තමන්ට ඉස්සරහින් වාහනයක් හෙමින් යද්දී, ඉරිකපන්නෙ නැතුව බොහොම සන්වරව තමන් ඉස්සර කරන්න තැනක් එනකන් බලන් යද්දි පස්සෙන් එන පිස්සුඋත්තලා හෝන් ගහද්දී මල පනින්නැද්ද උබලට.
පොඩ්ඩක් ස්ලො කරලා ඌට අපිට ඉස්සර කරන්න දීලා අපිත් ඌ වගේ පිස්සෙක් වගේ හෝන් එක ගැහුවා නං හරි. මෙහෙම යද්දි සමහරු හිතන්නෙ අපි ආතල් එකට ඉස්සරහ වාහනේ පස්සෙන් යනවා කියලා
කහ ඉර උඩ ඉස්සර කරන එක ගැන මොකද හිතන්නෙ?
ඉස්සරකරන්නෙ bike එකක් නම්, පාර පනින කවුරුවත් නෑ කිය්ල 100% confirm නම්, කහ ඉර උඩ කියල break කරන්න try කරන එක risky නැද්ද? ඉස්සරහින් තියන bike එකේ හැප්පෙන්නත් පුලුවන්.
මං හිතන්නෙන නීති තිබුණට ක්‍රියාත්මක කරනකොට ප්‍රායෝගික වෙන්න ඕනි කියල.
මට නං හිතෙන්නෙ කහ ඉර උඩ ඉස්සර කරන්න බැරි එක ගොඩක්ම හොඳ නීතියක් කියලා
මිනිස්සු ඉන්න වෙලාවයි නැති වෙලාවයි කියන එක අවස්ථාව අනුව වෙනස් වෙන්න පුලුවන් නේ එතකොට මිනිස්සු ඉන්න වෙලාවට ඔවර්ටේක් කරන්න බැහැ අනික් වෙලාවට පුලුවන් කියන පොඩ්ඩක් සංකීර්න කේස් එකක් වෙනවානේ, ඒකට වඩා හරි සරලයි ඒක උඩ ඕවටේක් කරන්න එපා කියලා තියන එක. පාරෙ යන එවුන්ගෙ පැත්තෙන් බැලුවම හොඳ නීතියක්
තව දෙයක් කහ ඉර ලඟ වාහනයක් නතර කරලා තියෙද්දි පස්සෙන් එන කෙනාට ඉස්සරහ වාහනේට වැහිලා පාර පනින කෙනා පේන්නෙ නැති නිසා කහ ඉරේ පනින කෙනා දැක්කෙ නැහැ ඒක නිසා ඔවර්ටේක් කරා කියලා වගේ දේවල් වෙන්න පුලුවන් නේ
මම කීප වතාවක්ම දැකලා තියනවා කාර් එහෙම කහ ඉර(crossing) එක ලඟ නතර කරලා තියෙද්දිත් බයික් ඕවර්ටේක් කරන්න ගිහින් පාර පනින මිනිස්සුන්ගෙ ඇඟේ හැපෙනවා
හැම තැනකම කහ ඉරි තියනවා කියන එකට මෙහෙම දෙයක් තියනවා ඉස්සරහ කහ ඉරක් තියනවා නං කහ ඉරි පේන්නෙ නැති තරං දුරින් පාරෙ ලේන් එක මැද ඩයමන්ඩ් හැඩේ කොටුවක් ගහලා තියනවා. එතකොට දැනගන්න ඕන පාර කෙලින් තිබ්බත් කඩ ඉරි තබ්බත් ඉස්සරහින් කහ ඉරක් අනිවාර්යෙන් තියනවා කියලා. මේක නෝටිස් වෙලා නැනිව ඇති නමුත් පොඩි ක්‍රොසින් එකක පවා දෙපැත්තෙ පාරෙ ඒක තියනවා මම දැකලා තියනවා. මේව එහෙමත් ලෝකෙම තියන නීති මම දන්න විදියට
කහ ඉර උඩ ඕවර්ටේක් කරන්න බැරි එක ලෝකෙම මේ විදියට තියනවා. අනික පාරෙ යද්දි තියන නීති ගොඩක් ඒව ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම ඒ විදියටම තියන ඒව නේද තියෙන්නෙ. ඒක නිසා ලංකාවෙ අමුතු නීති කියලා කියන්න බැහැ.