මාලිංග IPL ගහයිද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    12963559_10209395320343664_5375736199940532964_n.jpg


    මාලිංග අයි පී එල් ගහයිද යන්න මේ දිනවල සෑහෙන දෙනෙකුගේ බඩ රිදවන හද කකියවන ගැටලුවක් බවට පත්ව තිබේ. මාලිංග හෙට මැච් එකේ සංචිතයේනම් සිටී.

    මාලිංග අයි පී එල් ගැහුවොත් මටනම් එහි අවුලක් නොපෙනේ. පාදයේ ආබාධය හොදවීමට මාසයක් ප්‍රමාණවත්ය. මාලිංගට කස්ටිය එක එක ඒවා කියන්නේ මාලිංග පච්ච කොටාගත්, කොණේඩෙ පාටකරගත් රස්තියාදුකාරයෙක් නිසාය. අනෙක් අතට “මීට කලින් මාව දැකල නැද්දැයි අහපු නිසාය“. මාලිංගගේ කල්කිරියාවනම් මාත් අනුමත කරන්නේ නැත. හැබැයි මාලිංග අයි පී එල් ගහයිදැයි බලා විපිලසරව මාලිංගට දත නියවන්නට බලා සිටින අය මේ ටිකත් කල්පනා කර බැලුවොත් හොදය.

    අයි පී එල් එකට කබ්බන් ගන්නේ නැත. ගන්නේ වැඩ්ඩන්ය. මොකද ටියුබ් ලයිට් වලට කෝටි ගනන් ගෙවන්න ඉන්දියාවේ අන්ට පිස්සුවක් නැත. මාලිංග දෙවන වැඩිම ලංසුව හිමි විදෙස් ක්‍රීඩකයාය. ඉන්දිය රුපියල් කෝටි 95ක ලංසුවක් ඔහිට හිමිය. අයි පි එල් සීසන් 4කදී කඩුලු 20කට වැඩිය දවාගත් එකම ක්‍රීඩකයා මාලිංගය.

    මාලිංග 2015 වර්ල්ඩ් කප් ගැහුවේ කකුල ඔපරේෂන් කර මාස 3කට පසුවය. ඔපරේෂන් එකකින් පසු ඇතිවන තත්වය දන්නේ කකුලක් ඔපරේෂන් කල එකෙක්ය. මමද පාදයේ සැත්කමකට ලක්ව මාස 8ක් ඇවිදගන්න බැරුව හිටපු එකෙක් ලෙස එම තත්වය හොදින් දනිමි. එහෙව් තත්වයක් මත මාස 3කින් ආපු එකට ඔය කවුරුත් මාලිංගට හොද කීවේද තුති මල් පිදුවේද නැත. එහෙම ඇවිත් මාලිංගගේ කකුලේ ආබාධය වැඩිවී යලි ක්‍රීඩා කිරීමට නොහැකි වූවානම් ඔය කවුරුත් ඌට කන්න දෙන්නේද නැත. ඕනනම් පෝස්ට් එකක් හදා ලයික් ටිකක් එකතු කරගෙන මාසයකින් දෙකකින් මාලිංග අමතක කර දමනු ඇත.

    ලංකාවේ සෙසු වේග පන්දු යවන්නන් සියල්ලෝ අසමත්ය. එක්කෝ ආබාධිතය. ධම්මික, ශමින්ද, කුලේ, සුරංග, තිසර මේ ගොඩේය. කවුරුත් මොකුත් කියන්නේ නැත. තිසරගේ මහන්තත්තකම වැඩිය. සනත් තිසරට ඒ කණ්ඩායමේ සෙල්ලම් කරන්න කි විට තිසරට මානසික ආතතිය හැදුනේය. ජනාධිපතිට කියා ටීම් එකට ආවේය. හැබැයි ලකුණු ගැහුවේ නැත. විකට් ගත්තේද නැත. රට අතහැර නවසිලන්තයට යන බව කීවේය. නවසීලන්තයේ අච්චර දක්ෂයන් සිටියදී තිසරට සිටිසන් දී ජාතික කණ්ඩායමට ඔබා ගන්නට නම් උන්ට පිස්සුවක් තිබිය යුතුය.චන්දිමාල් අසමත් විය. සනත් චන්දිව ඒ ටීම් එකට දැම්මේය. චන්දි නිහතමානිව ඒ ටිම් එකට ගොස් ශතක දෙකක් ලබාගෙන යලි ජාතික කණ්ඩායමට එක්විය. කවුරුත් තිසරට බැනලා පෝස්ට් හැදුවේ නැත.

    ඇන්ජි ආබාධිතය. ඒ නිසා කවදාවත් පන්දුවාර 10 දාන්නේ නැත. 20-20 පන්දුවාර 4 දාන්නේද නැත. කවුරුත් ඇන්ජිට සනීප වෙනකල් එලියෙ ඉන්නයයි කියන්නේ නැත. හැබැයි ඇන්ජිගේ මේ ක්‍රියා කලාපය ලංකාවට අවාසි සහගතය. හැබැයි කවුරුත් පොස්ට් හදා දමන්නේ නැත.

    හේතුව ඇන්ජිවත්, තිසරවත් මීට කලින් මාව දැකල නැද්දැයි අසා නැත.මේ වගේ උදාහරණ දුසිමක් පෙන්වා දිය හැක.

    ගල් වදින්නේ පල ඇත රුකටය. හැමෝම මාලිංග ගැන අවධානයෙන් සිටින්නේ එබැවිනි. අරවින්දද බලා සිටින්නේ මාලිංග අයි පී එල් යනකල්ය. ඒ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවන්නට පහසු වනු වස්ය. කවුරු මොනවා කිවත් අපේ ක්‍රිකට් දැන් දුවන්නේ හිතවත්කම්වලට එකිනෙකා සන්තෝස කිරීමටය.

    ක්‍රීඩකයෙක් හැටියට මාලිංග දක්ෂයෙකි. මම අගය කරන්නේ ඒ දක්ෂතාවයයි. විනය ක්‍රීඩකයෙකුට වැදගත්ය. දක්ෂයා විශිෂ්ටයෙකු කරන්නේ විනයයි. මාලිංග වරද්දා ගත්තේ එතැනයි. සැමුවෙල්ස්ට විනයක් නැත ඔහු ලෝක කුසලානය දෙවරක් කොදෙව්වන්ට දිනා දුන්නේය. කෝලිට විනයක් නැත. නමුත් ලෝක කුසලාන තරගාවලියේ වීරයා ඔහුය. එනිසා මටත් මාලිංගගේ විනයෙන් වැඩක් නැත. මොකද විනය රැක්කාට මැච් දිනවන්නෙක් විය නොහැක.

    -විදුරංග විලෝචන ගුණසේකර-
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ow ban.. wadey thiyanne.. uw hama ekakma muhunata kiyala danwa.. Sanga Mahela wage mediyawata mahathma gathiyak penanna yanne naha
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ගැහුවට කමක් නෑ ඌ දස්සයා.
    ඒත් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තිබ්බ අවස්ථාවේදි බොරු ලෙඩ හදාගෙන හිතාමතා මග හැරියා නම් ඒ ඌගේ කුප්ප කම
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මොකද විනය පමණක් රැක්කාට මැච් දිනවන්නෙක් විය නොහැක.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙන අලුත් කොල්ලෙක් ගැන හොයන්නේ නැති කාලකන්නි මිඩියා කාරයෝ කොච්චර දක්ෂයෝ ඉන්නවාද තැනක් ගන්න පුළුවන් !
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගැහුවට කමක් නෑ ඌ දස්සයා.
    ඒත් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තිබ්බ අවස්ථාවේදි බොරු ලෙඩ හදාගෙන හිතාමතා මග හැරියා නම් ඒ ඌගේ කුප්ප කම

    :yes::yes::yes: අනික මූ අත අැරිෙය වර්ල්ඩ් කප් ඒක.. :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ගැහුවට කමක් නෑ ඌ දස්සයා.
    ඒත් තමන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තිබ්බ අවස්ථාවේදි බොරු ලෙඩ හදාගෙන හිතාමතා මග හැරියා නම් ඒ ඌගේ කුප්ප කම

    oo asia cup eke idan play kare natte injured hindane...
    mn nm hithnne na boru ledak kiyala...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    IPL බැරිනම් අහවල් එක ගැහුවත් අපිට කමක් නැහැ...හැබැයි IPL ගහන්න කියල හිතා මතා ලංකාවට සෙල්ලම් කරන එක මග ඇරියා නම් ඒක බලු වැඩක්...ලංකාවේ ටීම් එකේ ගහල, ලංකාවේ ටීම් එක තමන්ගේ දක්ෂතා පෙන්නන්න වේදිකාවක් කරන්, ඒ ඔස්සේ නමක් හදාගෙන, පස්සේ ඒ ආපු තැනටම ගරහනවානම් ඌ මහා බල්ලෙක් කියල තමා කියන්න තියෙන්නේ...

    මම හිතන්නේ නැහැ මීට සති දෙක තුනකට කලින් ආබාධ නිසා සෙල්ලම් කරන්න බැහැ කියපු එකෙක් ට මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියල..සෙල්ලම් කරත් හොදටම සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියල...බලමුකෝ....මිනිහ බෝල් කරන විදිහෙන් කියන්න පුළුවන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    :yes::yes::yes: අනික මූ අත අැරිෙය වර්ල්ඩ් කප් ඒක.. :(

    ඒකනේ බන්. අරවින්ද කිව්වා වගේ අඩුම ගානේ මැච් 2ක් වත් සෙල්ලම් කරා නම් ටීම් එකේ මොරාල් එක නගිනවා.

    oo asia cup eke idan play kare natte injured hindane...
    mn nm hithnne na boru ledak kiyala...

    මට නම් හිතෙන්නේ අයිපීඑල් පටන්ගන්න මාස තුන හතරකට ඉස්සෙල්ලා ඉඳන් මාලි පරිස්සම් වෙනවා. අයිපීඑල් මිස් උනා කියන්නේ වර්ල්ඩ් කප් එකක් මිස් උනා වගේ නෙවෙයිනේ ඉතිං ;)

    IPL බැරිනම් අහවල් එක ගැහුවත් අපිට කමක් නැහැ...හැබැයි IPL ගහන්න කියල හිතා මතා ලංකාවට සෙල්ලම් කරන එක මග ඇරියා නම් ඒක බලු වැඩක්...ලංකාවේ ටීම් එකේ ගහල, ලංකාවේ ටීම් එක තමන්ගේ දක්ෂතා පෙන්නන්න වේදිකාවක් කරන්, ඒ ඔස්සේ නමක් හදාගෙන, පස්සේ ඒ ආපු තැනටම ගරහනවානම් ඌ මහා බල්ලෙක් කියල තමා කියන්න තියෙන්නේ...

    මම හිතන්නේ නැහැ මීට සති දෙක තුනකට කලින් ආබාධ නිසා සෙල්ලම් කරන්න බැහැ කියපු එකෙක් ට මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියල..සෙල්ලම් කරත් හොදටම සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියල...බලමුකෝ....මිනිහ බෝල් කරන විදිහෙන් කියන්න පුළුවන්

    කොහොමද බන් සති 2-3ක් ඇතුලත හෙන ගහනවා වගේ හොඳ වෙන්නේ.
    පැහැදිලි කිරීම් නම් එමටයි ඒත් මාලිගේ කෙරුවාව දන්නෝ දනිති. මාලිට කින්ඩිය දාලා වීඩියෝස් හදන්නෙත් ඉන්දියාවෙම උන්නේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඒකනේ බන්. අරවින්ද කිව්වා වගේ අඩුම ගානේ මැච් 2ක් වත් සෙල්ලම් කරා නම් ටීම් එකේ මොරාල් එක නගිනවා.



    මට නම් හිතෙන්නේ අයිපීඑල් පටන්ගන්න මාස තුන හතරකට ඉස්සෙල්ලා ඉඳන් මාලි පරිස්සම් වෙනවා. අයිපීඑල් මිස් උනා කියන්නේ වර්ල්ඩ් කප් එකක් මිස් උනා වගේ නෙවෙයිනේ ඉතිං ;)



    කොහොමද බන් සති 2-3ක් ඇතුලත හෙන ගහනවා වගේ හොඳ වෙන්නේ.
    පැහැදිලි කිරීම් නම් එමටයි ඒත් මාලිගේ කෙරුවාව දන්නෝ දනිති. මාලිට කින්ඩිය දාලා වීඩියෝස් හදන්නෙත් ඉන්දියාවෙම උන්නේ.

    උනුත් සල්ලි හොයන්න ඕනේ තමා...අපි කන්න බොන්න දෙන්නෙත් නැහැ තමා...ඒ උනාට ඉතින් සල්ලි හොයන්න කියල තමන් ගේ රටේ කණ්ඩායමට සෙල්ලම් කරන එක පැත්තක දාල සල්ලි පස්සේ දුවන එක චාටර්...

    IPL ගැහුවත් අවුලක් නැහැ රට වෙනුවෙනුත් සෙල්ලම් කරලා...
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mamath hitanna u boruwata injury oita dala play kare na kyla. uge talent eken uta puluwan kale u hamba karanawa. sanga gattot u ad kyaka innawada. ekat eka atakin sadachara na mata hitena widiyata. Hutch idala Airtel awa uta karut baninne na u decent nisa
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මාලිංග අයි පී එල් ගැහුවොත් මටනම් එහි අවුලක් නොපෙනේ. පාදයේ ආබාධය හොදවීමට මාසයක් ප්‍රමාණවත්ය.

    :lol: don't want to read more
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ai ban me vage gon post meke danne.:( oya post eka liyala thiyana p*&^% vage evun issrahata ipadunoth ratak thiyevi bolata.:frown: hithata ena eva kiyala danna ba sahoo umbala gana aththtama dukai.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සනත් තිසරට ඒ කණ්ඩායමේ සෙල්ලම් කරන්න කි විට තිසරට මානසික ආතතිය හැදුනේය. ජනාධිපතිට කියා ටීම් එකට ආවේය. හැබැයි ලකුණු ගැහුවේ නැත.

    මේක උනේ 2014 T20 WC එකට ටික කාලෙකට කලින්
    ඌ තමයි සංගා එක්ක මැච් එක දිනවන්නේ
    ඌ ගැහුවේ නැත්තම් සංගා හිටියා කියලා දිනවන්න බෑ ඒක
    අනික උගෙන් ඇහුවම කියනවා සනත් අයියා කියපු නිසා තමයි මෙහෙම උනේ කියලා

    :baffled::baffled::baffled::baffled:
    මාලිංගට රෙදි නැතුව කඩේ යනවා
    මම කලින් ත්‍රෙඩ් එකකත් මේක දැම්මා
    මාලිංගගෙන් ඇහුවම IPL ගහනවද කියලා ඌ කිව්වේ අන්තිම තරග ටිකට වත් සෙල්ලම් කරන්න බලනවා කියලා
    WC ගහනවද ඇහුවම 17න් පස්සේ හොද වුණෛාත් ගහනවා කිව්වේ
    උෟ කියපු ඒ දෙයින්ම උගේ තරම හිතාගන්න පුලුවන්
     
    Last edited: