මානව වර්ගයා සඳහා විශ්ව න්‍යායන්

Orayan-K

Junior member
  • Dec 6, 2021
    68
    88
    18

    ප්‍රඥාව හරහා මානව ඉතිහාසය - දළ විශ්ලේෂණය​

    මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ සිටම, ඔවුන්ට තේරුම්ගත නොහැකි දෙයක් ඔවුන් අත්විඳිමින් සිටිති. මුල් මිනිසුන්ගේ ප්‍රාථමික මොළයට ගින්න පවා පුදුමයක් විය. ගිගුරුම්, කුණාටු, විදුලි කෙටීම් ඔවුන් බියට පත් කලේ ය. බියෙන් වුවද, ඔවුන් ඒ දේවල් ගැන බොහෝ කුතුහලයෙන් සිටියහ. එබැවින් ඔවුන් පරීක්ෂා කිරීමට පටන් ගත්හ. ඔවුන් ඉගෙන ගැනීමට පටන් ගත්හ. ඔවුන් වරක් බියට පත් කල දේවල් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට පටන් ගත්හ ඔවුන් ඉගෙන ගත් තරමට, ඔවුන් තවත් දේ දුටුවෝය. නමුත් ඔවුන් කොතරම් දුටුවාද, ඔවුන් කොතරම් ඉගෙන ගත්තාද, "යමක්" තවමත් තමන්ට ඉහළින් ඇති බව ඔවුන්ට දැනුනි. වසර දහස් ගණනක් ගෙවී ගියේය මනුෂ්‍ය වර්ග්යාද, මනුෂ්‍ය මොලයද දියුණුවට පත් විය. ඔවුන් පුදුම සහගත රහස් අනාවරණය කර ගත්හ. ඔවුන් පුදුම සහගත බලවේගයන් හෙළිකර ගත්තෝය. එහෙත්, අද පවා, මෙම නවීන හොඳින් දියුණු ලෝකයේ ද "යමක්" තවමත් මිනිස් මනසට ඉහළින් පවතින බව පෙනී යයි. මිනිසුන් කොතරම් ඉහළින් ඉගෙන ගත්තාද, මිනිසුන් කොපමණ දේවල් සොයා ගත්තාද, තවමත් අවබෝධයෙන් ඔබ්බට යමක් එහි ඇති බව පෙනේ. මේ සොයා නොගත් දේ, මේ සොයා නොගත් ප්‍රදේශය ඇත්තේ තාක්ෂණයේ පමණක් නොවේ නමුත් ජීවිතයේ සෑම සිදුවීමකම තවමත් සොයා නොගත් දෙයක් පවතී. එය භෞතික, මානසික, සමාජීය, අධ්‍යාත්මික, දාර්ශනික ආදී සෑම දෙයකම පවතී. ඔබ එය නම් කරන්න, එම සොයා නොගත් ප්‍රදේශය එහි තිබේ.

    fire2.jpg


    යමෙකුට මගෙන් ප්‍රශ්න කළ හැකිය, "ඉතින් මොකද? කවුරුවත් සර්වසම්පූර්ණ නැහැ, මිනිසුන් වැඩිපුර ඉගෙන ගනීවි, තවත් සොයා ගනීවි, එය දිගටම පවතිනු ඇත. එය එසේ වේවි." මම එය පිළිගනිමි. මම කියන්නම්, "ඔව් එහෙම තමයි" කියලා. නමුත් අවසානයේ "නමුත්" යන වචනය ඇත. නමුත් මානව වර්ගයාගේ දියුණුව තුළ මගහැරුණු දෙයක් නැද්ද? වේදනාව, දුක, රෝගාබාධ, ජීවිතයේ ගැඹුරු අසාර්ථකත්වය ආදි ජීවිතයේ සමහර ප්‍රදේශවල මිනිසුන් සම්පූර්ණයෙන්ම අසරණ වන්නේ ඇයි? මෙතරම් දියුණු වූ මිනිසා මෙතරම් අසරණ වන්නේ ඇයි? මා කියන්නේ ඊට හේතුව මානව වර්ගයා ඔවුන්ගේ සංවර්ධන ප්‍රගතියේදී යම් දෙයක් දරුණු ලෙස මග හැරීමයි.
    ඔබ ප්‍රමාණයෙන් විශාල වස්තුවකට ඉතා සමීපව සිටින විට, ඔබේ දර්ශනය සම්පූර්ණයෙන්ම එම වස්තුවෙන් ආවරණය වේ. එවිට ඔබට පෙනෙන්නේ එම වස්තුව පමණි. ඔබ දැකිය යුතු වස්තුව එය වුවත් නැතත් ඔබ දකින එකම දෙය එයයි. එබැවින්, ඔබ, සත්‍යයක් හෝ පරම සත්‍යයක් ලෙස ඔබ දුටු දෙය පිළිගනී. මෙම තත්වය තුළ ඔබ නොදැනුවත්වම සිරකරුවෙකු බවට පත්වේ.. කැමති වුනත් නැතත් එකඟ වුනත් නැතත් ඔබට දකින්නට ඇත්තේ එය පමණි. ඔබ ජීවත් විය යුතු ස්ථානය මෙයයි. වෙනත් වචන වලින් කිවහොත්, මෙයින් අදහස් කරන්නේ "ඔබ මෙම පද්ධතියේ සිරකරුවෙකු විය" යන්නයි. ඒ ඉතිහාසය පුරාවටම මානව වර්ගයා විසින් ගොඩනැගූ ක්‍රමයයි. "ඉතින් මොකක්ද? කවුරුවත් සර්වසම්පූර්ණ නැහැ, මිනිස්සු තව ඉගෙන ගනීවි, තව තවත් හොයාගනියි, ඒක දිගටම යනවා. එහෙම තමයි" යනුවෙන් සමහරුන් කියන්නේ ඒ නිසාය. ඔබ ඔබේ සම්පූර්ණ දර්ශනය ආවරණය කරන දැවැන්ත වස්තුවකට ඉතා සමීපව සිටගෙන සිටින්නාක් මෙන්, ඔබ ඉතිහාසය පුරා මිනිසුන් විසින් වර්ධනය කරන ලද පද්ධතියට ඉතා සමීපව ජීවත් වේ. එබැවින් ඔබේ දැක්ම යනු පද්ධතිය ඔබට ලබා දෙන දර්ශනයයි. ඔබ මේ පද්ධතියේ සිරකරුවෙක් වී සිටින බව මා කීවේ එනිසාය. ඔබ සිරකරුවෙකුව සිටින තාක් ඔබට සම්පූර්ණ පින්තූරය දැකිය නොහැක. ඔබට සත්‍යය දැකිය නොහැක.

    huge tree2.jpg


    මා මෙහිදී ඔබට නිදස් වීමේ මාර්ගය පෙන්වන්නම්. මෙය නව මාවතකි. ඔබ සිරකරුවෙකු නොවන, ජීවිතය තුල විඳවීමකට ලක් නොවන නව මානයකට මේ මාවත ඔබව ගෙන යනු ඇත. වෙනත් වචන වලින් කිවහොත් 'ලෝකමය න්‍යායන්' යටතේ ජීවත් වනවා වෙනුවට ඔබ 'විශ්ව න්‍යායන්' යටතේ ජීවත් වනු ඇත. එහිදී ඔබ 'විශ්වීය' වන්නේ ය. මනුෂ්‍ය වර්ගයාගේ සන්වර්ධන ප්‍රගතියේදී යමක් මග හැරී ඇති බව මා පෙර සඳහන් කලෙමි. ඒ කුමක්දැයි අපි විමසා බලමු. මේ පද්ධතියට ඉතා ලන්ව සිටින තාක් ඔබට එය දැකිය නොහැකිය. එබැවින් ඔබ දුරකට යා යුතුය. (Distance view) ඔබ දුර සිට දැකිය යුතුය. එහෙත් මේ 'සිර කඳවුරෙන්' ඉවත් වීම පහසු දෙයක් නොවේ. මන්ද යත් ඔබට හැඟෙන, ඔබ දකින මේ සියල්ල ඔබ තුලට මේ පද්ධතිය විසින් එන්නත් කරන ලද එවා බැවිනි. ඒවා ඔබේ මුලු ශරීරයට, මනසට හා ඔබේ මුලු අභ්‍යන්තරයට එන්නත් කරනු ලැබ තිබේ. නමුත් "විශ්වීය වීමෙන්" ඔබට ප්‍රමාණවත් දෙයක් ලබා ගත හැකි නම්, ඉවත්වීම කොතරම් දුෂ්කරද වුවද, ඔබ එය කරනු ඇත.
    අපි මානව වර්ගයාගේ ආරම්භයට යමු. ගල් යුගයට යමු. එහි "මිනිසා" යන්තම් නිරුවතින් ගල් ගුහාවක ජීවත් විය. ඔහුට අයිති කිසිවක් තිබුණේ නැත. සමහර විට ඔහුගේ අතේ ලී මුගුරක් තිබුණා විය හැකිය. ඔහු සෑදුවේ එපමණය. ඔහු නිර්මාණය කළේ එපමණය. ලී මුගුර හැර, බල්ලෙකු ඔහු අසල වාඩි වී සිටියා විය හැකිය. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ මනසින් එහි යන ලෙසයි. එම පරිසරය දැකීමට සහ දැනීමට උත්සාහ කරන්න. ඔහු වටා මිනිසා විසින් සාදන ලද කිසිවක් නොතිබුණි. සොබාදහම පමණි. වනාන්තරයක් හෝ කාන්තාරයක් හෝ තණකොළ තැනිතලාවක් එහි විය. අවට බලන්න, විනාඩි කිහිපයක් එහි ජීවත් වීමට උත්සාහ කරන්න.

    stonefamily.png


    දැන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ඇස් අරින්න. වටපිට බලන්න. ඔබට වෙනස දැකිය හැකිය. ඔබ දකින සෑම තැනකම මිනිසා විසින් සාදන ලද දේවල් ය. එය කොතරම් සුවිශාල වෙනසක්දැයි ඔබට සිතාගත හැකිද? සුවපහසු නිවසක්, යහන්, රූපවාහිනී, ස්මාර්ට් ජංගම දුරකථන, පරිඝනක සහ තවත් බොහෝ උපාංග තිබේ. මේ සියල්ල මිනිසා විසින් සාදන ලද ඒවාය. ඒ දේවල් පෘථිවියට ආවේ වෙනත් ග්‍රහලෝකයකින් නොවේ. එසේනම් ඒ දේවල් ආවේ කොහෙන්ද? මෙම දැනුම, තාක්ෂණය පැමිණියේ කොහෙන්ද? ඒ සියල්ල පැමිණියේ පොලොවේ පසිනි. විශ්මිත ලෙස වර්ධනය වූ මිනිස් මොලය මගින් මහ පොලොවෙන් මේවා මතු කර ගත්තේ ය. බාහිර අවකාශයකින් කිසිවක් පැමිණියේ නැත. මෙම වෙනස සිදු වීමට වසර මිලියන ගණනක් ගත වූ බව සැබෑය. නමුත්, එය ආශ්චර්යයක් නොවේද?. අප කවුරුත් දන්නා පරිදි, මිනිසාගේ ප්‍රාථමික මොළය වැඩිදියුණු වීමට වසර මිලියන ගණනක් ගත වුවද, සියවස් කිහිපයකට පෙර, එය වේගයෙන් දියුණු වීමට පටන් ගත්තේය. "ආශ්චර්යය" වේගයෙන් සිදු වීමට පටන් ගත්තේය. ඉතින්, ඔබ වටා ඇති මේ සියල්ල මිනිසාගේ වැඩිදියුණු වූ මොළයේ ප්‍රතිඵලයකි. එහෙත්, මානව වර්ගයාගේ සංවර්ධනයේ ප්‍රගතියේදී මග හැරෙන්නේ කුමක්ද? වේදනාව, දුක, විශාල අසාර්ථකත්වයන් ඇති වන්නේ ඇයි? මේ තරම් පුදුමාකාර මිනිස් මොළය සමහර සිදුවීම් වලදී සම්පූර්ණයෙන්ම අසරණ වන්නේ ඇයි?

    ලිපිය තව දුරටත් මෙතනින් කියවන්න....