මාලි_ස්පයිඩර්_මෑන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මාලි_ස්පයිඩර්_මෑන්

දරුවෙක් බේරාගත් මාලි ජාතික 'ස්පයිඩර් මෑන්'ට ප්‍රංශ පුරවැසිභාවය



_101781196_963209340.jpg



පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවෙකු බේරා ගත් සංක්‍රමණිකයෙකුට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ. දරුවා බේරාගත් Mamoudou Gassama නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයෙකු ලෙස රට තුළ දැඩි ප්‍රසංශාවට ලක්වෙමින් සිටී. ඔහු දරුවා බේරා ගන්නා වීඩියෝව සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.








සඳලුතලයේ එල්ලී සිටි දරුවා බේරා ගැනීමට අසල්වැසියෙකු උත්සාහ කරමින් සිටිද්දී Mamoudou Gassama මිනිත්තුවකට අඩු කාලයක දී පහළ මාලයේ සිට සඳළුතලවලින් පැන සිව් වන මහලට ගොස් දරුවා බේරා ගත්තේය. ඔහු සිව් හැවිදිරි දරුවා බේරාගත් අවස්ථාවේ රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නගන ආකාරය වීඩියෝ පටයේ සටහන් වී තිබේ.



දරුවා බේරාගත් සංක්‍රමණිකයා එල්සී මාලිගාවේ සිය නිල නිවසට කැඳ වූ ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් ඔහුට පෞද්ගලිකව ස්තුති කළේය. එහිදී Mamoudou Gassamaස්තුති කොට පදක්කමක් ද පිරි නැමූ ජනාධිපතිවරයා ඔහුට ප්‍රංශ පුරවැසිභාවය ලබා දෙන බව ද නිවේදනය කළේය.
පසුගිය සෙනසුරාදා සවස පැරීසියේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල අසලින් ඇවිද යන විට ඒ අවට පිරිස් රැස් වී සිටිනු දක්නට ලැබුණු බව Mamoudou Gassama පැවසීය.



දරුවා සඳලුතලයේ සිට පහතට එල්ලෙමින් සිටින විට "මම කිසි දෙයක් සිතුවේ නැහැ, මම ඔහු බේරාගත්තා" යැයි ඔහු ජනාධිපති මැක්‍රෝන්ට පැවසීය. "මම දෑතින් ඔහු උස්සා ගනිද්දී, ඔහුට කතා කර ඇසුවා: 'ඇයි ඔබ මෙහෙම කළේ?' කියලා. හැබැයි ඔහු පිළිතුරු දුන්නේ නැහැ."



පැරිසියේ ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණෙන විට මාලි ජාතික සංක්‍රමණිකයා විසින් දරුවා බේරාගනු ලැබ තිබුණි. "වාසනාවට ශරීර ශක්තිය තිබෙන ධෛර්යමත් පුද්ගලයෙක් එම ස්ථානයේ ඉඳලා දරුවා බේරා ගත්තේ," ගිනි නිවන භටයන්ගේ ප්‍රකාශකයෙක් AFP පුවත් සේවයට පැවසීය.



සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් නිවසේ සිට නොමැති බව ප්‍රදේශයේ බලධාරීන් පැවසූහ. ඒ අවස්ථාවේ දරුවා නිවසේ තනිව සිටීම පිළිබඳ ඔහුගේ පියාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර ඇත. මව ඒ වන විට පැරිස් නගරයෙන් බැහැරව සිටි බව විශ්වාස කෙරේ. පැරිස් නගරාධිපතිනිය වන ඈන් හිදල්ගෝ ද විසි දෙහැවිදිරි Mamoudou Gassamaගේ ක්‍රියාව අගයමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඇය ඔහුට පෞද්ගලික දුරකථන ඇමතුමක් ලබා දී ස්තුති කිරීමට ද කටයුතු කර තිබුණි.



Mamoudou Gassama "2018 ස්පයිඩර් මෑන්" ලෙසින් හඳුවන්වන නගරාධිපතිනිය ඔහු "සියලු පුරවැසියන්ට ආදර්ශයක්" බවත් සිය පණිවුඩයේ සඳහන් කරන්නීය.


 
Last edited:
  • Like
Reactions: ryandok

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Some says "Do good and you will be rewarded" But I say "fuck you, every time I am going to be good they would fuck me in my ass".
 

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ලංකාවේ එහෙම වෙන්නේ නෑ

    ඔව් බන් ලංකාවේ ඔහොම වුනා නම් පරික්ෂණයක් තියලා ඕකා ඇතුලේ.. (උදාහරේනකට හොරට වෙපන් හදන වුන් අල්ලලා කුඩුවේ දාල කෝටි ගනන් වියදම් කරලා පිට රටින් වෙපන් ගෙන්නනවා. හැකියාවට තැනක් නැහැ) :eek::eek::eek:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ඔව් බන් ලංකාවේ ඔහොම වුනා නම් පරික්ෂණයක් තියලා ඕකා ඇතුලේ.. (උදාහරේනකට හොරට වෙපන් හදන වුන් අල්ලලා කුඩුවේ දාල කෝටි ගනන් වියදම් කරලා පිට රටින් වෙපන් ගෙන්නනවා. හැකියාවට තැනක් නැහැ) :eek::eek::eek:

    ඔන්න ඕක තමයි තරුණ නායකයෙක් රට පාලනය කරනකොටයි හම්පඩ නකියක් රටපනලනය කරන කොටයි තියෙන වෙනස