මාලුවාගේ අදෝනාව

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මාලුවාගේ අදෝනාව

    මාලුවාගේ අදෝනාව

    ගණන්කාරකම් හයිය තීයෙනකම්
    නම්බුකාරකම් නිලය තියෙනකම්
    අහංකාරකම් සල්ලි තියෙනකම්

    ඇයි මිනිසුනේ මා ම්රලා දන් දෙන්නේ
    පර පණ නසා කෙලෙසද නිවනට යන්නේ
    මගේ මස් බලෙන් අරගෙන ඔබ දන් දෙන්නේ
    එය සොරකමක් බව ඇයි ඔබ නොසිතන්නේ

    පිංකම් නමින් ගොන්කම් කළමුත් බෝම
    බුදුහමුදුරුවන් දුටුවේ නෑ තාම
    ලබනට සතුටු නම් ලොව්තුරු සැනසීම
    දුරුකල යුතුයි පළමුව මළකුණු කෑම

    මගෙන් සොරාගත් මගේ මස් දන් දෙන්නේ
    මගෙ මස් වලින් මයි ඔබේ දිව පිනවන්නෙ
    මේ ගැන කිසිත් ඒ අය නෑ පවසන්නේ
    මගේ මස් කාල ඇයි මට පිං නොම දෙන්නේ

    කළ කළ අකුසල් අහෝසි වේවා
    කළ කළ කුසලුත් බලගතු වේවා
    පෙර පින් කර ඇතු අය හමුවේවා
    අපේ රටේ බුද්ධ රශ්මිය විහිදේවා


    සැ යු - මාංශ අනුභවය ප්‍රාණඝාතයට අනුබල දීමකි


    බුදු සරණයි -

    සැමට සුභ දවසක් වේවා!


    උපුටා ගැනීමකි.
     
    Last edited:
    • Like
    Reactions: rudayas

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    391778_562418713769972_605883072_n.jpg
     
    • Like
    Reactions: G-Man