මෙහෙමයි වැඩේ, ඕනම වැඩපළක,factory එකක office එකක, ඒ තියා ඉස්කෝලෙක, campus එකක පවා පිකට් එකක, වර්ජනයක, ලොක්කන්ට හූ කියන, වටලලා මිනිස්සු හිර කරන ඒවායේ ඉන්න මිනිස්සුන්ට පොදු ලක්ෂණ තියෙනවා, සරලව කිව්වොත් එකම කණ්ඩායමක්, මේ පිරිස කවදාවත් ප්රශ්න විසඳෙනවට කැමති නෑ. ඕනම තැනක ප්රශ්න වලින් තමයි ජීවත් වෙන්නේ. අර කූඹියෝ එකේ හොඳට කරගෙන ගිය company ක් ඇතුළේ ප්රශ්නයක් දාලා union එකක් හදනවා, ඒ මොකටද තමන්ගේ agenda එකට.
ඔය ජාතියේ මිනිස්සු ප්රශ්න විසඳෙනවට කැමති නෑ. අනික කවදාවත් මිනිස්සු සැප විඳිනවට කැමති නෑ. කතා කරොත් කරන්නේ අහවලා තඩි වාහනේක යනවා අනික් මිනිස්සු බස් වල යනවා කියලා අර වාහනේ යන එකා පයින් යවන්න මිසක්, බස් එකේ යන එකාට කාර් එකක් ගන්න තියා අඩු ගාණෛ AC bus එකක යන්න වත් කැමති නෑ. තියෙන එකාට ඉරිසියා කරන්න නම් හොඳට දන්නවා. ඒ නිසා හැම තිස්සෙම යමක් තියෙන එකාට ගහන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ.