same here bro![]()
ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......
යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ
මේකනම් සහතික ඇත්ත මචන්, හැම මාසෙම මොන මඟුලක් හරි වෙනවා, අපේ තාත්තත් කවුරුහරි නෑදෑයෙක් සල්ලි ඉල්ලුවම වෙස්සන්තර වගේ දෙන්නේ.
මම ලංකාවේ ඉන්න කාලේ ඔය එක නෑදෑයෙක් වත් ඉන්නවද නැද්ද කියල බැලුවේ නෑ, දැන් උන් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගියත් කෝල් කරලා කියනවා


හම්බුකරන පඩියෙන් 1/4 විතර ටැක්ස් වලටයි පෙන්ෂන් එකටයි කැපෙනවා, දැන් නම් එපා වෙලා තියෙන්නෙ බන්, අන්තිමට ලංකාවට ගියාම මොනවා වෙයිද කියල හිතාගන්න බෑ. අපිට තියනකොට විතරයි ඔය හැමෝම අපි වටේ කැරකෙන්නේ. අනිත් එක මචන් අපි ගෙදරට සල්ලි යැවුවම අපි යවන සල්ලි වලට ජීවත් වෙන්න හැඩගැහෙනවා. මේක සාමාන්‍ය දෙයක්. දැන් අපේ නංගිලා සල්ලි වියදම් කරන්නේ උන් හම්බුකරනවා වගේ, මම ගිය පාර ලංකාවට ගියාම ඇමතුවා හොඳට.

අනිත් එක හැමෝම හිතන්නේ මෙහෙ ඇවිල්ල සල්ලි ගස් වලින් කඩනවා කියල, ලඟදි මම ලංකාවට ගියපු වෙලේ අපේ ගමේ එකෙක් අහනවා "ජපානේ පඩි හොඳයි නේ? ඔයාට ලක්ෂ 10ක් වත් හම්බු වෙනවද කියල?" ඌ කින්ඩියට ඇහුවද කියල දන්නෙත් නැති නිසා මම ඉතින් "අනේ නෑ මම හෝටලේක පිඟන් හෝදන්නේ, වැඩිය පඩි නෑ කියල ආව".

ඊලඟ දවසේ මේකා ගම පුරාම ප්‍රචාරය කරලා මම ජපන් ගිහිල්ල පිඟන් හෝදන්නේ කියල 

Last edited:






