මාර්ග සංඥා අසල සිඟමන් යදින අයට සිඟමන් දෙන්න එපාලු

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,225
    113
    මාර්ග සංඥා අසල මාර්ගයේ සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් හෝ උපකාර ලබා දීමෙන් වළකින ලෙස රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඉල්ලා සිටියි. මෙම ස්ථානවල සිඟමනේ යෙදෙන පිරිස් පාදඩ ආඥාපනතේ තුන්වැනි වගන්තියට අනුව අත්අඩංගුවට ගන්නා බවත්, මෙම ස්ථානවල සිටින ඇතැම් පිරිස් පැමිණෙන වාහනවල හැප්පී තුවාල සිදුකර රියදුරන්ට වරද පැටවීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.



    මංසන්ධි සහ අලෝක සංඥා පුවරු අසල රථවාහන ගමනාගමනයට බාධාවක්, හිරිහැරයක් වන ආකාරයට කටයුතු කරන යාචකයන් ඉවත් කිර්මට පොලිස් නිලධාර්න් යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.සිඟමනේ යෙදෙන සමහර පිරිස් හොඳ ජීවිත ගත කරන බවත්, සමහර පිරිස් වාහනවලින් හෝ යතුරුපැදිවලින් පැමිණ පසුව සිඟමන් යැදීමට අවශ්‍ය ඇඳුම් පැලඳ සිඟමන්වල යෙදෙන බවත්, සමහර පිරිස් ව්‍යාපාරයක් වශයෙන් මෙම කටයුතු සිදුකරන බවත් හෙම කියා සිටියේය. මෙවැනි ස්ථානවල සිඟමන් යදින පිරිස්වලට මුදල් හෝ වෙනත් උපකාර කිරීමෙන් වැළකී සිටිය හොත් සිඟමන් යැදීමට අදාළ ස්ථානවලට පිරිස් නොපැමිණෙන බවද ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

    මහා මාර්ගවල සිඟමන් යදින පිරිස් පවා සමහර අවස්ථාවල රිය අනතුරුවලට ලක්වන බවත්, මෙම ස්ථානවල සිටින පිරිස් ප්‍රවාහන අමාත්‍යාංශය සමග එක්ව පුනරුත්ථාපනය කර ස්වයං රැකියා සඳහා යෙදවීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

    මෙම පිරිස් කම්කරුවෙකු දෛනිකව උපයන මුදල මෙන් විශාල මුදලක් උපයා ගන්නා බවත්, රජයේ රැකියා කරන දරුවන් සිටින පිරිස් පවා සිඟමන් යදින බවට හෙළි වී තිබෙන බවත්, සමහර පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    මහජනතාවට බාධාවකින් හා කරදරයකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව සලසා දීම සඳහා යාචකයන් මෙම ස්ථානවලින් ඉවත් කිරීමට හා අත්අඩංගුව ගැනිමට කටයුතු කරන බවත්, පොලිස් නිලධාන්ට විශාල රාජකාරී ප්‍රමාණයක් සිදුකිරීමට සිදුව තිබෙන බවත්, එවැනි තත්ත්වයක් තුළ මෙම කටයුතු සිදුකරන බවත් හෙතෙම පැවසීය.පසුගිය සතියේ සිට ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුම මගින් මේ වනවිට යාචකයන් 94දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කර තිබෙන බවද ඊයේ (29දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා පවසා සිටියේය. කොළඹ මහනගර සභාව තුළ සංඥා ලාම්පු 180ක පවතින බවත්,

    පොදුවේ දිවයින පුරා මෙවැනි ස්ථාන 350ක සංඥා ලාම්පු සවිකර තිබෙන බවත්, සංඥා ලාම්පු අසල ගැවසෙන සිඟමනේ යෙදෙන පුද්ගලයන් විසින් සිදුකරන ක්‍රියා නිසා රියදුරන් ද දැඩි අපහසුතාවට පත්වන බවත් සඳහන් කළේය.
    ඉන්දික හේවාවිතාරණ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,248
    22,748
    113
    අද බස් එකට නැගලා පිළිකා ලෙඩෙක්ට ආධාර ඉල්ලනවා. ... ටෙලිෆෝන් අංක කියනවා.... අසරනයන්ට පිහිටවෙමු ඩොට් කොම් එකේ නම ගහන්නලු.😃

    ගොඩක් එවුන් සල්ලි දුන්නේ නැහැ. දැන් මිනිස්සු දැනුවත් ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,779
    17,639
    113
    Didnt Think Of That Timothee Chalamet GIF by Saturday Night Live
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,553
    14,551
    113
    Oya kari wesawonta satha pahal denna epa. Thawa ATM gawa, Banku gawa inna untath denna epa. Samahara un Kapuru bola handunkuru wage minissunta wadakata nathi dewal wikunanana muawen hingakanna purudu wela. Oya pakayonta rassawak dennan waren kiwwoth eida balapanko