ඔය බෝර්ඩ් එක පරම්පරාගත පවුලෙ බිස්නස් මොඩල් එකක්. බුකීකාර, ඩීල්කාර සෙට් එකක් තමයි ඕක ගෙනියන්නෙ. තමන්ගෙ බිස්නස් එකට ගහන්න එනකොට තියෙන කන්ටෑක් ටික පාවිච්චි කරලා බෑන් එක දාගත්තා ඉල්ලලම. දැන් උන් නැතුව බෑන් එක අයින් කරන්න බැරි විදියටයි කතා කරන්නෙ. ශම්මියා ගොත ගහනවා ප්රශ්න අහනකොට. මූණ දෙක වෙනවා. අසීමිත සල්ලියි, කන්ටැක් සහ මැර බලයයි එක්කයි මුන් මේ බෝර්ඩ් එක දුවන්නෙ. මිනිස්සු බැහැලා මුන්ව එලෙව්වොත් මිසක් පන්නන්න නම් වෙන්නෙ නැහැ. නාමල් දයාසිරි හරීන් ඔක්කොම බෝර්ඩ් එකෙන් වාසි තියෙන ශම්මිගෙ මිනිස්සු. ශම්මියා කියන විධියට ක්රිකට් බෝඩ් එක දියුණු කළේ උන්. ඩොලර් මිලියන 30 ක් අද වෙනකොට බෝර්ඩ් එකේ එකවුන්ට් වල තියෙනවා. ක්රීඩකයො මහන්සි වෙලා, කැපවීම් කරලා, දක්ෂතාවය පාවිච්චි කරලා මැච් දිනපුවා නිසා නම් නෙමෙයි උන්ට සල්ලි එන්නෙ සහ ක්රිකට් තැනකට ආව නම් ඇවිත් තියෙන්නෙ. පට්ටම හොරු සෙට් එකක් තමයි නාකි පප්පලා ටික.