බුදු තෙමගුල සිහි කරමින් වෙසක් ලබනවා......
ආමිස පූජා රට දස අත පැතිරෙනවා....
මහ ජන ගග මං මාවත් දෝර ගලනවා....
ඒ අස්සේ දකින දකින කථා කියනවා....
විරිදු කියලා ලියනවා...
ඔයාලත් කියවනවා....!
පාර මැද්දෙ වෙසක් බලන වාහන යනවා....
ඒවා ඇතුලෙ හරි ලස්සන රූප පෙනෙනවා....
වීදුරුවෙන් මතුවෙන කෙල්ලට ඇහැ යනවා....
සුදු නංගී හරි හුරතල් කියලා කියනවා...
කියලා පැනලා දුවනවා...
නංගිට ඇහැක් ගහනවා.................
දන්සල් ලග පොරකාගෙන පෝලිමෙ ඉදලා...
මහ රෑ වෙනකං හිටගෙන මදුරුවො තලලා....
දොර ලගටම ආපු ගමං බඩු ඉවරවෙලා......
මල්ලියෙ දන්සල ඉවරයි කියලා වසාලා.....
අනෙ අම්මපා කියලා...
හොද බන එහෙ කියවෙනවා.....
සිල් ගන්නා සිල් මෑනියො වටවී ඉන්නේ.....
අහල පහල ඕපදූප රෙදි හේදෙන්නේ.....
මද සුලගට බන පොත්වල පිටු පෙරලෙන්නේ.....
සාධු දැක්ක ගමං ආයෙ පොත කියවන්නේ...
මුල මැද අග පැටලෙන්නේ...
අතරින් පතර කියන්නේ.........
වෙසක් සතියෙ බාර් වහලා අපි වේලෙනවා.....
ආතල් කුඩු මොකුත් නැතුව නහය කසනවා.......
ඔහෙ හිටපං වැඩි ගානට බඩු සෙට් වෙනවා....
සැන්ඩි නැතත් කටේ තියං අපිත් ගහනවා...
මතට තිතක් තියනවා...
තිතට මතත් ගසනවා......
සයිකල් පදිනා මල්ලිලා අයිනෙං යනවා....
සුදු නංගිලා කොට ගවුමෙං ඇහැ නලියනවා.....
ලයිට් කණුව බෝක්කුවට කිස් එක දෙනවා....
අහක බලං නංගි ගියත් කොල්ලා නිදනවා...
හරහට මැහුං දානවා...
නංගිලා කොටට අදිනවා.......
කූඩු ලගදි තොරං ලගදි විරිදු කියනවා....
දෙන දෙන රුපියලට දෙකට රබන් වැයෙනවා.....
මොනවා උනත් කට්ටිය පෝලිමේ ඇදෙනවා...
මැරෙන තුරා නැති ආදරෙ අද ඇතිවෙනවා...
අම්මපා පුදුම හිතෙනවා...
අඩ අඩ ගුණම කියනවා.......
ජර මර අස්සේ තෙරපිලා වෙසක් බලනවා.......
ගංගාරාමේ පැත්තේ සෙනග පිරෙනවා.........
කිටි කිටියේ තද වෙනකොට සිරා ඇදෙනවා......
පර්ස් එකට ශේප් එකේ ටච් එක දෙනවා.....
කෙලියා නේද කියනවා...
ෆන් එක දෙපිටිං යනවා..........
රෑ ජාමේ සින්දු කියන මැණිකෙ සුන්දර.........
දෙන්නකො ඔය සද්දෙ ටිකක් වෙන්න ගින්දර....
භක්ති ගීත ගැන ලොකු ඇඩ් දාපු පත්තර.........
ඉස්ටේජයෙ උඩ නැගලා දෙනවා උත්තර....
සින්දුව ටිකයි තත්පර....
කථාව පැයයි විස්තර.....
දන්සල ලග සව් එකකට පිඹ පිඹ ඉන්නේ....
හරි රස්නෙයි බොන්න බයයි දිව පිච්චෙන්නේ...
පෑං ගාපු ගමං අතින් බිමට වැටෙන්නේ.....
නලා කරුගෙ ජාතකයම සිහියට එන්නේ...
අළුතින් ආපු හාදයෝ...
නොදකිං නලා කාරයෝ..... !
ආමිස පූජා රට දස අත පැතිරෙනවා....
මහ ජන ගග මං මාවත් දෝර ගලනවා....
ඒ අස්සේ දකින දකින කථා කියනවා....
විරිදු කියලා ලියනවා...
ඔයාලත් කියවනවා....!
පාර මැද්දෙ වෙසක් බලන වාහන යනවා....
ඒවා ඇතුලෙ හරි ලස්සන රූප පෙනෙනවා....
වීදුරුවෙන් මතුවෙන කෙල්ලට ඇහැ යනවා....
සුදු නංගී හරි හුරතල් කියලා කියනවා...
කියලා පැනලා දුවනවා...
නංගිට ඇහැක් ගහනවා.................
දන්සල් ලග පොරකාගෙන පෝලිමෙ ඉදලා...
මහ රෑ වෙනකං හිටගෙන මදුරුවො තලලා....
දොර ලගටම ආපු ගමං බඩු ඉවරවෙලා......
මල්ලියෙ දන්සල ඉවරයි කියලා වසාලා.....
අනෙ අම්මපා කියලා...
හොද බන එහෙ කියවෙනවා.....
සිල් ගන්නා සිල් මෑනියො වටවී ඉන්නේ.....
අහල පහල ඕපදූප රෙදි හේදෙන්නේ.....
මද සුලගට බන පොත්වල පිටු පෙරලෙන්නේ.....
සාධු දැක්ක ගමං ආයෙ පොත කියවන්නේ...
මුල මැද අග පැටලෙන්නේ...
අතරින් පතර කියන්නේ.........
වෙසක් සතියෙ බාර් වහලා අපි වේලෙනවා.....
ආතල් කුඩු මොකුත් නැතුව නහය කසනවා.......
ඔහෙ හිටපං වැඩි ගානට බඩු සෙට් වෙනවා....
සැන්ඩි නැතත් කටේ තියං අපිත් ගහනවා...
මතට තිතක් තියනවා...
තිතට මතත් ගසනවා......
සයිකල් පදිනා මල්ලිලා අයිනෙං යනවා....
සුදු නංගිලා කොට ගවුමෙං ඇහැ නලියනවා.....
ලයිට් කණුව බෝක්කුවට කිස් එක දෙනවා....
අහක බලං නංගි ගියත් කොල්ලා නිදනවා...
හරහට මැහුං දානවා...
නංගිලා කොටට අදිනවා.......
කූඩු ලගදි තොරං ලගදි විරිදු කියනවා....
දෙන දෙන රුපියලට දෙකට රබන් වැයෙනවා.....
මොනවා උනත් කට්ටිය පෝලිමේ ඇදෙනවා...
මැරෙන තුරා නැති ආදරෙ අද ඇතිවෙනවා...
අම්මපා පුදුම හිතෙනවා...
අඩ අඩ ගුණම කියනවා.......
ජර මර අස්සේ තෙරපිලා වෙසක් බලනවා.......
ගංගාරාමේ පැත්තේ සෙනග පිරෙනවා.........
කිටි කිටියේ තද වෙනකොට සිරා ඇදෙනවා......
පර්ස් එකට ශේප් එකේ ටච් එක දෙනවා.....
කෙලියා නේද කියනවා...
ෆන් එක දෙපිටිං යනවා..........
රෑ ජාමේ සින්දු කියන මැණිකෙ සුන්දර.........
දෙන්නකො ඔය සද්දෙ ටිකක් වෙන්න ගින්දර....
භක්ති ගීත ගැන ලොකු ඇඩ් දාපු පත්තර.........
ඉස්ටේජයෙ උඩ නැගලා දෙනවා උත්තර....
සින්දුව ටිකයි තත්පර....
කථාව පැයයි විස්තර.....
දන්සල ලග සව් එකකට පිඹ පිඹ ඉන්නේ....
හරි රස්නෙයි බොන්න බයයි දිව පිච්චෙන්නේ...
පෑං ගාපු ගමං අතින් බිමට වැටෙන්නේ.....
නලා කරුගෙ ජාතකයම සිහියට එන්නේ...
අළුතින් ආපු හාදයෝ...
නොදකිං නලා කාරයෝ..... !



ela



hodata liyala thiyenawa.