මා හැදු පාසැල් මවුනි දයාබර..........!!!!!
සුලගේ ලෙළෙනා මල් සේ දග පා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ..
ඔබට දැක්ක ගමන් මේ දර්ශනය ගැන මොකද හිතෙන්නේ.. සොභාදහමේ තවත් එක් සොඳුරු දසුනක්, සුන්දර උදෑසනක්, වසන්ත කාලයේ පහස ලද තන පිට්ටනියක්, මේ ආකාරයේ සිතුවිල්ලක් ඔබටත් ඒවි.. ඒත් මේ දසුනේ දිස්වන අතිශය සුන්දර වූ ස්ථානය බොහෝමයක් සිසු-දුවාදරුවන්ගේ පOති කාලඡේදයන් මගහරින විට ආරක්ෂාව සපයන, නිවාසාන්තර ක්‍රීඩා තරඟ වලදී ජයග්‍රාහී ජයඝෝශාවෙන්ගෙන් පහස ලද, සොඳුරු සුරතල් කෙල්ලන්ගේ සිනා හඬ, බැනුම් හඬවල් ඇසෙන, සිය උදාරත්වය අභිමානය විදහා දක්වන අයුරින් නාද රටා මවන තූර්යවාදක මඩුල්ලේ පහස ලද අපේ පාසැල් ක්‍රීඩා භූමියයි. අහඹු ලෙස මුහුනුපොතෙන් දිස්වුන සොඳුරු දසුන හදවතේ සියුම්ම තැන ස්පර්ශ වුනා පරිදිය. කරන ලද සියලු ජඩ වැඩ, වීර වැඩ, කන ලද සියලු පොලුපාරවල් එක පෙලට සිතට ගලා එන්නට විය.
අර ඈතින් දිස් වන්නේ පාසලේ නැට්ටුවගේ ගුරු නිවසයි. පීරියඩ් කපා හරින බලකායේ සියල්ලන් සිය ජයටැඹ කරා යන්නේ ඒ ගුරු නිවසේ වැටකඩුල්ල පැන නැට්ටුවා සර්ගේ දයාබර බිරින්දෑ තුමිය හදන ෆෑන් කේක් එකක රස බැලූ පසුවයි. ඒ සඳහා ගෙවන මුදල් කවුරු කවුරුත් ගෙදරින් ගෙනාපුවා නොව ටොක්කක් ඇනීමෙන් පරුශ වචනයේ බලයෙන් බච්චෙක්ගෙන් කඩා වඩාගත් මුදලකි. එහි අසාධාරනයක් මා නොදකින්නේ බච්චන් අවදියේදී අපිත් ඒ අයුරින්ම ටොකු පාරට බයේ පුදා ඇති බැවිනි. එය ස්ධාරන චක්‍රයකට අනුව ගලා යයි.
පාසලේ අගය, එහි ඇති සුන්දරත්වය දැනෙන්නට උසස් පෙළ අවසන් විශයටද මූන කෙසේ හෝ දී එදින නිල් වතුර සායම් මඩ නාගෙන ගෙදරවිත් රෑ යහන් ගත වූ විටයි. පාසල් මව පිලිවෙලින් ඇගේ තුරුලට භාරගත් පුOචි දරුවාට සිය කෙමෙන් දැනුම, ගුණය, සාධාරනය නමැති සිය මවු කිරි වලින් පෝශනය කරන හැටි මැවී පෙනෙයි. ඇස නොතෙමා සිටින්නට හැකි පිරිමියෙක් සිටීනම් ඒ පාසැල තවත් එක් බස්ටෑන්ඩ් එකක් කරගත් පුද්ගලයෙකුටය. අහෝ... ඔබ හමුවේ මා ලද දැනුම අපමනය. මා ලද ආදරය දයාව කරුනාව මෙන්ම රුදුරු පොල්ලක මිහිරි ගුටීන්ද අප්‍රමානය.. ඔබ වන්ඳනීයයි මෑනියනි.. ඔබේ නාමය සදා රැවුපිලි රැවු දේවා...!
මෙම වීඩියෝවට අදාල දසුන් පෝස්ට් එකට හානියක් වේනම් සමාවන සේක්වා....!