මාස්ක් දාලා බේරෙන්න බෑ කියන්නෙ ඇයි 2

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ape rate inna dana muththanta kiyala wadak na ban. own wahallu swamiya mokadda kiyanne puka deegena eeka karanawa. swyan chinthanayak naa
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    යකු, මාස්ක් එකක් පළඳින්නේ තමන්ගේ ආරක්ෂාවට වඩා තමන්ගෙන් අනෙක් අයව ආරක්ෂා කරන්න. උඹට ඒක තේරෙන්නේ නැත්තේ ඇයි?
     
    • Like
    Reactions: vito

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මගෙත් අදහස මාස්ක් දාන එකෙන් spread වෙන්න තියන ඉඩ වැඩියි ..හොදම දේ මාස්ක් දාන කෙනෙක්ට කැමතිනම් මාස්ක් දාන්න ඉඩ දෙන එක ...ඔය ඇමෙරිකන් එවුනුත් මාස්ක් දානවනේ කෝ ඉතින් ප්‍රතිපල ...ලංකාවේ IQ එකෙන් එහාට ගිය දෙයක් කිව්වේ ...මොකද බැලු බැල්මට මාස්ක් දාන්න කියන කතාව හරි කියල තමයි තේරෙන්නේ ..ඒකනේ අල්ලන් ගිහින් හිරෙත් දාන්නේ ... ඒ ලංකාවේ මිනිස්සුන්ට තේරෙන තරම ...ඒකට දොසක් කියන්න බැහැ ...
    කොරෝන නෙවෙයි හෙම්බිරිස්සාවක් හරි තියනවනම් මාස්ක් එකක් දාන්න අපි ආචාරශීලි වෙන්න ඕනි ...ලංකාවේ එහෙම ගියොත් කී දෙනෙක් හිනාවෙයිද කොරෝනට කලින් එහෙම ගියා නම් ...හෙම්බිරිසවක් රෝග ලක්ෂණයක් තියන කෙනෙක් මාස්ක් එකක් දැම්මට කමක් නැහැ ..හැබැයි සීයක් ගත්තොත් අනුවක්ම නිරෝගී අය ..මාස්ක් අනිවාර්ය නිසා මොකක් හරි කඩිත්තුවක් බැදගෙන එනව ...ඔය අනුවෙන් අසු නවයක්ම නිවැරදිව මාස්ක් එක දාන්නේ නැහැ ...එහෙම දාන්නත් බැහැ ..ප්‍රායෝගික නැහැ ...නිතරම ඕක අල්ලෙනව...මාස්ක් එකක් නැත්නම් හිතලම මුණ නොඅල්ල ඉන්න කෙනෙක්ට ලේසියෙන්ම පුළුවන් ...නමුත් මාස්ක් එකක් දාගෙන ඉන්න විට නොදැනුවත්වම ඒක අල්ලෙනවා වැඩියි ...ටවුන් එකක පැත්තකට වෙලා බලන් හිටියොත් තේරෙයි ...දැන් මොකෝ වෙන්නේ අර අසු නවයම මාස්ක් එකක් නැතුව ඉන්න විට වඩා මාස්ක් එකක් දාගෙන ඉන්න විට මුහුණ ස්පර්ශය කිහිප ගුණයකින් වැඩි වෙනව ..ඉතිරි ටික කියන්න ඕනි නැහැනේ ...
    මාස්ක් එකක් දානවට වඩා නොදා ඉන්න එක කෙනෙක්ට safe වෙන්න පුළුවන් හැබැයි එහෙම choice එකක් ගන්න අවස්ථාවක් දීල නැහැ ..

    මාස්ක් එකක් නොදා ඉන්නවට වඩා දාගෙන ඉන්න එක අනිවාර්යෙන් හොදයි හැබැයි හරියට දානවනම් පමණයි

    මේක අදහසක් විතරමයි මම කියන දේ එහෙම පිටින්ම වැරදි වෙන්න පුළුවන් ඉතින් ස කෝප වෙන එකක් නැහැ කියල හිතනව

    ඔයා සෑහෙන ආකරෂණිය විදියට ලියලා තිබුණත් ගොඩක් කරුණු නිවැරදි නෑ.

    අමෙරිකාවේ ගොඩක් අය මාස්ක් දාන්නේ නෑ. යුරෝපයත් එහෙමමයි. තද නීති තියෙන රට වල විතරයි ඔය කරුණු පිළිපදින්නේ.

    රටවල් ගණනාවක් මුලින් උපදෙස් දුන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරණ අය පමණයි මාස්ක් පැළඳිය යුත්තේ කියලා. සිංගපූරුව හොඳම උදාහරණයක්. නමුත් කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් නොකර, අනෙක් අයට බෝ කිරීමේ හැකියාව වැඩි නිසා, සිංගපූරුව ඉල්ලන් කෑවා ඒ කාලය තුල.

    රෝග ලක්ෂණ නැතිව උනත්,
    ලඟ ඉඳගෙන කතා බහ කිරීමෙන්, සෘජු හෝ වක්‍ර ස්පර්ෂය මගින් ‌බෝ වෙනවා මේ කොවිඩ් වෛරසය.

    ඊට පස්සේ තමයි සෑම දෙනාටම මාස්ක් අනිවාර්ය කලේ. දැනට සිංගපූරුවේ එකම කමියුනිටි රෝගියෙක් වත් නැති උනත්, මාස්ක් තවම අනිවාර්යයි.

    මුණ අල්ලන එක ගැනත් කියන්න තියෙන්නේ ඒ කාරණයම තමයි. මාස්ක් එක දාගෙන මුණ අල්ලන එක හොඳයි මුකුත් නැතිවම මුණ අල්ලනවාට වඩා. මිනිස්සු කොහොමත් නිතර මුහුණ අල්ලනවා. ඒක සාමාන්‍යයි. නමුත් මාස්ක් පැළඳීම තුලින් සහ නිතර අත් සේදීමෙන් සෑහෙන දුරට පැතිරීම අවම කරන්න පුළුවන්. මාස්ක් එක සකස් කරන්න ඒක ඇල්ලුවා නම්, අත ඉක්මණින් සේදීම හෝ සැනටයිස් කිරීම වැදගත්.

    වැදගත්ම කාරණය තමයි, මාස්ක් පැළඳීමෙන් වඩාත් බලාපොරොත්තු වෙන්න‌ේ තමන්ට බෝවීම අඩු කිරීමටත් වඩා, තමන්ගෙන් පිට වන droplet එලියට පිට වීම පාළණය කිරීම.

    ඒ නිසා මතක තබා ගන්න මාස්ක් එකක් පැළඳ සිටීම කොයි අතින් බැලුවත් safe. තමන්ගේ ආක්ෂාවට වගේම අන් අයගේ ආරක්ෂාවට.

    මීටරයේ දුරයි, මාස්ක් එකයි තියේ නම්, වෙන මොනවත් ඔනේ නෑ මේක පාළණය කරන්න.
     
    kohenda ban uba dotarate degree eka gatte...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යකු, මාස්ක් එකක් පළඳින්නේ තමන්ගේ ආරක්ෂාවට වඩා තමන්ගෙන් අනෙක් අයව ආරක්ෂා කරන්න. උඹට ඒක තේරෙන්නේ නැත්තේ ඇයි?
    ඉතිං වැඩක් නෑනේ මාස්ක් එක පොඟපු හැටියේ වටේම පතුරවලා ඉවරයි නේ.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    kohenda ban uba dotarate degree eka gatte...

    මේවා කියෙන්න මට doctorate degree එකක් ඔන නෑ. ලෝකේ වටේම ඉන්න, doctorate degree තියෙන මිනිස්සු දවසගානේ කියන දේවල් මේවා.
     
    • Haha
    • Like
    Reactions: dxx and rukey184

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    kohenda ban uba dotarate degree eka gatte...

    ඩිග්රි ඕනද මේවට?කොමන් සෙන්ස් තිබ්බහම අැති..කරුමෙ ලංකාවෙ ගොඩක් උන්ට ඩිග්‍රි තිබ්බත් නැතත් කොමන් සෙන්ස් නැති ඵක..😀😀😀
     
    • Haha
    Reactions: rukey184

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මේවා කියෙන්න මට doctorate degree එකක් ඔන නෑ. ලෝකේ වටේම ඉන්න, doctorate degree තියෙන මිනිස්සු දවසගානේ කියන දේවල් මේවා.
    ethakota looka sawkya sanwidaneyenma kalayakadi kiwwe nada Mask daana eka aniwarya na kiyala ? OOka bowenne husma ganimenma pamanayi kiyala oppu karala tiyena research ekaka link ekakuth dapanko ban.. uba ithin lokema inna octorate degree tiyena aya kiyana ewwa danna ekane
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ethakota looka sawkya sanwidaneyenma kalayakadi kiwwe nada Mask daana eka aniwarya na kiyala ? OOka bowenne husma ganimenma pamanayi kiyala oppu karala tiyena research ekaka link ekakuth dapanko ban.. uba ithin lokema inna octorate degree tiyena aya kiyana ewwa danna ekane

    WHO ඵකෙන් ඊට පස්සෙ මාස්ක් දාන්න කිව්ව කියපු ඵකත් කියපංකො..අනික උන් හරි දේවල් මුලින්ම කිව්වනම් ලෝකෙට මෙහෙම වෙයිද බං.උඹට ඒකවත් තේරුම් ගන්න බැරිද?අනේ මංද බං උඹල වගේ උන් මේ ත්‍රෙඩ් ඵක දාපු තෙල් බේත් කාරයොන්ටම තමා හරියන්නෙ..😀😀
     
    • Haha
    Reactions: rukey184

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඩිග්රි ඕනද මේවට?කොමන් සෙන්ස් තිබ්බහම අැති..කරුමෙ ලංකාවෙ ගොඩක් උන්ට ඩිග්‍රි තිබ්බත් නැතත් කොමන් සෙන්ස් නැති ඵක..😀😀😀
    Sex gana Common sense nam jaanawalin enawa kiyamuko man me kalpana kare ubata corona gana common sense enna uba hambuweddi ammata corona tibbada kiyala.. 😂 😂 😂
    ethakota looka sawkya sanwidaneyenma kalayakadi kiwwe nada Mask daana eka aniwarya na kiyala ? OOka bowenne husma ganimenma pamanayi kiyala oppu karala tiyena research ekaka link ekakuth dapanko ban.. uba ithin lokema inna octorate degree tiyena aya kiyana ewwa danna ekane
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Sex gana Common sense nam jaanawalin enawa kiyamuko man me kalpana kare ubata corona gana common sense enna uba hambuweddi ammata corona tibbada kiyala.. 😂 😂 😂

    අන්න අන්න ගොනා උම්බෑ කියනව..උඹේ ගොන් කම තේරුනා දැන්..උඹල වගේ උන් මාස්ක් දාන්න නැතිම ඵක තමා හොඳ.ගොන්නුන්ට මොන මාස්ක් ද...😀😀😀
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    WHO ඵකෙන් ඊට පස්සෙ මාස්ක් දාන්න කිව්ව කියපු ඵකත් කියපංකො..අනික උන් හරි දේවල් මුලින්ම කිව්වනම් ලෝකෙට මෙහෙම වෙයිද බං.උඹට ඒකවත් තේරුම් ගන්න බැරිද?අනේ මංද බං උඹල වගේ උන් මේ ත්‍රෙඩ් ඵක දාපු තෙල් බේත් කාරයොන්ටම තමා හරියන්නෙ..😀😀
    thopi yako ara sarame phipu ewagen weradila melowa eliya balapu un monawaa korannada ithin awasanwata..... molayak na swadinawa hitanna ehema hitana minihek pennath ba, ohe wahallu wage kiyona eka korala ponna pataw wage innawa 😂 😂 😂
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මුලින්ම කියන්න ඔන මෙතන දාන්න කියන්නේ හරි හමන් මාස්ක් එකක්. ලේන්සුවක් හරි මොකක් හරි රෙදි කෑල්ලක් හරි බැඳන් ඉඳලා වැඩක් නෑ.
    එහෙනම් මොන බම් බුවකටද රෙදි වලින් මහපු මාස්ක් කඩෙ විකුණන්න ඉඩ තියල තියෙන්නේ , ඇයි තහනම් නොකරන්නෙ ?

    හොඳ මාස්ක් එකක් ලේයර්ස් කීපයක් තියෙනවා.. එහෙම එලියේ තියෙන ලේයර් එක පෙඟිලා,

    දැන් ඔය කියන ජාතියේ මාස්ක්ද ලංකාවේ අති බහුතරයක් විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු අය පාවිච්චි කොරන්නේ ?

    ඒවා නැවත ගලාගෙන ඇතළට ඇවිත් ආයෙත් නහය ඇතුළෙන් යන්න ඌට වෙන ලෙඩක් තියෙන්න ඔන. එහෙම නහයෙන් ටැප් එක වගේ මොනවා හරි එනවා නම් ඒ කෙනා ගෙදරට වෙලා ඉන්න ඔන.

    ප්‍රතිශක්තිය ගොඩක් දුර්වල අයගේ සුලභ ලක්ෂණයක් තමයි ඒක. ඕක තමුන් නොදැන ඉන්න එකයි අරුමේ.

    මෙතන මාස්ක් දාන එක අධ්‍යර්‍යමත් කරන්න එපා. කොරෝනා අංශුවක් මාස්ක් එකේ පිටතට තැවරිලා තිබුණා කියන්නේ මාස්ක් දැම්මේ නැත්නම් ඒක කොහොමත් නහය ඇතුළේ කියන එක.
    මාස්ක් දාන්න එපාය කියල නෑනේ - දාලා බේරෙන්න බෑය කියලා තියෙන්නේ.

    හරියට නීති ඇතුළත් කරලා, රටේ හැමෝම මාස්ක් දාගෙන ඒ නීති පිළිපදින රටවල් විතරයි හරියට කොවිඩ් වලින් ආරක්ෂා උණේ සහ පාළණය කලේ.

    හැබෑට - එතකොට භූතානේ එක කොරෝනා මරණයක් නැතුව පාලනය කොරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද ඔයා - පොඩ්ඩක් ඒක හොයල බලල ඉන්න මුලින්.

    මෙතන අලුත් තියරි හදලා වැරදි මත සමාජගත කරන්න එපා.
    මේක අළුත් තියරියක් නෙවෙයි, මේක වැරදි කියල ඔයා ඔප්පු කොරලා ඉන්නකො ඉස්සෙල්ලාම.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    thopi yako ara sarame phipu ewagen weradila melowa eliya balapu un monawaa korannada ithin awasanwata..... molayak na swadinawa hitanna ehema hitana minihek pennath ba, ohe wahallu wage kiyona eka korala ponna pataw wage innawa 😂 😂 😂
    සැරයක් කිව්වනෙ මාස්ක් දාන්න ඵපා අප්පුවෝ..හක්කෙ සෙම යව යව හිටපං..😂😂😂
     
    • Haha
    Reactions: vito and ChaaniAkka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මර්වින් සිල්වා ගෙදර යවලා අපි ලොකු පවක් කරගත්තා කියලා හිතෙන්නේ මෙන්න මේ ගොං අප්පුලා දැක්කම තමා :eek:
     
    • Haha
    Reactions: dxx

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,977
    113
    කොහෙන් හරි ගොන් තියරියක් අල්ලං ඔහේ කියවනවා. දොස්තර වරු, සෞක්‍ය විශේෂඥ වරු කියන ඒවා අහපන්.
     
    • Like
    Reactions: vito

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අප්පුවෝ උඹ මාස්ක් දාන්නේ නැතුව පාරේ ගියොත් පොලිසියේ උන් උඹව හක්කේ තියලා සෙම අරියි
     
    • Haha
    Reactions: vito

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    එහෙනම් මොන බම් බුවකටද රෙදි වලින් මහපු මාස්ක් කඩෙ විකුණන්න ඉඩ තියල තියෙන්නේ , ඇයි තහනම් නොකරන්නෙ ?

    දැන් ඔය කියන ජාතියේ මාස්ක්ද ලංකාවේ අති බහුතරයක් විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු අය පාවිච්චි කොරන්නේ ?

    ප්‍රතිශක්තිය ගොඩක් දුර්වල අයගේ සුලභ ලක්ෂණයක් තමයි ඒක. ඕක තමුන් නොදැන ඉන්න එකයි අරුමේ.

    මාස්ක් දාන්න එපාය කියල නෑනේ - දාලා බේරෙන්න බෑය කියලා තියෙන්නේ.

    හැබෑට - එතකොට භූතානේ එක කොරෝනා මරණයක් නැතුව පාලනය කොරන්නෙ කොහොමද දන්නෙ නෑ නේද ඔයා - පොඩ්ඩක් ඒක හොයල බලල ඉන්න මුලින්.

    මේක අළුත් තියරියක් නෙවෙයි, මේක වැරදි කියල ඔයා ඔප්පු කොරලා ඉන්නකො ඉස්සෙල්ලාම.

    ඔයා එක්ක වාද කරලා වැඩක් නෑ. මට ඔන උනේ අනිත් අයට පණිවිඩයක් දෙන්න. නමුත් මගේ නම quote කරලා දාපු නිසා උත්තර දෙන්නම්. ඔයා එක්ක තවත් වාද නැත.

    1. රෙදි මාස්ක් තියෙන්නේ හොඳ මාස්ක් ගන්න නැති නිසා සහ දුප්පත් මීනිස්සුන්ට හොඳ මාස්ක් ගන්න වත්කමක් නැති නිසා. ඒකෙන් කියවෙන්නේ නෑ ඒ මාස්ක් හොඳයි කියලා. නමුත් අඩු ගානේ ඒකෙන් droplet එලියට යන එක අඩු වෙනවා. තමන්ට ආරක්ෂාව නැති තරම්, නමුත් අනෙක් අයට ආරක්ෂාවක් සැලසෙනවා.
    2. ප්‍රතිශක්තිකරණය අදාල නෑ. හොඳ මාස්ක් හොඳයි. රෙදි මාස්ක් ඒච්චර ආරක්ෂාවක් නෑ. වත්කම සහ සැපයුම අනුව තමයි හොඳ මාස්ක් වල පාවිච්චිය තිරණය වෙන්න‌ේ.
    3. පීණස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ තියන අයට හොටු එනවා දැකලා තියෙනවා. මාස්ක් එකක් පෙඟෙන්න තරම් නහයෙන් කටින් මොනවා හරි ඒනවා නම් ඌට වෙන මොකක් හරි දරුණු ලෙඩක් තියෙනවා. ප්‍රතිශක්තිකරණය අඩු උනා කියලා නහයෙන් කටින් දියර පිටවෙන්නේ නෑ මිනිස්සුන්ගේ. ඒක්කො සෙම්ප්‍රතිශ්‍යාව නැත්නම් වෙන ආසාත්මිකතාවයක් තියෙන්න ඔන හොටු එන්න.
    4. මාස්ක් දාලා, දුරස්ථ භාවය තියාගෙන, නිතර අත් සොදලා ඉන්නවා නම් බේරෙන්න පුළුවන්.
    5. භූතානය ක්‍රම දෙකකට පාළණය කලා.
      1. එයාලට හරි සම්පත් තිබුනේ නෑ මේ වගේ ව්‍යාසනයකට මුහුණ දෙන්න. ඉතින් එයාලා රට ලොක්ඩවුන් කලා මාර්තු 22 ඉඳන්.
      2. ඒ වෙනකොට රටට ඇතුළු උන වෛරසය මැඩ පවත්වන්න, three T’s (test, trace and treat) කියන ක්‍රමය පාවිච්චි කලා. එයාලා මාස්ක් පළදිනවා. තාමත් ඇක්ටිව් කේසස් තියෙනවා.
    6. මේක අලුත් තියරියක් තමයි වෙන වැඩ නැති මිනිස්සු හොයා ගන්න. මේක වැරදි කියලා ඔප්පු වෙනවා කාරණා තුනක් මත.
      1. මිනිස්සුන්ගේ නහයෙන් කටින් දියර ගලන්නේ නෑ මාස්ක් එකක් පෙඟිලා ඒකේ එලියේ තියන අංශු ඇතුලට අවිත් ( මට හිනා යනවා බං මේක ලියනකොටත් ) නහය ඇතුලට යන තරම්.
      2. මාස්ක් එක එලියේ කොවිඩ් වෛරසය ගෑවන්න තරම් තිබුණා නම්, මාස්ක් එක නැතුව හිටියම පෙඟන්න දෙයක් නෑ, කෙලින්ම ඒවා කට ඇතුලේ හරි නහය ඇතුලේ හරි.
      3. මේ ලෝකේ ඉන්න (අදාල අංශ වල) විද්‍යාඟයන් ගෙන් වැඩි පිරිසක් මේ දවස් වල පර්යේෂණ කරන්නේ මේ ගැණ. ලෝකේ කව්රුවත් හොයා ගත්ත මගුලක් නේමේ ඔක.