මිනිස්සු දුක දරාගන්නේ පුදුම විදිහට..සමහරු තව කෙනෙක් එක්ක කියලා දුක තුනී කරගන්නවා..
සමහරු ඇහුවත් කාටවත් කියන්නේ නෑ..හිත ඇතුලෙම පැසව පැසව තියාගෙන දුක් විඳිනවා..
තවත් සමහරු කාටවත්ම නොකියා කාටවත්ම නොපෙන්වා මුලූ ලොවින් මියෙනකම්ම දුක වසාගෙන දුකටම තුරුල් වෙලා ජීවත් වෙනවා..
ඔය අන්තිමට කියපු අය කැමති නැහැ කාගෙන්වත් අනුකම්පාව ලබන්නවත් කවුරු හෝ තමන් දුක් විඳින බව දැන ඔහු හෝ ඇය වෙනුවෙන් දුක් වෙනවට..
ඔය චරිත ඔය ගති සොබා මුලු මහත් විශ්වය පුරා විවිධ අයුරින් විහිදී තිබෙනවා..
එය මිනිස් සමාජයේ තවත් ඛේදවාචකයක ඇරඹුමක් හා නිමාවක් සනිටුහන් කරනවා..
ගැඹුරු විශ්ලේශණයකින් යුතු කාව්‍ය සංග්‍රහයක්...
ඔබ නිර්මානකරණයේ අද ස්පර්ශ කරනා ඉසව් ඉතා අගෙයි කදිමයි..
ඔබට ජය...