මාලිමාව දිනේවා! 🙏🧭🇱🇰🙏

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    වසර 46ක් රජයේ නිල නිවසේ ලැග සිටි හිටපු ඇමති ඉවත්වෙයි.!​

    Yellow-Photo-Travel-Vlog-YouTube-Thumbnail_20241101_145400_0000.jpg


    අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් වසර 46 කට අධික කාලයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න එම නිවස (31) දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදී පිටත්ව ගොස් ඇත.

    ජාතික ජන බලවේග රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාටම ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස ආපසු භාරදෙන ලෙස දැනුම් දුන් අතර ඒ හේතුවෙන් මෙම නිල නිවාසය නැවත ලබාගැනීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර ඇත.

    පී. දයාරත්න පසුගිය 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර ආසනය සදහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසුව දේශපාලන කටයුතු සදහා මෙම නිවාසය පාවිච්චි කළ අතර 2015 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වීමෙන් පසුව එවක පැවති රජයන්හි අවසර මත ඔහු මෙම නිල නිවාසයේ රැදී සිටියේය.