මාර්ග සංඥා 9ක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මාර්ග සංඥා 9ක් අපේ රියදුරන්ට පෙනෙන හැටි :P

    අනෙක් රියදුරන්ට වඩා අපේ රියදුරන් හරි වෙනස්. වෙනත් රටවල මාර්ග නීති පිලි පැද්දත් මොන කරුමෙකට හරි අපේ රියදුරන්ට පෙන්නේ හරිම වෙනස් විදියට. ගොඩක් වෙලාවට මාර්ග නීති අස්සේ තියෙන හිල් වලින් රිංගලා යන්න මේ අය හරි දක්ෂයි. මේ අපුරු මාර්ග නිති හැඳින්වීම් ඔබ අනිවා කියවිය යුත්තේ අන්න ඒ නිසයි.


    1. ට්‍රැෆික් ලයිට්ස්

    drivers-thoughts-02.jpg


    රතු එලිය – ඉදිරියට නොයන්න එහෙත් වාහනය රේස් එකේ තියාගන්න.

    කහ එලිය – රතු එලිය වැටෙන්නට කලින් වේගයෙන් යන්න.

    රතු කහ දෙකම එක වර – දෙපැත්ත බල බලා ඉන්නේ නැතුව ඉක්මනට යන්න.

    කොළ එලිය – වේගයෙන් යන්න.


    2. ගල් පර්වත වැටෙන ස්ථානය ඉදිරියෙන්

    drivers-thoughts-02.jpg


    ගල් පර්වත වැටෙන ස්ථානය ඉදිරියෙන් කරුණා කර ඔබේ දුරකථන කැමරාව සුදානම් කරගන්න. හදිසියෙවත් කුමක් හෝ අනතුරක් වුනොත් එය වලක්වා ගන්නවාට වඩා පින්තුරේ ගෙන ෆේස්බුක් දැමීම ඔබේ ආරක්ෂාව අනෙක් අයට වඩා සහතික කරයි.


    3. ආරක්ෂා නොමැති දුම්රිය මාර්ගය ඉදිරියෙනි

    drivers-thoughts-03.gif


    ආරක්ෂා නොමැති දුම්රිය මාර්ගය ඉදිරියෙනි, රේල් පාර මැද නවත්වා ගන්නේ නැතුව පාර පැන්නා ගන්න එක ඔබේ යුතු කමකි. පුලුවන් තරම් ඉක්මනින් පාර පන්නාගෙන කෝච්චියට ඉස්සරහින් ලීඩ් එකක් දෙන එක ඔබේ තත්වයට යහපත් වණු ඇත.


    4. පහතට අවධානම් බෑවුමකි.

    drivers-thoughts-04.jpg


    පහතට අවධානම් බෑවුමකි. ඔබට වාහනය නියුට්‍රල් එකේ පහලට ගිය හැකිය. ඉන්ධන ඉතුරු කිරීම මගින් ඔබේ ගමනේ වියදම අඩු කරගත හැකි අතර වාහනේ එන්ජිමට හෙන ගැහුවත් තෙල් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ඔබ නියම ශ්‍රීලාංකික ඩ්‍රයිවරයෙකු බව ලොවට කියා පායි.


    5. බස් රථ නැවතුම.

    drivers-thoughts-05.jpg


    බස් රථ නැවතුම. බස් නැති වෙලාවට ඔබේ රථය නවතා ගත හැකිය. පොලීසිය අහල පහල සිටිනවාද බලා ඔබේ රථය එතනින් නවත්වා ගන්නට සැලකිලිමත් වන්න. බොහෝ වෙලාවට මේ මාර්ග සලකුණ තියෙන තැන් වලට මීටර් දෙතුන් සියයක් ඈතින් බස් නවත්වන නිසා ගැටළුවක් නැතිව ඔබේ වාහනයට පර්ෆෙක්ට් පින් ස්පෝට් එකක් හිමි සාඩම්බර ඩ්‍රයිවරයෙකි.


    6. U-Turn වානා ඕනා තැනකින් කරකවාගන්න ඕනා

    RoadSigns6-300x300.jpg


    මේ සලකුණ තියෙනවා කියන්නේ ආපසු හරවන්නට ඔබට ජැක්පොට් එකක් ඇදී ඇති බවයි. පොලිස් මාමාලා නැතිනම් කිසිම කරදරයක් නැතිව මේ තැන්වලින් ඔබේ වාහනය කරකවා ගන්නට හැකියාව ඇත. ඒත් ඒ ඔක්කොටම කලින් දෙපැත්ත බලලා පොලිස් මාමලා ඉන්නවාදැයි සැක හැර දැනගන්න.


    7. මීට වඩා වේගෙන් මේ පාරවල් වල යන්නට පුළුවන්(ලු)

    RoadSigns7.jpg


    දැක්වෙන වේග සීමාවට වඩා වේගයෙන් රිය පැදවීම තහනම්. එසේ වුවත් පොලිස් මාමලා නැතිනම් මේ වගෙන් එහා මේ පාරවල් වල වාහන පදවන්නට පුළුවන් බව දැනගනු යෙහෙකි.


    8. මොකුත් කියන්න ඕනෙද?

    RoadSigns8.jpg


    කියන්නේ ඕනේ ඔක්කොම පින්තුරේ තියෙනවා ආයි වෙන කතන්දර මොකටද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Me sign eke meaning eka mokakda..

    View attachment 64745

    කතරගම යන අතර මඟ ඔය ඉර ඇති වෙන්න තියෙනව.. මට එකෙක් කියුවේ..ඉර ඔහොම තියෙද්දි තනි කෙලින් ඉර තියෙන පැත්තෙන් එන වාහන වලට ඉස්සර කරන්න බෑ..කඩ ඉර තියෙන පැත්තෙන් එන වාහන වලට විතරක් ඉස්සර කරන්න පුලුවන් කියලා.
    තව එකෙක් කියුවේ..මොන මඟුල උනත් තනි ඉර කපන්න පුලුවන් දකුණට හරවනකොට විතරක් නිසා ඒ අවශ්‍යතාවයට නෙමේ නම් මොකා මොක කීවත් ඕක කපන්න යන්න එපා.රු 1000කට කෙලෝ ගන්න වෙයි කියල..මමත් ඒ කන්සෙප්ට් එක තමා followup කරන්නේ..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කතරගම යන අතර මඟ ඔය ඉර ඇති වෙන්න තියෙනව.. මට එකෙක් කියුවේ..ඉර ඔහොම තියෙද්දි තනි කෙලින් ඉර තියෙන පැත්තෙන් එන වාහන වලට ඉස්සර කරන්න බෑ..කඩ ඉර තියෙන පැත්තෙන් එන වාහන වලට විතරක් ඉස්සර කරන්න පුලුවන් කියලා.
    තව එකෙක් කියුවේ..මොන මඟුල උනත් තනි ඉර කපන්න පුලුවන් දකුණට හරවනකොට විතරක් නිසා ඒ අවශ්‍යතාවයට නෙමේ නම් මොකා මොක කීවත් ඕක කපන්න යන්න එපා.රු 1000කට කෙලෝ ගන්න වෙයි කියල..මමත් ඒ කන්සෙප්ට් එක තමා followup කරන්නේ..

    චැහ්.. හරි උත්තරේ දැන ගන්න ඔක්කොම ටික කියෝගෙන ආව.. අන්තිමට කන්සෙප්ට් මගුළක් ෆලෝ කරනවලු..:rofl: බෑනෙ ඉතින් කොරන්න.. මේක හරියටම දැන ගන්න විදිහක් නැද්ද..?:baffled: