :rofl:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    :lol::lol::lol:
    හොද වැඩේ බන් ඕකුන්ට ,,,,
    අර ඕකුන්ට ලැප් ටොප් දුන්න දවස් ටිකේ එකෙක් මහින්දයට මුකුත් කිව්වේ නැහැ.
    පුක දීගෙනම හිටියා ...දැන් උසාවි පලකෝ :rofl:
    :yes::yes::yes::yes::yes:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    :lol::lol::lol:
    හොද වැඩේ බන් ඕකුන්ට ,,,,
    අර ඕකුන්ට ලැප් ටොප් දුන්න දවස් ටිකේ එකෙක් මහින්දයට මුකුත් කිව්වේ නැහැ.
    පුක දීගෙනම හිටියා ...දැන් උසාවි පලකෝ :rofl:
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුව වැඩෙන් හත්පොලේ තවරා ගන්නව වගේ...........
    අඩුම ගානේ කියපිය රටට අර හමුදාව ගෙන්නන්න කියල ඉල්ලපු උසස් පොලිස් නිලධාරියා කවුද කියලවත්...........
    කොහොම හරි මේ පාරත් වැඩේ මොනව හරි කරල ගොඩ දා ගනී.......අපේ අයට ටික කලකින් ඕකත් අමතක වෙයි..............
    නොදකින් මෙහෙම ජහමනයො.............:angry:

    ඔක්කොම හොදයි අර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියන අවලම් බල්ලො සෙට් එකත් මේකට සෙට් වෙන එක නම් හිරිකිතයි. රට පාවල දෙන, ඩොලර් වලට පශ්චාත් භාගය පුදන සහ ඔය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් ගෑණුන්ට සහ තමන් ගේ බඩ වැඩිල්ලට යොදා ගත්ත සුනන්ද දේශප්‍රියලා වගේ හොරු, අපතයො සහ පාවා දෙන්නන් ගේ සංවිධානයක් ඕක..............