මැජික්_උගනිමු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
tumblr_mc9dr6Brlg1r1s7izo1_400.gif


1.) හිස් කඩදාසියකින් ලේන්සුවක් මැවීම.

මැජික් එක:-
මැජික්කාරු ඇවිල්ලා පත්තර පිටුවක් අරගෙන දෙපැත්තම නරඹන්නන්ට පෙන්නලා ගොටුවක් ගහනවා. ඊට පස්සේ මැජික් යෂ්ඨිය ගොට්ට ඇතුලට දාලා මන්තරයක් කියනවා. මන්තරේ කියලා ඉවර වෙලා මැජික් යෂ්ඨිය පැත්තකින් තියලා අර ගොට්ට දිග ඇරියාම...හුටා ඒක අස්සෙන් ලේන්සුවක් වැටෙනවා.
කරන හැටි:-
මේ වගේ එකක් පෙන්නන්න කලින් ඇතුලේ කුහරයක් තියන මැජික් යෂ්ඨියක් හදා ගන්න ඕනි ඈ.. ඒකේ එක පැත්තක් වහලා අනිත් පැත්තෙන් ලොකු ලේන්සුවක් ඇතුලට දාන්න. ඒ ලේන්සුව රතුයි කළුයි ලාට තියන එකක් වෙන්න ඕනි. රතුපාට ටික යෂ්ටිය ඇතුලට දාලා කළු පාට ටික සිදුර කෙලවරේම තියා ගන්න ඕනි. දැන් පත්තර පිටුව අරගෙන හැමෝටම පෙන්නලා ගොටුවක් හදාගන්න.ත ඊට පස්සේ ගොටුව එක අතකට අරගෙන් එකේ මුලට ඇඟිලි දෙකක් තියා ගන්න. ඊට පස්සේ මැජික් යෂ්ඨියට මතුරන ගමන් අර සිදුර වහලා නැති පැත්ත ගොටුව අස්සට දාලා හොලවන ගමන් ගොටුවේ මුලට තද කරන්න. එතකොට අර පිටින් අල්ලන් ඉන්න ඇඟිලි දෙකෙන් අර ලේන්සුවේ කෙලවරක් තද කරගන්න.ඊට පස්සේ හෙමින් සැරේ යෂ්ඨිය ඉහලට ඔසවන්න. එතකොට අර ලේන්සුව හෙමින් සැරේ ගොටුව ඇතුලට වැටෙනවා. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා මැජික් යෂ්ඨිය පැත්තකින් තියන්න. ඊට පස්සේ ගොටුව දිග අරින්න. දැන් ලේන්සුව බිමට වැටෙයි. බලන් ඉන්න උන් උඩ යයි. ;)
2.) ගිනි පන්දමක් අතින් ඇල්ලීම.


මැජික් එක :-
මැජික්කරු පන්දමක් රැගෙන වේදීකාවට පැමිණේ. අතට මන්තරයක් මතුරා අත ගිනි පන්දමට තබා තද කරයි. ගින්දර නිවුනු පසු ගිනි පුපුරුද එසේම අල්ලයි..
කරන හැටි :-
බිං එඬරු යුෂ හෝ කෝමාරිකා යුෂ (කෝමාරිකා දණ්ඩක් උනත් අවුලක් නෑලු) හා අක්කපාන යුෂ හරි මඩහගු මුල් දඬු. (ඒ මොනවද කියලනම් මාත් දන්නෑනේ ඈ..) ඕන්න ඔය කිව්ව ඒවයින් මොනවහරි ගන්න. ඔය දෙවර්ගය හොඳින් අඹරලා එම මිශ්‍රණය අතේ ගා ගන්න. වේලුනාට පස්සේ ආයිතේ අතේ ගා ගන්න. මෙහෙම කීප සැරයක්ම අතේ ගා ගන්න ඈ..අතේ හැම පත්තෙම මෙහෙම ගා ගත්තට පස්සේ ඒවා අතේ තට්ටුවක් වගේ බැඳෙනවා. ඊට පස්සේ බය නැතුව ගිනි පන්දම අල්ලන්න. ෂේප් එකේ ට්‍රයි කරලා බලන්න.
3.) දෙහි ගෙඩියක් කපන විට දෙහි යුෂ වෙනුවට ලේ වගිරීම.
මැජික් එක :-
මැජික්කරු නරඹන අයට දෙහි ගෙඩියක් ලබා දී එය පරික්ෂා කරන්න කියයි. ඉන්පසු නවත ලබාගෙන මැජික් යෂ්ඨියෙන් එයට මන්තරයක් කියා මතුරා තට්ටු කර ගිරයක් ගෙන දෙහි ගෙඩිය කපයි. එයින් ලේ වැගිරෙයි.
කරන හැටි :-
මැජික් එක කරන්න ඉස්සෙල්ලා එරබඳු මල් ටිකක් අරගෙන මල් හොඳින් තලා පොඩි කර එය ගිරයේ කැපෙන පැත්තේ කිහිපවරක් තවරලා හොඳින් වේලා ගන්න. වේලුනාට පස්සේ නැවත වරක් කලින් වගේම ගාලා වේලාගන්න.
ඊට පස්සේ දෙහි ගෙඩියත් අරන් මජික් එක පෙන්නන තැනට ඇවිත් ලෙන්සුවකින් දෙහි ගෙඩියයි ගිරයයි වැහෙන්න දාලා මන්තරයක් කියන ගමන් ගිරයෙන් හෙමින් දෙහි ගෙඩිය කපන්න. දෙහි යුෂ වෙනුවට ලේ එයි. :) දැන් ලේන්සුව අයින් කර ලේ එන දෙහිගෙඩිය පෙන්නන්න.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කියන දේ අසන කිරි ටින් එක

මැජික් එක :-
මැජික්කරු වේදිකාවට පැමිණ කුඩා හිස් කිරි ටින් එකකට ජලය පුරවා සිදුරු රැසක් සහිත පියනකින් ටින් එක තදින් වසයි. ඉන්පසු ටින් එක අනිත් පැත්ත හරවා සිදුරු වලින් ජලය වෑස්සෙන හැටි පෙන්වයි. ඒ සමගම මැජික් යෂ්ඨිය ගෙන දැන් නතර වෙන්න කියා අණ කරයි. වතුර වෑස්සීම නතර වෙයි. දැන් වතුර ගලන්න කියා කියයි. එවිට වතුර වෑස්සෙයි.
කරන හැටි :-
මේකට ගන්ඩ ඕනි හිස් කිරි ටින් එකක් හරි බීම ටින් එකක් හරි ඔය ඒ වගේ මොකක්ම හරි.මේ ටින් එක ඔය හාල් එහෙම මනින් ගන්න එකක් තරම් වෙනවනම් හොඳයිලු ඈ. ඒක තදකරලා වහන්න පියනකුත් ගන්නලු. ඊට පස්සේ ඒකට වතුර දාලා පියන තද කරලා බලන්න මොකද වතුර වෑස්සෙනවද කියලා. වතුර වෑස්සෙනවනම් වැඩේ කෙල වෙනවා ඈ.
දැන් පියනේ ඇණයකින් හිල් දහයක් දොලහක් හදා ගන්න. ඒවා ඇණයක මූණත තරම් කුඩා වෙන්න ඕනි. ඊට පස්සේ ටින් එකේ අඩියෙත් සාමාන්‍ය සිදුරක් හදා ගන්න.
ඊට පස්සේ අඩියේ තියන තනි සිදුරට ඇඟිල්ලක් තද කරගෙන වතුර පුරවන්න. ඊට පස්සේ සිදුරු තියන පියනෙන් වහලා අනිත් පැත්ත හරවන්න.
තනි සිදුර තියන පැත්ත උඩු අතට තියාගෙන ඒකට ඇඟිල්ල තද කලාම වතුර වෑස්සෙන්නේ නෑලු. ඒ ඇඟිල්ල ඉස්සුවාම වතුර වෑස්සෙනවා. ඒ හින්දා වතුර ගලන එක නවතින්න කියන වෙලාවට සිදුර වහන්න. වෑස්සෙන්න ඕනි වෙලාවට ශේප් එකේ ඇඟිල්ල අහකට ගන්න.
වතුර කිරි බවට පත් කිරීම.

මැජික් එක :-
වතුර පුරවපු වීදුරුවක් ගෙන මැජික් යෂ්ඨියෙන් තුන් වරක් තට්ටු කර බීම බොන බටයක් ගෙන වතුර වීදුරුවට දමා බටය මුවට තබා ගනියි. ටික ටික වතුර වීදුරුවේ ඇති වතුර කිරි පවට පත් වේ.
කරන හැටි :-
වතුර වීදුරුවක් ගෙන ඒකට අළුහුණු දමා පෑදෙනකන් තියන්න. අළුහුණු පෑදුනාට පස්සේ දියරය වෙනත් වීදුරුවකට දා ගන්න. එතකොට මැජික් එක කරන්නේ ඔය දෙවනි වතුර වීදුරුවට. ඕකට බීම බටයක් දාලා සෙමින් පිඹින්න. ජලය කැලැත්තෙන විට වතුර කිරි පාටට හැරෙනවා.
(ඉස්පෙසලි දෙයක් කියන්න ඕනි ඕකට මේ වතුර මොනම හේතුවකටවත් කටට ගන්න එපා ඈ. වතුර විතරයි හරිය :P )

3.) සභාවේ සිටින අය කියා ලියාදුන් පණිවිඩ කොළ නොබලා කීම.

මැජික් එක :-
මැජික්කරු සභාවේ සිටින පස් දෙනෙකුට ඉතා කෙටි පණිවිඩයක් කඩදාසි කැබැල්ලක ලියා දෙන ලෙස කියයි. (මෙහිදී ලියන කෙනාගේ නම ලියන්න නැත්නම් ගර්ල් ෆ්රෙන්ඩ්ගේ නම ලියන්න වගේ ඕනි දෙයක් කිව්වෑකි. හැබැයි කෙටියෙන්) ලියා දුන් කොළ කෑලි සියල්ල අතට ගෙන මැජික් යෂ්ඨියෙන් තට්ටු කර කඩදාසියේ ඇති දේ කඩදාසිය නොබලාම කියයි.
කරන හැටි :-
මේක කරන්නනම් ඉතින් ඉස්සෙල්ලම බොක්කේ පිට් එකක් හොයාගන්න වෙනවා. මොකද හොර වැඩක්නේ කරන්නේ. මේ පිට් එකත් අර අනිත් අය අතරේ සභාවේ වාඩි වෙලා ඉන්නවා. පස් දෙනාට කොළ කෑලි පහක මොනවා හරි ලියන්න කිව්වාම තමන්ගේ යාළුවත් මොනවා හරි ලියලා කොලේ ගුලි කරලා මැජික් කරන කෙනාට දෙනවා. හැබැයි මේ යෘළුවා මොනවද ලියන්නේ කියන එකනම් කලින් දැන ගෙන ඉන්න වෙනවා. නැත්නම් අවුල්. ඒ වගේම එයා ලියලා දීපු කොලෙත් අඳුරගන්න පොඩි සලකුණක් තියෙන්න ඕනි. ඊට පස්සේ මේ කොළ කෑලි පහම අරගෙන මැජික් යෂ්ඨියෙන් මතුරලා කොළ වලට තට්ටු කරලා එක කොළයක් අතට අරගෙන ඒක දිග අරින්නේ නැතුව අර යාළුවා ලිව්ව වචනේ කියනවා. හැබැයි හොඳට මතක තියා ගන්න ඕනි යාළුවා කිව්ව වචනේ කිව්වට අර ගන්න කොලේ ගන්න ඕනි යාළුව ලිව්ව එක නෙවෙයි වෙන එකක් හරිය. ඊට පස්සේ අර යාළුවා ලිව්ව එක කියලා ඒක ලිව්වේ කවුද කියලා අහන්න. එතකොට යාළුවා නැගිටලා එයා ලිව්ව කියලා කියනවා. ඊට පස්සේ ඒක ඇත්තද කියලා බලන්න අර කොලේ දිග ඇරලා බලනවා. ඒකේ තියෙන්නේ වෙන කෙනෙක් ලිව්ව එකක්නේ. හොඳට ඒක මතක තියාගෙන වෙන කොළයක් අරන් මැජික් යෂ්ඨියෙන් තට්ටු කරලා අර කලින් කොලේ ලියලා තිබිච්ච දේ කියනවා. ඒකටත් අදාල කෙනා තමන් ලිව්ව බව පිලිගත්තාම ඒ කොලෙත් දිග ඇරලා බලලා ඒකේ තියන දේ මතක තියා ගන්නවා. ඔන්න ඔය විදිහට දිගටම කරන්න තමා තියෙන්නේ.
අදට ඔය මදෑ මැජික්. දැන් ඉතින් එදා වගේම මන්තරයක් කියා දෙන්නම් ඈ. මේ මන්තරේවත් මොකෙක් හරි ගොඩ දාගත්තොත් මට කියන්ඩ ඈ. මොකද මම මේ මන්තර එකක්වත් අත්හදා බලලනම් නෑ ඕං.


මන්තර

මේකට කියන්නේ 'සුසාන රුද්‍රා මන්ත්‍රය' කියලලු ඕං. ඉස්සෙල්ලම මේ මන්තරේ කටපාඩම් කරගන්න ඕනි. තව එකක් මේවා මතුරද්දි හරියට වචන උච්චාරනය වෙන්න ඕනිලු. නැත්නම් කෙල වෙනවලු. ඔන්න එහෙනම් මන්තරේ..


ඕම් ග්‍රීම් ග්‍රිම් කිලියුම් අක්කර්ශණී ඕං මයාන රුත්තිරි එන් වසමාය ඕඩි වාරට වාය:

දැන් ඔන්න ඔය මන්තරෙන් මෙන්න මේවා කලෑකිලු.

1.) පිහාටුවකින් කුකුළෙක් මැවීම.

කුකුල් පිහාටුවක් ගෙන ඉහත මන්තරේ 108 වාරයක් මතුරලා ජාලකාලිය පුදා (ඒ කිව්ව එක මම දන්නැතෝ. දන්න එකෙක් ඉන්නවනම් මටත් කියා දීපියෝ) සුසාන රුද්‍රා මන්ත්‍රෙයන් අඳුන් කල තලතෙල් බිංදුවක් කුකුල් පිහාටුවට ඉසින්න. කුකුලෙක් මෙන් පෙනේ. ඒ සැනින් රෙදි කඩකින් වසන්න. අතුරුදහන් වේ.

2.) ගසක ගෙඩි කැඩීමට.

ගෙඩි පිරුණු ගසක් මුලට ගොස් සුසාන රුද්‍රා මන්ත්‍රය 108 වරක් කියා දෙරණ නැකතින් බිම සිට ගස සොලවන්න. ගසේ ගෙඩි වැටෙනවලු. (මං මේ කල්පනා කොලේ හදිස්සියේ පොල් ගහකින් ගෙඩියක් කඩා ගන්න කිියලා මේ මන්තරේ ඔක්කොම කලෑකි. ඒත ගහ හොලවන්නේ කෝමද අප්පා :( )

3.) යකඩයක් අහසේ රැඳවීම.

සා නැකතින් කුම්භ ලග්නය යෙදුනු සිකුරාදා දිනක සූරිය වැලක් ලඟට ගොස් රුද්‍රා මන්ත්‍රය 108 වරක් මතුරා කහ නූලක් ගැටගසන්න. ඊලඟ ඉරිදා සිංහ ලග්නය උදා වන විට බිලි පුදා තුවාල නොකොට වැල උදුරාගෙන රන් සුරයක දමා අතේ බැඳගන්න. ඉන්පසුව යකඩයක් ගෙන අහසට විසිකොට දකුණතේ බැඳි සුරය වම් අතට ගන්න. යකඩය අහසේ නවති.

ඔය කිව්ව මන්තරනම් කෝමද කියා නොදන්නවා උනාට මැජික්නම් කරන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දනිමි ඈ. ඒ හින්දා ඔය මැජික් එකක්වත් හරියට කරගත්තෝත මට කියන්ඩකෝ ඈ..
 
Last edited: