පෞද්ගලිකව මම ධර්මය අහන්න පෙළඹුණේ සසර බිය නිසා නෙවෙයි. ඊළඟ ආත්මේ බලාපොරොත්තු වෙන දෙයක් නිසාවත් නෙවෙයි. මේ ආත්මේ, මේ ජීවිතේ අත්විඳපු දේවල් එක්ක. අනිත් එක බුද්ධ ධර්මයේ කියන නිවීම මේ ආත්මයේම අත්දකින්න පුළුවන් කියන එක ලොකු motive එකක්.
ඔව්, මේ බුද්ධ ශාසනය පමණක් නෙමෙයි, ආලාරකාලාම, උද්දකරාමපුත්‍ර, ප්‍රථම දුතිය ත්‍රිතිය සහ චතුර්ත කියන ධ්‍යාන මට්ටම් "නිවන" විදිහට පෙන්වපු සියලුම ආගම් ඔය කාරණය නිසා බොහොම ඉදිරියෙන් සිටිනවා. ආගමේ පෙන්වන අවසාන ප්‍රතිඵලය මේ ජීවිතයේදීම අත්දකින්න පුලුවන්කමක් තියනවා. දෙවියන් හා සමවෙලා දේවත්වය අත්දකින්න, ගුරුවරයා දැකපු නිවනම ගෝලයාත් ජීවත්ව සිටියදී අත්දකින්න පුලුවන් කියන ගුණයෙන් යුක්තයි.
ඔය කියන ඤාණය ලබා ගත්තු අය මටවත් මම දන්න කිසි කෙනෙකුටවත් හම්බවෙලා නැහැ. ඒත් මම ඔය කතාව විශ්වාස කරනවා. සමහර අය ඉන්න පුළුවන් ඇති. (උදා: මට aliens ල හම්බවෙලා නැහැ. ඒත් මේ විශ්වයේ ඉන්නේ අපි විතරයි කියන මතය අන්තගාමී කියල හිතෙනවා.)
මේ ලෝකේ බිලියන 8ක විතර මිනිස්සු එක්ක ගත්තම, අපිට කියන්න පුළුවන් ආසන්න විදියට කවුරුවත් තමන්ගේ පෙර භවයේ දේවල් ගැන දන්නේ නැහැ කියල. දන්නේ නැත්නම් පෙර භවය ගැන මේ භවයේ විඳවීමක් නැහැ. පොඩි කාලේ අපේ ජීවිතේ වුනු සිද්ධියකට අපි මුළු ජීවිත කාලෙම දුක් වෙන්න පුළුවන්. පසුතැවෙන්න පුළුවන්. ඒත් හිතන්න කාගෙහරි පෙර භවය නිරය කියල. එයා නිරයේදී විඳපු දුක්, දැන් මිනිස් ලෝකෙදි මතක නැහැ. ඒ කියන්නේ මේ භවයෙන් එහාට දුක එකතු කරගෙන එන්නේ නැහැනේ. කවුරුහරි ඔය කියන අභිඥාව තියෙන කෙනෙක් ඇවිත් කිව්වොත් ඇරෙන්න කවුරුවත් දන්නේ නැහැ එයාල පෙර භවයේ විඳපු දුක්.
පෘතග්ජනයෙකුට සසර කියන එක "තියෙන" දෙයක් කියන එකට එකඟයි. ඒත් පෘතග්ජනයෙක්ට වුනත් සසර බිය කියන එක ලොකුවට හිතන්න ඕනෙද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි අමාරුවෙන් ඤාණයක් ලබාගෙන ඔය කියන පෙර භවයේ දුක දැකගෙන විඳවන්න ඕන ඇයි ?
මේ ඥානය අභිඥ්ඥා ලබා ගැනීමක් විදිහට දකින්න එපා. රථවිනීත සූත්‍රයේ සඳහන් වෙන සප්ත විශුද්ධි ක්‍රමය අහලා ඇතිනේ. එකේ සඳහන් වෙන හතරවෙනි විශුද්ධිය තමා කංඛා විතරණ විශුද්ධිය. මෙතන විශුද්ධිය කියන්නෙ සත්වයාගේ පිරිසිදු වීම. මේ විශුද්ධි හත අනුපිළිවෙලින් පූරණය කිරීමෙනුයි නිවනට පැමිණීම වෙන්නෙ. ඒ කියන්නේ නිවන් දකින්න මේ ඥානය අත්‍යාවශ්‍යයි.
ඒ වගේම "පෙර භවයේ දුක දැනගෙන විඳවන්න ඕනෙ ඇයි" කියන එක ටිකක් විතර ගැටළු සහගතයි. තථාගත ධර්මය තියෙන්නෙම දුක පිරිසිඳ දැනගන්න. මුලු සංසාරයම දුකක් බවට වටහා ගන්න. ඒ දුක පිලිබඳව සැක තිබුනොත් ධර්මාවබෝධය යුක්ති සහගත වෙයිද ? ඒ කියන්නේ බැරිවෙලාවත් බුදුන් වැරදියි මේ භවය විතරයි අනිත්‍ය දුකඛ අනාත්ම අනිත්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම නැතිනම් ? ඒ කියන්නේ මේ භවය පමණයි පටිච්චසමුප්පන්න අනෙක් භවයන් පටිච්චසමුප්පන්න නැතිනම් ? ආන්න ඒ සැකය දුරුවීම උදෙසා "මේ නාම-රූපයන්ගේ ම ප්‍රත්‍ය පිරිසිඳීමෙන්
තුන් කල්හි පැවති සැක දුරු කර සිටි ඤාණය කංකාවිතරණ විසුද්ධිය යි" කියලා විශුද්ධි මාර්ගය සඳහන් කරනවා.
ඔය සසර බිය පෙන්නන එක, ධර්මයට යොමු කරගන්න පෙන්නන දෙයක් කියල මම කිව්වේ ඒකයි. හරියට බැලුවොත් මේ භවයේ දුක හොඳටම ඇති මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියල හොයන්න පෙලඹෙන්න. මොකද ඒ දුක අපිට දැනෙන එකක්.කවුරුවත් ඇවිත් කියන කතාවක් නෙවෙයි.
ඔව්, ඥානවන්තයන්ට කලකිරෙන්න මේ ජීවිතයේ දුක ප්‍රමාණවත්. බෝසතුනුත් මේ ජීවිතයේ දුක දැකලානෙ ගිහිගෙය අත්හැරලා ගියේ. නමුත් සංසාරයට ඇති ඇල්ම සහමුලින්ම දුරුවෙන්න නම් මුලු සංසාරයේම අනිත්‍ය බවත්, ඒ අනිත්‍ය නිසා දුක සකස්වීමත් ඒ අනිත්‍ය දුක්ඛ වූ දෑ මමය මගේය මගේ ආත්මයය යනුවෙන් සලකන්න නුසුදුසු බවත් ගන්න බැරි බවත් තේරුම් ගත යුතුයි. එසේ නොමැති නම් ඒ අවබෝධය අසම්පූර්ණයි. සංසාරයේ කොතනක හරි නිත්‍ය සුඛ ආත්ම තත්වයක් ඇතැයි කියන හැඟීම ඉතිරිවෙන්න පුලුවන්.
ඒ දේ තමා විවිධ ධ්‍යාන මට්ටම් වලට ගියපු අයට සිදුවුණේ. උදාහරණයට ගන්නකො ආලාරකාලාමයි උද්දකරාමපුත්රයි. ඒ අය බෝසතුන් ආවා වගේම සාර්ථක ගමනක් ආපු අය. ඒ අය විවිධ ධාන්‍ය මට්ටම් (සත්වයින් බිහිවෙන භව) රාශියක් ගැන කලකිරිලා ඉහලට ඉහලට භාවනා කරපු අය. විශේෂයෙන්ම ආලාරකාලාම උද්දකරාමපුත්ත කියන්නෙ ධර්මාවබෝධයට බුදුන්ට පසුව සිටි සුදුසුම පුද්ගලන්. නමුත් ඔවුන්ට පිලිවෙලින් ආකිඥ්චඥ්ඥායතනය සහ නේවසඥ්ඥානාසංඥායතනය අනිත්‍ය දුක්ඛ ලෙස දකින්න බැරි වුනා. එතනින් රාමපුත්‍ර පරපුර අරගෙන කතාකලොත් ඒ පරපුර,
"සංඥාව රෝගයක්, සඥ්ඥාව ගඩක්, සංඥාව සල්ලේකයක්, සංඥාව නැතිවීම මෝහයට වැටීමක්. ඒ නිසා මෙයම ශාන්තය මෙයම ප්‍රණීතය එනම් උතුම් නේවසංඥානාසංඥායතනය". (මතකයෙන් ලිව්වේ. හරියටම අවශ්‍යනම් පඤ්චත්තය සූත්‍රය බලන්න)
කියලා ප්‍රතිඥා දුන්නෙ ඔහුට නේවසංඥානාසංඥා බ්‍රහ්ම තලයේ අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම ස්වාභාවය වැටහුනේ නැතිනිසා. ආන්න ඒ ඉහලම සහ සියුම්ම පැවැත්මත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දුටුව නිසායි අපේ තථාගතයන් වහන්සේ,
"මෙයම ශාන්තය මෙයම ප්‍රණීතය එනම්, සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. සියලු උපධීන් අත්හැර දැමීම. තණ්හාව ක්ෂය කිරීම. නොඇල්ම නම්වූ විරාගය,නැවැත්ම නම්වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය."
කියල ප්‍රකාශ කලේ. මම හිතනවා මේ පැහැදිලි කිරීමෙන් "සැක සංකා දුරුවීම" කියන තේරුම ඇති කංඛා විතරණ විශුද්ධිය පිලිබඳව සැක යම් තරමකට හෝ දුරුවෙන්න ඇති කියලා...
ඔතන තව එක දෙයක් හිතන්න පුළුවන්. මම මේ කතා කලේ මිනිස් භව ගැන. අපි දන්නවා මිනිස්සුන්ට මතකයක් නැහැ පෙර භව ගැන. ඒත් බුදු දහමේ එන අනෙක් ජීවී කොට්ටාශ වලටත් ඒ දේ එහෙමම පොදුයි කියල ගන්න පුලුවන්ද. උදාහරනෙකට නිරයේම මැරී මැරී ඉපදෙන කෙනෙක්ට කොහොම මේක experience වෙනවද දන්නේ නැහැ. මොකද එතන මැරිලා එහෙමම නැවත පහල වෙනවා කියනවනේ. ( Dr Strange: Dormammu, I've Come To Bargain සීන් එක වගේ

)
නිරය ගැන නම් මතකයක් නැහැ. නමුත් යම් දේව කාණ්ඩ වලත් බ්‍රහ්මතල වලත් කලින් භවයේ මතකයන් පවතිනවා කියලා කියවලා තියනවා. හරියටම රෙෆරන්ස් එකක් දෙන්න තැනක් මතක නැහැ.
Edited - grammar