මාලිංග යළිත් ටෙස්ට් පිටියට?
ටෙස්ට් තරගාවලියේදී වේග පන්දු යවන ලසිත් මාලිංග නොමැති වීම සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක් අදහස් දැක්වීමත් සමඟ, දෙරට අතර ටෙස්ට් තරගාවලියේ එක් තරගයකට හෝ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව ක්‍රීඩා කරවීම පිළිබඳව අවධානය යොමුවී තිබේ.
මේ අනුව මෙම මස 31 වැනිදා සිට ආරම්භ වන දෙරට අතර ටෙස්ට් තරගාවලියේදී නැවතත් ටෙස්ට් පිටියට අවතීර්ණ වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ පෙළේ බලධාරීන් කිහිප දෙනෙක් මාලිංගගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලසිත් මාලිංග, පසුගියදා කොළඹදී නිමා වුණු අවසන් එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් ලොව වැඩිම කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාවක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත්වීමට සමත්විය. එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක් සඳහන් කර සිටියේ ඉදිරි ටෙස්ට් තරගාවලියේදී මාලිංග නොමැතිවීම සම්බන්ධයෙන් තම කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු සතුටට පත්ව සිටින බවයි.
මේ සම්බන්ධව "දිවයින"ට අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු සඳහන් කර සිටියේ ලසිත් මාලිංගට යළිත් ටෙස්ට් පිටියට පැමිණීම සඳහා ආරාධනා කිරීම පිළිබඳ පුවත සත්‍ය එකක් වන නමුත්, එම ආරාධනාව සඳහා මාලිංගගෙන් මේ වන තෙක් ප්‍රතිචාරයක් ලැබී නැතැයි සඳහන් කර සිටියේය.
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට මාලිංග ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර තිබූ අතර එහිදී කඩුලු 101 ක් බිඳ හෙළීමට ඔහු සමත්වී තිබේ. මාලිංග පසුගියදා නිමාවුණු දෙරට අතර එක්දින තරගාවලියේ අවසන් තරගයේදී කඩුලු ත්‍රිත්වයක්ද සමගින් කඩුලු 11 ක් බිඳ හෙළීමට සමත්වූ අතර එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 11.45 ක් වශයෙන් සටහන් විය.
මේ අනුව ලබන සැප්තැම්බර් 08 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීම සඳහා මාලිංගගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බව තමාගේ විශ්වාසය බවද නම සඳහන් කිරීමට අකමැති වූ එම ඉහළ පෙළේ නිලධාරියා දිවයින හමුවේ සඳහන් කර සිටියේය.
මේ අතර අදාළ ආරාධනාව සම්බන්ධයෙන් දිවයින විසින් ලසිත් මාලිංගගෙන් ඊයේ (28 දා) කරුණු විමසන ලදුව, බොහෝ දෙනා තමාට යළිත් ටෙස්ට් පිටියට පැමිණීම සඳහා ආරාධනා කර සිටින බවත් සඳහන් කර සිටියේය.
එහිදී යළිත් ටෙස්ට් පිටියට පැමිණීම සම්බන්ධව ඔබ සිටින්නේ කුමන ස්ථාවරයේද යන්න දිවයින පෙරළා යළි මාලිංගගෙන් ප්‍රශ්න කර සිටි අතර, ඒ පිළිබඳව තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවත්, තමාගේ පුහුණුවීම් පමණක් ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බවත් සඳහන් කර සිටියේය.
මේ සම්බන්ධයෙන් වත්මන් තේරීම් කමිටු සාමාජිකයකු වන බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා අදහස් දක්වමින්, ටෙස්ට් තරගයකදී දිනකට පන්දු යවන්නකු පන්දුවාර 15/20 ත් අතර ප්‍රමාණයක් යෑවිය යුතු බවත්, එය මාලිංගගේ ආබාධිත තත්ත්වයට එතරම් සුදුසු නොවන බව සඳහන් කර සිටියේය.
මම දන්න විදියට එයා එක්දින තරගයකදී හෝ එක දිගට පන්දුවාර 4 කට වඩා දාන්නේ නැහැ. ඒක නිසා මේ සම්බන්ධව මාලිංග මොන විදියට කටයුතු කරයිද කියන එක හිතා ගන්න බැහැ යනුවෙන් හෙතෙම අදහස් දැක්වීය.
http://www.cricturf.com/sinhala/53-snews/2211-2011-08-29-02-06-17.html

Last edited: