මාරයා_සහ_මාර_දූවරු_සැබෑවක්ද?

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මාරයා_සහ_මාර_දූවරු_සැබෑවක්ද?

    36610_157602234404864_335491024_n.jpg


    සුජිත් නිශාන්ත හේවගේ M.Phil. (University of Kelaniya)

    “මෙම එක් එක් දිසාවන් දෙසට යන දුම් හා අඳුරු වලාව භික්‍ෂූන්හට පෙන්වා බුදුරජාණන් වහන්සේ ඒ මාරයා බවත්, මාරයා ගෝධික හිමියන්ගේ ප්‍රතිසන්ධි විඥානය කොහි පිහිටියේදැයි සොයමින් ගියත්, එම විඥානය කිසි තැනක නොපිහිටි බවත්, කිසි තැනක නොපිහිටි ප්‍රතිසන්ධි විඥානයෙන් යුක්ත ගෝධික හිමියන් පිරිනිවීමට පැමිණි බවත් වදාළ සේක.”
    __________________________________

    බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට සිදු කළ පශ්චාත් කාලීන අර්ථ දැක්වීම් මගින් එකී ඉගැන්වීම් නිසි ආකාරයෙන් සන්නිවේදනය වූවේද යන කරුණ පිළිබඳව විද්වතුන් විසින් විවිධ අදහස් මතුකරනු ලැබ තිබේ. විවිධ බෞද්ධ සම්ප්‍රදායයන් විසින් ගරු කරනු ලැබූ ඒ ඒ සම්ප්‍රදායයන්ටම අනන්‍ය වූ සම්භාවනීය අර්ථකථන ඇත. විචාර පූර්වක ආකල්පයකින් කටයුතු කිරීම උදෙසා බුදුහිමියන් විසින් ස්වකීය ශ්‍රාවකයින්හට පිරිනමනු ලැබූ චින්තන නිදහස බුදු දහම ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත වීමේ දී ධනාත්මක සාධකයක් ලෙස බෙහෙවින්ම බලපා තිබේ.

    විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර ස්ථවිර පාක්‍ෂික (ථෙරවාදී බුදු දහම) මහා විහාර සම්ප්‍රදාය තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාවය මතු වනු දැක ගත හැකි ය. ස්වකීය අනන්‍යතාවය ප්‍රකට කිරීමේ ලක්‍ෂණයක් වශයෙන් ආගමික කටයුතු උදෙසා පාලි භාෂාව ථෙරවාදීන් විසින් භාවිතා කරන ලදී. මුල් කාලීන සම්බුද්ධ දේශනා ඒ ස්වරූපයෙන්ම පාලියට නඟා ග්‍රන්ථගත කිරීමත් ඒවායෙහි අර්ථකථන පහදා දීම සඳහා පාලි භාෂාව මුල් කරගනු ලැබූ අට්ඨකථා සම්ප්‍රදායක් පවත්වා ගැනීමත් යන කරුණු පිහිටාධාර කොටගෙන බුදුන් වහන්සේ ඉගැන්වීම් හැකිතාක් දුරට ඒ මුල් ස්වරූපයෙන්ම ආරක්‍ෂා කර ගන්නා ලදී.

    සම්බුද්ධ දේශනාවල සඳහන් විවිධ සංකල්ප පැහැදිලි කිරීමේ දී තුලනාත්මක සමය අධ්‍යයන දැනුම, දාර්ශනික ඥානය මෙන්ම විද්‍යා හා තාක්‍ෂණික දැනුම ද භාවිතා කළ යුතු වන්නේ ඉතාමත්ම ප්‍රවේශමිනි. බුදුන් වහන්සේගේ බුද්ධිමය ධාරිතාවය හා ප්‍රඥාමය හැකියාව උන් වහන්සේ සම්මුඛ හා අග්‍ර ශ්‍රාවක මහා ප්‍රඥා වූ සාරිපුත්ත හිමියන්හට වත් නොමැති කල ඊට වඩා බෙහෙවින්ම අවම තත්ත්වයෙහි සිටින හුදෙක් ශ්‍රැතමය දැනුම පමණක් සහිත විද්වතුන් විසින් බුද්ධ වචනය විවරණය කිරීමේ දී වඩාත්ම සැලකිලිමත් වීම සම්බුද්ධ දේශනාවන්හි නියමාර්ථය තවත් චිරාත් කාලයක් සුරක්‍ෂිත කිරීමෙහි ලා ඉවහල් වනු ඇත.

    මාර සංකල්පය බුද්ධ දේශනාවන්හි මච්චු මාර, ක්ලේශ මාර, දේවතා මාර වැනි අදහස් සංකේතවත් කිරීම පිණිස භාවිතා කරන ලද අවස්ථා ද දැකගත හැකි ය. එසේම මාර දුහිතෘ යන පදයෙන් කාමරාගය නිරූපණය වන බව ද පෙනී යයි. එය එසේ වුවත් මාරයා හා මාර දූවරු වැනි විවිධ දාර්ශනික අරුත් දනවන සංකල්ප විවරණය කිරීමේ දී පවා මුල් දේශනා පාලියට හා අට්ඨකථා සම්ප්‍රදාය ගරු කිරීම වැදගත් වන්නේ තවත් සමහර විටෙක පුද්ගල ස්වරූපයෙන් ද බුදුරදුන් විසින් මෙවැනි අදහස් මතුකොට තිබෙන නිසා ය.

    මාරයා හා මාර දූවරු පිළිබඳව මුල් දේශනා පාලිය තුළ සඳහන්ව තිබෙන අවස්ථා කීපයක් මතුකොට පෙන්වීම මගින් ඒ පිළිබඳව බුදුන් වහන්සේගේ ආකල්පය මුල් ස්වරූපයෙන්ම විවරණය කොට දැක්වීම මෙම ලිපියෙහි අරමුණ වේ.

    එක් කාලයක බුදුරජාණන් වහන්සේ බොහෝ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලදුව, ශාක්‍ය රටෙහි සීලාවතී ගමෙහි වැඩ වාසය කරන සේක. එම භික්‍ෂූහු බුදුරදුන්ට නුදුරු ස්ථානයක විවේකීව හිඳ සමථ විදර්ශනා භාවනාවන්හි නිරත වී වාසය කරති.

    එම අවස්ථාවෙහි පාපී වූ මාරයා බමුණු වේශයක් මවාගෙන, විශාල ජටාවක් හිසෙහි බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පොරවාගෙන මහළුව වකුටු වූ පරාළයක් සේ වක් වූ ශරීරයක් සහිතව ගුරු ගුරු යන හඬින් ආශ්වාස ප්‍රාශ්වාස කරමින්, දිඹුල් සැරයටියක් අතින් ගෙන බුදුරදුන්ට නොදුරුව විවේකීව භාවනා වඩමින් සිටි භික්‍ෂූන් වහන්සේ සමීපයට පැමිණ එහි වැඩහුන් භික්‍ෂූන් වහන්සේහට කම්සැපතෙහි අනුසස් පවසා භික්‍ෂූන් වහන්සේලාව එහි මෙහෙයවා සීල ප්‍රතිපදාවෙහි උකටලී කිරීමට ප්‍රයත්න දරන නමුත් ඒ බැව් වටහා ගන්නා භික්‍ෂූන් වහන්සේ විසින් කාමයෙහි ආදීනවත් නෙක්ඛම්මයෙහි දිට්ඨ ධම්ම සුඛ විහරණයත් පවසා මාරයාගේ අදහස දැඩි සේ පිළිකුලට ලක් කරන ලදී.

    මෙසේ කී කල්හි පාපී මාරයා හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නළලෙහි තුන් රැළි නංවා, සැරයටියට බරව එබී බලමින් නික්ම ගියේ ය. භික්‍ෂූන් වහන්සේ මේ පිළිබඳ සියලු ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේහට සැලකල කල්හි බුදුරදුන් විසින් ඒ බමුණෙකු නොව භාවනා දියුණුව හා සිහි නුවණ විනාශ කිරීමේ අරමුණින් පැමිණි මාරයා බවත් පවසා අවවාද කළ සේක. (සංයුත්ත නිකාය, 1 සගාථ වග්ගය, 4 මාර සංයුත්තය, 1 සම්බහුල සුත්ත)

    තවත් වරෙක, සමිද්ධි හිමියන් බුදුරදුන් සමීපයෙහි විවේකීව හිඳ භාවනා වඩමින් ශාස්තෘන් වහන්සේ, ධර්මය හා ස්වකීය පැවිදි ප්‍රතිපදාව පිළිබඳව අරමුණු කොට ප්‍රසන්න හා එකඟ වූ සිතින් පසුවෙද්දී, පාපී වූ මාරයා තම සිතින් සමිද්ධි තෙරුන්ගේ සිත දැන එතැනට පැමිණ ඒ තෙරුන් බිය ගැන්වීම පිණිස තෙරුන් වැඩහුන් තැන ආසන්නයෙහිම මහපොළොව දෙදරා පැළී යන තරම් මහත් බියකරු හඬක් නැඟී ය.

    සමිද්ධි තෙරුන් ඒ ශබ්දය අසා එය මාරයා විසින් කළ බැව් නොදැන බුදුරදුන් සමීපයට වැඩ ඒ පිළිබඳ පුවත දැන් වූ කළ බුදුරදුන් විසින් ඒ ශබ්දය මහපොළොව පැලීමෙන් ඇතිවූවක් නොව මාරයා විසින් තෙරුන් බිය ගන්වා පළවා හැරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බවත් බිය නොවී අරමුණෙහි මුළා නොවී සිහිය උපදවා භාවනා වඩන මෙන් උපදෙස් ලබා දී නැවතත් සමිද්ධි තෙරුන් එම ස්ථානයට පිටත්කර හරිනු ලබයි.

    බුද්ධාවවාදය ලබා නැවත එම ස්ථානයටම ගොස් භාවනා වඩන සමිද්ධි තෙරුන් නැවත වරක් පළවා හැරීම පිණිස මාරයා විසින් නැවත වරක් පළමු වාරයෙහි මෙන්ම පොළොව පැලී යන තැන තරමේ මහත් හඬක් නංවනු ලබන අතර එය තමාව බිය ගන්වා පළවා හැරීම පිණිස මාරයා විසින් සිදු කරනු ලබන උපායක් බව වටහා ගන්නා සමිද්ධි තෙරණුවන් මාරයා අමතා තමන් වහන්සේ පැවිදි කෘත්‍ය ශාක්ෂාත් කර ගැනීමෙහි බලවත් අභිප්‍රායට අනතුරක් කිරීමට මාරයාට නොහැකි බව ස්ථිරව ප්‍රකාශ කළ අතර එය ඇසූ මාරයා සමිද්ධි තෙරුණුවන් විසින් මා හැඳින ගත්තේ යැයි දුක් දොම්නසට පැමිණ එහිම අතුරුදන් වේ. (ස.නි., 2 සමිද්ධි සුත්ත)

    තවත් වාරයක බුදුන් වහන්සේ රජගහ නුවර අසල කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එම කාල වකවානුවෙහි ගෝධික හිමියෝ ද ඉසිගිලි කන්ද පැත්තක වූ කළු ගල් තලාවක වැඩවාසය කරති.

    එලෙස විවේකීව වාසය කරන තෙරණුවන් භාවනා වඩා ලෞකික ධ්‍යාන ඉපදවූවත්, සය වරක්ම උපදවා ගත්තා වූ ලෞකික ධ්‍යාන චිත්ත විමුක්තියෙන් පිරිහුණහ.

    සත්වෙනි වර ද ලෞකික ධ්‍යාන උපදවා උපදවා ගනු ලැබූ ධ්‍යාන චිත්ත විමුක්තිය පිරිහීමට මත්තෙන් ආධුනිකයන් ගෙල සිඳ ගෙන සිය දිවි නසාගැනීමට කල්පනාව මෙහෙයවීය. මේ බව දුටු මාරයා ගෝධික තෙරුන්ගේ සිත තම සිතින් දැන බුදුරදුන් හමුවට පැමිණ බුදුරදුන්හට ගෝධික තෙරණුවන් සිය දිවි නසා ගැනීමට සූදානම් වීමේ ප්‍රවෘත්තිය පැවසී ය.

    මාරයා බුදුරදුන්හට මෙලෙස ප්‍රකාශ කර නිමවෙනවාත් සමගම ගෝධික තෙරණුවෝ ආයුධයකින් උගුරු දණ්ඩ සිඳ ගෙන ජීවිතක්ෂයට පත් විය. එවිට මාරයා හඳුනා ගන්නා බුදුරජාණන් වහන්සේ ගෝධික තෙරණුවන් සිය ගෙල සිඳ දිවි නසා ගනු ලැබූවත් අර්හත්වයට පත් වී සිටි බැවින් උන් වහන්සේ නැවත උපත්තියක් නොලබන බව පැහැදිලි කළ සේක. ගෙල සිඳීම හා සමඟම අර්හත්වයට පත්වීම සිදු වූ හෙයින් මේ අවස්ථාව ‘සමසීසි’ ලෙස හැඳින්වේ.

    ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර භික්‍ෂූන් වහන්සේලාද සමග ඉසිගිලි කන්ද අසල වූ කළුගල් පර්වතයට වැඩම වූ සේක. එලෙස වඩින බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ හට පෙරළුණු කඳ සහිතව අඳ මත්තෙහි වැටී සිටි ගෝධික තෙරුන්ගේ ගෙළ සිඳගත් මළ සිරුර හමුවිය. එම වෘත කලේබරය ඉහළින් දුම් වලාවක් හා අඳුරු වළාවක් බඳු දෙයක් නැගෙනහිර, බස්නාහිර, උතුරු, දකුණු, උඩු, යටි සහ අනු දිසාවන්ට ද ගමන් ගනියි.

    මෙම එක් එක් දිසාවන් දෙසට යන දුම් හා අඳුරු වලාව භික්‍ෂූන්හට පෙන්වා බුදුරජාණන් වහන්සේ ඒ මාරයා බවත්, මාරයා ගෝධික හිමියන්ගේ ප්‍රතිසන්ධි විඥානය කොහි පිහිටියේදැයි සොයමින් ගියත්, එම විඥානය කිසි තැනක නොපිහිටි බවත්, කිසි තැනක නොපිහිටි ප්‍රතිසන්ධි විඥානයෙන් යුක්ත ගෝධික හිමියන් පිරිනිවීමට පැමිණි බවත් වදාළ සේක.

    මෙවිට මාරයා ස්වකීය පණ්ඩු වීණාව ගෙන බුදුරදුන් සමීපයට පැමිණ තමන් ගෝධික හිමියන් උඩ ද යට ද සරස ද සිව්දිග හා අනුදිසාවන් ද යන සෑම තැනම සෙවුමුත් නොදක්නා ලද බව පැවසී ය.

    එවිට බුදුරජාණන් වහන්සේ මාරයා අමතා දිරිමත් වූ ධ්‍යාන වඩන ගති ඇති, හැම විටම ධ්‍යානයෙහි ඇලුණු, දිවි නොතකමින් දිවා රෑ දෙකෙහි භාවනාවෙහි යෙදුණු ඒ ගෝධික හිමියන් මාර සේනා බිඳ දමා, නැවත උත්පත්තියකට නොපැමිණ, තණ්හාව සහමුලින්ම උපුටා දමා පිරිනිවීමට පැමිණි බව වදාළ සේක. මේ ඇසූ මාරයා ශෝකයෙන් මුසපත් වෙත්ම නොදැනුවත්ම කිසිල්ලෙන් වීණාව ගිලිහුණේ ය. අනතුරුව දුකට පත් යක්තෙම එතැන්හි දීම අතුරුදන් විය. (ස.නි. 3 ගෝධික සුත්ත)

    තවත් වරෙක බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංතෙල අංපල් නුග රුක මුල වාසය කරන සමයෙහි මාරයා උන් වහන්සේගේ පෞද්ගලික දුර්වලතාවයක් සොයා ගන්නා අදහසින් පුරා වසර සතක් උන්වහන්සේ සමීපයෙහිම රැඳී සිටිමුත් කිසිඳු දුර්වලතාවක් සොයා ගැනීමට නොහැකිව අතිශයින්ම දුර්මුඛව උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද නිවන පිළිබඳව අනුන්හට අනුශාසන නොකරන ලෙසත්, පවසා උන්වහන්සේ උකටලී කරන්නට තැත් කරන නමුත් තමන් විසින් අවබෝධ කරගන්නා ලද නිවන තමන්ගෙන් පිහිට පතන අන්‍යයන්හට අවබෝධ කරදීම තමන් වහන්සේගේ කාර්යය බව පවසා මාරයාව යළිත් දුර්මුඛ කළ සේක.

    කෙතෙක් උත්සාහ දැරුවත්, බුදුරජාණන් වහන්සේගේ පරාර්ථ චර්යාව නවතාලනු නොහැකි බව වටහාගත් මාරයා නොයෙක් උපමා දකිවමින් තමාගේ කාර්යය නිෂ්ඵල වූ බව දක්වා තමන් තව දුරටත් බුදුරදුන් පසුපස සිදුරු සොයන අදහසින් නොඑන බව පවසා කළකිරීමෙන් ඉවත්ව යයි. ඉවත්ව ගොස් බුදුරදුන්ට නොදුරුව බිම පළක් බැඳ නිහඬව, තෙද නැතිව, කරබාගෙන, බිම බලාගෙන සිතිවිලි සිතමින්, කිසිත් වටහාගත නොහැකිව, ලී කැබැල්ලකින් බිම ඉරි අඳිමින් හුන්නේ ය.

    (ස.නි. 4 සත්තවස්ස සුත්ත) මේ අයුරින් විටෙක මහ ඇතෙකුගේ (ස.නි. 1 ආයු වග්ග, 2 නාග සුත්ත) මහ නාගයෙකුගේ (ස.නි. 6 සප්ප සුත්ත) මහ ගලක් පෙරලුන (ස.නි. 2 රජ්ජ වග්ග, 1 පාසාන සුත්ත) ස්වරූපයෙන් නොයෙක් ආකාරයේ බියකරු විලාශ (ස.නි. 3 සුබ සුත්ත තපෝ කම්ම සුප්පති, නන්දන පළමු හා දෙවන පාස සුත්ත) දැක්වූවත්, ඒ හැම විටකම මාරයාව හැඳින ගන්නා බුදුරදුන් අවවාද කර මාරයා දුරුමුඛකොට පළවා හරිනු ලබන සේක. එක් කාලයක බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නේරංජනා ගංතෙර අජපල් නුග රුක මුල වාසය කරන සමයෙහි මාරයාගේ දූ වරුන් වූ තණ්හා, රති හා රඟා යන තිදෙනා මාරයා සමීපයට ගොස් ඔහු දුකින් ඉන්නා බව දැන එයට හේතු විචාරනු ලබන්නේ ඒ බුදුරජාණන් වහන්සේ නිසා බැව් දැන බුදුරදුන්ගේ සිත් වසඟකොට මාරයා සමීපයට ගෙන එන්නට ස්වකීය පියා වූ මාරයා හමුවෙහිම සපථකොට පිටත්ව යන්නාහ.

    මෙසේ ශපථකොට බුදුරජාණන් වහන්සේ හමුවට යන මාර දූ වරු තිදෙන තමන් බුදුරදුන්ගේ අත්පා මෙහෙවර කිරීමට කැමැති බැව් පැවසූ මුත් ඔවුන්ට හා ඔවුන්ගේ යටි අරමුණු දන්නා බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ වචනය නෑසුණාක් මෙන් ඉවත දමන සේක.

    ඉක්බිතිව මාර දූවරු තිදෙන නොයෙක් ආකාරයේ සිය ගණන් ස්ත්‍රී වෙස් මවා ගනිමින් බුදුරදුන්ගේ සිත් වසඟ කිරීමට උත්සාහ කරන නමුත් ඒ එකදු අවස්ථාවක දී හෝ බුදුරදුන්ගේ සිත් පොළඹවාලීමට ඔවුන්ට නොහැකි වේ. තමන්ගේ පියා වූ මාරයා බුදුරදුන් පිළිබඳව කීයේ ඇත්තක් බව ඔවුන්ට වැටහී ගොස් තිබිණ. එසේම තමන්ගේ ප්‍රයත්නයන් බුදුරදුන් හැර වෙනත් කෙනෙකු අරබයා සිදු වූවා නම් ඒ තැනැත්තා මේ වන විටත් තමන් නිසා ඉතාමත්ම අනතුරුදායක තත්ත්ව වලට පත්වන බවත් ඔවුහු දැන උන්හ. බුදුරදුන් හමුවෙහි උකටලී වූ මාර දූවරු තිදෙන උන්වහන්සේ සිතෙහි ස්වභාවය තව දුරටත් පරීක්‍ෂා කිරීම සඳහා උන්වහන්සේ හුදකලා විසීම හා කාම සංඥා දුරු කිරීම පිළිබඳව ප්‍රශ්න නැගූ නමුත් ඒ ප්‍රශ්නවලට ලබාදුන් පිළිතුරු වල ගැබ් වූ විතරාගී ස්වරූපයත් ධර්ම ගාම්භීරත්වයත් නිසා බුදුරදුන්ගේ සිත කෙසේවත් කාමයෙන් තබා කිසිදු ක්ලේශ මාත්‍ර සිතිවිල්ලකින්වත් පොළඹවාලිය නොහැකි බවත්, තවත් බොහෝ ජනයා බුදුරදුන් ගිය මඟම ගොස් නිවන් අවබෝධ කරගන්නා බවත් වටහාගන්නා මාරදූවරුන් තිදෙනා අතිශයින්ම දුර්මුඛව, උකටලීව මාරයා සමීපයට ගොස් ස්වකීය කාර්යය අසාර්ථක වූ බව මාරයාට පවසති.

    (ස.නි. 3 ගෝධික සුත්ත) මෙසේ සම්බුද්ධ දේශනාවන්හි මාරයා හා මාර දූවරු සංකේතාත්මක ලෙස නොව සැබෑ පිරිසක් ලෙස දක්වා ඇති අයුරු දැකගත හැකි ය. මෙයින් පැහැදිලි වන්නේ ත්‍රිපිටක ධර්මය විවරණය කිරීමේ දී අනවශ්‍ය දාර්ශනික විවරණවලට යොමුවීමෙන් අත්තනෝමතික ලෙස පුද්ගල සංඥාවලට සංකේත ස්වරූපය ආදේශ කිරීමට තැත් කිරීම නිසා සම්බුද්ධ දේශනාවන්හි හරය විකෘතිවීමට ඉඩ ඇති බවයි.

    (තවත් කරුණක් - නිවනට බාදා කරන පස් මරුන්ගෙන් එක් මාරයෙකු වන දේවපුත්ත මාර පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ වෙසෙයි.ඔහු කාම ලෝකයට අධිපතිය.)


    Source: https://www.facebook.com
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාරයා නම් දන්නෙ නැ මචන්, ගැනි නම් මාර දූතිකාවක්.. එ කියන්නෙ මාමන්ඩියා අනිවා මාරයා..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    මාරයා නම් දන්නෙ නැ මචන්, ගැනි නම් මාර දූතිකාවක්.. එ කියන්නෙ මාමන්ඩියා අනිවා මාරයා..

    මචං බුදු දහම විහිලුවකට ගන්න එපා. හරි නෑනේ නේද :dull::dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං බුදු දහම විහිලුවකට ගන්න එපා. හරි නෑනේ නේද :dull::dull:

    අනෙ නැ මචන්.. මම වැරද්දක් හිතලා කිව්වා නෙමෙයි.. කොහොම උනත් මම් කිව්ව දෙ වැරදි කියලා තෙරුනා මෙක් කියෙව්වට පස්සෙ.. මම් comment එක දැම්මෙ කියවන්නත් කලින්, එක පාරට හිතුන දෙ.. සමා වෙයන් මචන්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    (තවත් කරුණක් - නිවනට බාදා කරන පස් මරුන්ගෙන් එක් මාරයෙකු වන දේවපුත්ත මාර පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ වෙසෙයි.ඔහු කාම ලෝකයට අධිපතිය.)


    Source: https://www.facebook.com
    මේ හාදයා නේද වසවර්තිමාර දිව්‍ය පුත්‍ර ලෙස ධර්මයේ සදහන් වෙන්නේ?
    මම දන්න තරමින් ඔහු දෙව්ලොව සයෙන් එකක් වන පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට්ය-එනම් ලොක්කාය.......
    ඒ කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා දෙයියෙක්!!!:D:oo:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    අනෙ නැ මචන්.. මම වැරද්දක් හිතලා කිව්වා නෙමෙයි.. කොහොම උනත් මම් කිව්ව දෙ වැරදි කියලා තෙරුනා මෙක් කියෙව්වට පස්සෙ.. මම් comment එක දැම්මෙ කියවන්නත් කලින්, එක පාරට හිතුන දෙ.. සමා වෙයන් මචන්..

    වරද තේරුණා නම් එච්චරයි මචං. වෙන තැනක දැම්මා නම් ඕක කිසි අවුලක් නැති කියමනක්. මෙතන දාපු එක තමා ඇඋලට හිටියේ. වැරද්ද තේරුම් ගත්ත නම් එච්චරයි මචන් :D:D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    මේ හාදයා නේද වසවර්තිමාර දිව්‍ය පුත්‍ර ලෙස ධර්මයේ සදහන් වෙන්නේ?
    මම දන්න තරමින් ඔහු දෙව්ලොව සයෙන් එකක් වන පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට්ය-එනම් ලොක්කාය.......
    ඒ කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා දෙයියෙක්!!!:D:oo:

    ඔව් මචං. එහෙම අවස්ථා තියෙනවා නේද කීපයක්ම. ඇයි ඉතින් ඔය යම රජ්ජුරුවොත් දෙවි කෙනෙක්නේ. කර්ම විපාක නිසා තමා එයාට නිරයට අධිපති වෙන්න වෙලා තියෙන්නේ :yes::yes:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අවුල තියෙන්නේ මේ ත්‍රෙඩ් අර ත්‍රෙඩ් තරම් හිට් වෙන්නේ නැති එකනේ, බුදුදහම රකින්න පන දෙන්න උනත් සුදානම් වෙන කට්ටිය බුදුදහම පිළිපදින්න උනන්දු නැති එකනේ පුදුමේ.:oo:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,223
    113
    Forest
    මේ හාදයා නේද වසවර්තිමාර දිව්‍ය පුත්‍ර ලෙස ධර්මයේ සදහන් වෙන්නේ?
    මම දන්න තරමින් ඔහු දෙව්ලොව සයෙන් එකක් වන පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට්ය-එනම් ලොක්කාය.......
    ඒ කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා දෙයියෙක්!!!:D:oo:

    Similar to Greek God Hades :oo: Anthimata okkoma kiyanne ekama set ekak ganada koheda bun :dull:
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    මාරයා කියන්නේ දෙවි කෙනෙක් තමා. දෙවියන් අතරත් මිත්‍යා දෘෂ්ටික හා සම්‍යක් දෘෂ්ටික කියල කොටස් දෙකක් තියෙනවා. මාරයා කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටික දෙවි කොටසගේ නායකයා.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඔව් මචං. එහෙම අවස්ථා තියෙනවා නේද කීපයක්ම. ඇයි ඉතින් ඔය යම රජ්ජුරුවොත් දෙවි කෙනෙක්නේ. කර්ම විපාක නිසා තමා එයාට නිරයට අධිපති වෙන්න වෙලා තියෙන්නේ :yes::yes:

    මචන් දන්නා එකෙක් මටත් කියපන් ඔය මාරයා හැමදාමත් මාරයමද? එයාටත් අපි වගේ මැරුණට පස්සේ වෙන ආත්මයක ඉපදෙන්න බැරිද? කොටින්ම මාරයා මැරෙන්නේ නැද්ද? එයා මැරුනොත් කවුද ඊට පස්සේ මාරයා වෙන්නේ?
     
    • Like
    Reactions: Gmaduranga

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් දන්නා එකෙක් මටත් කියපන් ඔය මාරයා හැමදාමත් මාරයමද? එයාටත් අපි වගේ මැරුණට පස්සේ වෙන ආත්මයක ඉපදෙන්න බැරිද? කොටින්ම මාරයා මැරෙන්නේ නැද්ද? එයා මැරුනොත් කවුද ඊට පස්සේ මාරයා වෙන්නේ?

    mekata anuwa nam itin mcn parinimmita wasawarti kiyana divyaloke tamai wadima ayusha, itin eke aya echchara kalayak innawa wenna one. ee divyaloketa budu hamuduruwo piriniwan pawata passe tama dawas 2k wat gihin na kiyalane kiyanne.


    66vzuq.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0

    mekata anuwa nam itin mcn parinimmita wasawarti kiyana divyaloke tamai wadima ayusha, itin eke aya echchara kalayak innawa wenna one. ee divyaloketa budu hamuduruwo piriniwan pawata passe tama dawas 2k wat gihin na kiyalane kiyanne.


    66vzuq.jpg


    :shocked::shocked: එහෙනම් මාරයා මේ වෙලාවේ සුවපහසු පුටුවක වාඩි වෙලා, මොනා හරි තොල ගාන ගමන් හිතනවා ඇති, යන්තම් බුදුන්ගේ කරදරෙන් බේරුනා. හිතට දැනෙන නිදහස කියලා :baffled::baffled::oo::oo::no::no:
     
    • Like
    Reactions: yasas bandara

    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මචන් දන්නා එකෙක් මටත් කියපන් ඔය මාරයා හැමදාමත් මාරයමද? එයාටත් අපි වගේ මැරුණට පස්සේ වෙන ආත්මයක ඉපදෙන්න බැරිද? කොටින්ම මාරයා මැරෙන්නේ නැද්ද? එයා මැරුනොත් කවුද ඊට පස්සේ මාරයා වෙන්නේ?

    මාරයා කියන්න තනතුරට කාලෙන් කාලෙට වෙනස් එක්කෙනෙක් පත්වෙනවා කියල තමා පෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේත් එක සේරයක් දුසී නමින් මාරයෙක් විදිහට ඉපදුනා කියනවා. කාශ්‍යප බුදු හාමුදුරුවන්ගේ (මට මතක හැටියට) ශාරවකයෙක්ගේ ඔලුව පැලෙව්වා කියනවා කොල්ලෙකුට ආරුඩ වෙලා. ඒ පවෙන් අපාගත වෙලා හිටිය කියල කියනවා. මුගලන් හාමුදුරුවෝ ඒක කියන්නේ අපෙ බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටපු මාරයට. මම කරපු මෝඩ වැඩේ ඔබත් කරගන්න එපා කියල.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පරිනිම්මිත වශවර්තියේ ඉපදීම අභව්‍ය උපතක් ලෙස දැක්වේ. එනම් ඔවුනට කොතෙක් පින් තිබුණත් නිවන් අවබෝධ නොවේ. රාහු අසුරේද්‍රයාද මෙවැන්නෙකි. ඔහු බුදුන් සරණ යාම පමණකින් නැවතිණි.

    පරිනිම්මිත වශවර්තිය කාම ලෝක වලින් ඉහළින්ම ඇති අතර කාම සම්පත්ද වැඩිපුරම ඇති තැනක් විය යුතුය.

    කෙසේ වෙතත් මාරයාට විශාල තේජසක් තිබූ බව දැක්වේ. ඔහු ඇසතු ගස වෙත පැමිණි විට පෘතග්ජන දේව බ්‍රහ්මයන්ගෙන් කිසිවෙකුටවත් එහි රැඳී සිටිය නොහැකි විය. ඔහු සතුව ඇති චක්‍රායුධය ඉතා බලවත් බවද දැක්වේ.

    තවත් කරුණක් නම් මාරයාට බුදු වන්නට වීර්ය වඩන බෝසතාණන් කෙනෙක් වෙත මෙළෙස පැමිණෙන්නට හැකි වූයේ ගෞතම බෝසතාණන් වහන්සේගේ පාරමිතා බලයේ තිබූ දෝෂයක් නිසාය. සාමාන්‍යයෙන් මාරයාට බෝසතාණන් වහන්සේ කෙනෙකුගේ ඇස ගැටෙන මානයට පමණක් පැමිණිය හැක. ඉන්පසු ඔහු පළා යයි. අනෙකුත් බුදුවරු සම්බන්ධයෙන් "මාර පරාජය" ලෙස හැඳින්වෙන්නේ මෙයයි.

    ගෞතම බෝසතාණන් වහන්සේ වෙස්සන්තර කාලයේ දරුවන් දන්දෙන විට හීන වීර්යයෙන් "දරුවන් ආපසු ගෙනෙම්දෝ.." යනුවෙන් සිතූ සේක. මාරයාට උන් වහන්සේ ආසන්නයටම ඒමට හැකිවූයේ මේ නිසාය.
     
    • Like
    Reactions: බින්දු

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    දෙව් රජ මාර ලොවෙහි විරාජ

    මාරයා කියන්නේ අතවශ්‍යය දෙයක්.මිනිස්සු සතුන් මැරෙන්නේ නැතිව හිටියොත් මේක යම ලොවක් වගේ තියෙනවා:)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    හොද නූලක් මචං
    උඹලා විස්තර දාපල්ලා
    ගොඩක් විස්තර දැනගන්න පුළුවං වෙයි අපිට