මැග්නටික් රයිඩ් කොනට්‍රෝල් සස්පෙන්ෂන් ස&

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මැග්නටික් රයිඩ් කොනට්‍රෝල් සස්පෙන්ෂන් ස&





    මොකක්ද මේ මැග්නටික් රයිඩ් කොන්ට්‍රෝල් සස්පෙන්ෂන් කියන්නේ?

    සාමාන්‍ය ෂොක්ඇ‌බ්ෂෝබර් වල හයිඩ්‍රොල්ක් ඔයිල් සහ පිස්ටන් එකක් භාවිතා කරලා වාහනයේ ඩෑම්පිං එහෙම නැත්නම් කම්පණ අවම කරනවා.ඒ‌ත් මේ මග්නටික් රයිඩ් කොන්ට්‍රෝල් සිස්ටම් එකට භාවිතා කරන විශේෂ වර්ගයේ ෂොක්ඇ‌බ්ෂෝබර්වල හඩ්‍රොලික් ඔයිල් එකක් චුම්භක අංශූ එකතු කරලා තියෙනවා.මේ චුම්භක අංශු වලට චුම්බක ක්ෂේත්‍ර ඇ‌ති කිරීම හා නැති කිරීම සස්පෙන්ෂන් ඩෑම්පිං කොන්ට්‍රෝල් යුනිට් එක භාවිතා කරලා තත්පරයක් වගේ කෙටි කාලයක් තුල ධාවන ක්‍රියාකාරී තත්වයන්ට අනුව වාහනය ධාවනය වෙන ගමන්ම සස්පෙන්ෂන් ඩෑම්පර් එජස්ට් කිරීමේ හැකියාව මේ මැග්නටික් රයිඩ් කොනට්‍රෝල් සස්පෙන්ෂන් සිස්ටම් එකට තියෙනවා.

    මේ මගින් රියදුරන්ට ඔවුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් වලට ගැලපෙන ආ‌කාරට කොම්ෆෝර්ට් සහ ස්පෝර්ට් යන ඩ්‍රයිවිං මූඩ් වලින් එකක් තෝරගන්න පුලුවන් වගේම මේ ඩ්‍රයිවිං මූඩ් දෙකම පවතින ධාවන තත්වයන්ට අනුව එජස්ට් වීම සිදුවෙනවා.ස්පෝර්ට් මූඩ් එකේ දී මාර්ගයේ සෘජු ප්‍රතිචාර අනුව පද්ධතිය ක්‍රියාකිරීම සිදුවෙනවා.
    නෝර්මල් මූඩ් එක දීර්ඝ ගමන් වල දී ඇ‌තිවෙන තෙහෙට්ටුව නැති කිරීමට සඳහා සුවපහසුව ලෙස ක්‍රියාකරනවා.මේ නෝර්මල් මූඩ් එක බොහෝ දුරට කොම්ෆෝර්ට් මූඩ් එකට සමාන ලෙස ක්‍රියාත්මක වෙනවා.

    මේ මැග්නටික් රයිඩ් පද්ධතියේ ඩෑම්පර් පිරවීම සඳහා ෂොකබ්ෂෝබර් ඇ‌තුලේ තියෙන හයිඩ්‍රොලික් ඔයිල් වල කුඩා චුම්බක අංශු භාවිතා කරනවා.මේ චුම්භක අංශු වලට
    චුම්භක ක්ෂේත්‍රය ලබාදීලා තියෙන වෙලාවට ඩෑම්පර් ගමන් කරන දිශාව එරෙහිව චුම්බක අංශු එකට බැඳීම සිදුවෙනවා.ඒ‌ හේතුවෙන් ඩෑම්පර් වල ඩෑම්පිං බලය චුම්බක ක්ෂේත්‍රයේ ශක්තිය මත අඩු හෝ වැඩි වීම සිදුවෙනවා.

    මේ ඩෑම්පර් ශක්තිමත් කිරීම වැඩි කිරීම හෝ අඩු කිරීම තත්පරයක් ඇ‌තුතුලත කරගැනීමේ හැකියාව තියෙන නිසා ඩෑම්පිං කොන්ට්‍රෝල් යුනිට් එක මගින් ධාවන තත්වය සඳහා ප්‍රශස්ථ ඩෑම්පිං බලය ගණනය කිරීම සිදුකර එජස්ට් වීම සිදුවෙනවා.හැබැයි මේ ඩෑම්පිං කොන්ටෝල් යුනිට් එක වීල් ස්පීඩ් සෙන්සර්,ස්ටැබිලිටි කොන්ට්‍රෝල් වගේ පද්ධති සමග තොරතුරු සන්නිවේදය කරගන්නේ නැහැ.

    වාහනයේ සෙන්ටර් කොන්සෝලය මත ෂොක්ඇ‌බ්ෂෝබර් සංකේත ස්විච් එකක් මේ මැග්නටක් සස්පෙන්ෂන් ෂොක්ඇ‌බ්ෂෝබර් වලට අවශ්‍ය චුම්භක ක්ෂේත්‍රය ඇ‌ති කිරීම පාලනය කිරීම සඳහා භාවිතා කරනවා.ස්පෝර්ට් මූඩ් එක ඇක්ටිවේට්/ඩිඇ‌ක්ටිවේට් කරීම ‌ඉන්ස්ටුමන්ට් ක්ලස්ටර් එකෙන් සහ සෙන්ටර් කොන්සෝල් එකේ ෂොක්ඇ‌බ්ෂෝබර් ලකුණ ඇ‌ති ස්විච් එකේ තියෙන LED ​​බල්බය දැල්වීම මගින් ඒ‌ බව පෙන්නුම් කරනවා.

    වීඩියෝ සඳහා https://youtu.be/SO-DlQp6qus

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    10/01/2017