මාසයකට කියක් ඉතුරු කරනවද ??

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    same here bro:yes::yes:

    ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......

    යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ

    මේකනම් සහතික ඇත්ත මචන්, හැම මාසෙම මොන මඟුලක් හරි වෙනවා, අපේ තාත්තත් කවුරුහරි නෑදෑයෙක් සල්ලි ඉල්ලුවම වෙස්සන්තර වගේ දෙන්නේ.

    මම ලංකාවේ ඉන්න කාලේ ඔය එක නෑදෑයෙක් වත් ඉන්නවද නැද්ද කියල බැලුවේ නෑ, දැන් උන් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගියත් කෝල් කරලා කියනවා :lol::lol:

    හම්බුකරන පඩියෙන් 1/4 විතර ටැක්ස් වලටයි පෙන්ෂන් එකටයි කැපෙනවා, දැන් නම් එපා වෙලා තියෙන්නෙ බන්, අන්තිමට ලංකාවට ගියාම මොනවා වෙයිද කියල හිතාගන්න බෑ. අපිට තියනකොට විතරයි ඔය හැමෝම අපි වටේ කැරකෙන්නේ. අනිත් එක මචන් අපි ගෙදරට සල්ලි යැවුවම අපි යවන සල්ලි වලට ජීවත් වෙන්න හැඩගැහෙනවා. මේක සාමාන්‍ය දෙයක්. දැන් අපේ නංගිලා සල්ලි වියදම් කරන්නේ උන් හම්බුකරනවා වගේ, මම ගිය පාර ලංකාවට ගියාම ඇමතුවා හොඳට.:D:D

    අනිත් එක හැමෝම හිතන්නේ මෙහෙ ඇවිල්ල සල්ලි ගස් වලින් කඩනවා කියල, ලඟදි මම ලංකාවට ගියපු වෙලේ අපේ ගමේ එකෙක් අහනවා "ජපානේ පඩි හොඳයි නේ? ඔයාට ලක්ෂ 10ක් වත් හම්බු වෙනවද කියල?" ඌ කින්ඩියට ඇහුවද කියල දන්නෙත් නැති නිසා මම ඉතින් "අනේ නෑ මම හෝටලේක පිඟන් හෝදන්නේ, වැඩිය පඩි නෑ කියල ආව". :D:D ඊලඟ දවසේ මේකා ගම පුරාම ප්‍රචාරය කරලා මම ජපන් ගිහිල්ල පිඟන් හෝදන්නේ කියල :D:D
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මමත් මුලින් ඉතුරු කලේම නැහැ
    පස්සෙ දවසක් වැඩ ඇරිලා එද්දි පර්ස් එක නැති උනා නෙ බන්
    ආයෙ ඉතින් අයිඩෙන්ටි හදන්න යන්න නිවාඩුවක් ඉල්ලන්න බැරි නිසා මාසයක්ම බොන්න, එහෙම මෙහෙන් සැපට කන්න, කොකා කෝලා ගහන්න බැරි උනා.
    පස්සේ ඒ මාසේ පඩිය එහෙම් පිටින්ම වගේ ඉතුරුයි
    ඇයි සල්ලි ගන්න බැරි උනා නෙ ඒ.ටී.එම් එකෙන්
    අයිඩෙන්ටිය නැති නිසා පොතෙන් ගන්නත් බැරි උනා
    පස්සේ ගෙදරින් 7000ක් ඉල්ලන් වියදමට ගත්තේ

    දැන් මම ඒ.ටී.එම් එකක් පාවිච්චි කරන්නෙම නැහැ
    ලොකු කඩවල් වලින් කන්න යන්නෙ නැහැ
    හැමදාම කොකාකෝලා අරන් සල්ලි නාස්ති කරන්නේ නැහැ
    යාළුවෝ එක්ක බොන්නෙ නැහැ, සිගා ගහන්නෙ නැහැ
    හැම මාසෙම 10ක් අතේ තියන් අනිත් 38ම පොතට දානවා

    ඒක නිසා දැන් සල්ලි සැහෙන්න ඉතුරු වෙනවා
    ඉස්සරහටත් එහෙමම සල්ලි ඉතිරු කරන්න තමා බලාපොරොත්තුව

    Coke bona eka nawaththanna eka hodai Balagena innakota mahath wenawa.
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    අඩේ මගෙත් කිසිම ඉතුරුවක් නෑ බන්... මට මාවම එපා වෙලා ඉන්නේ... හම්බවෙන සල්ලි වියදම් කරන්නමයි හිතෙන්නේ...

    මේ මාසේ ඉදන් ඉතුරු කරන්න ඕනේ කියලා දැඩි තීරනේක ඉන්නවා... ඒත් මොන මරාලයක් පාත් වෙයිද දන්නේ නෑ...

    Machan marala path wenawa kiyala hithnawath epa... umba month eke ithuru karana hati heena dakapan .... ithuru karala deposit karnawa kalin mawa gaing ...oka hmadama tika kalayak karaddi umbatama therei
    ithuru karana puluwan ......

    maralyak path weida danne na kiyala hithuwoth maralyak path wenawa machan ..... e hati so hithana widiya wens karapan
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    mata hamba wenna 12,450 machan... mata nam ithuru wenna naha bn... ubala wage loku job walata kawada yanna puluwan weida danna naha.. :(

    ohama hithana epa machan traget ekak thiya ganing labena widiya hithapan ....
    hama weleme loku job ekatkata yana hati heena dakapan..... positive widiyata negetive novi umba hodai mata issellamma labune 8000 i ......

    dan Around 150000 withara wade tiyenne me aya wage man ithuru karane na mata mage traget eke tyenne kohoma hari ekath karanna ..... kawadawath negetive wenna epa
    mata eka para newi wadi une tika tika ... umbe issarathata yanna one dewal hoyala hada ganing machan ..... nathnam aparadeee ..... bari na... kala uthu de hoyla karana...
    karana one dewala walata wiiyadam karann .....

    methana inna godak ayage moral eka admire karnawa... Jaya wewa hamotama
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    01. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය.

    02. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න.

    03. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළදී ගැනීම් ලැයිස්තුවකට අනූව කටයූතු කරන්න. "සේල්" යැයි සඳහන් ස්ථානයන්ට යෑමෙන් වළකින්න.

    04. මිළ අධික දේ වෙනූවට එයට සමාන වූ විකල්ප භාණ්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මූදල් ඉතිරිය අධ්‍යනය කරන්න.

    05. පිටතින් ආහාර ගැනීම හැකි තරමින්ම අඩූ කර පවූලේ සැමට ආහාර නිවසේදීම සකස් කරන්න.

    06. කඩපිළට හෝ කඩ මණ්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රසකැවිලි සඳහා මූදල් වැය වේ.

    07. ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැඳී සිටීමට උත්සාහ කරන්න. එවිට අනවශ්‍ය වියදම් මඟ හැරේ. සාප්පූ සවාරි යෑම සීමා කරන්න. සැමවිටම අනවශ්‍ය ලෙසින් මූදල් වැය වන්නේ නිවසින් පිටතට ගිය විටදීය.

    08. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න.

    09. ක්‍රෙඩිටි කාඩ් භාවිතය හැකි තරමින් සීමා කරන්න. ඒ සමගම මාසික බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවන්න. හැකිතරමින් ක්‍රෙඩිටි කාඩ්වල මූදල් ගෙවා නිමා කරන්න. නොමැතිනම් ඔබට අනවශ්‍ය ලෙසින් පොලිය ගෙවීමට සිදු වේ.

    10. සැමවිටම මූදල් වියදම් කිරීමට පෙර සැලසූමක් සකස් කරගන්න. ඒ තුළින් යම් ප්‍රමාණයක් ඉතිරි කළ හැකි මාර්ග අධ්‍යයනය කරන්න.

    11. අවම වශයෙන් මසකට රුපියල් 1000 ක්වත් ඉතිරි කිරීමට සැලසූමක් යොදන්න. ඒ සඳහා උපයෝගි කරගත හැකි මාර්ගය වන්නේ නිතර භාවිත නොකරන ගිණූමක යම් මූදලක් තැන්පත් කිරීමය.

    12. මේ සඳහා ඔබ මඳක් දුරින් පිහිටි බැංකුවක අලුත් ගිණූූමක් අරඹා එයින් නිකුත් කරන ්ඔඵ හෝ ක්‍රෙඩිටි කාඩ් මිළදී නොගන්න. එවිට පහසූවෙන් මූදල් ගැනීමට නොහැකි වීමෙන් මූදල් ඉතිරි වේ.

    තවද නිශ්චිත දිනයකදී වැටූපෙන් සියයට පහක් හෝ ඉතිරි කිරීමට උත්සාහයක් දරන්න. එම මූදල් නිශ්චිත දිනයකදී බැංකුවට බැර කළ යූතු වීමෙන් එය අනිවාර්යෙන්ම සිදු වේ.

    13. වැඩිපූර මූදල් ළඟ තබා නොගන්න. අවශ්‍ය මූදල් පමණක් බැංකුවෙන් ලබා ගන්න.

    14. මූදල් යළි ලැබීමට හැකි ආයෝජනයකට මූදල් යොදවන්න. එය සූළු ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වූවද කම් නැත.

    15. මිතුරන් හා නෑයින්ගේ සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසඳා නොබලන්න.

    16. මූදල් ඇති විටදී මූදල් කළ හැකි යම් යම් සහතික පත් මිළදී ගන්න. එවිට පොලියත් සමගම එය නිශ්චිත කාලයකින් පසූව මූදල් කළ හැකි වේ.

    17. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සැමවිටම කාර්ය බහූල නොවන වේලාවන්හිදි පමණක් නිවසේ දුරකතනය භාවිත කරන්න.

    18. තමාගේම මෝටර් රියෙන් හෝ පාසල් වෑන් රථවලින් දරුවන්ව පාසල් යැවීම වෙනූවට ඔවූන් බස් රථ හා දුම්රියෙන් යෑම පූරුදු කර වාර ප්‍රවේශ පත්‍රයක් ලබා දෙන්න. එවිට විශාල මූදල් ඉතිිරියකි.

    19. පූවත්පත් සඟරා මිළදී ගැනීම සීමා කරන්න. සැමවිටම නිවසේ අය එයින් ප්‍රයෝජනයක් ලබන්නේදෑයි විමසා බැලීම වටී. උදාහරණයක් ලෙසින් ඇතැම් නිවෙස්වලට පූරුද්දක් ලෙසින් ඉරිදා ඉංගී්‍රසි පූවත්පත් මිළදි ගත්තද එය කිසිවෙකු නොකියවයි.

    20. යම් යම් මිළදී ගැනීම්වලින් ඔබට ලැබෙන මාරු කාසි වෙනම භාවිතයකට රැස් කරන්න. සෑම මසකට වරක් එම මූදලට තවත් මූදලක් එක් කර එය බැංකුවක තැන්පත් කරන්න. ඒ සඳහා ග්‍රාමීය බැංකුවක් වඩාත් සූදුසූ වේ.

    21. කඩපිළට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලුතින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ.

    22. ගෘහනියක් ලෙසින් ඔබේ පාවිච්චියට මෝටර් රථයක් මිළදී ගන්නේ නම් ඒ සඳහා ඉන්ධන අඩූවෙන් වැය වන වාහනයක් තෝරාගන්න.

    23. වේගයෙන් රිය පැදවීම අනවශ්‍ය ලෙසින් තිරිංග තද කිරීම හා අනවශ්‍ය ගමන්බිමන් වලින් වළකින්න. සැලකිය යූතු මූදලක් ඉන් ඔබට ඉතිරි වේ.

    24. මෝටර් රියෙන් යම් ගමනක් යෑමට පෙර එය සැලසූම් කරන්න. ගමන් කළයූතු මාර්ගය එම ගමනේදී ඉටූ කළ හැකි දේ ඒ සඳහා ගත වන කාලය කල්තියා සැලසූම් කිරීමෙන් සියලු කටයූතු මඟ හැරීමකින් තොරව ඉටූ කර ගත හැකි වේ. එමගින් ඉන්ධන සඳහා වැය වන මූදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.

    25. මිළ අධික භාණ්ඩයක් මිළදී ගැනීමට පෙර ඒ පිළිබඳව දන්නා අයගෙන් විමසා බලන්න. එවිට ඉතා කදිම වර්ගයක් අඩූ මූදලකට ගැනීමට හැකි වේ.

    26. සූබ පැතුම් පත් මිළදී නොගෙන ඒවා නිවසේ සකස් කර ගන්න. දරුවන්ගේ ඇඳුම් සාරි ආදිය ද එසේ සකස් කර ගැනීමෙන් මූදල් ඉතිරිය සේම වැඩි අලංකාරයක්ද ලැබීමට හැකි වේ.

    27. විදුලි පරිභෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මූදල් ඉතිරි කර දෙන්නකි. නිවසේ විදුලි පහන් නිවා දෑමීමෙන් එක්වර ඇඳුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොටි ප්ලේටි භාවිත නොකිරීමෙන් ඔබට විදුලිබිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබඳවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට කතඛ බල්බ් යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10 ඃ 20 % ප්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය.

    28. නිවසේ සැමට එකවර තේ පිළියෙල කරන්න.

    29. නිතරම ඉවසීමෙන් කටයූතු කරන්න. මූදල් වැය කිරීමට පෙර එය අධ්‍යනය කරන්න.

    30. අනවශ‍ය ආහාර ද්‍රව්‍ය, හැකි තරමින් අවම කිරීමට උත්සාහ කරන්න.

    31. තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala

    :yes::yes::yes::yes:
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    masekata 200 000 k save karanwa aduma.. normally 260 000 k.. Eth ehema karath awrudu kiyak save kara kara ennada? :( :( heta marunoth mokuth na.. save kara witharai
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉතුරු කරේ නැහැ ...ඉතුරු කරන්න බැහැ ..මේ නෑදෑයොත් එක්ක ....මල්ලි හදිස්සියක්, පුතේ පුලුවන්ද, ගෙදර වැඩ මග නැවතුනා .,..කොටහළු වෙලා , නැන්දලගේ පුතාගේ වෙඩින් එකටනම් 50000ක් වත් දෙන්න වෙයි නේද පුතේ ......

    යකෝ මුන් හිතන් ඉන්නේ සල්ලි නිකන් වැවෙනවා කියලා....ඒ අස්සේ වහනයක් අරගෙන ලිස් එක ගෙවාගන්න බැරිලු .....කොහොමද ඉතින් ගොඩයන්නේ
    පුටා, UNP ආණ්ඩුවක් එන්න කලින්ද වාහනේ ගත්තේ? :D
    අපරාදේ, අපි නම් මේ ලගදි ජපන් කාර් එකක් ගත්තා, හොරුන්ගේ ආණ්ඩුව කාලේ මෝටර් බයිසිකලයක් ගන්න ගිය ගානටත් වඩා අඩුවෙන්...:yes:
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    ඉතුරු කරන එක නම් හොදයි. එත් නිකන් bank account එක පුරෝගන්නවට වඩා invest කරන්න බලහල්ලා. අඩුම ගැනේ කොහේ හරි ඉඩමක් අරන් පොඩි කඩකමරයක් හරි ගෙයක් හරි හදලා rent එකට හරි දිපන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතුරු කරන එක නම් හොදයි. එත් නිකන් bank account එක පුරෝගන්නවට වඩා invest කරන්න බලහල්ලා. අඩුම ගැනේ කොහේ හරි ඉඩමක් අරන් පොඩි කඩකමරයක් හරි ගෙයක් හරි හදලා rent එකට හරි දිපන්.

    :yes:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    No

    බුදුහාමුදුරුවො සිඟාලෝවාද සුත්‍රයේ දේශනා ක්රලා තියෙන්නේ එහෙම.

    (මට සුත්‍රය මතක නැ බන්,සමහරවිට වැරදෙන්න පුළුවන් සුත්‍රයේ නම් :sorry::sorry:)

    1.ඉතිරියට මතු ප්‍රයෝජනයට
    2.වර්තමාන වියදමට
    3.ලෙඩකට දුකකට වියදමට
    4.පුණ්‍ය කටයුතු වලට

    මේහෙම තම මට මතක හැටියට:rolleyes:
    :rolleyes:
    "ඒකේන බෝගේ බුංජෙයිය..ද්විහී කම්මං පයෝජයේ...
    චතුත්තන්ත නිදාපෙයිය ආපදාසු බවිස්සති..."
    සමජීවීකතාව bro.

    උපයන මුදල කොටස් 04කට කඩන්න.
    ඉන් එක් කොටසක් ආහාර ඇදුම් වගේ දේවල් වලට වියදම්.කරන්න..
    ඉතිරි කොටස් 3න් එක කොටසක් හදිසි විපතකදි ගන්න තියාගන්න...
    අන්තිම කොටස් 2 ආයෝජනය කරන්න..සුද්දා ඉන්වෙස්ට්මන්ට් සේවින්ග්ස් උගන්වන්න කලින් බුදුන් වහන්සේ ඒක ලස්සනට පෙන්නල තියනවා බ්‍රෝ..
    අපි වටේ ගිහින් එකම තැනට එනවා....
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    godak sthuththiyi machan,
    mama sahenna waradiyata kiyala thiyenne,
    dan aapahu edit karannth ba,:sorry::sorry:

    godak sthuthiyi niwaradi kireemata.:yes::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    "ඒකේන බෝගේ බුංජෙයිය..ද්විහී කම්මං පයෝජයේ...
    චතුත්තන්ත නිදාපෙයිය ආපදාසු බවිස්සති..."
    සමජීවීකතාව bro.

    උපයන මුදල කොටස් 04කට කඩන්න.
    ඉන් එක් කොටසක් ආහාර ඇදුම් වගේ දේවල් වලට වියදම්.කරන්න..
    ඉතිරි කොටස් 3න් එක කොටසක් හදිසි විපතකදි ගන්න තියාගන්න...
    අන්තිම කොටස් 2 ආයෝජනය කරන්න..සුද්දා ඉන්වෙස්ට්මන්ට් සේවින්ග්ස් උගන්වන්න කලින් බුදුන් වහන්සේ ඒක ලස්සනට පෙන්නල තියනවා බ්‍රෝ..
    අපි වටේ ගිහින් එකම තැනට එනවා....

    ඕක තියෙන්නේ

    එක කොටසක් ඉතිරි කරන්න
    එක කොටසක් ආයෝජනය කරන්න
    එක කොටසක් දන් දෙන්න
    එක කොටසක් වියදම් කරන්න කියල නේද?

    :oo::oo:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    40k ithuru kara maseta, gatta car ekak, lease ekai petrolui gahuwata passe e 40 nikanma washpa wela yanawa :p dan ithuru wenne 7k, 8k wage. awulak na coz a car is an investment ;)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද කාලේ A/L ඉවර උන ගමන් ගොඩක් දෙනෙක් බලන්නේ රස්සාවකට පැනගන්න..කැම්පස් තේරුනත් පටන්ගන්න අවුරුද්දක් විතර බලාගෙන ඉන්න වෙන නිසා part time job එකකට හරි සෙට් වෙලා සල්ලි හම්බකරන්න තමයි ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුව..යහපත් විදිහට සල්ලි හම්බකරන්න ඕන විදිහයි වියදම් කරන්න ඕන විදිහයි බුදු දහමේ විස්තර කරා තියෙන සූත්‍ර දේශනාවක් තමයි "සිඟාලෝවාද සූත්‍රය"..ගොඩක් දෙනෙක් සල්ලි හම්බකරාට, ලැබෙන මුදල් කළමනාකරණය කරන්න දන්නේ නෑ..තමන්ගේ පඩිය, 15,000 ක් උනත් 150,000 ක් උනත් නිසි විදිහට ඒ මුදල කළමනාකරණය කරගත්තේ නැත්නම් අවුරුදු ගානක් රස්සා කරලා උන මහන්සිය, වතුරේ ගියා වගේ වෙන්න පුළුවන්...ඒ නිසා මුදල් පරිහරණය ගැන බුදු දහමේ ඉගැන්වීම කොයි කාටත් වැදගත් වෙයි කියල හිතල තමයි මේ thread එක දාන්න හිතුවේ..අදාළ කරුණු උපුටා ගත්තේ hereVgo ! කියන බ්ලොග් එකෙන්..

    ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය ද නොයෙකුත් සූත්‍ර දේශනාවන්හිදී පෙන්වා දී ඇත.

    මෙහිදී අප විසින් තෝරාගත යුතු ධාර්මික රැකියා වශයෙන් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වෙළෙඳාම, ගෘහ කර්මාන්ත හා රාජ්‍ය සේවය යි. මේ කුමන වෘත්තියක නියැලුණත් අලස නොවී උපායශීලි ව ක්‍රියා කළ යුතු බව දක්වා ඇත.
    වෙළෙදාම ධාර්මික රැකියාවක් ලෙස දක්වා ඇතැම් වෙළෙඳ කටයුතුවල නොයෙදිය යුතු බව ද පෙන්වා දී ඇත. එනම්,

    1. සත්ත්ව වෙළෙඳාම
    2. මස්මාංස වෙළෙඳාම
    3. ආයුධ වෙළෙඳාම
    4. මත්පැන් වෙළෙඳාම
    5. වස විෂ වෙළෙඳාම

    ආදි වෙළෙඳ ව්‍යාපාරවල නොයෙදිය යුතු ය. මෙම වෙළෙඳාම් ක්‍රම සමාජයට අහිතකර ඒවා ය. තව ද තුලාකූට (හොර තරාදි පඩි උපයෝගී කරගනිමින් භාණ්ඩ කිරා දීම), මානකූට (හොර මිනුම් ක්‍රම භාවිත කිරීම), කංසකූට (ගුණත්වයෙන් අඩු භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වා අලෙවි කිරීම) වෙළෙඳ කටයුතුවලදී නොකළ යුතු බවට උපදෙස් දී ඇත. කුමන රැකියාවක නියැලුණත් අල්ලස් ගැනීම (උක්කෝටික) රැවටීම (වංචනික) හිංසා කිරීම (විපරාමෝස) ආදි ක්‍රමවලින් ද වැළකිය යුතු ය.

    අපේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරගැනීමට නම් අප විසින් දැහැමින් උපයනු ලබන ධනය විනාශයට යා නොදී ආරක්ෂා කරගත යුතු වේ. එය ස්වාභාවික විපත්වලින් විනාශ විය හැකි ය. එනම් ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් හා රාජ සන්තක වීමෙනි. අප උපයන ධනය අප විසින් ම විනාශ කරගන්නා අවස්ථා ද ඇත. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී භෝග විනාශ මුඛ 6ක් දක්වා ඇත. එනම්,

    1. රහමෙර පානය
    2. අවේලාවේ වීථි සංචාරය
    3. නිතර නිතර නෘත්‍ය ගීත දර්ශන බැලීමට යෑම
    4. දූ කෙළිය
    5. පාප මිත්‍ර සේවනය
    6. අලසකම ආදි වශයෙනි.

    පරාභව සූත්‍රයේදී බුදුන් වහන්සේ ධනය පිරිහීම සඳහා බලපාන හේතූ 3ක් දක්වා ඇත. එනම්-
    1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
    2. සුරාවෙහි ලොල් වීම
    3. සූදුවෙහි ලොල් වීම යනු යි.

    ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී ධනය වැනසී යන අපාය මුඛ 4ක් දක්වා ඇත. එනම්-
    1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
    2. සුරාවෙහි ලොල් වීම
    3. සූදුවෙහි ලොල් වීම
    4. පාපමිත්‍ර සේවනය යනු යි.

    අප ධාර්මික ව ධනය ඉපයූ පමණින් ම අපේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැත. අප එම ධනය වියදම් කළ යුත්තේ සමජීවිකතා ප්‍රතිපත්තියට අනුව යි. එනම්, අප උපයන ආදායම අනුව අපගේ වියදම සකස් කරගත යුතු ය. යමකු අඩු ආදායම් ඇති ව වැඩියෙන් වියදම් කරයි නම්, ඔහු දිඹුල් කන්නාක් මෙන් භෝග සම්පත් විනාශ කරන බවත්, වැඩි ආදායම් ඇති ව ලෝභී ව ජීවත් වන්නා අනාථ ව මිය යන්නකු බවත් බුදුරදුහු වදාළහ. අප උපයන ආදායම අප අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතු ය. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ,

    තම ආදායමෙන් 1/4ක් පරිභෝජනයටත්
    2/4ක් ආයෝජනයටත් යෙදවිය යුතු වන අතර
    1/4ක් අනාගත ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතු බව ය.

    වත්මන් සමාජයේ බොහෝ දෙනා ණය බරින් මිරිකී සිටින්නේ ද මෙම අනවශ්‍ය වියදම් නිසා ය. බුදු දහමට අනුව සමජීවිකතා ප්‍රතිපත්තියට එකඟ ව අප ක්‍රියාත්මක වන්නේ නම් ණය බරින් මිරිකීමට සිදු නො වේ. අනෙක් අතට අප විසින් මහන්සියෙන් උපයනු ලබන ධනය ලෝභී ව, පරිහරණය නොකර සිටීමෙන් ද වැඩක් සිදු නො වේ. තමන්ට හෝ අන්‍යයන්ට යහපතක් නොවන ධනය බුදු දහමෙහි පෙන්වා දී ඇත්තේ රකුසන් අරක්ගත් විලකට සමාන වන බව යි. ඉල්ලීස, මච්ඡරිය කෝසිය, අපුත්තක, බිළාල පාදක, අදින්න පුබ්බක වැනි ලෝභී සිටුවරින් පිළිබඳ ව බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර වෙයි.
    බුදුන් වහන්සේ පත්තකම්ම විභංග සූත්‍රයෙන් දැහැමි ව ධනය උපයන්නකු ක්‍රියා කළ යුතු ආකාරය දක්වා ඇත. තමා විසින් උපයනු ලබන ධනය තමාගේ සුඛ විහරණය සඳහා පමණක් නොව, තම පවුලේ සාමාජිකයන්ගේ ද දෙමව්පියන්ගේ ද, නෑදෑ හිතමිතුරන්ගේ ද සේවකසේවිකාවන්ගේ ද සුඛ විහරණය සඳහා යෙදවිය යුතු බව එයින් පැහැදිලි වෙයි. වත්පොහොසත්කම් ඇති අයකු රස බොජුන් තනි ව ම වැළඳීම පිරිහීමට කරුණක් බව පරාභව සූත්‍රයේදී දක්වා ඇත. තමාට හැකියාව තිබියදීත් තම දෙමව්පියන් නොසලකාහැරීම වසල පිළිවෙතක් බව වසල සූත්‍රයේ දේශනා කර තිබේ.
    ධනය වැය කිරීමේදී අනුගමනය කළ යුතු පංච බලි ප්‍රතිපත්තියක් ද බුදු දහමෙහි හඳුන්වා දී ඇත. එනම්

    1. ඤාති බලි (ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
    2. අථිති බලි (ආගන්තුකයන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
    3. පුබ්බපේත බලි (මියගිය ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
    4. රාජ බලි (රජය උදෙසා යුතුකම් ඉටු කිරීම)
    5. දේවතා බලි (ආගමික කටයුතු ඉටු කිරීම)

    අණන සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයකු සැප 4ක් ලබාගැනීමට වෙහෙස විය යුතු බව යි. එනම්-
    1. අත්ථි සුඛය
    2. භෝග සුඛය
    3. අණන සුඛය
    4. අනවජ්ජ සුඛය යි.

    තමන් විසින් ධාර්මික ව උපයාගන්නා ලද භෝග සම්පත් ඇතැ යි යමකුට සතුටු විය හැකි නම් එය අත්ථි සුඛය යි. එසේ උපයාගත් ධනයෙන් සැප විඳිමි, පින් දහම් ද කරමි යැ යි සොම්නසට පත් විය හැකි නම් එය භෝග සුඛය යි. මම කිසිවකුටත් ණයක් නැත යන හැඟුමෙන් සොම්නසට පත් විය හැකි නම් එය අණන සුඛය යි. මා කයින් සිතින් වචනයෙන් කිසිවකුටත් වරදක් කළේ නැත යන හැඟුමෙන් සතුටට පත් විය හැකි නම් එය අනවජ්ජ සුඛය යි.
    කාමභෝගී ගෘහස්ථයකුට මෙම සැප හතර උදා කරගත හැකි නම් හෙතෙම සාර්ථක ලෙස ආර්ථික ගැටලුවලින් නිදහස් වී ජීවිතයේ සැප ළඟා කරගත් තැනැත්තෙක් වේ.
    මේ අනුව අප විසින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟාගැනීමට නම් ප්‍රථමයෙන් ම අපටත් ඵලදායී, සමාජයටත් ඵලදායී ධාර්මික වෘත්තියක් තෝරාගත යුතු ය; අලස නොවී උත්සාහයෙන් ක්‍රියා කළ යුතු ය. බුදු රදුන් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී දීඝජානු කෝලිය කුලපුත්‍රයාට මෙවැනි උපදෙසක් දී ඇත:
    “ව්‍යඝ්‍ර පද්‍යය, මේ ලෝකයේ කුල පුත්‍රයෙක් යම් රැකියාවකින් ජීවිකාව කරයි නම් ඒ රැකියාවෙහි දක්ෂ වන්නේ ය; මැළි නොවන්නේ ය; නියම කාලයෙහි ඒ ඒ කටයුතු කිරීමට සුදුසු යැ යි සිතා උපාය දැනගැනීමෙහි යුක්ත වන්නේ ය; ඒ ඒ කටයුතු පිළිබඳ ව විමසන නුවණින් යුක්ත වන්නේ ය.”
    මෙම උපදෙස් පිළිපැදීමෙන් ආර්ථික ශක්තියක් ඇති කරගත හැකි වෙයි. එසේ ම තමන් උපයන භෝග සම්පත්තීන් නිකරුණේ වැනසී යෑමට ඉඩ නොදී ආරක්ෂා කරගත යුතු ය. තමාටත් සමාජයටත් ඵලදායී ලෙස ඒවා වියදම් කළ යුතු ය. එවිට අපගේ ද ආර්ථිකය ශක්තිමත් වෙයි. සමාජයේ ප්‍රගතියත් ඇති වෙයි.
    ධාර්මික ව උපයාගත් ධනය තමාගේත් අන්‍යයන්ගේත් යහපත සඳහා වියදම් කරන්නා (ඉබේථි නං පසංසන්ති); මෙලොව ද ප්‍රශංසා ලබයි; පර ලොව සුගතිගාමී ව සැනසෙයි. (පෙච්ච සන්තේව චෝදතී) සුගතිගාමී ව සැනසෙයි.

    උපදෙසක්..
     
    • Like
    Reactions: Thoppi_Chaminda