උබ කතෝලික නේද මචන්? කෙටියෙන් කියන්නම්.
1)
අපේ කාගෙ කාගෙත් හිත්වල කෙලෙස් තියෙනවා. හිතේ ගැඹුරුම තැන් වල පැලපදියම් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා.
සෝවාන් වෙනකොට ඒ දහයෙ මුලින් තියෙන කෙලෙස් 3 නැති වෙනව.
සකෘදාගාමි වෙනකොට 3-5 තුනී කරනවා. ඒ කිව්වෙ ඒවායේ ඇති බලපෑම ගොඩක් අඩු කරනවා.
අනාගාමී වෙනකොට අරේ තුනී කරපු දෙකට සම්පූර්නයෙන්ම නැති කරනවා.
අරහත් වෙනකොට 6 -10 කියන 5සම්පූර්ණයෙන්ම නැති කරනවා.
2)
ධ්‍යාන කියන්නෙ හිතේ ඇතිවෙන සමාධි තත්වයක්. නිවන් අවබෝධකරගන්න හෝ ඉහල බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්. සිදුහත් කුමාරයා ඉපදෙන්න කලිනුත් ඒ කාලේ හිටපු අය මේ ධ්‍යාන උපදවාගෙන තිබ්බා.
3)
නිවන් අවබෝධ කරගන්නවා කියන්නෙ අවසාන වශයෙන් රහත් ඵලය සාක්ශාත් කිරීමයි. ඊට මෙහා තියෙන මාර්ග ඵල සාක්ශාත් කිරීමත් නිවන් අවබෝධ කිරීමක් තමයි.
4)
සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා
1) & 2) අතර ඇති වෙනස
භාවනා කරනකොට ධ්‍යානයක පවතින ධ්‍යාන සිතක් වගේම මාර්ගඵලයකින් ලබන ඵල සිතත් හිතේ ගැඹුරු සමාධියක් කියන්න පුළුවන්. ධ්‍යානයකදි තාවකාලිකව කෙලෙස් යටපත් කරනවා. ඒත් මාර්ගඵලයකින් සදාකාලිකවම කෙලෙස් නැති කරපු හිතක් ඇති වෙනවා.
3) & 4) අතර ඇති වෙනස
දෙකම එකයි. රහත් වෙච්ච කෙනෙක් නිවන් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඒත් සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙච්ච අය නිවන් අවබෝධ කරගෙන හිටියට රහත් වෙලා නෑ. රහත් වෙනවයි කියන්නෙ අවසාන වශයෙන් තියෙන රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියන කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරපු. නැවත් ඉපදීමක් නැති කරපු කෙනෙක්ට.
බොහොම කෙටියෙන් කියපු නිසා අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධව ගැඹුරෙන් විස්තර කරපු පොත් ලිපි කියවන්න