good post,, keep it up
++
if u want to add pictures upload ur picture to a image hosting site, and copy the "direct link" and paste in in the box pops ut after clicking on "insert image"
use this thread as a guide..
http://www.elakiri.com/forum/showthread.php?t=248640
image hosting site - https://imgbb.com/
මානව ප්‍රවේණි විද්‍යාව - Human Genetics
ජාන කියන ඒවා කොහේද තියෙන්නේ? ඒවයින් මොකද වෙන්නෙ? විකෘති ඇති වෙන්නෙ කොහොමද? රතු කොටු සාමාජිකයෙක්ගෙ ඉල්ලීමක් පරිදි මේක දාන්නෙ.
රතු කොටු තියෙන අය fake කියලා බණින නපුංසාකාර නැතහොත් අර්ධ පුරුෂාකාර senior membersලා මේක කියවන්න එපා.ඇස්වලට හෙණ ගහයි.එකී අර්ධ පුරුෂයන්ගෙ මහ ලොකු රෙප් එක නැති උනාට කමක් නැත.. හැංගි හැංගි රෙප් කපන නපුංසාකාර පුද්ගලයන් වෙත - මම නම් ඔයාලා වගේ නපුංසාකාර පුද්ගලයෙක් නෙමෙයි මම ගෑනු ළමයෙක්. මම ගැන ඇත්ත නැත්ත දන්න අය 3න් දෙනෙක් ඉන්නවා මේකෙ.මම කතා කරලාත් තියෙනවා එයාලා එක්ක.කොන්ද පණ තියෙනවා නම් ඇත්ත නම එක්ක රෙප් කපන්න ඔය නපුංසාකාර නැතහොත් අර්ධ පුරුෂාකාර පුද්ගලයො ටික
ජාන - Gene
ජාන කියන වචනය මුලින් ම හදුන්වා දුන්නෙ ජොහැන්සන් කියන විද්‍යාඥයා තමයි.ඊට කලින් ප්‍රවේණි විද්‍යාවට අඩිතාලම දාපු මෙන්ඩල් පූජකතුමා පවා ජාන යන පදය වෙනුවට භාවිතා කරලා තිබුණෙ සාධක වගේ වචනයක්.
ශරීරයේ සෛලයක් ගත්තම ඒකෙ ඇතුලේ න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය ඇතුලේ වර්ණදේහ තියෙනවා.හරියට කතිරයක හැඩයක් තියෙන ව්‍යුහයක් දැකලා ඇති.ඒකෙ ඇතුලේ තමයි DNA අණුව තියෙන්නෙ.ඒක ගොඩක් දිගයි.ඒකත් දැකලා ඇති හරහට කණු ගහපු අඹරපු ලණු දෙකක් වගේ එකක්
ඒ ලණු දෙක වගේ ඒවා හැදිලා තියෙන්නෙ පෙන්ටෝස සීනි කාණ්ඩ සහ පොස්පේට් කාණ්ඩ වලින් ඒ නිසා sugar phosphate backbones කියලා කියනවා. කණු හැදිලා තියෙන්නෙ භෂ්ම වලින්. ඇඩිනීන්, ගුවැනීන්, තයිමීන්, සයිටොසින් කියලා තමයි ඒ භෂ්මවර්ග හදුන්වන්නෙ.
ඇත්තටම ජානයක් කියන්නෙ ඔය DNA අණුවෙ ඒ කිව්වෙ හරහට කණු ගහපු අඹරපු ලණු දෙකේ තියෙන කිසියම් භෂ්ම අනුපිළිවෙලක්.
එක තැනක තියෙන පිලිවෙළ තවත් තැනක නැහැ. ඒ වගේම DNA අණුවේ ජාන නැති ප්‍රදේශත් තියෙන්න පුළුවන්
වර්ණදේහ - Chromosome
ආයෙත් මුලට යමු. න්‍යෂ්ටිය ඇතුලේ තියෙන කතිර වගේ ඒවා නැත්නම් වර්ණදේහ නැත්නම් chromosome කියන්නෙ
වර්ණදේහ ඒවා අපට කොහෙන්ද?
මිනිසා සතුව වර්ණදේහ යුගල් 23 ක් තියෙනවා. යුගළයේ එකක් ලැබෙන්නෙ අම්මාගෙන් අනික තාත්තාගෙන්. ඒ සියලුම වර්ණදේහ සමූහ ඡායාරෑපයක් වර්ණදේහාවලියක් නැත්නම් karyotype එකක් විදියට හදුන්වනවා.ඒවායින්
23 වැනි එක තමයි ලිංග වර්ණදේහ යුගලය වෙන්නෙ.
ඇලීල Alleles
කෙනෙකුගෙ මොනවා හරි ලක්ෂණයක් පාලනය කරන ජානයක් ගත්තොත් ඒකට එකෙනෙක ප්‍රත්‍යාවර්ථ ජානයක් තියෙනවා. මොකද ඕන කෙනෙකුට වර්ණදේහ යුගල වශයෙන් තියෙනවා. එකක් එයාට අම්මාගෙන් ලැබිච්ච එක.අම්මා දීපු වර්ණදේහයේ කිසියම් ජානයක් පිහිටි ජාන පථයට අනුරූප තැන තාත්තා දීපු එකෙත් එම ජානයේම පිටපතක් තියෙනවා.ඒ පිටපත් දෙකට ඇලීල (Alleles) කියනවා.ඒත් ඒ ඇලීල සර්වසම විය යුතු නැහැ.ඒ දෙක ක්‍රියාකාරීත්වයෙන් සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්.
මොකද්ද ජාන පථය කියන්නෙ?
ජාන පථය නැතනම් Gene Locus - වර්ණදේහයක ජාන පිලියෙල වෙලා තියෙන්නේ නිශ්චිත අනුපිළිවෙලකට.ඒ නිසා ඕන ම වර්ණදේහයක කිසියම් ජානයක් පිහිටන නිශ්චිත තැනක් තියෙනවා.ඒක එම ජානයේ පථය කියලා කියනවා.
ඉතුරු ටික පස්සෙ....මානව ප්‍රවේණික රෝග ගැන
මම දන්නෙ නෑ එක එක පාට තඩි රූප දාන්න.පුළුවන් විදියට ටයිප් කරා.