1.) හිස් කඩදාසියකින් ලේන්සුවක් මැවීම.
මැජික් එක:-
මැජික්කාරු ඇවිල්ලා පත්තර පිටුවක් අරගෙන දෙපැත්තම නරඹන්නන්ට පෙන්නලා ගොටුවක් ගහනවා. ඊට පස්සේ මැජික් යෂ්ඨිය ගොට්ට ඇතුලට දාලා මන්තරයක් කියනවා. මන්තරේ කියලා ඉවර වෙලා මැජික් යෂ්ඨිය පැත්තකින් තියලා අර ගොට්ට දිග ඇරියාම...හුටා ඒක අස්සෙන් ලේන්සුවක් වැටෙනවා.
කරන හැටි:-මේ වගේ එකක් පෙන්නන්න කලින් ඇතුලේ කුහරයක් තියන මැජික් යෂ්ඨියක් හදා ගන්න ඕනි ඈ.. ඒකේ එක පැත්තක් වහලා අනිත් පැත්තෙන් ලොකු ලේන්සුවක් ඇතුලට දාන්න. ඒ ලේන්සුව රතුයි කළුයි ලාට තියන එකක් වෙන්න ඕනි. රතුපාට ටික යෂ්ටිය ඇතුලට දාලා කළු පාට ටික සිදුර කෙලවරේම තියා ගන්න ඕනි. දැන් පත්තර පිටුව අරගෙන හැමෝටම පෙන්නලා ගොටුවක් හදාගන්න.ත ඊට පස්සේ ගොටුව එක අතකට අරගෙන් එකේ මුලට ඇඟිලි දෙකක් තියා ගන්න. ඊට පස්සේ මැජික් යෂ්ඨියට මතුරන ගමන් අර සිදුර වහලා නැති පැත්ත ගොටුව අස්සට දාලා හොලවන ගමන් ගොටුවේ මුලට තද කරන්න. එතකොට අර පිටින් අල්ලන් ඉන්න ඇඟිලි දෙකෙන් අර ලේන්සුවේ කෙලවරක් තද කරගන්න.ඊට පස්සේ හෙමින් සැරේ යෂ්ඨිය ඉහලට ඔසවන්න. එතකොට අර ලේන්සුව හෙමින් සැරේ ගොටුව ඇතුලට වැටෙනවා. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා මැජික් යෂ්ඨිය පැත්තකින් තියන්න. ඊට පස්සේ ගොටුව දිග අරින්න. දැන් ලේන්සුව බිමට වැටෙයි. බලන් ඉන්න උන් උඩ යයි.
2.) ගිනි පන්දමක් අතින් ඇල්ලීම.
මැජික් එක :-
මැජික්කරු පන්දමක් රැගෙන වේදීකාවට පැමිණේ. අතට මන්තරයක් මතුරා අත ගිනි පන්දමට තබා තද කරයි. ගින්දර නිවුනු පසු ගිනි පුපුරුද එසේම අල්ලයි..
කරන හැටි :-බිං එඬරු යුෂ හෝ කෝමාරිකා යුෂ (කෝමාරිකා දණ්ඩක් උනත් අවුලක් නෑලු) හා අක්කපාන යුෂ හරි මඩහගු මුල් දඬු. (ඒ මොනවද කියලනම් මාත් දන්නෑනේ ඈ..) ඕන්න ඔය කිව්ව ඒවයින් මොනවහරි ගන්න. ඔය දෙවර්ගය හොඳින් අඹරලා එම මිශ්රණය අතේ ගා ගන්න. වේලුනාට පස්සේ ආයිතේ අතේ ගා ගන්න. මෙහෙම කීප සැරයක්ම අතේ ගා ගන්න ඈ..අතේ හැම පත්තෙම මෙහෙම ගා ගත්තට පස්සේ ඒවා අතේ තට්ටුවක් වගේ බැඳෙනවා. ඊට පස්සේ බය නැතුව ගිනි පන්දම අල්ලන්න. ෂේප් එකේ ට්රයි කරලා බලන්න.
3.) දෙහි ගෙඩියක් කපන විට දෙහි යුෂ වෙනුවට ලේ වගිරීම.
මැජික් එක :- මැජික්කරු නරඹන අයට දෙහි ගෙඩියක් ලබා දී එය පරික්ෂා කරන්න කියයි. ඉන්පසු නවත ලබාගෙන මැජික් යෂ්ඨියෙන් එයට මන්තරයක් කියා මතුරා තට්ටු කර ගිරයක් ගෙන දෙහි ගෙඩිය කපයි. එයින් ලේ වැගිරෙයි.
කරන හැටි :-මැජික් එක කරන්න ඉස්සෙල්ලා එරබඳු මල් ටිකක් අරගෙන මල් හොඳින් තලා පොඩි කර එය ගිරයේ කැපෙන පැත්තේ කිහිපවරක් තවරලා හොඳින් වේලා ගන්න. වේලුනාට පස්සේ නැවත වරක් කලින් වගේම ගාලා වේලාගන්න.
ඊට පස්සේ දෙහි ගෙඩියත් අරන් මජික් එක පෙන්නන තැනට ඇවිත් ලෙන්සුවකින් දෙහි ගෙඩියයි ගිරයයි වැහෙන්න දාලා මන්තරයක් කියන ගමන් ගිරයෙන් හෙමින් දෙහි ගෙඩිය කපන්න. දෙහි යුෂ වෙනුවට ලේ එයි.
දැන් ලේන්සුව අයින් කර ලේ එන දෙහිගෙඩිය පෙන්නන්න.
දැන් ලේන්සුව අයින් කර ලේ එන දෙහිගෙඩිය පෙන්නන්න.
Last edited:
)
)

