මා සිංහල බෞද්ධ නායකයෙක්.. ඔබ පුන පුනා ඉල්ලූ නායකයා මමයි..- ජනපති

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    View attachment 111864

    73 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද දේශණය මෙහි දැක්වෙයි.

    අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලූම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා.

    එමෙන්ම, ජාතියේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් දිවි පිදූ හා විවිධ කැපකිරීම් කල රණවිරුවන්වත් මා කෘතවේදීව සිහිපත් කරනවා.

    නිදහස ලබා ගතවූ වසර 73 ක කාලය තුල අපි ජාතියක් වශයෙන් බොහෝ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. ආගමික හා වාර්ගික මත ගැටුම්, ජාතිවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, අනිසි විදේශ බලපෑම්, ව්‍යවස්ථා අර්බුද වැනි ගැටලු රාශියකට අපි විටින් විට මුහුණ දුන්නා.

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, අපේ රටේ ජීවත් වන විවිධ ජනවර්ග අතර සැබෑ සංහිඳියාවක් ඇති කිරීම මෙන්ම, දුප්පත්කම සහමුලින්ම තුරන් කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා රටට තිරසාර සංවර්ධනයක් උදා කිරීමේ අභියෝගය තවමත් අප ඉදිරියේ තිබෙනවා.

    අපේ රටේ ජාතික උරුමයන්, පාරම්පරික සිරිත් විරිත්, ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණ අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත්කර ගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යළි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුනු අභියෝගයන් ජයගැනීම සඳහා නායකත්වය දෙන්නයි.

    මම සිංහල බෞද්ධ නායකයෙක්. එය ප්‍රකාශ කරන්නට මම කිසිවිටක මැලි වන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. සෑම ආගමකටම, සෑම ජාතියකටම නිසි ගරුත්වය ලබා දෙන අවිහිංසාවාදී සාමකාමී බෞද්ධ දර්ශනය තුල අපේ රටේ සෑම ආගමිකයෙකුටම, සෑම ජාතිකයෙකුටම, රටේ පවතින නීති රාමුව තුල එක හා සමානව නිදහස භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා.

    දේශීයත්වය අගයන, රටේ ස්වෛරීත්වය සුරකින ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්වී කඳවුරු බැඳගැනීමත්, තම අරමුණු ඉටුකර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග වල සහාය පැතීමත් හැමවිටම සිදුවෙනවා. මේ අය ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා.

    මා ඉල්ලනවා, මේ රටේ ජනතාවගෙන් සැමවිටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. දත්ත මත පදනම් කොට කරුණු විමසා බලා, සත්‍යය හඳුනාගෙන තීන්දු තීරණ ගන්නවා නම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බැහැ.

    ජනතාව විසින් වත්මන් රජයට වරම් ලබා දී තිබෙන්නේ මා විසින් ඉදිරිපත් කල “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි.

    අනාගත පරපුර වෙනුවෙන් දිනූ නිදහස සැමවිටම සුරකින බවත් අපේ රටේ ඒකීය බව, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවත් රාජ්‍ය නායකයා වශයෙන් මම ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ප්‍රතිඥාව මම හැමවිටම සුරකිනවා.

    ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ ජීවත්වන සෑම පුරවැසියෙකුටම හිමිවන්නේ සමාන අයිතියක්. වාර්ගික හෝ ආගමික හේතු මත පුරවැසියන් බෙදා වෙන් කිරීමේ උත්සාහයන් අපි ප්‍රතික්ෂේප කරනවා.

    සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා.

    නීතියේ ආධිපත්‍යයට අප සැමවිටම ගරු කරනවා. පසුගිය කාලයේ දේශපාලනඥයින් විසින් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ අධිකරණයට සිදු කළ ආකාරයේ බලපෑම් ජනතාව ප්‍රතික්ෂේප කළා.

    එසේ වුවත් ජනතාව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීගෙන් සාධාරණ, අපක්ෂපාතී මෙන්ම කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ජනතාවගේ විශේෂ අවධානයට ලක් වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචාව වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා.

    එමෙන්ම පසුගිය පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කල හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නටත් අපි ඉඩ දෙන්නේ නැහැ.

    කොවිඩ් වසංගතය නිසා සමස්ත ලෝකයම අර්බුදයට ලක් වී ඇති වර්තමානයේ, අපේ රටටත් අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවී තිබෙනවා.

    වසරකට වැඩි කාලයක් තිස්සේ මෙම වසංගත තත්ත්වය රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට වගේම ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමටත් බාධාවක් වී තිබෙනවා.

    මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක්ම කොවිඩ් වෛරසය සඳහා සාර්ථකව එන්නත් අත්හදා බලා තිබෙනවා. මෙම එන්නත් ලංකාවට කඩිනමින් ලබා ගැනීමට සහාය දෙන ලෙස මම ඉන්දියාවේ, චීනයේ හා රුසියාවේ නායකයන්ගෙන් ඉල්ලීම් කළා.

    ඒ වගේම රජය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව මේ වනවිටත් එක් එන්නතක් ලංකාවට ගෙන්වා එය අපේ ජනතාවට ලබාදීම ආරම්භ කොට තිබෙනවා. එන්නත්කරණය නොකඩවා, නොනැවතී ඉදිරියට ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා.

    වත්මන් ගෝලීය අර්බුදය හමුවේ සෑම රටක්ම පාහේ ඉගෙනගත් වැදගත් පාඩමක් වූයේ ශක්තිමත් දේශීය නිෂ්පාදකයන් පිරිසක අවශ්‍යතාවයයි.

    ආහාර සුරක්ෂිතභාවය හා ස්වයංපෝෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා දේශීය කෘෂිකර්මාන්ත යළි නගා සිටුවිය යුතුය යන අපේ ප්‍රතිපත්තියේ කාලෝචිත බව හා නිවැරදි බව මින් තවදුරටත් පැහැදිලි වුනා.

    පොහොර නොමිලේ ලබාදීම, වී සඳහා සහතික මිල රුපියල් 50 දක්වා ඉහළ නැංවීම, ගොවි ණය කපාහැරීම, රට පුරා වැව් දහස් ගණනක් ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම, ගෙවතු වගාව හා නාගරික ගොවිපලවල් ප්‍රවර්ධනය වැනි උත්තේජනයන් නිසා රට තුල ඇති වූ කෘෂිකාර්මික පුනරුදය ඉදිරියටම ගෙන යන අතර, නව තාක්ෂණය භාවිතයන් දිරිමත් කිරීම හරහා කෘෂිකාර්මික ඵලදායීතාව වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා.

    වී, බඩඉරිඟු, ධාන්‍ය වර්ග, අල, ලූණු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කළමනාකරණය කොට, දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි කහ වැනි නිෂ්පාදනවලට ආනයන සීමා පනවා, ගම්මිරිස් වැනි භෝග ප්‍රතිඅපනයනය සීමා කොට දේශීය ගොවියා ශක්තිමත් කිරීමට ගත් තීන්දුවල සාර්ථක ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතිනවා. දේශීය නිෂ්පාදනය වැඩි වී අපනයන අවස්ථාවන් පුළුල් වී තිබෙනවා.

    දේශීය ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ගොවියා ව්‍යවසායකයෙක් බවට පත් කළයුතු බව මා හැමවිටම ප්‍රකාශ කොට ඇති අතර, කෘෂිකර්මාන්තය රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම අපේ අරමුණයි.

    ආර්ථික සංවර්ධනයේදී, කර්මාන්ත සහ සේවා අංශවල පවතින වැදගත්කම අපි අමතක කරලා නෑ.

    පසුගිය කාලය තුල මෙම ක්ෂේත්‍රයන් සඳහා තීරු බදු සහන ලබාදෙමින්, පොලී අනුපාතයන් අඩු කරමින් කර්මාන්ත සහ සේවා අංශ දිරිමත් කිරීම සඳහා රජය පියවර ගත්තා. බතික්, වේවැල්, මැටි, ස්වර්ණාභරණ වැනි පාරම්පරික කර්මාන්ත නගාසිටුවීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය අමාත්‍යාංශ හරහා මේ වනවිටත් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.

    අපේ රටේ ආර්ථිකයේ විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහ ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින් සඳහා ඉතා අඩු තනි ඉලක්කමේ පොලියකට ණය පහසුකම් සැලසීම, ඔවුන්ට අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේ ප්‍රමාදයන් අවම කිරීමට ක්‍රියාකිරීම වගේම ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබාදීම වැනි කරුණුවලටත් අපි අවධානය යොමු කළා.

    ඉදිකිරීම් කර්මාන්තයට උත්තේජනයක් ලබාදීම, අක්‍රීය වූ ආර්ථිකයක් යළි සක්‍රීය කිරීමට යොදා ගත හැකි සාර්ථක උපායමාර්ගයක්. මේ අනුව අප විසින් දැනටමත් ආරම්භ කොට ඇති මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන, පාලම් දස දහසක් ඉදිකිරීමේ වැඩසටහන, රටපුරා වැව් ප්‍රතිසංස්කරණය කරන වාරි සෞභාග්‍යා වැඩසටහන, එක ගමකට එක ගෙයක් යන තේමාව යටතේ ග්‍රාමීය නිවාස දාහතර දහසක් ඉදිකිරීමේ වැඩසටහන, නාගරික පැල්පත්වාසීන්, අඩු ආදායම්ලාභීන් සහ මැදි ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන, වතු ප්‍රජාව වෙනුවෙන් නිවාස හාරදහසක් ඉදිකිරීමේ වැඩසටහන,

    රට පුරා ජනාකීර්ණ ප්‍රදේශවල ඇවිදින මංතීරු ගොඩනැගීම වැනි ව්‍යාපෘති මහජන සුභසාධනයට හේතු වෙනවා මෙන්ම ආර්ථිකය යළි සක්‍රීය කිරීමටත් ඍජු දායකත්වයක් සපයනවා.


    Lesi wenne naha ruwanwali saya langa boru karama, aniwa padisan denawa...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගු ඇන් පි ගොන් බඩු දන්නෙ මේ ව්ගේ මෝඩ කතා පෝස්ට් කරන්ඩ තමයි, ලාමක ලපයො සිපයි තු නොදකින්
    ලාමක ලපයො සිපයි තු නොදකින්
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Gota-2-copy.jpg
     
    • Haha
    Reactions: SLBlackKnight

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,145
    1
    58,499
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොර නොමිලේ ලබාදීම, වී සඳහා සහතික මිල රුපියල් 50 දක්වා ඉහළ නැංවීම, ගොවි ණය කපාහැරීම, රට පුරා වැව් දහස් ගණනක් ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම, ගෙවතු වගාව හා නාගරික ගොවිපලවල් ප්‍රවර්ධනය වැනි උත්තේජනයන් නිසා රට තුල ඇති වූ කෘෂිකාර්මික පුනරුදය ඉදිරියටම ගෙන යන අතර, නව තාක්ෂණය භාවිතයන් දිරිමත් කිරීම හරහා කෘෂිකාර්මික ඵලදායීතාව වර්ධනය කිරීමට අපි කටයුතු කරනවා.
    මේ මොකක්ද මේ පකය කියල තියෙන්නෙ?
     
    • Haha
    Reactions: Honda.putha

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    වාහනේට තෙලුත් නැති වෙලා ,
    තේ එකට සීනිත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ ෆ්‍රෙන්ස් ,
    ඒත් එහෙම හරි ඉන්න රටක් තියෙන්නෙ සිංහල බෞද්ද නායකයො නිසා කියල අමතක කරන්න එපා
     
    • Haha
    Reactions: Anatha sinhalu

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    වාහනේට තෙලුත් නැති වෙලා ,
    තේ එකට සීනිත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ ෆ්‍රෙන්ස් ,
    ඒත් එහෙම හරි ඉන්න රටක් තියෙන්නෙ සිංහල බෞද්ද නායකයො නිසා කියල අමතක කරන්න එපා

    මොනවා නැති උනත් අපිට සිංහල බෞද්ද නායකයෙක් ඉන්න එකම මදිද?