මාර්ක්ගෙන් රත්ගමයට ලියුමක්

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මාර්ක්ගෙන් රත්ගමයට ලියුමක්

හිතවත් මල්ලා වෙත,
මට සිංහල බැරිය..ඒත් මම මේක ලියන්නේ අබේසුන්දර මාමාට කියාලාය..ඉතින් මේකේ පිටපත ගැන මට වග කියන්නට බැරිය.
සුදු මල්ලියේ...අහ්..උඹ බය උනා යැයි මම දනිමි..අපේ රටේ බහුතරයක් 'ගේ' උනාට මම ගේ නොවෙමි..ලැජ්ජා නැතුව කියවන්න මයේ අම්මා..
මෙය හුදෙක් ආතල් එක තකා ලියනා ලියමනහුය..තොපේ රටේ එවුන් අපිට ආතල් දෙනවාහුය..මම මීට පෙරද සිරිලන්කාව ගැන අසා තිබේ.එය මහා අමුතු රටක් යැයි අපේ අත්තම්මා මට කිව්වාහුය..අම්මා මට බත් කවා ගැනීමට ඕනෑ වූ විට කරන්නේ සිරිලංකාව ගැන කතා කීමයි..එව්වා ඒ තරම් බිහිසුනු බැවින් මම බයටම බත් කන්නාහුය
ෆේස් බුකිය සෑදුවේ අපගේ විශ්ව ව්ජ්ජාල සිසුන් සදහා බව කොහේදෝ සිටිනා මෝඩ හාල් පාරුවන් කියනු මට ඇසී තිබේ..නමුත් උන් ඇත්ත කතාව දන්නේ නැත..මම මෙය සෑදුවේ බොලාගේ ප්‍රයෝජනය තකාය..මගුලක් කොර ගැනීම,පව්ල් කඩා දැමීම හා ප්‍රධාන වශයෙන් බොලාගේ ඡන්ද ව්‍යාපාරය සදහාමය..බෑන් කී මූන්ට එරෙහිව පිකටින් කොල ඇමති තුමා බුකිය තහනම් කරන්නටද ගියේ මෙහි ඉකේයියා තොරතුරු ප්‍රකාශ වන බැවිනි..
කතරගම දෙවියන් එවූ රික්වෙස්ට් එක ගැන මම වග කියන්නේ නැත..මා ගාව තිස් තුන් කෝටියක් දෙවි වරුන් උදෙසා වුවද අකවුන්ට් සෑදීමට හැකි සයිබර් ඉඩ ප්‍රමානයක් පවතී..
ෆේක් ප්‍රෆයිල් නම් අම්බානෙක ඇති බව මම ද පිලි ගනිමි.මගේ නමින්ද අම්බානෙක ඇත..
කෙල්ලන් ලියුම් එවන්නේ උඹ හුරතල් නිසාය..මම මේ 'ගේ' කමකට කියනවා නෙමේය..උඹ මාර හැන්ඩ්සම්ය...මොකක් දෝ අමුතම සුන්දරත්වයක් නුඹගේ හුරතල් මුහුනෙන් ප්‍රකාශ වන්නාහුය..එය මට ද ආදරය සිතෙන්නා වූ හැගීමකි..ඉතින් කෙල්ලන්ට මල් පලතුරු පමනක් නොව රුලන් විස්කෝත්තු පවා එවීමට සිතිය හැක..
සුදු මල්ලි වස්තුවේ, මම නෙහාරා දැක්කේ නෑ රත්තරනේ... බොද මීදුමේ වාගේ දණ ගස්සලා දැයි සොයා බැලීම වටී...මම උඹලාගේ රටට පට්ටා ලයික් වන්නේ ඒවා නිසාය..හොර කම් කොර කොරත් ලස්සනට රගපානා ආකාරය හැගීම් අවුස්සන සුලුය..
අබේසුන්දර මාමා නිසා අනිත් පස්සයේ මාමලාට රජ මගුල් බව පහුගිය ටිකේ දුටිමි..මල්ලී ඇස් ඇම් ඇස් එකක් යැව්වාද? මම නම් මහේල අයියාට සහ තිලාන් අයියාට විශ් කොරලා ඇස් ඇම් ඇස් එකක් යැව්වෙමි..නම්බරය සොයා දුන් වික්‍රමසිංහ මාමාට ස්තූති කලා යැයි පවසන්න
අපේ රටේ නම් වැසිකිලි දන්සල් පැවැත්වේ.තොපේ රටේ ඉකේයියාය...රුපියල් දහයට මුත්‍රා කොරන්න බොලාට පිස්සුදැයි නොදනිමි...
මූත්‍රා බර 7 ක් = පොල් ගෙඩියක මිල ය
එය මා අලුතෙන් නිර්මානය කොල සූත්තරයකි...අවසාන වශයෙන් මා පිලිතුරු සපයන්නේ උඹට පමනි..උඹ එව්වා වැනි ලියුම් දස දහස් ගනනක් පහු ගිය ටිකේ මට ලැබුනාය..මෙව්වා කියවලාම මට ඇලජික්ය..මම තවත් පිලිතුරු එවන්නේ නැත...
උඹට කතරගම දෙවියන්ගේ පිහිටයි!!!!
මෙයට
විශ්වාසි
මාර්ක් අයියා ( මහතා )




පලවෙනි කොටසට පහලින් යන්න..රත්ගමයා මාර්ක්ට ලියූ ලිපිය
http://www.elakiri.com/forum/showthread.php?t=1117083
 
  • Like
Reactions: BC_Dilum