මාධ්‍යවේදීන්ට සිතාසි
වැලිවේරිය ඝාතකයන් නිදැල්ලේ- මාධ්‍යවේදීන්ට සිතාසි එවලා...!!!
රාජපක්ෂ ආණ්ඩුවේ අණින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකරන ලද, වැලිවේරිය ම්ලේච්ඡ ජන සංහාරයට අදට දින 18කි. ජනතාව ඇන්ඳවීම පිණිස සුපුරුදු ව්‍යාජ පරීක්ෂණ පැවැත්වෙන බව පෙන්වන නමුත්, මිනීමරු හමුදා ඛණ්ඩය භාරව පැමිණි බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කිරීමට තරම්වත් අවම සදාචාරයක් මොවුහු නොපෙන්වති. අහිංසක දරුවන් පස් යට නිදද්දී, ධම්මික පෙරේරාගේ ෆැක්ටරිය තවමත් පස් උඩ විරාජමානය! පැහැදිලි ලෙසම කලින් පිටපත ලියා අධ්‍යක්ෂණය කෙරෙන මෙම රියැලිටි නාඩගමේ මීළඟ අංකය ලෙස, හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත මාධ්‍යවේදීන් කැඳවා ඇති බව වාර්තා වෙයි. පහත පළ වන්නේ ඒ පිළිබඳව විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන හතක් විසින් මාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනයයි.
පසුගිය අගෝ. 01 දා පිරිසිදු ජලය ඉල්ලමින් සිදුකළ වැලිවේරිය ජනතා උද්ඝෝෂනයට සහ එය වාර්තා කරමින් සිටි ජනමාධ්‍යවේදීන්ට යුද හමුදාව විසින් අමානුෂික ලෙස වෙඩිතබා ප්‍රහාර එල්ල කොට පාසැල් ශිෂ්‍යයන් දෙදෙනකු ඇතුළු සිවිල් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කොට තිබියදී ආණ්ඩුව සහ හමුදාව එය තෙවැනි පාර්ශවයක් වෙත චෝදනා එල්ල කරමින් ජන සමාජය නොමග යවමින් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටී. ආණ්ඩුව කිසිදු වගකිව යුතු සාධාරණ පරීකෂණයක් සිදු නොකර කල් මරමින් සිටියදී මේ සම්බන්ධයෙන් සාක්කි ලබා දෙන ලෙස හමුදාව අභ්‍යන්තරයේ පැවැත්වෙන යුද හමුදා පරීකෂණ උසාවියක් වෙත ජනමාධ්‍යවේදීන් කැඳවීම ජන සමාජය මිලිටරීකරණය කිරීමේ තවත් බරපතල නීති විරෝධී සහ ප්රජාතන්ත්රවිරෝධී කටයුත්තක් බව අප සලකමු.
එන්.ජේ.ඩී. ඩයස් නම් මේජර් ජෙනරාල් වරයෙකුගේ අත්සනින් යුතුව සාක්කි කරුවෙකු වෙත යවන සිතාසිය යනුවෙන් නම් කළ ලිපියක් මගින් සිවිල් පුරවැසියන් වන ජනමාධ්‍යවේදීන් මෙලෙස හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමට අපගේ විරෝධතාවය තරයේ පල කරන අතර එලෙස සිවිල් පුද්ගලයන් වන ජනමාධ්‍යවේදීන් හමුදාවේ අභ්‍යන්තර උසාවියක් වෙත කැඳවීමේ බලය ඇත්තේ කවර නීතියක් යටතේ දැයි ප්‍රශ්න කරන්නෙමු.
ආණ්ඩුවට අප බල කර සිටින්නේ මෙලෙස ජන සමාජය නොමග යවමින් බොරු රඟපෑම් නොකර වහාම මේ පිලිබඳව සාධාරණ ජාත්‍යන්තර පරීකෂනයක් සිදුකරන ලෙසයි.
මෙයට,
ශ්‍රී ලංකා වෘත්තීය පත්රකලාවේදීන්ගේ සංගමය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය
දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශවය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ප්රජාතන්ත්රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය
දැන් මේක දැක්කා ගමන් කටු කන බැල්ලියෝ ටික මේක සාදරනියකරණය කරන්න එයි..
එරෝසන් ඉජු ඉජු

Last edited: