මා බාල කාලේ...... :)

blue_in_rio

Well-known member
  • අද මචන්ලා මට මගේ පරණ යාලුවෙක් හම්බවුනා.පොරගේ නම නිරංග.අපි එක වසරේ ඉඳන්ම එකට හිටියට, පහ වසරෙදි මම වෙන ඉස්කෝලෙකට ගියා.ඉතිං මට මූව වැඩිය හම්බවුනේ නැහැ.දැන් නම් පොර බැඳලත් එක්ක.උගෙයි මගෙයි ආගිය තොරතුරු කතා කර කර ඉන්නකොට තමයි මේ සීන් එක මතක් උනේ.පොඩ්ඩක් ජෝක් එකක් වගේ නිසා මෙතන දානවා. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේක උනේ අපි දෙකේ පන්තියේ ඉන්නකොට.අපිට පංති භාරව හිටියේ සර් කෙනෙක්.පොඩි එකා වගේ තමයි.හරිම හොඳයි.හැබැයි එයා කරපු නරක වැඩේ තමයි, අපේ පංතියේ ළමයෙක් මොකක් හරි වැරැද්දක් කලොත්, අනිත් පංතියෙ ඉන්න මැඩම්ට කතා කරලා ඒක කියනවා.ඒ මැඩම් හරි වසයි බන්.එතකොටත් අවු.50ක් විතර ඇති මයෙ හිතේ. :nerd::nerd::nerd::nerd::nerd:

    අපේ නිරංගය ඉතිං හෙන දසයා ඒ කාලේ.පංතියෙ වැඩක් නම් කලේම නැහැ.අනික මූට ඒ කාලේ ඉඳන්ම කෙල්ලො ගැන හරි උණක් තිබ්බා.අපේ පංතියෙත් හිටියා ඉතිං නිලූපා කියලා ලස්සන ගෑණු ළමයෙක්.ඇත්තටම හරි සීදේවි ගෑණු ළමයා.දෙක වසරේ හිටියට, අපිට උනත් ඔය අනං මනං අදහස් තිබුනා ඒකි ගැන.( දැන් කියයිද දන්නෑ, තොපි දෙක වසරේ ඉඳන්ම අමු වලත්තයොනේ කියලා.එහෙම වල් කමක් නෙමෙයි බන් ඒක.මම නම් හිතන්නේ, සිරාවටම ආදරෙන් කෙල්ලෙක් දිහා බලපු කාලේ තමයි ඒක.දැන් කෙල්ලෙකුට ආදරෙයි කියන්නේ, හිතේ වෙන කුපාඩි අදහස් තියාගෙනනේ ) :angry::angry::angry::angry::angry:

    මගේ තව හොඳ යාලුවෙක් හිටියා චමින්ද කියලා.ඌ නම් හෙන බ්‍රයිට් කේස් එක.එක වසරේ ඉඳන්ම ඌ තමයි ඉතිං පන්තියේ පළවෙනියා.මගේ ඉතිං තව යාලුවො ගොඩක් හිටියට මම මූ ගැන කිව්වේ, කතාවේ ඉදිරියෙදි ඌවත් ගෑවෙන නිසා. :confused::confused::confused::confused::confused:

    එක දවසක් ඔන්න නිලූපයි, නිරංගයයි පොතක් දිහා බලාගෙන හෙන කතාවක්.ටිකකින් නිලූපා ගියා සර් ගාවට.ගිහින් කියනවා,

    සර්, නිරංග මගේ චිත්‍ර පොතේ ගෙයක් ඇඳලා. :frown::frown::frown::frown::frown:

    (කිව්වම මොකද, මූට වැඩ බැරි උනාට, චිත්‍ර අඳින වැඩේ නම් උපතින්ම පිහිටලා තිබුනා. )

    අනේ ඉතිං, අපේ සරුත් කියනවා,

    ඒකට මොකද පුතේ, ඔයත් එයාගේ පොත අරගෙන චිත්‍රයක් අඳින්නකෝ.මම ඔයාල දෙන්නගේ ලකුණු මාරු කරලා දාන්නම්.අනික පුතේ, නිරංග ලස්සනට මේ ගේ ඇඳලා තියෙනවනේ. ;););););)

    ඔන්න ඒ පාර නිලූපා කියනවා,

    ඒ උනාට සර්, එයා මේ කන්දක් උඩ තියෙන ගේ ඇඳලා, පහතින් කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ඇඳලා තියෙනවනේ.ඉතිං එයා කියනවා, ඒ ඉන්නේ එයයි, මමයිලු.අපි දෙන්නා බැඳලා ඉන්නේ මේ ගෙදරලු. :baffled::baffled::baffled::baffled::baffled:

    හුටා, දැන් තමයි සර්ට සිද්දිය තේරුනේ.අපිටත් පොඩි කමට සීන් එක තේරිලා, හින වෙවී හිටියා.සර් එන්න කිව්වා නිරංගයට.දෙන්නම ඉස්සරහින් තියාගෙන, එහා පංතියේ මැඩම්ටත් කතා කලා.දැන් නිරංගයට හෙන දේශනේ.දෙන්නත් එක්කම අරූට පලු යන්න බනිනවා. :no::no::no::no::no:

    ඔය අස්සේ මැඩම් කියනවා,

    බලන්න සර්, මේ ළමයට පංතියේ වැඩක් කරගන්න බැරි උනාට, මනමාලකමනම් තියෙනවා.ඒ වගේද අර චමින්ද ? කොච්චර හොඳට ඉගෙන ගන්න ළමයෙක්ද ?ලැජ්ජ නැතුව
    නිරංග මෙහෙම එකක් මේ ළමයගේ පොතේ ඇන්ඳනේ.

    එහෙම කියලා මැඩම් ඉතිං නිලූපා දිහාත් බැලුවා.එතකොට නිලූප කියනවා,

    ඒක තමයි මැඩම්, චමින්ද නම් තව කමක් නෑ.......

    :rofl::rofl::rofl::rofl::rofl: :P:P:P:P:P :love::love::love::love::love: :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • පට්ටම කථාව මචන්
    රෙප්

    එල එල, මෙන්න උබටත් 2+ ක්
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    blue_in_rio

    Well-known member
  • උඹ නේද චමින්ද? මාරු කතාව මචන්. Rep දෙන්න හෙට වෙනකල් ඉන්නලු habai

    එල එල, හිනා ගියා නම් එච්චරයි.....රෙප්නම් මොනවද බන්..... :D:D:D:D:D

    උබට මගේ ගානේ රෙප් 2+ක් :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Ela kathawa :) Den Dulipa mokada karanne ban? rep added!

    නිලූපා බැඳලා බන්..... ළමයිනුත් ඉන්නවා.....දැන් නම් එච්චර ලස්සනක් නැහැ.....මම හිතන්නේ එච්චර සන්තෝසෙකින් නෙමෙයි ඉන්නේ....පව්.... :no::no::no::no::no:

    රෙප් 2+ක් උබටත්
    :rolleyes::rolleyes:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113


    ( දැන් කියයිද දන්නෑ, තොපි දෙක වසරේ ඉඳන්ම අමු වලත්තයොනේ කියලා.එහෙම වල් කමක් නෙමෙයි බන් ඒක.මම නම් හිතන්නේ, සිරාවටම ආදරෙන් කෙල්ලෙක් දිහා බලපු කාලේ තමයි ඒක.දැන් කෙල්ලෙකුට ආදරෙයි කියන්නේ, හිතේ වෙන කුපාඩි අදහස් තියාගෙනනේ ) :angry::angry::angry::angry::angry:
    ඒක නම් තනිකර ඇත්ත බං


    ඒක තමයි මැඩම්, චමින්ද නම් තව කමක් නෑ.......

    :rofl::rofl::rofl: