ඔන්න බලපන් ගිය මාසේ 16 වෙනිදා බඩු ගෙනාපු බිලයි මේ මාසේ අද 20 වෙනිදා බඩු ගෙනාපු බිලයි. ලිස්ට් එකේ පොඩි පොඩි අඩු වැඩිකම් තිබ්බත් සමස්තයක් විදිහට මාර විදිහට බඩු මිල වැඩිවෙලා තියෙනවා.මේකේ හැටියට නම් 1500ක වැඩිවීමක්.
දැන් බලහන්කො වැඩි වුන ටික.
තව අඩු වුන එව්වත් තියෙනවා..



දැන් බලහන්කො වැඩි වුන ටික.
- සම්බා හාල් කිලෝ එක ගිය මාසේ 140යි මේ මාසේ 145යි. කිලෝ 10 බෑග් එකට 50ක වැඩි වීමක්.
- සෝස් බෝතලේ ගිය මාසේ 160ති මේ මාසේ 165යි. (ගිය මාසේ ප්‍රමෝෂන් එකක් ගියා 190 බෝතලේ රුපියල් 30ක් අඩු කරල දෙනවා කියල. තනිකර ප්‍රෝඩාව ඒක. මේ මාසේ නිකන්ම දුන්නේ 165ට)
- ගිය මාසේ පරිප්පු කිලෝ එක 165 මේ මාසේ 170යි.
- ගිය මාසේ ගම්මිරිස් කුඩු ග්‍රෑම් 50 රුපියල් 90යි මේ මාසේ 95යි.
- ගිය මාසේ පොල්තෙල් බෝතලේ 340යි මේ මාසේ 360යි. රුපියල් 20ක වැඩිවීමක්.
- ඇස්ට්‍රා මාගරින් ග්‍රෑම් 100 ගිය මාසේ 120යි මේ මාසේ 130යි. රුපියල් 10ක් වැඩි කරලා.
- ගිය මාසේ බාල කහ කුඩු ග්‍රෑම් 50ක් ගෙනාවා 80යි. මේ මාසේ විජය එක හොඳ එක කියල ගෙනාව ග්‍රෑම් 50ක් රුපියල් 245ක්. (කෝ බන් නනදසේනගේ සිරි ලන්කන් කහ?)
තව අඩු වුන එව්වත් තියෙනවා..
- බිත්තර ගිය මාසේ 18යි මේ මාසේ 15යි.
- සීනි ගිය මාසේ 113යි මේ මාසේ 108යි. (නන්දසේන සීනි කෑවේ නැත්තන් තවත් අඩුයි)
- ගොරකා ක්‍රීම් එක ගිය මාසේ 65යි මේ මාසේ 55යි.
- ගිය මාසේ රට ලූනු කිලෝ එක 170යි මේ මාසේ 110යි. (සෑහෙන්න අඩුවෙලා හැබැයි මොන කොලිටියද දන්නේ නෑ
) - සැමන් පොඩි ටින් එක ගිය මාසේ 150යි මේ මාසේ 135යි.