මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7

herosl

Member
Jul 27, 2011
61
26
0
මාළිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ. (ක්‍රි. ව. 7

අමාමෑණි සම්මා සම්බුදු පියාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණින් සුසැදි ශරීර ප්‍රත්‍ය කවන්ධයක් බඳු මහා පිළිරුවක් කළු ගල් කුළකට ආරොපණය කිරීමට අප ලක් දෙරණේ සිටි කළා කරුවන් හට තිබුණේ මහා හැකියාවකී. එයින් ජනිත වූ බුද්ධ ප්‍රතිමාවත් පිළිබඳ තබන සටහනකි මේ..

මහා වංසයට අනුව මාලිගාවිල පිළිමය ක්‍රි.පූ. හත්වැනි සියවසේදී රුහුණේ විසූ අග්ගබෝධි කුමරුන් විසින් ඉදිකරවන ලද්දකි. අග්ගබෝධි කුමරුන් කාණගාමයෙහි පට්මා විහාරයේ විශාල බුදුරුවක් නිර්මාණය කළ බැව් සඳහන් වේ. එම බුදුරුව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය වර්තමානයේ ඔක්කම්පිටිය ලෙසිනුත් පුරාවිද්‍යා සාධක අනුව සනාථව ඇත. රජ දවස මෙම විහාරය හඳුන්වා ඇත්තේ 'පට්මා විහාරය' යනුවෙනි.

මාලිගාවිල බුද්ධ ස්තූපයට මීටර් හය හත්සීයකට නුදුරින් අති විශාල ශෛලමය බෝධිසත්ත්ව රූපයක් ඇත. ලෝකයේ අන්කිසි තැනකදී දැකගැනීමට නොහැකි වන අතිශය කලාත්මක වූ නිර්මාණයක් වන මෙම බෝධිසත්ත්ව රූපය අග්ගබෝධි කුමාරයාගේ අභාවයෙන් පසුව රුහුණු පුරවරයේ පාලනය භාර ගත් සොහොයුරු දප්පුල කුමරුන්ගේ නිර්මාණයක් ලෙස ඉතිහාසයේ කියැවේ.
---------------------------------------------------------------------------------------------------------------------------------------
වැල්ලවාය, මොනරාගල මහා මාර්ගයේ බුත්තල මං සන්ධියෙන් හැරී දකුණට කි. මී. 16ක් පමණ ගිය තැන හමුවන මේ බුදු පිළිමය ලංකාවේ ඇති විශාලතම අනාබද්ධ ශිලා ප්‍රතිමාව වේ. බොහෝ කලක් බිම පතිත වී තිබීම නිසා සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වී ගොස් තිබූ පිළිමයට ස්වභාවධර්මයෙන් ද බලවත් හානි සිදුකොට තිබුණි. එසේ වුවත් ‍එවතට සිටි ඩනපති තුමන්ගේ මඟපෙන්වීම මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ නැවත නගාසිටුවීමට හැකි වී ති‍බේ. සංරක්‍ෂණය කිරීමේ දී ප්‍රතිමාවේ මුහුණ ද දකුණු අත ද දෙදණහිසින් පහළ කොටස ද චීවරයේ ඇතැම් කොටස් ද පෙර තිබූ පරිද්දෙන් ප්‍රතිනිර්මාණය කරන්නට සිදුවිය. ‍

පිළිමය බොහෝ සෙයින් දිරාපත්ව තිබූ නිසා එහි පැරණිම ස්වරූපය හඳුනාගැනීමට තිබෙන අවකාශය මදය. එහෙත් ඉතිරි වී ඇති කොටස්වලට අනුව සංරක්‍ෂණය කර නගාසිටුවා ඇති මෙය ලංකාවේ අද්විතීය පුරාවස්තුවක් බව අවිවාදයෙන් ම සඳහන් කළ හැකිය.

මේ මහා බුදු පිළිමය පිළිබඳව එන මහාවංශ විස්තරයට අනුව මෙය ක්‍රි. ව. 7 වන සියවසේ දී රුහුණේ විසූ අග්ගබෝධි නම් කුමරුවකු විසින් කරවන ලද්දක් සේ පිළිගත හැකිය. ඔහු විසින් කාණගාමයේ කරවූ” ඍද්ධියෙන් මැව්වාක් වැනි මහත් වූ ශෛල ප්‍රතිමාව“ මෙය බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරයි.

මහාවංස විස්තරයට අනුව එසේ කාණගාමයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව මෙම මාලිගාවිල පිළිමය ලෙසිනුත් කාණගාමය යනු වර්තමාන ඔක්කම්පිටිය ලෙසිනුත් නිගමනය කෙරී ඇති අතර එකල මෙම පිළිමය සහිත විහාරය හඳුන්වා ඇත්තේ පඨිමා විහාරය නමිනි.

උසින් අඩි 45ක් තරම් වූ ප්‍රතිමාව ස්පටික හුණුගලෙන් නෙලන ලද්දකි. උරහිස් හරහා එහි පළල අඩි 10ක් වේ. දකුණු අතින් අභය මුද්‍රාවත්, වමතින් සිවුරු පොට දරා සිටින බවත් පෙන්වන ප්‍රතිමාවේ ඒකංශ පාරුපනයෙන් යුතු චීවරය සමාන්තරාකාර රැලිවලින් හැඩ ගන්වා තිබේ. වර්තමාන ප්‍රතිසංස්කරණවලින් පසුව එහි මුහුණේ කරුණාභරිත බවක් පෙන්නුම් කෙරේ. රවුම් හිසකේවලින් හිස සරසා ඇතත්, උෂ්ණිෂයක් හෝ සිරස්පතක් තිබූ බවට සලකුණු දක්නට නොවේ.

ප්‍රතිමාවේ ශරීරාංග එකිනෙකට ගැලපෙන සේ සකස් කොට තිබීම මෙහි ඇති තාත්විකත්වය සහ සුන්දරත්වයට බෙහෙවින් ම හේතු වී තිබේ. අඩි 4ක් තරම් වූ විශාල පද්ම පීඨයක නංවා ඇති මේ ප්‍රතිමාව වෙනත් තැනක නෙළා ගෙනවිත් මෙහි පිහිට වූ බවට නිගමනය කළ හැකි අතර ප්‍රතිමාව සඳහා පඨිමාඝරයක් ද වූ බවට සාධක හමුවේ. මේ ස්ථානය පිළිබඳව ප්‍රබල සාධක සොයා ගැනීමට නොහැකි වුවත් මෙය මහාවංසයේ සඳහන් වන අරියාකර විහාරය විය හැකි බව ද අදහස් කෙරේ.



 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ආර්.ප්‍රේමදාස මහතාගේ උතුම් වැඩක්......

    වැඩ බාර දුන්න ඉඔජිනේරුවන්ට මට මේක කරන ආකාරය වැඩක් නැහැ , මේ දිනේට කලින් කරන්න ඕනා කියල විතරයි
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අර්.ප්‍රෙමදාස ජනපතිතුමාගේ හොඳ වැඩක්.හැබැයි මෙහෙම කතාවක් තියෙනවා .බුදු පිළිමේ ක්වන්ද කොටස තමා මුලින් කෙලින් කරලා තියෙන්නේ .ඒ වෙලේ කවුරුහරි ජනාදිපති තුමා අතට මල් වට්ටියක් දීලා තියෙනවා තියලා පුජා කරන්න කියලා .ඒ වුනාට ශීර්ෂය නැති බුදු පිළිමෙකට වැදුම් පිදුම් කරන්නේ නෑ .ඒකයි අදටත් කැඩිච්ච බිදිච්ච් පිළිම වහන්සේලා පන්සලෙන් තියන්නේ.මේ සිද්දිය ඇත්ත තත්වේ දැනගත්තාම ජනාදිපතිතුමා සෑහෙන්න කම්පා උනාලු වෙච්ච වැරැද්දට .
    මෙතනට ගිය කට්ටිය ගමේ මිනිස්සුන්ගෙන් අහලා බලන්න බුදු පිළිමේ බරට වඩා වැඩි බර උස්සන්න පුළුවන් දොඹකර ගෙනාවත් මුලින් උස්සන්න බැරි උනාලු .බහිරව පුජාවක් තිබ්බමලු උස්සන්න පුළුවන් උනේ .විද්‍යාත්මක පැත්තනම් කොහොමද දන්නේ නෑ.ඒත් ඒවගේ දේවල් තියෙන බව යම්කිසි තාක් දුරට පිළිගන්න වෙනවා .
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැදගත් ත්‍රෙඩ් එකක් මචෝ..:D

    එක පාරයි ගිහින් තියෙන්නෙ මාත්..:sorry: